20-25ට decent look එකක් තියෙන වාහනයක්
1.අතේ ඇති මුදල: 20-25 නම් හොඳයි, 26k 27k, 28k වගේ අමාරුවෙන් යට කරනවා ඒ ගානට වටින වාහනයක් සෙට් උනොත්
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල: "මාසෙකට" 20000ක් වගේ පුළුවන් ඒත් "මාසිකව" 20000ක් වගේ සෙට් වෙනවද?

3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල: 5000-1000 වගේ .
daily use කරන්නේ නෑ, සතියකට වැඩිම උනොත් 200km යයි, හැබැයි ඉඳල හිටලා දුර ගමන් යන්න සෙට් වෙනවා. හොඳ look එකක් තියෙන්න ඕනේ.
මට අන්තිම ප්රශ්න දෙක පැහැදිලි මදි බන් මම ගෙදර වාහන පැදලා තියෙනවා ඒත් මගේම කියල වාහනයක් maintain කරලා නෑ .
28 වෙනකන් budget එක ගියේ Mazda Demio 2007 එකක් දැක්ක sports edition එකක්ලු. ඒක ගැන එහෙම ලොකු විස්තරයක් හොයාගන්න බැරි උනා.
1500cc, auto transmition, pedal shift, scoop lights, smart key,
තව Mazda 3, Axela එකේ එහෙම තියෙන scoop lights, auto headlights, auto wipers වගේ අනිත් Demio වල නැති පට්ට features ටිකක් තිබ්බ.
ඒත් බලන්න ගියහම ඒක හරියට maintain කරල නෑ වගේ. issues ගොඩක් තිබ්බ. අදහස අතෑරලා දැම්ම.

කොහොමත් hatchback බලන එක නවත්තල දැම්ම රත්තරන් අයියගේ threads කියවල
කලින් ඉඳන් ගන්න හිතන් හිටියේ BJ5P වගේ එකක්, ඒත් Mazda 3, Axela වගේ ඒවටත් හිත ගියා. ඒත් එහෙම එකක් maintain කරන්න අමාරු වෙයිද කියල බයයි.
දැනට හිතේ තියෙන්නේ BJ5P විතරයි. Toyota වලින් Vios අඩුවට තිබ්බට ඒ features ම BJ5P එකෙත් තියෙනවා කියල හිතෙනවා. අනික speedometer එක මැද තියෙන එක අවුල්, මගේ speed එක මට පෙනුනම ඇති.
FB15 පෙනුමට මම එච්චර ආස නෑ එත් ඉතින් අතේ තියෙන ගානට පුළුවන් එකක් එපැයි ගන්න

Cefiro ආසයි shed එකේ වත් full tank තියාගන්න බැරි නම් අවුල්
තව එකක්, සල්ලි සෙට් වෙච්ච ගමන් පට්ට ගහපු නැති Mazda 3 triptronic එකක් හම්බ උනොත් ගන්නවා. ඒ හින්ද ලංකාවේ හොඳ ඉල්ලුමක් තියෙන වාහනයක් නම් හොඳයි
මෙහෙම requirement එකකට ගන්න වාහනයක් තියෙනවද?
