වාහන පැවරීම : එහෙනම් මේක බලන්න

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    One day service ekeda grama sewaka certify karanna one mokakda ? No objection letter eka certifiy karanna oneda ? NIC copy eka certify karanna one da ?
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    Transfer papers ඔක්කොම හරියට පුරවන් යන්න නැත්න්ම් ආපහු හැරවිලා එන්න වෙයි. අලුත් අයිතිකරුගේ Transfer papers වල තියෙන address එකයි ID එකේ තියෙන address එකයි වෙනස් නම් ග්‍රාමසේවකගෙන් පදිංචිය තහවුරු කරන සහතිකයක් අරන් යන්න ඕනෙ. අලුත් අයිතිකරුගේ passport size photos 2න් එකක් JP කෙනෙකුට කියලා certify කරගන්න. One day transfer කරනවානම් no objection letter එකක් ඕනෙ. ඒක පරන අයිතිකරුගේ address එක තියෙන පැත්තේ JP කෙනෙක්ට කියලා certify කරගන්න ඔනා.
    RMV යන්න කලින් 0112 677877 call කරලා appointment එකක් දාගන්න. එතකොට SMS එකක් එනවා appointment details එක්ක අපි දීපු phone number එකට. ඒ ආපු SMS එක RMV එකේ gate එකට පෙන්නන ඕනා. නැත්නම් ඇතුලට ගන්නේ නෑ. මං දන්න තරමින් අලුත් owner ඇරෙන්න වෙන කෙනෙකුට යන්න බෑ transfer කරන්න .ඇතුලට ගියාම 43 කාමරයට යන්න ඕනෙ transfers වලට. එතෙන්ට ඇතුලු වෙනකොට Appointment number හා ID number check කරලා token number එකක් දෙනවා. ඒකත් අරන් ඉදගෙන ඉන්න තියෙන්නෙ token number එක කතා කරනකන්.
    Documents ඔක්කොම හරි නම් වැඩේට යන්නේ පොඩි වෙලාවක්. Documents හරි නම් Payment voucher එකක් දෙනවා ඒක අරන් ගිහින් පහල කෙලවරේ තියෙනවා මහජන බැංකුවක්. ඒකට ගිහින් ගාන ගෙවලා slip එක කලින් ගිය 43 කාමරයේ 7 වෙනි counter එකට දෙන්න තියෙන්නෙ. One day transfer නම් ඒගොල්ලෝ දෙන copy එක අරන් සවස 1න් පස්සේ ආවම පොත ගන්න පුලුවන්.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    908
    687
    93
    Open papers කියන්නේ මොකක්ද? තව එතකොට කලින් එකා දාල තිබ්බ ඉන්ෂුවරන්ස් එකට මොකද වෙන්නේ? මන් බයික් එකක් ගන්න ඉන්නේ,, මන් මුළු ගානම කෑෂ් ගෙවනවා එකපාර... ගන්න ඉන්න එකේ ෆිනෑන්ස් ගෙවන්න තියෙනවා නං කොහොමද වෙන්නේ? ඔය ටිකත් කියල දීපන්,, මටත් කලින් experience එකක් නෑ වාහන අරන් කලින්..
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,031
    9,360
    113
    Microsoft
    man used bike ekak gaththa. transfer form eka bara denna DMT ekata giyama bara gatte na. date ekak dunna. e date eka weddi form wala 14days paninawa sign karala. mata dada watei da?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,225
    12,244
    113
    Ohio, USA
    Mey mama haduwa eka ok Da?
    Vehicle Letter for Sig.jpg

    Vehicle_Condition_Ltr.jpg
     
    • Like
    Reactions: animation

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    මගේ නමට ගත්තු පළවෙනි වාහනේ(බයික් එක) පහුගිය දවසක විකුණුවා...

    කලින් වාහන විකුණලා or පාවිච්චි කරපු වාහනයක් මිලදී අරන් නැති නිසා ලියකියවිලි වඩා transfer papers වැඩ දැනගෙන හිටියේ නෑ, එළකිරි එකෙත් හෙව්වා fb එකෙත් හෙව්වා RMV site එකෙත් බැලුවා, අන්තිමට කොහොම හරි නීත්‍යනුකූල ලෙස ලියකියවිලි වැඩ ටික කරලා Bike එක දුන්නා....



    මන් වගේ වාහනයක් විකිණීමේදී හෝ පාවිච්චි කල වාහනයක් මිලදී ගැනීමේදී ඒ ගැන අවබෝධයක් නැති අයට තමයී මේ පෝස්ට් එක ලියන්නේ.... Step by step ලියන්නම්....



    STEP 01

    ඔයා වාහනේ විකුණන කෙනා උනත් ගන්න කෙනා උනත් ඉස්සෙල්ලාම ගිහින් ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්(මම ගත්තෙ මෙකෙන්, වෙන ගන්න පුළුවන් තැන් තියෙනවාද දන්නේ නැත.) නොමිලේ ලබා දෙන transfer paper set එකක් (මේක කොළ 6ක පොතක‍්) ගන්න

    STEP 02

    දැන් අර අරන් ආපු පොත පෙරලා බලන්න... ඒකේ ඇති පිටු 6 ක් මේ විදියට.

    MTA 6 A
    MTA 6 A1
    MTA 6 B
    MTA 6 B1
    MTA 8 C
    MTA 8 C1
    (වැරදි නම් නිවැරැදි කරන්න)

    STEP 03
    ඔය උඩින් කියපු MTA 6 කොළ 6 ම පුරවන්න ඕනේ හරි විදියට නම් වාහනය විකුණන කෙනා හොඳේ...

    වර්තමාන අයිතිකරු (වාහනය විකුනන කෙනා) මේ කොළ 6 ම හරියට පුරවලා (නම් ලියන්න තියෙන කොටු ගාන මදි හොදේ, ඒ උනාට නම බාගෙට ලියන්නවත් මුලකුරු එක්කවත් නම ලියන්නවත් එපා, කොටු මදි උනත් දෙන්නගෙම සම්පූර්ණ නම් ලියන්න ඕනේ... එක අකුරක් එහෙ මෙහෙ උනොත් reject වෙනවා) දිනේ දාලා (අනිවා වාහනය විකුනන දිනය දාන්න, මගේ පෞද්ගලික අදහස නම් open papers වාහන විකුනන්නත‍් එපා, එහෙම වාහන ගන්නත් එපා මොකද ලංකවේ නීතියේ හැටියට open papers කියන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් වගේම, අහක යන නයි රෙද්ද අස්සේ ද ගැනීමක්) අත්සන් කරලා, සාක්ෂි වලටත් දෙන්නෙක් අත්සන් කරලා,

    MTA6 A, MTA 6 A1 කොළ දෙක විකුනන කෙනා ගාව තියාගෙන,

    MTA 6 B, MTA B1 කොළ දෙක වාහනය මිලදී ගන්න කෙනාට දෙන්න.

    STEP 04

    විකුනන කෙනා :
    තමගේ ID copy එකක්, වාහනේ පොත, ආදායම් බලපත්‍රය, දුම් සහතිකය (insurance එක නම් දුන්නට වැඩක් වෙන්නේ නෑ) යතුරු දෙක, service records, warrenty card අනම් මනම් ඔක්කොම එක්ක වාහනය නව අයිතිකරුගේ නමට පවරා ලියාපදිංචිය සිදු කිරිමට විරුද්ධත‍්වයක් නැ කියලා ලියුමකුත් වාහනය ගන්න කෙනාට දෙන්න (අාහ්... ඕනේ නම් තව ලියුමක් ලියන්න මෙහම වාහනය වික්ක‍ දිනේ දාලා "මේ දිනේ සිට අහවල් අංකය දරණ වාහනය සම්බන්ධව කිසිම වගකීමක් මා විසින් නොදරන බවටත්, අහවලා විසින් (ගන්න කෙනාගේ නම) වාහනය සම්බන්ධ සියලු වගකීම දරණ බවත්, ඔහු විසින් සියලු ලියකියවිලි සමග රු. (ඔයා සල්ලි ගත්තු ගාන) ගෙවා වාහනය බාර ගන්නා ලදී" කියලා ඔහොම ලියලා වාහනය ගන්න කෙනාගෙන් රු. 100 මුද්දරයක් උඩ ID num එක දාලා sign එකක් දා ගන්න.)

    ඊටපස්සේ වාහනය එයාට දීලා, ඔයා ඔය මන් උඩ කියපු ලියුමයි MTA 6 A1 එකයි පරිස්සම් තැනකින් අරන් තියන්න.

    වාහනය දිලා පහුවෙනිදාම MTA 6 A කොලේ register post එකේ RMV යවන්න මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ට address කරලා, නැතනම් RMV එකට අතේ ගෙනිහින් දෙන්න.....(අනිවා මේ කොලේ Photo copy එකක් තියාගන්න, register කරද්දී දෙන receipt එකත් තියාගන්න පරිස්සම් කරලා)

    ඔන්න මෙතැනින් වාහනය වර්තමාන අයිතිකරුගේ part එක ඉවරයි ( අාහ් තව එකක් cash විකුණනකොට කවදාවත් සල්ලි අතට ගන්න එපා හොදේ.... අනිවා Bank transfer or deposit එකක් කරන්න කියන්න, එහෙම කරන්න බෑ කියනවා නම් ඌට විකුණන්න එපා වාහනේ.. මොකද අද කාලේ හොර සල්ලි හැමතැනම)

    STEP 05
    වාහනය මිලදී ගන්න කෙනා :
    වර්තමාන අයිතිකාරයගෙන් හරියටම අකුරක්වත් වෙනස් වෙන්නේ නැතිව වාහනේ පොතේ තියෙන විඳියටම MTA 6B, MTA 6B1 කොල දෙක පුරවලා ඔයත් අත්සන් කරලා දින දාලා ඉල්ලා ගන්න, තව වාහනේ ලියකියවිලි (උඩ කියල තියෙන ඒවා) සේරම ඉල්ලා ගන්න, යතුරු දෙකම ඉල්ල ගන්න, තව ඔයාගේ ID copy එකක් එයාට දෙන්න...

    Transfer paper පොතේ තියෙන MTA 8 C, MTA 8 C1 කොළ දෙකත් ඔයා ඉල්ලා ගන්න, මතක ඇතිව one day service දාලා transfer කරනවා නම් දැන් අයිති කෙනාගේ ID copy එකයි, පැවැරීමට විරුද්ධ නැ කියන ලියුමක් ඉල්ලා ගන්න...(number plate එකත් එක්ක RMV එකෙන් දෙනව පොඩි sticker එකක් අන්න ඒක මතක ඇතුව ඉල්ල ගන්න, මොකද number plate වල province එක මාරු වෙනවා නම් ඒ Sticker එක අනිවාර්යයෙන්ම ඕනේ, නැත්නම් ලොකු කට්ටක් කන්න වෙයි)
    MTA 6 B1 පිටපත ඔයා පරිස්සම් කරලා තියාගන්න...

    ඊටපස්සේ ඔයාගෙ වැඩේ වෙන්න ඕන විඳිය RMV site එකේ තියෙන්නේ මෙන්න මෙහෙම....

    View attachment 112101

    View attachment 112102
    http://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=24&Itemid=148&lang=si

    ඔන්න ඔහොමයි scene එක වෙන්නේ. නොදන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි මේක...... වැරදි, අඩු ලුහුඬුකම් ඇති. ඒවා comment වලින් නිවැරැදි කරන්න ඔබට අවස්ථාව ඇත. ❤️
    Machan 1st Owner nathi wela (marila) nam mokada karanne
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ආදායම් බලපත්‍රයක් නැහැනේ. මොකද කරන්නෙ