වාද්දුව_accident පස්දෙනෙකු මරුට
වාද්දුව පොතුපිටිය පෝද්දරමුල්ල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ අද පස්වරුවේ සිදුවූ අනතුරෙන් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා මෝටර් රථයක් ධාවනය කිරීමට උත්සහ කිරීමේදී එය ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටී ඇති බවයි.
මියගිය පස්දෙනාම පිරිමි පුද්ගලයින් වනවා. ඔවුන් අවුරුදු 43, 45, 49, 53 සහ 60 යන වයස්වල පසුවූවන්.
ඔවුන් වාද්දුව, වස්කඩුව සහ කුඩා වස්කඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. ඔවුන්ගේ මළ සිරුරු පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමිතයි.
අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ ද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට කමිටුවක් පත්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
වාද්දුවේ අනතුරෙන් පස්දෙනෙකු මරුට