වාහන-බදු-වැඩි-කරයි (niyamai)
Source: http://www.srilankamirror.com/sinha...1-07-32&catid=1:2010-11-08-15-13-52&Itemid=50
මෙරටට ආනයනය කරන පෙට්‍රල් මෝටර් රථ ඇතුළු වාහන කාණ්ඩ කිහිපයක බදු රජය විසින් වැඩිකර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එන්ජින් ධාරිතාව 1000 සීසී ට අඩු පෙට්‍රල් මෝටර් රථවල සඵල බදු අනුපාතය 95% සිට 120% ක් දක්වාත්, එන්ජින් ධාරිතාව 1000 සීසී - 1600 සිසී අතර පෙට්‍රල් මෝටර් රථවල සඵල බදු අනුපාතය 119% සිට 128% ක් දක්වාත් වැඩිකර ඇතැයි පැවසේ.
මීට අමතරව, දෙමුහුන් මෝටර් රථවල සඵල බදු අනුපාතය එන්ජින් ධාරිතාවය 2000 සිසී මෝටර් රථ සඳහා 38% සිට 50% ක් දක්වාත්, 2000 සීසී හා 3000 සීසී අතර 75% ක් දක්වාත් 3000 සීසීවලට වැඩි මෝටර් රථ සඳහා 100% දක්වාත් වැඩිකර ඇත.
ත්‍රි රෝද රථවල සඵල බදු අනුපාතය 38% සිට 50% ක් දක්වා ඉහළ නංවා තිබේ. නිෂ්පාදන බදු වැඩිකිරීම හේතුවෙන් මෙම වාහනවල සඵල බදු අනුපාතය මෙසේ වැඩි කිරීමට හේතුව බව පැවසේ.