ගෙදර ගෑනිත් එක්ක හබ වෙච්ච දවසට වාහනෙ ගෙදර දාලා යන ගමනක් බස් එකේ යන්න.![]()
ඇයි ඒ? හිතේ තරහට focus එක නැති වෙනව ද?
ගෙදර ගෑනිත් එක්ක හබ වෙච්ච දවසට වාහනෙ ගෙදර දාලා යන ගමනක් බස් එකේ යන්න.![]()
ඇයි ඒ? හිතේ තරහට focus එක නැති වෙනව ද?
මේක වෙන්න ඇති ලොකුම හේතුවක් රිය අනතූරුවලට![]()

තව වාහනයක් ඉස්සර කරද්දී උගේ පස්සෙන් ගිහින් මටත් දාගත්තැකි කියල නම් හිතල දාන්න එපා .... එස්සරහින් එන එකා නවත්තල තප්පර 30ක් විතර මගේ මුණ දිහා බලන් හිටිහ, එදා ඉඳල ඌ උගේ ගමන ගියදෙන් මම පස්සේ ඉස්සර කරන කියල හිතගෙන ඩ්‍රයිවින් කරනවා ... අපිට හදිස්සි තප්පර ගාන ජිවිත කාලෙම විඳවන්න වෙන්න පුළුවන් බව කොච්චර හදිස්සි උනත් මතක තබා ගත යුතු වෙනවා


උබල දන්නවනෙ වාහනයක් පදින්න ගියහම තියන අමාරුව කොච්චරක්ද කියල . විශේශයෙන් ට්‍රැෆික් එකේ . ඉතින් මන් ඉගෙනගත්ත අත් දැකපු දේවල් ටිකක් කියන්නම් වාහනේ වද්දගන්නෙ නැතුව යන්න . උබල කරන දේවලුත් දාපන් මේකෙම
මුලින්ම වාහනේ පැති කණ්නාඩි තමන්ට වඩාත් පැහැදිලි විදිහට එජස් කරගන්න ඕන . ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන් . සමහරුන්ට තමන් එලවන වාහනේ පේන්න ඕන නෑ . මට නම් ලාවට මන් එලවන වාහනේ පිටිපස්සෙම එජ් එක පේන්න ඕන . එතකොට මට පිටිපස්සෙ වාහනෙයි මගෙයි අතර දුරත් එක්ක එක එක තීරන ගන්න පුලුවන් .
ට්‍රැෆික් එකේ යනවනම් Rear view mirror එක අනිවාර්‍යයි . ඒක නැත්තන් ත්‍රීවීල් ස්කූටර් උබල බ්‍රේක් කරන ගානෙ පිටිපස්සෙන් ඇවිත් අනිනව
කොලබට ඇතුල් වෙනකොට තියන ට්‍රැෆික් එක ගැන උබලට කියන්න ඕන නෑනෙ . ඒ ඇතුල්වෙන ගොඩක් පාරවල් වල අඩුම ගානෙ එක පැත්තකට ලේන් දෙකක් වත් තියනව . එතකොට ලොරි ප්‍රයිම් මූවර් වගේ ලොකු වාහන යක් එක්ක ලේන් දෙකේ යනකොට පුලුවන් තරම් උගෙ සයිඩ් මිරර් වලින් උගෙ මූන බලල ඌ උබව දැක්ක කියල ක්න්ෆර්ම් කරගනින් . ඕවර්ටේක් කරනකොටත් එහෙමයි . ඌ දැක්කෙ නෑ වගේනම් හෙඩ් එක හරි හෝන් හරි ගහල ඌට උබව පෙන්නන්න ඕන . නැත්තන් චප්ප වෙන්න තියන අවස්තාව වැඩියි .
ඊලගට එකක් පිටිපස්සෙ එකක් ට්‍රැෆික් එකේ යනකොට තව ඉස්සරහින් යන වාහන දෙක තුනක් වත් නිතරම බලපන් තමන්ට ඉස්සරහ යන වාහනේ පිටිපස්සම විතරක් බලන්නෙ නැතුව . ඒකෙන් පාරෙ සුදු ඉරි, වලවල් මිනිස්සු පාර පනින තැන් හදිස්සි බ්‍රේක් ගැන එහෙම අයිඩියා එකක් ගන්න පුලුවන් ,
ත්‍රීවීල් එකක් උබ යන ලේන් එකට සමාන්තරව අනික් ලේන් එකේ යනවනම් ඌ කොයි වෙලේ උනත් උබේ වාහනේ වදින්න තියන අවස්තා වැඩියි. ඒ නිසා පුලුවන් තරම් ඌට ඈතින් යන්න ඕන . නැත්තන් ඉක්මනට ඌව පාස් කරල යන්න ඕන . මොකද උන් ලේන් මාරු කරන්නෙ ආලෝකයේ වේගෙන් අනිත් එක උන් උබ අනිත් ලේන් එකේ එනව කියල දැක්කත් ඉක්මනට අමතක වෙනව .
ඊලගට ත්‍රීවීල් එකක් පිටිපස්සෙන් කිසිම වෙලාවක ගොඩක් දුර යන්න එපා . එහෙම යන්නම වෙනවනම් නවත්තල තේ එකක් එහෙම බීල පස්සෙ ගමන ගියත් පාඩු නෑ . මොකද උන් කොයි වෙලේ අතුරු පාරකට හරවයිද පස්ස පාරෙ තියල නවත්තයිද U ටර්න් ගහයිද නැත්තන් පෙරලෙයිද කියල හිතාගන්න බෑ .
ඊලගට පරිස්සම් වෙන්න ඕන බස් වලින් . මිනිස්සු නග්ගගන්න නවත්තපු බස් එකක් ලගින්ම ඉස්සර කරන්න එපා ජීවිතේට . පුලුවන් තරන් ඈතින් ගන්න ඕන . මොකද බස් කියන්නෙ ත්‍රීවීල් එකේ අයිය . එකම ලේ වගේ . කිසි වෙනසක් නෑ සයිස් එක ඇරෙන්න . මන් නම් කියන්නෙ බස් පස්සෙත් තියාගෙන යන්න එපා . ඒක හෙන ඩේන්ජර්
ඊලන්ගට මේක ලන්කාව නිසා ට්‍රැෆික් එකේදි ඉස්සරහ වාහනෙත් එක්ක ගොඩක් දුර තියාගෙන යන්න එපා . මොකද අඩි 5ක් වගේ දුරක් තිබ්බත් ප්‍රයිවට් බස් කාරයෙක් මූන ඔබාගන්න අවස්තා වැඩියි . එතකොට උබට බ්‍රේක් කරගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනව . බස් එහෙම නම් ත්‍රීවීල් ගැන කියන්න ඕන නෑනෙ .
ඊලන්ගට පුලුවන් තරම් ලේන් එකේ යන්න ඕන මැද සුදු ඉර /කඩ ඉර කැපෙන්නෙ නැතුව . ඒකෙන් උබේ සයිඩ් කන්නාඩි බයික් වලින් ආරක්ශා කරගන්න පුලුවන් . බයික් කොහොම උනත් ඇතුලෙන් දාන නිසා එකපැත්තක් හොදට ඉඩ දෙන එක වාහනේ ආරක්ශාවට හොදයි .එතකොට ඒ ඉඩෙන් උන් යන දිහාක යන්නෙ නැතෑ .
ඊලන්ගට ස්කූටර් අක්ක කෙනෙක් ඉස්සරහින් යනවනම් එක තප්පරේකට ඇහැ අහකට ගන්න එපා. ඒ වගේම පස්සෙන් එනවනම් පුලුවන් තරම් මග ඇරගන්න බලන්න
ඊලන්ගල පුලුවන් හැම වෙලාවෙම උපරිමේටත් වඩා ටිකක් වැඩිපුර මාර්ග සලකුනු මාර්ග නීති වලට අවනත වෙන්න .



