වාහන වැඩ කරුවන්ගෙන් උදව්වක් ඕනේ

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මරුටියක් ගන්නවානම් 2010 වඩා පරණ එකක් ගන්න එපා .පරණ ඒවා ලෙඩ ගොඩවල් .ගොඩක් ඒවා දිරල මගෙ 2010 alto එකක් තිබ්බ ලොක් එකක අවුලක් වෙලා දොර අතුල ගලවල බලනකොට ඇතුල සේරම මලකඩ කාල .Windscreen එක අස්සෙන් වතුර ආවා ගලවලා කටලොවී දාල හැදුව .ආරක්ෂාව ,සැපපහසුව නම් අනතිමය් . lease කරලා ගත්තොත් lease එක ඉවර වෙනකොට වාහනෙත් ඉවරය් .හොදම දේ පරණ ජපන් එකක් .තෙල් ගහන එකේ විතරක් ලාබය බලන්න එපා .

    Hoda uapades tikak. thanks machan...
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    වාහන වැඩ කරුවන්ගෙන් උදව්වක් ඕනේ

    දුකසේ හරි හම්බ කරපු රුපියල් ටිකක් දාලා ඉතුරුවා ලීසිං කරලා මරුටි එකක් ගන්න හිතුවා
    අලුත් ඒවා ගන්න සල්ලි නෑනේ
    පාවිච්චි කරපු එකක් තමයි ගන්නේ
    මරුටි ගැන දන්නා අය මට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.....

    1. පාවිච්චි කරපු මරුටියක් ගන්නකොට මොනවා ගැනද වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ?
    2. මරුටි එංජින් රෙපෙයාර් එන්නේ කොච්චර විතර දිව්වට පස්සෙද?
    3. මරුටි එංජින් රෙපෙයාර් කරන්න පුලුවන්ද?
    4. මරුටි එංජින් එකක තත්වය අපිට බලාගන්නේ කොහොමද? සරල ටෙස්ට්
    5. මරුටි එංජින් එකක තියෙන්නේ ටයිමින් බෙල්ට් එකක්ද චෙන් එකක්ද?
    6. ගත්තට පස්සේ මුලින්ම කල යුතු නඩත්තු මොනවද?


    ලොකු උදව්වක් මේ ටික කියලා දුන්නොත්


    තෙරුවන් සරණයි....[/COLOR]

    උඹ ගන්න අදහස අත්හැරියට කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා ලියන්න හිතුනෙ
    1.එන්ජින්, බොඩි,ඉන්ටීරියර් සස්පෙන්ෂන් වගේ මූලික දේවලට අමතරව අනිවාර්යෙන්ම හොයලා බලන්න ටැක්සි දුවලද නැත්ද කියලා.මරුටි ගොඩක් කැබ් සර්විස් වල දුවනවා. දැන් හොයන විදිහ මගෙන් අහන්න එපා.වාහනේ තත්වයෙන්,ලියාපදිංචි මුල් අයිති කරුගෙන්ම වගේ ගන්නවනම් පොඩි විශ්වාසයක් ඇතිව ගන්න පුලුවන්. පුලුවන්නම් අහල පහල දෙතුන් දෙනෙක්ගෙන් වත් අහලා බලන්න.
    ගොඩක් ඒවගෙ මීටර් කරකවලා තියෙන්නෙ.. මීටරෙ ෂුවර් නැත්නම් දුම් සහතික්යෙ කිලොමීටර් ගනන තියෙනව.අවශ්‍ය නම් කලින් අවුරුද්දෙ දුම් සහතිකෙ ගන්න කොට කිලොමීටර් ගනන චෙක් කරන්න පුලුවන්
    දිරුම් බලනවා නම් තව පිටිපස්සෙ සීට් එක ගලවල බලන්න.. ගොඩක් මරුටි වල සීට එක යට පේන්ට් ගැලවිලා මලකඩ මම දැකලා තියෙනවා
    තව ටොම් මහත්තයත් කියලා තියෙනව බලන්න ඕනදෙවල් ගැන.ඒවත් බලන්න


    2. මීටරෙ බලලා එන්ජින් රෙපයාර් එන කාලය තීරනය කරන්න එපා.. ඒක වෙනස් වෙනස් වෙනවා ලංකාවෙ.හේතුව
    *. ගොඩක්ම ඒවගෙ මීටරෙ වෙනස් කරලා
    *.නිසිපරිදි නිසිවෙලාවට ඔරිජිනල් පාර්ට්ස් දාලා ගැලපෙන තෙල් යොදලා නඩත්තු කරන අය ඉතාම අඩුයි
    *.ලංකාවෙ ට්‍රැෆික් නිසා වාහනයක එන්ජින් මයිලේජ් සහ මීටර් මයිලේජ් එක වෙනස් වෙන්න පුලුවන්
    *. දැනට එච්චරයි මතක් වුනෙ

    3.පුලුවන්

    4.*ඔයිල් කූරෙන් වාෂ්ප එනවද කියලා බලන්න පුලුවන්
    *එයාර් ක්ලීනර් එකට තෙල් එනවද කියලා බලන්න පුලුවන්
    *තව සුදු දුම (අමු පෙට්‍රල් දුම )
    *තව තමන්ගෙ කනෙන් පුලුවන් සද්දෙට සවන් දීලා

    5.බෙල්ට් එකක්
    6.*ෆුල් සර්විස් එකක්
    *මයිලේජ් එක කීයක් වුනත් ටී බෙල්ට් එක චෙක් කරගන්න එක හොඳයි
    *තමන්ට ෂුවර් නැත්නම් හොඳ කාර්මිකයෙකුට කියලා පොඩ්ඩක් බලවගන්න එක හොඳයි

    මට මේ වෙලවෙ මතක් වුන දේවල් ලියුවෙ.. වැරදි එහෙම තියෙනවනම් නිවැරදි කරන්න

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුලින්ම ප්‍රශ්න ටිකට උත්තර දීල ඉන්නම්කෝ.

    1. පාවිච්චි කරපු මරුටියක් ගන්නකොට මොනවා ගැනද වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ?
    බොඩියේ දිරුම්, එන්ජින් එකේ තත්වෙ තමයි ඉතිං.
    2. මරුටි එංජින් රෙපෙයාර් එන්නේ කොච්චර විතර දිව්වට පස්සෙද?
    සාමාන්‍යයෙන් ලක්ෂ 2 න් විතර. ඒත් පාවිච්චියේ හැටියට වෙනස් වෙනවා.
    3. මරුටි එංජින් රෙපෙයාර් කරන්න පුලුවන්ද?
    පුලුවන්
    4. මරුටි එංජින් එකක තත්වය අපිට බලාගන්නේ කොහොමද? සරල ටෙස්ට්
    තෙල්කූරේ ටෙස්ට් එකෙන් තමයි ඉතිං. ඒක දන්වව ඇතිනේ.
    5. මරුටි එංජින් එකක තියෙන්නේ ටයිමින් බෙල්ට් එකක්ද චෙන් එකක්ද?
    බෙල්ට් එකක් තියන්නේ
    6. ගත්තට පස්සේ මුලින්ම කල යුතු නඩත්තු මොනවද?
    ලක්ෂෙ පැනලනම් ටයිමින් බෙල්ට් එක දාගන්න වෙයි. කෝකටත් ගත්තු ගමන් ටයිමින් බෙල්ට් එක කරවෙලාද කියලා බලවගන්න.

    ලීසිං කරන්න කලින් මේක බලලා ඉන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1659510

    මම මරුටියක් ගන්න එක නම් හොද වැඩක් කියලා හිතන්නෙ නැ. විෂේශයෙන් සේෆ්ටියක් නැති නිසා. සැප පහසුව නම් කොහෙත්ම නෑ. තියන ගාන කිව්වනම් වෙන ඔප්ෂන් එකක් දෙන්න පුලුවන්.

    උඹ රතු කොටු කාරයෙක් නිසා මේ කමෙන්ට් එක දාන්න කලින් කීප වතාවත් හිතන්න වුනා. අන්තිමට කමක් නෑ කියලා හිතලා දැම්මේ.

    good reply machan