cif එක වැලිව් කරන්නෙ agent තමා. ඒක තමා අන්ඩර් වැලිව් කරල තියෙන්නෙ ඔය මම ගත්ත උදාහරනෙ 16000ක් කියල.
දැන් අලුත්ම තත්වෙ නම් දන්නෙ නෑ. 
agent කියන්නේ වාහනේ ගෙන්නන කෙනා නෙවෙයි. උදා- Toyota වාහනයක් නම් Toyota Lanka කියන විදියට තමයි වාහනේ වටිනාකම තීරණය කරන්නේ. Toyota Lanka ඒකට කිසිම අවශ්‍යතාවයක් නැහැ වාහනයක් under value කරන්න. ඒකෙන් වෙන්නේ උන්ගේ වාහන විකිනෙන්නේ නැති වෙන එක. දැන් කරලා තියන්නේ වාහන වල වටිනාකම රජයට අවශ්‍ය විදියට හිතුමතේ වැඩි කල එක.
උදාහරණයක් දෙන්නම්. මේක අපිට ඇත්තටම උන දෙයක්. අපේ වාහනේ ලංකාවට ගෙන්නනකොට ඒක ඒ තරම් ජනප්‍රිය මාදිලියක් නොවෙන නිසා කස්ටම් එකට ඩියුටි හදන්න බේස් එකක් තිබුනේ නැහැ. මේ නිසා අපිට උනා යුනයිටඩ් මෝටර්ස් ල ගෙන් අපි ගෙනාපු වාහනේ උන් තක්සේරු කරන මුදල ඉල්ලන් ඇවිත් කස්ටම් එකට දෙන්න.(අපි ගෙනාවේ 2012 outlander sport එකක්)
අපි auction එකෙන් වාහනේ ගත්තේ ලක්ෂ 16 කට(CIF අසන්න වශයෙන් 18ක් කියමු). (G grade එකක්)
United Motors ල කස්ටම් එකට නිකුත් කලේ ඒ වාහනේ basic model එකක වටිනාකම විදියට ලක්ෂ 22ක්.

උඹ කියන විදියට අපි වාහනේ under value කරලා නෙවෙයි ගෙනාවේ. එහෙම ගෙනාවත් අපෙන් අඩු වෙන්නේ ඉන්ෂුරන්ස් ගාස්තු විතරයි. මොකද tax එක ගැහුවේ ලක්ෂ 22 + ඔප්ෂන් වලට.(united Moters දුන්නේ basic model එකේ වටිනාකම නිසා)
basic model කියන්නේ
manual transmission
2 airbags
no alloys
no radio/dvd
එතකොට උඩින් කියපු ලක්ෂ 22 ට එකතු වෙන බද්දට අමතරව airebag 8 ට (වැඩි 6 ට), alloys වලට, dvd ඒකට, automatic transmission + tip tronics වලට අපි බදු වෙන වෙනම ගෙව්වා.