Toyota AE 110
මගෙ 3වෙනි කාර් එක විදියට ගත්තෙ Toyota AE 110 එකක්. හොදට පාවිච්චි කරල තිබුන. මම 3rd owner. Service records තිබුන හොදිට. 165000 දුවල තිබුන (කරකවලද දන්නෙ නැඇ) .වාහනේ නම් පට්ට. 2M වලට ගත්ත. කලින් තිබ්බ Indian ලඩි එක්ක බලද්දි නම් සුපිරි වන්ඩියක්. අරගෙන මාසයක් යන්න කලින් (1000 KM) dashboard එක Oil indicator light එක පත්තු වෙන්නෙ නතුව ගියා but Engine Oilඅඩු වීමක්වත් වෙන අවුලක් නම් අවේ නැහ. තව සති කීපයක් යනවිට. (Daily use from Rathmalana to Colombo) Race/ accelerate කරන කොට එනව නිකන් අමුතු සද්දයක්. Pickup එකත් ටිකක් අඩු වෙලා වගේ. හිමිට accelerate කරනකොට engine knock කරනව වගේ දනුනෙ. (digi digi sound).
දැම්ම අදුරන gurage එකකට. ඌ කිව්ව full service එකක් එහෙම කරල belts එහෙම adjuts කරල ගත්තම හරි යවි කියල. මමත් හා කියල කල service එකක් කරල උගෙන්ම. Belts ඔක්කොම වගෙ මාරු කල. (including timing belt) 17000ක් ගිය. නම්ත් ලෙඩේ නම් අඩු නැහ. දැන් ඩිගි ඩිගි සද්දෙ වැඩියෙන් ඇහෙනවා. අරූ කියපි වාහනේ නම් කිසි අවුලක් නැ engine නම් හොඩඉ ඔය සද්දෙ එන්නෙ AC එකෙන්. AC Compressor එකක් දාන්න කිව්ව. මට ඇල්ලුවෙ නැ උගෙ කතාව cz AC වැඩ එලකිරි වගේ. දැම්ම වෙන තැනකට. ඌත් ඔක්කොම ලබ්බවල් ගහල, scan කරල කිව්ව engine එක ගෙවිල වෙන එකක් තියමු කිව්ව. මගෙ දෙලො රත් උනා. තාව ගල්කිස්සෙ එකෙක් ගාවට දම්ම. එක එක එව්ව කියල සති 3ක් විතර තියා ගත්ත car එක. Engine එක යටින් ගලවල හැමදාම බලන්න යනකොට. යන්තම් ඔක්කොම ඉවරය් කියල දුන්න. සද්දෙ නම් අඩු වෙලා නමුත් මට satis නැහ. 43000ක් bill එක. ඌට බැනල මම ගිහින් දැම්ම Auto miraj එකට චෙක් කරන්න. එකෙ සෙට් එකත් scanners, test run ඔක්කොම කරල කිව්ව rod knocking එකක් එන්නෙ. Piston සවුත්තු වෙලා එක්කො engine ekak තියන්න වෙනව නැත්නම් piston සෙට් එකක් දාල boar කරන්න වෙනව කියල. ලක්ශ 2ක් විතර යනව කිව්ව වැඩේට. එකත් බලන්නම් කියල shape වෙලා ඇවිත් අපහු යනගමන් කලින් බාස ගාවට ගිහින් බනල තමය් ගෙදර ගියේ. ගූග්ලෙ එකන් බලල, videos එහෙම බලල මටත් හිතුනා මෙහෙම ලොකු ලේඩාක් වෙන්න ඇති කියලා. පහු වෙනිදා නිවාඩුවකුත් දාල කලුතර පැත්තෙ හොද place එකක් තියෙනව කියල ගියා.
චමිල කියල කෙනෙක්. වාහනේ bonnet එක අරිද්දිම මිනිහ ලෙඩෙ කියල ඉවරය්. කලින් වාහනේ එක තැන ගොඩක් කාලයක් තියල. ඉට කලින් එකත් හරියටම් maintain කරල නැ වගේ. Oil light එක පත්තු වෙලා නැත්තෙ එක ලාවට අටවපු එකක් ලු. කලින් එකා ලෙඩෙ දෑනගෙන තමය් විකුනල තියෙන්නෙ.1lak පනිනව කිව්ව. මට දැන් තිත්ත වෙලා. Indian වාහන හොදය් කියල හිතුවා. කලින් එකාගෙ අම්ම මතක් කරගෙන වැඩේට agree උනා. මොනව කරන්නද ඉතින්. කරමු කියල කිව්ව. සති 2ක් කොට උඩ. ඊට පස්සෙ ඔක්කොම දෙවල් check කරල හදල ගත්ත. Piston 4ක් අලුතෙන් දාල රින්ග් සෙට් එකත් අලුතෙන් දාල හදුව. හදල ඉවර උනාට පස්සෙ මම test drive කලා. එතකොට තම 5AFE engine එකේ නියම performance දැනුනෙ

. වැඩේ නම් හොදටම කරල තිබුනා. Bill එක 147000. හැමිනෙනව පෙන්ස්. නමුත් සද්ද් බද්ද් එකක වත් නැහ. ගාන ගෙවල බබා වගෙ ගෙනවා වාහනේ. කිසි අවුලක් නැහැ ඉට පස්සෙ. එකෙන් ඉට පස්සෙ රට වටේ ගියා. (කතරගම, පිදුරුතලාගල, Trinco) After 2 years පස්සෙ පොඩි පොඩි ලෙඩ තමා අවේ.Running repairs. එවාත් කලුතර චමිල ට දාල හැදුවෙ. ඉට පස්සෙ ලොකු ලෙඩකට අවේ shocks මාරු කරන එක විතරය්. හැබය් කවදාවත් මග හිටලා නම් නැහැ. Still I love that car
