වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ කොහොමද මගේ යාලුවගේ accent එකේ තිබුනු ලෙඩේ හරියටම කිව්වෙ ?
    තනි සිලින්ඩරයක් වැඩකරන්නේ නෑ කියපු එකද???? ඒ ඇසන්ට් එක ලයිට් ගෝල්ඩ් හෝ සිල්වර්ද?:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18550800 said:
    මමනම් තාමත් කියන්නේ රේඩියේටර් කැප් එක දාපිය දාපිය කියලා:yes::yes::yes:

    :yes: මමත් කිව්වා..... කෝ කිව්වට අහන එකක් කියලෑ..... ඩිමෝ එකටම දාලා මොනරු කීපයක් පූජා කරන්නම ඕනලුනේ....... :growl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18550834 said:
    මචන් ඇන්ජින් ඔයිල් පිච්චෙනවා කියන්නේ සොරි තමා. ඒත් දැන් අව්ලක් නෑනේ. ඒ නිසා හිතාගන්න බෑ:baffled:

    ඔය කියා රියෝ, හුන්ඩායි ඇසන්ට් ගෑනුන්ගේ සෙරප්පු වගේ. හේතුවක් ඕනේ නෑ කැඩෙන්න. මේ තියෙනවා මේ කැඩිලා. මචන් පුලුවන්නම් ඕක දීලා ජපන් එකකට යන්න. මේ ලගදි එක ඇසන්ට් එකක් දැක්කා එක සිලින්ඩරයක් ඉවරෙටම ඉවරයක් වෙලා. අනිත් 3ම කොරියාවෙන් ආවා වගේම තියෙනවා.:baffled::baffled:

    කැප් එකෙන් ගැහුවනම් පුරාම ඔයිල් තියෙන්න එපැයි මචන්

    තවත් දෙයක්.. උබ ඇන්ජින් ඔයිල් චෙක් කලේ ඇන්ජිම දුවලා දුවලා ඇවිත් එකපාරටමනම් හෝ ඇන්ජිම ස්ටාර්ට් එකේ තියලනම් හෝ ස්ටාර්ට් කිරීමෙන් ක්ශනිකයකට පසුනම් හෝ ඇන්ජිම නිකන් දවසක් තියලා චෙක්කරද්දි බලනකොට වඩා අඩුවෙන් පෙන්නනවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඔයිල් ඇන්ජිම පුරාම දුවනවනේ.


    මගෙත් අසන්ට් එකේ කටු කතාවක් ලියන්නම් ළඟදීම......
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18551932 said:
    තනි සිලින්ඩරයක් වැඩකරන්නේ නෑ කියපු එකද???? ඒ ඇසන්ට් එක ලයිට් ගෝල්ඩ් හෝ සිල්වර්ද?:baffled::baffled:

    D එකට දැම්ම රිවස් එකට යනවා . . . R එකට දැම්මම නෝ හෙල්ලුම් . . . .
    ලඟදී එන්ජිමකුත් තිබ්බා . . . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..
    මේක බඩි වෑන් එකක්....
    මේකේ අයිතිකාරයා දැං මේක හොරෙං කියවනවත් ඇති :rofl:
    එක්තරා හවසක මට එනවා කෝල් එකක්..
    පුතේ.. මේ වෑන් එකේ කොළඹ ආවා. එක පාරට මිස් එකක් ආවා.
    දැං නතර උනා... ඉස්ටාට් වෙන්නෑ කියලා.....
    කෙලාහුටා... මට එදා අවුරුදු උත්සවේක ඉන්නෙ..හවසත් ලොකු වැඩක් තියෙනවා.. පට්ටම බිසී..
    පුලුවං තරං කඩවත ‍පැත්තට ගෙනෙං.. මං ලගට හරි එන්නං කියලා.. කාර් එක අරං මාත් යනවා බලන්න...
    ‍ඒ යද්දි මූ කොහොමෙං කොහොමෙං හරි වාහනේ ගෙනත් පෑලියගොඩ හරියට.
    දැං වාහනේ නෝ හෙල්ලුම්...
    හොයලා බැලුවම අමුතු ගදක් වගේ එක්ක එනවා....
    බැටරිය හොදටම බැහැලා..
    ගද මොකක්ද කියලා හිතා ගන්න බෑ...
    බැටරියට කාලෙ හරි කියලා හිතුවෙ.. ගෙවල් වලට 12 KM වගේ නෙ..
    පස්සේ ජම්ප් ස්ටාට් එකක් දාන්න කියලා හිතාගෙන කාර් එක වෑන් එක ලගට ගහලා වයර් හොයනවා...
    එච්චර දිග හොද වයර් එකක් තිබුනේ නෑ...
    ඉරිදා හවස නිසා ගන්න ලග පාත කඩේකුත් නෑ..
    කිරිබත්ගොඩිං වත් බලමු කියලා කාර් එකේ කිරිබත්ගොඩට ගියා...
    කඩ වහලා..
    කඩවතට ආවා....
    යාන්තං පද්මා එකේ බඩු තිබ්බා... තිබ්බේ ටික්ක ලොකු කේබල් එක. කමක් නෑ කියලා ගත්තා...
    ආයේ ගිහිං... කාර් එක ස්ටාට් එකේම තියලා වෑන් එකට අල්ලලා බැලුවා...
    ටිකක් වෙලා ගිහිං මොටරේ ගැහුවම බඩු ස්ටාට්..
    එහෙනං වරෙල්ලා කියලා ඔන්න අපි කාර් එකේ .. අරූ වෑන් එකේ එනවා....හවස් වෙලා...
    කිරිබත්ගොඩ හරියට එද්දි පේනවා සිංහලු අරූ නතර වෙන්න යනවා...
    ඔහොමම අළුත් පාරට අල්ලපං කියලා මං කාර් එ‍ෙකේ ගෙදර ආවා.. තාත්තාවත් දාගෙන හවස වැඩේට ගියා....
    පැය දෙකක් විතර ගිහිං ආයේ අරුව බලන්න ගියාම ඌයි මල්ලියි එතන මදුරුවෝ තල තල ඉන්නවා :sorry:
    ආයේ ජම්ප් ස්ටාට් කලා.. බඩු ස්ටාට්....
    රෑ වෙලා නේ... ලයිට් දාගෙන ආවා... කිලෝ මීටරයක් යද්දි මෙන්න ආයේ මිස් කරනවා...
    වැඩේ කියන්නේ ස්ලෝ හිටිනවා.. පෑගුවාම තමා එන්ජිම නතර වෙන්නෙ...
    විහාරමහදේවි එක ලග නතර කලා... ආයෙත් ජම්ප් ස්ටාට් කලා....
    එ් පාර ලයිට් ඖෆ් කරං හසාඩ් එක දාගෙන එන්න කියලා බැලුවේ... කිරිබත්ගොඩ පැන්නා...
    ගාල හන්දිය හරියට එද්දි... මෙන්න වාහනේ යනවා.. නතර වෙනවා.. යනවා.. නතර වෙනවා..
    බැලින්නං හසාඩ් ලයිට් පත්තු වෙද්දි හිටිනවා.. නිමුනම යනවා..
    අපි ඇතුලේ තාලෙට පැද්දෙනවා..
    යො...... යෝ.... යො..... යෝ .............
    ආයේ ජම්ප් ස්ටාට් කලා ... දැං කට්ටිය ඇන්ජිං පියන් ඇ‍රගෙන.... කාර් එකෙත් සෙකන්ඩ්‍රි ලොක් එක විතරයි දාලා තියෙන්නේ... වෑන් එක හිටපු ගමං... ෆෝමියුලා කාර් වල ටයර් මාරු කරන්නා වගේ දූවගෙන ඇවිත් වයර් දෙක අමුනලා ටිකක් වෙලා තියනවා..
    ස්ටාට් වෙනවා.... ආයේ දූවලා ගිහිං වයර් දෙක ගාලෝගෙන ඇරු සයිමා කියලා යනවා...
    මහ රෑ... පාරේ ලයිට් වලිං තමා යන්නේ... වාහනේ කිසිම ඉලෙක්ට්‍රොනික් කෑල්ලක් දල්වලා නෑ...මංමයි වෑන් එක එළවන්නේ....
    ඔය විදිහට හත් පාරක් විතර ජම්ප් ස්ටාට් කලා....
    මේ ගෝතයාගේ ගෙවල් පාරට හැරෙව්වට පස්සේ.... මේක ආයේ හිටියා.. සුපුරුදු පරිදි කාර් එක වෑන් එකට පස්සෙං නතර කරලා කේබල් එක ඇදං ඇවිත් ජම්ප් ස්ටාට් කලා.. කේබලේ කොට නිසා කාර් එක පුලුවං තරං ලගට ගන්නවා... සාමානයයෙන් පරතරය අඩියක් විතර වෙන්නම...
    දැං අන්තිම පාර ජම්ප් ස්ටාට් කලාට පස්සේ හොදටම ශුවර් ගෙදර යන්න පුලුවං වෙයි කියලා...
    මං අරූට කිව්වා ආ දං ඔයා වෑන් එක ගන්න. මායි මල්ලියි කාර් එකේ එන්නං කියලා... ඒකාට වෑන් එක ගන්න දීලා මං කාර් එකේ බොනට් එක වැහුවා....
    අම්මටසිරි මේකා ක්ලජ් එක දෙද්දි මොකක් හරි සීන් එක්ක වෙලා මේක ආවා කියපංකො පස්සට..
    වෑන් එකටයි කාර් එකටයි මැද මං හිර උනා...
    තරු පේනවා දැං... :baffled::baffled:
    කොහොම හරි කරලා වෑන් එක ඉස්සරහට ගන්නකොට දකුණු කකුලට මොකක් හරි කෙලියක් වෙලා කියලා තේරෙනවා...
    මේ වෙලාවෙ ඕවා බලලා බෑ නේ..
    ටක් ගාලා කාර් එකට නැගලා යාන්තං වාහන දෙකම ගෙදර ආවා.....
    බැටරිය චාර්ජ් එකට දාලා ගත්තා. ඒකේ අවුලක් නෑ ... එහෙනං අවුල තියෙන්න ඕනේ ඔල්ටනේටර් එකේ.. නැත්තං බෙල්ට් එකේ
    පස්සේ දවාලක වෑන් එකේ එන්ජිම ඉතුරු වෙන්න වටේ තියෙන කවර ඔක්කොම වගේ ගලෝලා .. හොයා ගත්තා බෙල්ට් එකක් හොදටම ගෙවිලා කියලා... ඔල්ටනේටර් එක කරකවා ගන්න මදි...
    බෙල්ට් එක දැම්මා... ලෙඩේ හරි...

    කකුලට මාසයක් විතර වෙදකං කරලා ගොඩ දා ගත්තා.. තැල්ම තිබ්බෙ :(

    පාඩං ගොඩක් ඉගෙනගත්තා මේ වැඩෙං ඉතිං :sorry:

    කලබලෙං කලබලෙං ලිව්වේ.. කටු නැතුව ත්‍රෙඩ් එක වේලෙන නිසා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කටු නම් ඕන තරම් තිබේ.. කව්රුහරි කට්ටක් ලිව්වම තමයි පොලා ඊළඟ කට්ට ලියන්නෙ ..
    ම්ම්ම්ම්ම්... කට්ටක් නෙමේ පොඩි කතාවක් ලියන්නම් වාහන සම්බන්ද

    මේක අපේ තාත්තා මට කියපු කතාවක්

    ඔන්න 1995දි විතර තාත්තගේ හොදම යාලුවෙක් උන්නා මෝටර් රත එකේ පරනම එක්සැමිනර් මහත්තයෙක්. අව්රුදු ගානක සර්විස් එකත් එක්ක නොදන්න බුවෙක් නෑලු. හරි ප්‍රසිද්දයිලු. ඒ කාලේ 50ක් වගේ වයස. හරිම නිහතමානී නිවිච්ච මනුස්සයා. දුවන දෙන්නම ඩොක්ටර්ස්ලා. පුතාලා නෑ. බුවාට යම් තරමට සල්ලිත් තිබ්බා යහමින්. ඒ උනාට පාවිච්චි කලේ වොක්ස්වැගන් කාර් එකක්. ශ්‍රී නොම්බරයක්, ඩේලි දුවන කාර් එක. බුවා කියනවලු කෙල්ලෝ දෙන්නා හම්බ වෙන්න අම්මව ඉස්පිරිතාලේ ගෙනිච්චෙත් ඔය කාර් එකේ උන් දෙන්නා මෙඩිකල් කොලෙජ් යද්දි පලවෙනියටම ගිහින් දැම්මෙත් ඔය කාර් එකේ කියල. කාර් එක ජර්මනියෙන් ආව විදිහටම තිබ්බ ඒ කාලේ. දැනුත් ඇති. කන්ටෑක් නෑ දැන් තාත්තා නැති උනාට පස්සේ.

    ඔන්න දවසක් තාත්තයි බුවයි නාරහෙන්පිට ඉදලා එනවලු රෑ 11ට විතර මලගෙදරක යාලුවෙක්ගේ. බුවත් දැන් වින්ඩ්ස්ක්‍රීන් එකට දත් සැට් එක තියාන එලවනවලු.. මෙන්න එකපාරටම පස්යාල හරියෙදි රෑ 12ට එකට එක පාරටම සාගින්දර පොලිස් කාරයෝ දෙන්නෙක් වාහනේට අත දැම්මලු. දැන් මුන් වැරදිමලු හොයන්නේ. ලැයිසන් ඉන්ශුවරන්ස් බැලුවලු. අප්ටු ඩේට් ලු. ලයිට් වැඩද බැලුවලු. බැරිම තැන ටයර් 4ත් බැලුවලු. ටයර් 4ර තියෙනවලු ඊයේ දැම්මා වගේ බලල බලල රුපියල් 500ක් වත් කඩාගන්න කියල හිතල කිව්වලු "කෝ උන්නැහේ මේකේ සයිඩ් කන්නාඩි දෙක නෑනේ කියල". ආ අර තාත්තගේ යාලු බුවා වාහනේ නවත්තපු ගමන්බ බැහැලා පොලිසිය එක එක ඒවා බලන අතරේ බුලත් විටක් කනවලු.. අරගෙම අහපු ගමන් බුවා ටකස් ගාලා පුවක් කෑල්ලක් දතෙන් හපලා හුනු ටිකක් ගාලා බුලත් කොලෙත් කටේ ඔබාගත්ත ගමන් ඇහුවලු "පුටේ මම මෝට්ටර් රට ආඥා පනට ටිස් හටලිස් වටාවක් කියෝලා ටියෙනවා, කොහෙද කියපන්කෝ බලන්ට තියෙන්නේ කාර් වලට සයිඩ් කන්නාඩි තියෙන්න ඕනෙ"යි කියලා ඇහුවලු. පොලිස් කාරයෝ දෙන්නා කොර උනාලු. ඒ පාර බුවා එක්සැමිනර් අයිඩී එක පෙන්නුවලු මම අහවලා කියල. පොලිස් කාරයෝ දෙන්නා ලැජ්ජාව අතින් වහගෙන යන්ඩ සර් කිව්වලු

    සැ.යු - ශ්‍රීලාංකා නීතිය අනුව මෝටර් කාර් සදහා පැති කන්නාඩි අත්‍යවශ්‍ය නොවේ. සෙන්ටර් මිරර් එක අනිවාර්යයවේ. මේ නීතිය දැන්නම් සංශෝදනේ කරලද දන්නේ නෑ. පැරනි කාර් බහුතරයක ෆැක්ට්‍රි ෆිටඩ් සයිඩ් මිරර් ආවේ නෑ. දන්න විදිහට මරුති කාර් එකටත් ඉස්සර එක සයිඩ් මිරර් එකයි ආවේ, අනිත් පැත්ත හයිකලේ ලන්කාවෙදි
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලෝකේ හරිම කුරිරුයි සිංහලු . . . කිව්වා වගේම අවුරුද්දක් දුවනකොට ප්ලග් එකක් උනුවෙලා සිංහලු . . . එන්ජිම දුන්න එකා එපා කියද්දි rs.7500.00 සෙට් එකක් දැම්මා . . . දැන් එකක් උණු වෙලා . . . දෙකක electrode එක ඩැමේජ් . . . අලුත් සෙට් එකක් දාන්න වෙනවා . . . වාහනේට හරියන්නේ රේසින් ප්ලග් විතරයි . . . සෙට් එක 14500.00යි. . . .

    මේ වෙලාවට තමා පප්පා මොඩල් ටොයෝටා එකක් ගන්න හිතෙන්නේ . . .
    බොලාගාවත් හොන්ඩා එ්වා තියෙනවා නම් Modified Race Distributor එහෙම දාන්න එපා . . . ලඟදීම ප්ලග් වයර් ටිකත් මාරු කරන්න වෙයි කිව්වා . . .

    මේවා අධිරාජයවාදී කුමන්ත්‍රන. . . .

    බයි ද වේ ප්ලග් වයර් සෙට් එක 18000.00යි කිව්වා . . .

    ඊලඟ පාර නම් හොන්ඩා එකක් ගන්නේ නෑ මොඩිෆයි කරන්න . . . .

    එක පාරම මොඩිෆයිඩ් හොන්ඩා එකක් තමා ගේනවා සිංහලු . . . .
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    D එකට දැම්ම රිවස් එකට යනවා . . . R එකට දැම්මම නෝ හෙල්ලුම් . . . .
    ලඟදී එන්ජිමකුත් තිබ්බා . . . .
    :lol::lol::lol::lol::lol::lol:

    ටිපිකල් කොරියන් කාර්

    ඔය පැන්ඩා එහෙම අනාගතේදි ඩී එකට දැම්මහම පියාබයි:lol::lol:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔන්න ඉතින් හා හා පුරා කියලා මගේ දෙවනි කට්ට ලියන්න සෙට් වෙනවා

    පළමු කට්ට වගේම තමයි . මේකත් ඉතින් office vehicle 1ක වටා ගෙතුණු සුපිරිම කට්ටක්.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..
    මේක බඩි වෑන් එකක්....
    මේකේ අයිතිකාරයා දැං මේක හොරෙං කියවනවත් ඇති :rofl:
    එක්තරා හවසක මට එනවා කෝල් එකක්..
    පුතේ.. මේ වෑන් එකේ කොළඹ ආවා. එක පාරට මිස් එකක් ආවා.
    දැං නතර උනා... ඉස්ටාට් වෙන්නෑ කියලා.....
    කෙලාහුටා... මට එදා අවුරුදු උත්සවේක ඉන්නෙ..හවසත් ලොකු වැඩක් තියෙනවා.. පට්ටම බිසී..


    කලබලෙං කලබලෙං ලිව්වේ.. කටු නැතුව ත්‍රෙඩ් එක වේලෙන නිසා
    කතාව හොදට ලියලා තියෙනවා මරු කට්ටක් තමා කාලා තියෙන්නේ
    අම්මේ මාවත් දවසක් සෙට් උනා අපේ ජර්නියටයි හදන්න ගෙනාපු වැන් එකකට මැද්දේ හිතුවෙම මලා කියලා තමා කැගැහුන පාර එකපාරටම වගේ බස් එක අනික් පැත්තට ගත්තා
    ඹකට පොඩි වැඩයි කරන්න තිබුනේ හැබැයි බැට්රියේ + එක පන්නලා පොඩි වයර් කැල්ලක් අරගෙන ඉන්ජෙක්ටර් පොම්පෙට දුන්නා නම් ගෙදර එනකන් බඩු වැඩ
    අපි තිලකේ මමාගේ lh30 තියෙන කාලේ කතරගම ගිහින් එනකොට ඹය වැඩේ උනා අපිට වැඩේ මාට්ටු උනේ එනදවසේ දවල් ඹය විදියට හන්වැල්ලට වෙනකන් ඇවිල්ලා එහෙන් බැට්රියක් උස්සගෙන ගෙදර ආවේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    KM 3500 වගේ දුවද්ද්දී ඔයිල් ලීටර් 1 විතර අඩු පුරෝලා තිබීම සාමාන්‍ය ද ?අසාමාන්‍ය ද ?

    හොඳටෝම අසාමාන්‍යයි.. එන්ජිමේ ඔයිල් පිච්චෙනව ,, එක්කෝ ඔයිල් රිංග්ස් ගෙවිල.. නැත්තම් වෑල් රබර් ගල් වෙලා.. සල්ලි ටිකක් සෙට් කරලා තියාගනින් වාහනේ දිගටම තියාගන්නවනම්.. නැත්තම් ඕක විකුණලා දාපන්.. එන්ජිම හොඳ තත්වේ තියෙනවනම් ඔයිල් කඳුලක්වත් අඩුවෙන්න විදිහක් නැහැ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18552196 said:
    ම්ම්ම්ම්ම්... කට්ටක් නෙමේ පොඩි කතාවක් ලියන්නම් වාහන සම්බන්ද

    මේක අපේ තාත්තා මට කියපු කතාවක්



    සැ.යු - ශ්‍රීලාංකා නීතිය අනුව මෝටර් කාර් සදහා පැති කන්නාඩි අත්‍යවශ්‍ය නොවේ. සෙන්ටර් මිරර් එක අනිවාර්යයවේ. මේ නීතිය දැන්නම් සංශෝදනේ කරලද දන්නේ නෑ. පැරනි කාර් බහුතරයක ෆැක්ට්‍රි ෆිටඩ් සයිඩ් මිරර් ආවේ නෑ. දන්න විදිහට මරුති කාර් එකටත් ඉස්සර එක සයිඩ් මිරර් එකයි ආවේ, අනිත් පැත්ත හයිකලේ ලන්කාවෙදි

    දැනටත් ඇල්ටෝ මරුති වල වම් පැත්තෙ සයිඩ් කන්නඩිය එන්නේ නෑ.. ලංකාවේ තමයි හයි කරන්නේ... :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..
    මේක බඩි වෑන් එකක්....
    මේකේ අයිතිකාරයා දැං මේක හොරෙං කියවනවත් ඇති :rofl:
    ................

    යකෝ නියම ලියන භාශාව. මැවිල පෙනුන:lol::lol:

    මේ ඒක නෙමේ අර වෑන් එකයි කාර් එකයි අතර හිර උනාට පස්සේ උබ කසාද බදින අදහස අත ඇරියා කියල IDG කිව්ව
    :nerd::nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලෝකේ හරිම කුරිරුයි සිංහලු . . . කිව්වා වගේම අවුරුද්දක් දුවනකොට ප්ලග් එකක් උනුවෙලා සිංහලු . . . එන්ජිම දුන්න එකා එපා කියද්දි rs.7500.00 සෙට් එකක් දැම්මා . . . දැන් එකක් උණු වෙලා . . . දෙකක electrode එක ඩැමේජ් . . . අලුත් සෙට් එකක් දාන්න වෙනවා . . . වාහනේට හරියන්නේ රේසින් ප්ලග් විතරයි . . . සෙට් එක 14500.00යි. . . .

    මේ වෙලාවට තමා පප්පා මොඩල් ටොයෝටා එකක් ගන්න හිතෙන්නේ . . .
    බොලාගාවත් හොන්ඩා එ්වා තියෙනවා නම් Modified Race Distributor එහෙම දාන්න එපා . . . ලඟදීම ප්ලග් වයර් ටිකත් මාරු කරන්න වෙයි කිව්වා . . .

    මේවා අධිරාජයවාදී කුමන්ත්‍රන. . . .

    බයි ද වේ ප්ලග් වයර් සෙට් එක 18000.00යි කිව්වා . . .

    ඊලඟ පාර නම් හොන්ඩා එකක් ගන්නේ නෑ මොඩිෆයි කරන්න . . . .

    එක පාරම මොඩිෆයිඩ් හොන්ඩා එකක් තමා ගේනවා සිංහලු . . . .
    +
    මං කාර් එකට ප්ලග් 4 ,ඩිස්ට්‍රිබියුටර් කැප් එක, වයර් 4, ඩිස්ට්‍රිබියුටරේ ටිප් එක...
    ඔය සැට් එකම පයිනියර් මෝටර්ස් එකෙං ගෙනාවා.. නිසාන් ඔරිජිනල්.. 7500ක් විතර ගියෙ :sorry:
     
    Status
    Not open for further replies.