යාලුවනේ ...ලොකු උදවුවක් බලාපොරොත්තුව මේක අහන්නේ...දන්න අය කියලා දෙයි කියලා හිතනවා...අනික් අය බම්ප් එකක් හරි දෙන්න..ලොකුම උපකාරයක්..
මේකයි ප්‍රශ්නේ...
අපි ටොයෝටා වාහනයක් ගන්නවනම් දැන් අපිට වාහනේ ටොයෝටා ලන්කා එකට ගෙනිහින් inspection report එකක් ගන්න පුලුවන්නේ..මීටර් කරකවලද..චැසිය ඇදද..හැප්පිලා හදලද ඔක්කොම අහුවෙනවලු inspection report එකට...
මෙහෙමයි මචන් වෙන්නේ ටොයෝටා ලංකා එකේ chassis ඇදවෙන ඒවා km හදපුවා බලන්න machine නැහැ . වාහනේ ස්වරුපය අනුව සහ parts ගෙවිලා තියෙන ප්‍රමාණය අනුව අනාවැකියක් විදියට කියන්න පුළුවන්.
ජපානෙන් ගෙන්වපු වහනයක් නම් ලියා පදිංචියට කලින් ටොයෝටා දැම්මාම වාහනයේ condition එක අනුව උන්ට කියන්න පුළුවන්.
දොරවල් වල අගුලුවල තියෙන තින්ත පාරවල්
බොනට් එක ඇතුලේ තියෙන මඩ පැල්ලම්
ටයර් break pad ගෙවිලා තියෙන විදිය අනුව.
වීල් අල්යින්මන්ට්
ටොයෝටා එකේ උන් දන්නවා ලංකාවේ අයියලා ගේ සෙල්ලම්.
නමුත් BENZ , BMW වලට මේ වැඩ කරන්න බැහැ . 

මම toyota chr එකක් ගන්න ඉන්නවා.. - අඩෝ උබට මම ගෙනල්ලා දෙන්නම් මෙහෙ තියෙන ඒවාට වඩා හොද එකක් උබට ඕන ලංකාවක දාලා චෙක් කර ගනින්.
තිබ්බ කාර් එක වික්කා....ඉතින් ගොඩක් සේල් වල බලනවා...අපිට සේල් වලින් ගද්දි මේ වාහනේ ටොයෝටා ලන්කා එකට ගෙනිහින් inspection report එකක් ගන්න සේල් කාරයෝ කැමති වෙයිද...කොච්චර ගානක් ඇඩ්වාන්ස් කරලද එහෙම කරනවනම් කරන්න වෙන්නේ...අනික මොනව හරි ලොකු ලෙඩක් තියනවා කියලා inspection report එකේදී අහුවුණොත් ඇඩ්වාන්ස් එක රිටන් කරනවද? මොනවා හරි කරන්න සෙල් කාරයා කැමති වෙන්න ඕන නේ . උබට යන්න ඕන නෑ සෙල් එකේ එක ලස්සනට docs ටික හදලා තියෙන්නේ. එහෙම ගෙනියනවා නම් උබ සෙල් එකේ එකෙක් එක්ක ගෙනියපන් මතක තියා ගනින් කැරියර් එකකට පටවලා ගෙනියපන් .
මම මෙහෙම අහන්නේ මම කිරියෙම දැක්කා දවසක් කෙනෙක් කියනවා පොර aqua එකක් ගන්න ගිහින් සේල් කාරයට ඇඩ්වාන්ස් එකක් කරලා ටොයෝටා ලන්කා දාලා බලද්දී අලුතෙන් මූනක් තියපු එකක් කියලා මාට්ටු උනාලු..හෙන තගග් දාලා ඇඩ්වාන්ස් එක ආපහු ගත්තේ කියලා දාලා තිබ්බා...ඉතින් බයයිනේ බන් ගන්න..ලොකු ගානක් නිසා. ඔව් ඔව්
ඉතින් උබලා උපදෙසක් දියල්ලා...
අපි කොහොමද inspection report එකක් ගන්න සේල් කාරයෝ කැමති කරගන්නේ..එහෙම කැමති වෙනවද..?එක උබේ වාසනාව අනුව.
එහෙම පුලුවන්නම් කොහොමද වැඩේ වෙන්නේ..කොච්චර ඇඩ්වාන්ස් කරන්න ඕනිද?ලියුමක් ලියලද කරන්න ඕනි? මොන මගුලක් හරි උන්ගේ බැංකු acc එකකට දාපන් . දාලා ස්ලිප් එක තිය ගනින් . බැංකුවේ එකාගෙන් අහපන් මේ acc එක කොච්චර පරණද කියලා , transaction වෙන acc එකද්ද බලපන්. currant acc එකක්ද කියලා අහපන්. බැංකුවේ කොල්ලට විස්තරේ කියපන් මුලදී උන් details දෙන්න බෑ කියයි. විස්තරේ කිව්වම උ ඔක්කොම කියයි. මලාට කෙල්ලෙක් ගේන්නම් ඕවා අහන්න එපා.
එතකොට සේල් එකේ තියන වාහනේ inspection එක ගන්න ටොයෝටා ලන්කා කොම්පැණියට ගෙනියන්නේ කොහොමද ??ටොයෝටා එකේ උන්ට INSPECTION ඕන නෑ බන් . ගෙනිච්චත් ඕවා උන් බලන්නේ නැහැ.
දැන් inspection report එකක් නොගෙන ලොකු ගානක් දීලා ටොයෝටා වාහන ගන්න එකනම් මෝඩකමක්...පිටින් දිලිසි දිලිසි තිබ්බට ඇතුල මොන වගේද කවුද දන්නේ.....මම හිතනවා මේ කාරනය ටොයෝටා වාහන ගන්න ඉන්න ඔක්කොටම ප්‍රයෝජනවත් වෙයි කියලා... INSPECTION බලන්නේ නැති ගොන්නු ඉන්න නිසා තම මචන් හැමෝම ජල්තර කරන්නේ. ඕවා බලලා ගන්න අය ඉන්නවනම් මුන්ගේ ජල්තරත් අඩුවෙනවා.
දන්න යාලුවෝ මේ ගැන කතා කරමුද ටිකක්...