වාහන කොහේ හැදුවත් අපේ ලංකාවේ මොළකාරයන්ට.. &#35

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    වාහන කොහේ හැදුවත් අපේ ලංකාවේ මොළකාරයන්ට.. &#35

    රුපියල් කෝටි ගණනක් වටිනා මෝටර් රථයකට වඩා හිස් කිරිපිටි පෙට්ටියක් වටිනා බව පෙන් වූ තරුණයකු හෝකන්දර හන්දියේදී දැකගත හැකිවිය.
    හතරමං හන්දියෙන් එක්පැත්තකට මහරගමය. අනෙක් පැත්ත මාලබේය. තලවතුගොඩට සහ අතුරුගිරියට අනෙක් පාරය.
    නවීන පන්නයේ මිලෙන් ඉහළම වූ මෝටර් රථයක් එක්වරම හතරමං හන්දියේ නතර කළේය. ඒ මෝටර් රථයේ පිටුපසින් යමක් වදිනු ඇසීමෙනි.
    ඇන්ජිම පණගැන්වී තිබියදීම ඉන් බැසගත් පුද්ගලයා වාහනයේ පිටුපස පරික්ෂා කර බලා නැවතත් වාහනයට ගොඩවන්නට දොර ඇරියේය.
    පුදුමයකි දොර ස්වයංක‍්‍රීයාව අගුළු වැටී තිබිණි. විනාඩි 15 ක් පමණ ගත විය හතරමංහන්දිය සතර අතටම වාහන තදබදය කිලෝමීටරයක් පමණ දිගු විය.
    ඒත් සමගම අවට සිටිය වුන් බැණ වදින්නට ද විය. මොනවද මහත්තයෝ කරන්නේ ඇක්සිඩන්ට් වුණා නම් පාර ලකුණු කරල ඕක අයින් කර ගන්නකෝ.
    ඇතැමෙක් කීහ.
    ඒ අනතුරින් එක් පුද්ගලයෙක් සිද්ධිය වටහා ගත්තේය. ඔහු තම ජංගම දුරකථනයෙන් යමෙකුට ඇමතුමක් ලබා දුනි.
    හරි හරි දුරකථනය විසන්ධි කළේය.
    කවුරු හරි හිස් කිරිපිටි පෙට්ටියක් හොයලා තියන්න මේ කේ දොර අරින්න පුළුවන් කෙනෙක් විනාඩියෙන් එනවා. ඒත් සමගම මජං සහිත ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් යතුරු පැදියකින් එතැනට ආවේය.
    කෝ කෝ කාඞ් බෝඞ් පෙට්ටිය ගෙනාවද මෙහාට දෙන්න. කිරි පිටි පෙට්ටිය හතරට නමා යම් හැඩයක් සැකසුවේය.
    එතැන් පටන් ඔහුට ආවේණික ක‍්‍රමවේදයකින් රියැදුරු අසුන ඇති පැත්තේ වීදුරුවකින් කාඞ් බෝඞ් කැබැල්ල හිර කළේය.
    යාබද යකඩ බඩු වෙළෙඳ සලකින් කම්බියක් ගෙන අගුල වැටී තිබූ දොර විවර කළේය. දැන් හරි මහත්තයෝ දොර ඇරුණා.
    මේ වාහන ලෝකේ කොහේ හැදුවත් මහත්තයෝ අපේ ලංකාවේ මොළකාරයන්ට මේවා හිස් කිරිපිටි පෙට්ටියක් තරම්වත් වටින්නේ නෑ. එසේ කියූ ඔහු යතුරු පැදියේ නැගී පිටව ගියේය.

    Source : http://www.lankadeepa.lk/index.php/articles/80846
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඒ අවේ රත්තරං වෙන්න බැරිද ?

    ( මජං ඇදුමක් අදහාගෙන යතුරු පැදියකින් ඇවිත් තියෙන්නේ )
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    3d-oki.gif
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,634
    907
    113
    http://aboutrenewableenergy.com
    රුපියල් කෝටි ගණනක් වටිනා මෝටර් රථයකට වඩා හිස් කිරිපිටි පෙට්ටියක් වටිනා බව පෙන් වූ තරුණයකු හෝකන්දර හන්දියේදී දැකගත හැකිවිය.
    හතරමං හන්දියෙන් එක්පැත්තකට මහරගමය. අනෙක් පැත්ත මාලබේය. තලවතුගොඩට සහ අතුරුගිරියට අනෙක් පාරය.
    නවීන පන්නයේ මිලෙන් ඉහළම වූ මෝටර් රථයක් එක්වරම හතරමං හන්දියේ නතර කළේය. ඒ මෝටර් රථයේ පිටුපසින් යමක් වදිනු ඇසීමෙනි.
    ඇන්ජිම පණගැන්වී තිබියදීම ඉන් බැසගත් පුද්ගලයා වාහනයේ පිටුපස පරික්ෂා කර බලා නැවතත් වාහනයට ගොඩවන්නට දොර ඇරියේය.
    පුදුමයකි දොර ස්වයංක‍්‍රීයාව අගුළු වැටී තිබිණි. විනාඩි 15 ක් පමණ ගත විය හතරමංහන්දිය සතර අතටම වාහන තදබදය කිලෝමීටරයක් පමණ දිගු විය.
    ඒත් සමගම අවට සිටිය වුන් බැණ වදින්නට ද විය. මොනවද මහත්තයෝ කරන්නේ ඇක්සිඩන්ට් වුණා නම් පාර ලකුණු කරල ඕක අයින් කර ගන්නකෝ.
    ඇතැමෙක් කීහ.
    ඒ අනතුරින් එක් පුද්ගලයෙක් සිද්ධිය වටහා ගත්තේය. ඔහු තම ජංගම දුරකථනයෙන් යමෙකුට ඇමතුමක් ලබා දුනි.
    හරි හරි දුරකථනය විසන්ධි කළේය.
    කවුරු හරි හිස් කිරිපිටි පෙට්ටියක් හොයලා තියන්න මේ කේ දොර අරින්න පුළුවන් කෙනෙක් විනාඩියෙන් එනවා. ඒත් සමගම මජං සහිත ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් යතුරු පැදියකින් එතැනට ආවේය.
    කෝ කෝ කාඞ් බෝඞ් පෙට්ටිය ගෙනාවද මෙහාට දෙන්න. කිරි පිටි පෙට්ටිය හතරට නමා යම් හැඩයක් සැකසුවේය.
    එතැන් පටන් ඔහුට ආවේණික ක‍්‍රමවේදයකින් රියැදුරු අසුන ඇති පැත්තේ වීදුරුවකින් කාඞ් බෝඞ් කැබැල්ල හිර කළේය.
    යාබද යකඩ බඩු වෙළෙඳ සලකින් කම්බියක් ගෙන අගුල වැටී තිබූ දොර විවර කළේය. දැන් හරි මහත්තයෝ දොර ඇරුණා.
    මේ වාහන ලෝකේ කොහේ හැදුවත් මහත්තයෝ අපේ ලංකාවේ මොළකාරයන්ට මේවා හිස් කිරිපිටි පෙට්ටියක් තරම්වත් වටින්නේ නෑ. එසේ කියූ ඔහු යතුරු පැදියේ නැගී පිටව ගියේය.

    Source : http://www.lankadeepa.lk/index.php/articles/80846

    aniwa bun me langadi adurana dial ekakage central lock activate wela kambiyak dala lock eka aragatta bun
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඒ අවේ රත්තරං වෙන්න බැරිද ?

    ( මජං ඇදුමක් අදහාගෙන යතුරු පැදියකින් ඇවිත් තියෙන්නේ )

    ඌ වෙන්න බෑ
    ඌ ආවානම් කියයි

    මහත්තයා ප්ලේන්ටියක් බ්ව්වත් සිංහල කඩේකින් බොන්න