වාහන මිල වැඩිවීමේ ඇත්ත නැත්ත



තේරෙන එකෙක් කියල දීපන් කෝ මොකක්ක්ද මේ කියන්නේ කියලා
වාහන මිල වැඩිවීමේ ඇත්ත නැත්තUPFA - A Brighter Future
11 October at 17:40
ජපානයෙන් ගෙන්වන වාහන වල මිල ඉතාම විශාල වශයෙන් ඉහලයාමක් පිළිබඳව පසුගිය දින කිහිපයේ දී වාර්ථා වුනා. බොහෝ දෙනෙකු මෙසේ වාහන මිල ඉහලයාමට පිළිබඳව කතාකළත් එයට හේතුව කුමක්ද යන්න පිළිබඳව අදහසක් තිබුනේ නැහැ.
මෙහිදී ජපානයෙන් ගෙන්වන වාහන පමණක් මිල ඉහලයාමත් එම වාහන නිපදවන සමාගම්වල ශ්‍රී-ලාංකික නිල අලෙවි නියෝජිතයින් ගෙන එන වාහන වල මිල ඉහල නොයාමත් තුල මෙම සිද්ධියේ යම් කිසි කොස්සක් පවතින බව රහසක් නොවෙයි. ජපානයෙන් ගෙන එන වාහන සඳහා අයකරන බද්ද වැඩි කළානම් අලෙවි නියෝජිතයන් ගෙන එන වාහන වල පවා මිල ඉහලයාම අනිවාර්යයයෙන්ම සිදුවිය යුතුයි.
අතීතයේ ලංකාවට ගෙන එන වාහන පැවතියේ බ්‍රෑන්ඩ් නිව් සහ රීකන්ඩිෂන් යන වර්ග දෙක වුවත්, දැනට වසර කිහිපයක සිට ඔල්මෝස්ට් බ්‍රෑන්ඩ් නිව් නමින් තවත් වාහන කාණ්ඩයක් ලංකාවතුල ප්‍රචලිත වන ආකාරයක් දක්නට ලැබුණි.
මෙසේ ඕල්මෝස්ට් බ්‍රෑන්ඩ් නිව් නමින් හැඳින්වෙන වාහන ඉතාම අඩු ධාවනයකින් අනතුරුව ලංකාවට පැමැණෙන අතර ඒවායේ මිල බ්‍රෑන්ඩ් නිව් සහ රීකන්ඩිෂන් අතර අගයක් ගනු ලැබුවා. මෙහිදී කිලෝමීටර් 100 -200ක් දුවන ලද වාහන භාවිතයෙන් ඉවත් කරන්නේ ඇයිද යන්න පිළිබඳව විමසා බැලියයුතුයි. කිසිඳු පුද්ගලයෙකු වාහනයක් මිලදීගත් පසු කිලෝමීටර් 100-200ක් පමණක් දුවා ඒවා විකුණා දමනවා විය නොහැකියි. එසේ කලාතුරකින් සිදුවුවත් ඒවැනි වාහන දහස් ගණනක් වාර්ශිකව ලංකාවට පැමිණීම කිසිලෙසකින්වත් සිදුවිය නොහැකියි.
මෙහිදී සිදුවන්නේ වෙනස් ආකාරයක ජාවාරමක්. ජපානයෙන් අළුතෙන්ම වාහන මිලදීගන්නා තැරැව්කරුවන් ඒවා ජපානයේ ලියාපදිංචි කරනු ලබයි. ඉන් අනතුරුව මදක් ධාවනයකොට ඒවායේ ලියාපදිංචිය අවලංගුකොට රීකන්ඩිෂන් වාහනයක් ලෙස ශ්‍රී-ලංකාවට අපනයනය කිරීමට කටයුතු කරන අතර, එවිට ඒවාගේ වටිනාකම ලෙස සටහන් වන්නේ ඉතාම අඩු මුදලක්. එවැනි වාහන ලංකාවට ගෙන ඒ මේ දී රේගුවෙන් අයකරන බද්ද වන්නේ එසේ ගෙන්වීමට භාවිතකරන LC එකට අයකර බද්ද පමණක් වන අතර වාහනට ගෙවිය යුතු ඉතිරි මුදල උන්ඩියල් ක්‍රමය ඔස්සේ නීතිවිරෝධීව රටින් පිටකරණු ලබයි.
මේ ආකාරයට කටයුතු කිරීම තුලින් ඉතා විශාල මුදලක් බදුවශයෙන් ගෙවීම පැහැරහැරීමට වාහන ගෙන්වන පුද්ගලයාට හැකියාව ලැබෙනවා ඒ වගේම ආපහු උන්ඩියල් කරන එකෙන් ලංකාවේ කලු සල්ලි සුදු කරගන්නත් හැකියාව ලැබෙනවා.
ලඟදී වාහන ගණන් ගියේ මේ කරන වංචාව නවත්තන්න වාහනේ නිශ්පාදිත වටිනාකමට බදු ගහන්න ඕනේ කියලා නියෝගයක් නිකුත් කිරීමත් එක්ක අර ඕල්මෝස්ට් බ්‍රෑන්ඩ්නිව් කියන වාහන ලංකාවට ගේන්න බැරි වීමත් එක්ක මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි.
මේ විදියට ගෙනාපු වාහන 1000ක් විතර දැන් කොළඹ සහ හම්බන්තොට වරායවල නිදහස් කරන්නේ නැතිව නවත්තලා තියෙනවා.
වාහන සේල් කාරයොත් තමුන් මේ කරන වංචාව පවත්වාගෙන යන්න මේ කතාව යටගහලා රජයෙන් වාහන මිල වැඩිකලා කියන කතාව ප්‍රචාරය කලා.



තේරෙන එකෙක් කියල දීපන් කෝ මොකක්ක්ද මේ කියන්නේ කියලා



Mehema scene ekak newei..
Mawath hira wela inne