වාහනේ A/C

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
වාහන ගැන දන්න අය පොඩ්ඩක් මේක කියන්න.

වාහනේක AC එක වැඩ කරන්නේ බැටරි එකෙන් ද?
එතකොට AC දැම්මම තෙල් පිච්චේනව වැඩී කියන්නේ චාර්ජ් වෙන්න ද? නැත්තම් තෙල් වලිනුත් AC එක වැඩ කරනවද?
බැටරි එකෙන් නම් AC වැඩ කරන්නේ වාහනේ start නොකර ඔන් එකේ තියෙද්දිත් AC වැඩ කරන්න ඕන නේද?

එක එක්කෙනා එක එක උත්තර දෙන්නේ මේකට ඒකයි ඇහුවේ


reputation_neg.gif
වාහනේ A/C 03-29-2014 11:17 PM ඉඳා
හැම එකාටම ඉන්ටර්නෙට් තිබුනම වෙන දේ. :(
GT මේකට මොකක් හරි පියවරක් ගන්න, නැත්තම් හොද දෙයක් දාන මෙම්බර්ස්ලටත් එලකිරිය එපා වෙයි :(:(
 
Last edited:

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    A/C compressor ekak thiyanawa. engine compartment eke balahan belt eka allan yana pahalama device eka. eeka karakeddi directly fridge eke wage A/C wena wade karanawa. battery eken dammata cool wenne na hulan witharai enne. aluth hybrid walanam kohomada danna

    A/C compressor kiyala youtube karala balahan
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    AC එක වැඩකරන්නේ එන්ජිමේ බලයෙන්. ඒ හින්ද තමයි AC දැම්මම තෙල් පිච්චීම වැඩි වෙන්නේ. ගෙදර කුස්සියේ තියන ශීතකරණයේ තියනවා වගේම compressor එකක් තියනවා වාහනයේ AC පද්දතියේ . ඒ compressor එක එන්ජිමට සම්බන්ධ කරලා තියෙන්නේ belt එකකින්. compressor එකේ තිය electrical clutch එකකින් තමයි ඇතුලෙන් AC ON කරාම compressor එක එන්ජිම හා සම්භන්ධ වෙන්නේ. එන්ජිමෙන් වාහනේ ධාවනය වෙනවත් සමග AC එක on කරාම වෙන්නේ එන්ජිමට අමතර බරක් එකතුවෙන එකයි. ඒ හින්ද තමයි තෙල් පිච්චෙන එක වැඩිවෙන්නේ. සරලවම පැහැදිලිකරොත් සිද්ධාන්තය ඕක තමයි.
     
    Sep 25, 2008
    757
    35
    0
    hybrid කාර් වල නම් hybrid බැටරි බලයෙන් තමයි වැඩ කරන්නේ.. ඒවගේ ac on කරන්න ස්ටාර්ට් කරන්නම ඕනේ නැ . hybrid කාර් වල කියලා අදහස් කලට මම හැම එකේම දන්නේ නැ,,, prius වල නම් එහෙමයි
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machan ketiyen kiwwoth mehemai

    battery eken wada karanne blower eka, eken thamai hulan enne
    but A/C ekata start karanna ona, ethakota thamai COOL eka enne
    (hulan kiyanne cool eka nemeyi)
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    A/C වල තියන්නේ හුලං සිතල කරලා ඇතුලට එවන එක. මේක කරන්න කරන්ට් එකයි එන්ජිමේ බලයයි දෙකම ඕන.
    එන්ජිම ඕන වෙන්නේ compressor එකට. ඒක එන්ජිමේ drive belt එකට සම්බන්ධයි. විදුලිය ඕන වෙන්නේ blower එකට සහ A/C fan එකට. compressor එක වැඩ කරනකොට එක තැන නවත්තපු වාහනයක එන්ජිම එකපාරට රේස් වෙනවා.

    තෙල් අඩු කරගෙන A/C ත් ඕන නම් කරන්න වැඩ කිහිපයක් තියනවා. එකක් තමයි A/C එක අඩු කරන එක. (blower fan එක නෙවෙයි. අර නිල් රතු එකේ උපරිම නිල් පාට පැත්තට නැතුව පොඩ්ඩක් රතු පැත්තට බර කරලා.) අනිත් එක තමයි තව සුවිච් එකක් තියනවා එළියේ හුලං ඇතුලට ගන්න වගේ රූපයක් එක්ක. අන්න ඒක එළියේ සිතල වෙලාවට ඒ පැත්තට දාන්න. ගිනි අව්වේ යන වෙලාවට අනිත් පැත්තට දාන්න.