වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නොදැක්ක වගේ ඉන්න ඕනේ
    rage-comics-fuck-yea-forever-alone-4chan-reddit-f7u12-poker-face-troll-actually-herp-derp-2.png
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ක‍ාගෙද මේ ලාන්සරේ දැක්කාම ආසාවේ බැ
    ආ අර නිල් පාට කාර් එක පිටිපස්ස වැදිලා එනවා කිව්වා හදනන ආවොත් ඇවිත් බලලා යන්න :) මම කියන්නම්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..

    ඔන්න පොලා ඇමෙරිකාවට සැපත් උනේ නියෝර්ක් වල මැන්හැටන් වලට නිසා පොලාගේ රථ ගාය අවුරුද්දකට විතර සනීප උනා කිව්වොත් නිවැරදියි.. නිව්යෝර්ක් වල මැන්හැටන් කියන නගරය ලෝකේ තියන නොනිදන නගර වලින් එකක් නිසා පොදු ප්‍රවාහන පහසුකම් ඕනා තරම් දවස පුරාම.. ඊටත් අමතරව මැන්හැටන් වල වාහනයක් පාවිච්චි කරනවා කියන්නේ පාර්කින් වලට සැලකිය යුතු මුදලක් ගෙවන්න වෙනවා කියන එකයි.. ඒ හින්ද මැන්හැටන් ඉන්න බහුතරයක් ජනතාව පුද්ගලික වාහන පාවිච්චි කරන්නෙ බොහොම අඩුවෙන්.. ඕන වෙලාවක රෙන්ට් එකට වාහනයක් ගන්න පුළුවන් නිසා බහුතරයක් දෙනා උමං දුම්රිය සහ බස් රථ සේවාවන්ගෙන් තමයි ගමන් පහසුව සලසාගන්නේ... පොලාට ඉතින් රස්සාවට යනවාට අමතරව යන්න එන්න යාලුවෙක් නෑදෑයෙක් ඇමෙරිකාවේ නැති නිසා කොහෙත්ම වාහනයක් ගන්න උවමනාවක් තිබ්බේ නැහැ.. ඒ හින්ද පොලා ෆූට් බයිසිකලයක් පැදගෙන රැකියාවට ආව ගියා ඇරෙන්න වාහනයක් ගන්න හීකෙනික් වත් හිතුවේ නැහැ.. මේ හේතුව නිසාම පොලාට එවකට ඇමෙරිකාවේ රියදුරු බලපත්‍රය ගන්න උවමනාවක් තිබ්බෙත් නැහැ..

    ඔන්න දෙයියනේ කියල පොලාට සුදුසු රස්සාවක් ලැබෙන්නේ ඔහොම ඉද්දි තමයි වොෂින්ටන් DC පැත්තෙන්.. ඔන්න දෙයියනේ කියල පොලා කාමරේ තිබ්බ ඇඳ , පුටු , මේස,TV එකේ හිටන්ම පාරට විසික් කරලා දාල බස් එකේ ගෙන්න පුළුවන් තරම් අත්‍යවශ්‍ය දේවල් පෙට්ටියකට දාගන්න පුළුවන් අඩුම කුඩුම සියලමත් දාගෙන වොෂින්ටන් DC වලට පදිංචියට එනවා.. ඔන්න ඔතන හිටන් තමයි පොලාට නැවතත් රතගාය හැදෙන්නෙ .. ඒ වෙද්දී පොලාගේ ලංකාවේ තිබ්බ වාහනෙත් කව්රුවත් පදින්නේ නැතුව රෝද හතරේම හුලන් බැහැල පොළොවට පස් වෙන්න ඔන්න මෙන්නලු.. මේ වෙලාවේ තමයි පොලාට හදිසි අවමංගල්‍ය කටයුත්තකට ලංකාවට එන්න සිද්ද වෙන්නේ.. ඒ කටයුත්තට ඇවිත් පොලා පොළොවට පස්වෙලා තිබ්බ වාහනෙත් කෙලින් කරවල පේන්ට් එකක් ගහල විකුනන්නත් ලැහැස්ති කරගෙන අන්තර්ජාතික රියදුරු බලපත්‍රය හදාගෙන නැවතත් එක්සත් ජනපදයට සැපත් වෙනවා..

    ඔන්න දැන් පොලාට වැඩට යන්න තියෙන්නේ හවස දෙකට.. වැඩ ඉවර වෙද්දී රෑ 12 වෙනවා.. සමහර දවස් වලට රෑ 2, 3, වෙන දවසුත් තිබේ.. සමහරක් දවස් වලට පහුව දා උදේ 6 වෙද්දීත් වැඩ.. එත් ප්‍රධානම ප්‍රශ්නය තමයි නිව්යෝර්ක් වල වගේ DC වල පොදු ප්‍රවාහන සේවාව පැය 24 ම ක්‍රියාත්මක නොවීම.. ඒ කියන්නේ රෑට පොලාට වැඩ ඉවර වෙලා එන්න විදිහක් නැහැ.. ඒ කියන්නේ දැන් පොල් මාමිට වාහනයක් ගන්න වෙනවා.. එක ගන්න රියදුරු බලපත්‍රය ගන්න වෙනව .. එව්වට මාස 3ක් යනවා අවම.. දැන් කල යුත්තේ අන්තර්ජාතික රියදුරු බලපත්‍රයට වාහනයක් ගැනීමයි..

    ඒ වෙද්දී ඇමෙරිකාවේ වාහන දුවන පාස්පෝර්ට් මිතුරන් ඕනෑතරම් හිටියත් එකෙක් කටේ කෙල බිම දාන්නේ නැති තරම්.. ඒ කියන්නේ එකේවත් කියන්නේ නැහැ වාහනයක් ගන්න විදිහක් ගැන.. හැම එකාම කියන්නේ ඉස්සෙල්ල රියදුරු බලපත්‍රය ගන්න වෙනව් කියනවා සහ භයානක ඇඟ කිලිපොලායන කතා බොහොමයි.... එත් ඒ මගුල ගන්නකම් රස්සාව කරගෙන යන්න විදිහක් නැහැ.. සියල්ලටම කලින් රැකියාව කරගෙන ඉන්න ඕන නිසා පොලා අන්තර්ජාලය පීරමින් වාහනයක් ගන්න ක්‍රමයක් හොයනවා.. ඔන්න ඔහිම ගිහින් තමයි පොලාට අන්තර්ජාලයෙන් ආරංචියක් එන්නේ රක්ෂණ නියෝජිතයෙක් හරහා රක්ෂණයක් ගන්න පුලුවනිනම් වාහනේ ලියාපදිංචි කරගන්න පුළුවන් කියන එක ගැන..

    ඇමෙරිකාවේ වාහන ගැනිල්ල සිද්දවෙන්නේ මෙහෙමයි.. ඉස්සෙල්ලම රියදුරු බලපත්‍රයක් තියෙන්න ඕන.. ඊට පස්සේ වාහනයක් තෝරාගන්න ඕන..වාහනයක් තෝරාගෙන මුළු මුදල හෝ අත්තිකාරමක් දීල වාහනේ පොත (මෙහෙ කියන්නේ title එක කියල )අයිතිකාරයගෙන් අරගෙන රක්ෂණ සමාගමකට ගිහින් වාහනේට රක්ෂණ ආවරණයක් අරගන්න එක... රියදුරු බලපත්‍රයක් නැති කෙනෙකුට රක්ෂණ ආවරණයක් නිකුත් කරන්නේ නැහැ මෙහෙ..ඒ රක්ෂණ ආවරණය අරගෙන ඊළඟට යන්න ඕන motor vehicle administration එකට.. එතනින් තමයි වාහනේට ඕන කරන අංක තහඩුව ලබාදෙන්නේ.. ඒක ගන්න වාහනේ එයාල නම් කරපු ගරාජ් එකකට දාල inspection report එකක් ගත යුතුයි.. ඒක OK නම් පමණයි අංක තහඩුව ලබාදෙන්නේ..අවශ්‍යනම් මාසෙකට විතරක් වලංගු registration එකක් ගන්න පුළුවනි inspection එක නොදී.. හැබැයි මාසයක් ඇතුලත inspection report එක දුන්නාම තමයි ඉතුරු මාස 23 සඳහා ලියාපංචි බලපත්‍රය ලබා දෙන්නේ..ඇමෙරිකාවේ වාහනේ ලියාපදිංචි සහතිකය අවුරුදු දෙකකට තමයි නිකුත් කරන්නේ.. අවුරුදු දෙකෙන් පස්සේ නැවතත් අලුත් කරන්න ඕන.. පොලා මෙතැනදී කරේ මාසයකට පමණක් වලංගු බලපත්‍රයක් ලබාගැනීම.. මේ බලපත්‍රය ලබාගන්න යනකම් inspection එක ගැන පොලාට ලොකු අවබෝදයක් තිබ්බ නැහැ.. පාස්පෝර්ට් මිතුරන් කව්රුත් ඒ ගැන කිව්වෙත් නැහැ..එව්වා කියන්න ඉතින් හුඟක් වියදම් වෙන හින්ද වෙන්න ඇති...:lol::lol::lol:

    ඔන්න දැන් සියලු විස්තර දන්නා නිසා පොලාට ඕන විශ්වාසවන්ත වාහනයක් හොයාගන්න.. ඒ වෙද්දී පොලා එක්ක රෙස්ටුරන්ට් එකක වැඩකරපු මිත්‍රයෙක් එයාගේ බිරින්දෑගේ කාර් එක විකුනනවා කියපි.. හැබැයි මිත්‍රය කෙලින්ම කිව්වා වාහනේ මුල්ලක් හැප්පිලා හොඳටම හැදුව.. එත් ලංකාවේ උදවියට දෙන්නේ නැහැ වාහනේ..කියල.. හේතුව විදිහට කිව්වේ ලංකාවේ උදවියට දුන්නාම පස්සේ කැඩුනාම දොස් අහන්න වෙනවා කියන එකයි.. හැප්පිලා හැදුවත් යාළුවගේ වාහනේ නිසා යාළුවා බොරු කියන්නේ නැහැ කියන අන්ද විශ්වාසය නිසාත් පොල් මාමි කිව්වා වාහනේ මම ගන්නම් ආයෙ කැඩුනොත් දොස් කියන එක තේරුමක් නැති වැඩක් කියල..ඔන්න මිතුරු තුමෝ වාහනේ බලන්න යන්න දවසකුත් සැලුම් කරගත්ත ..

    ඔන්න දෙයියනේ කියල පොලා ගියා වාහනේ බලන්න.. වාහනේ ජාතකේ මෙහෙමයි.... Hyundai Accent , අවුරුද්ද 2000, දුවල තියෙන්නේ 43530යි.. පළමු අයිති කරු... හැබැයි ඉස්සරහ වම් පැත්තෙ ලයිට් එක හැප්පිලා හදල ලයිට් එක අලුතෙන් දාල තිබ්බට ෆෙනඩර් එක අලුතෙන් දාල තිබ්බේ නැහැ.. ඇද ඇරලා හයි කරලා විතරයි.. ඇද එහෙම්මම..ඉදිරිපස පෙනුම බැලුවාම ටිකක් අඥඥකොරොස් . එත් පිට එකෙකුගෙන් නොදන්නා වාහනයක් ගන්නවට වඩා දන්නා එකාගෙ වාහනේ ගන්න එක හොඳයි කියන මතයේ පිහිටලා ඔන්න පොලා ටෙස්ට් රන් එකක් යන්න වාහනේ නැග්ග.. පොලා වම් පැත්තෙන් එලවන පලවෙනි වතාව...:shocked::shocked::shocked:ටිකක් මෝල් ගතියක් තිබ්බත් ඒ තරම් ලොකු අවුලක් තිබ්බේ නැහැ.. ඔන්න ටෙස්ට් රන් එක යන්න පටන් අරන් අඩි 100 ක් යන්න උනේ නැහැ මගේ මිත්‍ර පරණ අයිති කාරය කෑ මොර දෙනවා දැන් හොරෝපන්.. දැන් හොරෝපන් ඔය ඇති.. උඹට ලයිසන් නැහැ.. පොලිසියෙන් අහු උනොත් දෙන්නම හිරේ කිය කිය .. ඇමෙරිකන් ආණ්ඩුවෙන් නිකුත් කරපු ලයිසමක් පොලාට නැති උනත් අන්තර්ජාතික බලපත්‍රයෙන් අවුරුද්දක් එලවන්න පොලාට නීතිමය අවසර තිබුනත් මු නෙවෙයි එව්වා තඹේකට ගණන් ගන්නේ.. ඔන්න ටෙස්ට් රන් එක පැත්තකින් තියන කිලෝමීටර භාගයක් විතර දුවල මුගේ ගෙදරටම ආව.. මුගේ ගාන ඩොලර් 2000 යි.. එළියෙන් මේ වයසේ හැප්පිච්ච නැති කාර් එකක් 1200 ක් දෙනකොට ගන්න පුළුවන් කම තියෙද්දිත් දන්න එකාගේ වාහනේ නේද කියල ඔන්න ඩොලර් 2000 ම දීල වාහනේ පොත අරන් පොලා දිව්වා ඉන්සුරන්ස් ඒජන්ට් හොයාගෙන.. පොලා ඉන්න පළාතේ අන්තර්ජාතික රියදුරු බලපත්‍ර වලට රක්ෂණයක් නිකුත් කරන එකම එක කොම්පැනියි තියෙන්නේ.. එක ගන්නත් අමාරුයි ඒජන්ත කෙනෙක් නැතුව.. ඔන්න පොලා රක්ෂනයත් හදාගෙන පහුවදා ගිහින් තාවකාලික ලියාපදිංචිය සමග අංක තහඩුවත් ගත්ත කියාපි.. ඇමෙරිකාවේ වාහන විකුනන්නේ අංක තහඩුව ගලවාගෙන කියල කියන්න අමතක උනාට සොරි..:sorry::sorry:

    ඔන්න පහුවදා පොලා හා හා පුරා කියල ඇමෙරිකාවේ ඉස්සෙල්ලම වාහනේ ගන්න දවස.. උදේම මිත්‍රයාගේ ගෙදරට ගිහින් අංක තහඩුවත් හයිකරගෙන ඔන්න පොල් මාමි සන්තෝසෙන් ගෙදර එන්න පිටත් උනා...

    acent%201_zpsudaxunqt.jpg



    acent_zpseiigz2vh.jpg

    වාහනේ පෙර අයිතිකාර මිත්‍රයාගේ ගෙදර පාරෙන් ඇවිත් ප්‍රධාන පාරට දාල අඩි සීයක් යන්න උනේ නැහැ.. මෙන්න බොලේ ...:(:(:(

    a33fbc668b993397d82a42e1a6af3f06x.jpg


    දැක්ක ගමන්ම පොල් මාමිට වැටහුනා හිංදි චිත්‍රපටියක වගේ පරණ සීන් ටික .. මිතුරු තුමා ලංකාවේ එවුන්ට වාහනේ විකුනන්නේ නැහැ කියපු හේතුව...ඊළගට මතක් උනා ටෙස්ට් රන් එක වැඩි දුරක් යන්න නොදීපු හේතුව.. දැන් ඉතින් අපි කුමක් කරන්නදෝ.. කියාගෙන වාහනේ අරන් හමාරයි.. කාටවත් දොස් කියල පලක් නැහැ කියන මතය හිතේ දරාගෙන ඇසන්ට් එක ගෙදර ගෙනාව.. පොලාට ඕන උනේ මොකක් හරි රෝද හතරක් රස්සාවට යන්න එන්න.. විශ්වාසය කියන දේ ගැන හරිම කනගාටුදායක සිතුවිල්ලක් ඇති උනා සිංහලු අපේ එවුන් ගැන..

    00070538fDy.jpg


    දැන් සියල්ල හරි.. ඊළඟට තිබ්බේ inspection එක කරන්න.. එකට ඩොලර් 60යි.. ගෙනිහින් දැම්ම වාහනේ ගරාජ් එකකට.. ඌ කියාපි පිටිපස්සේ දෙපැත්තේ තියන marking light දෙක පත්තු වෙන්නේ නැහැ, ඒ දෙක දාන්න ඕන.. බැටරියේ බ්‍රකට් එක නැති නිසා බැටරිය හෙලවෙන නිසා බ්‍රක්ට් එක අලුතෙන් දාන්න ඕන කියල .. එත් ප්‍රශ්නේ එක නෙවෙයි.. මගේ හිතවත් විශ්වාසවන්ත මිත්‍රය වාහනේ හැප්පිලා හදද්දී දාල තියෙන්නේ සේකඩ් හෑන්ඩ් බැටරියක්.. එකේ සයිස් එකට ඔරිජිනල් බ්‍රකට් එක සෙට් වෙන්නේ නැති නිසා බ්‍රකට් එක ගලෝල විසික් කරලා.. ඒ හින්ද එක හදන්නනම් ඔරිජිනල් බැටරිය දාන්න වෙනවලු බ්‍රකට් එකත් එක්ක.. ඒ සියලටම ඩොලර් 300 ක් ඕනෙලු.. ඔන්න පොලාගේ රතු කට්ට පනින්නයි එන්නේ.. අලුත් රැකියාවට ගිහින් සති දෙකයි.. පදිංචිය මාරු කරලා.. වියදම් ගොඩයි.. ඩොලර් 2000 ක් දීල කාර් එකක් අරගෙන.. ඉන්සුරන්ස් ගෙවල.. ලයිසන් ප්ලේට් අරගෙන.. වියදම් ගොඩයි... 300ක් දීල කාර් එක හැදුවොත් පොලාගේ බජට් අවුට් යනවා..

    20101026151058_12079.jpg


    පොලා ගරාජ් එකෙන් ඇහුව එළියෙන් හදාගෙන ආවොත් inspection එක දෙනවද කියල.. ගරාජ් මාමි කිව්වා .ප්‍රශ්නයක් නැහැ කියල.. ඔන්න දැන් පොලා ගේම .. ගියා පාර්ට්ස් කඩයක් ගාවට.. ගත්ත ඕන කරන ලයිට් දෙකයි බැටරියට එන බ්‍රකට් ජාති 4 කුයි..විනාඩි 5න් හයිවෙන ජාති දෙක කලවම් කරලා අලවන ගම් එකකුයි..මෙහෙ තියන හොඳම ජාතිය අපොක්සි.. ඇමෙරිකාවේ ඕනෑම බඩුවක් අරන් ආපහු රිටන් කරන කාලේ ඇතුලත රිටන් කරොත් නැවත මුදල් එවෙලේම දෙනවා..

    පාර්ට්ස් කඩේ parking එකේ තියාගෙනම පොල් මාමි වැඩේට බැස්ස..එක බ්‍රකට් එකක් යන්තමට සෙට් .. එත් ටිකක් හෙලවෙන සුළුයි..නැවත කඩේට ගිහින් ගත්ත ෆ්ලැට් වොෂර් ටිකකුත්.. අරගෙන ඇවිත් දැම්ම බ්‍රකට් එක.. වැඩේ සෙට්.. එත් බ්‍රකට් එක තියන විදිහට පේනවා පනියි පනියි වගේ තත්වයක්.. ..හේතුව මේ බ්‍රකට් එක සෙට් වෙන්නේ බැටරියේ යට දාරේට.. දැන් පොලාට ඕන විදිහට වැඩේ සෙට්.. දැන් තියෙන්නේ final tuning එක කරන්නයි.. ගැලෙව්වා බැටරිය වාහනෙන් අහකට.. ඇනුව ඇපොක්සි ගම් ටියුබ් දෙක..දැම්ම බැටරිය යටින් හයිවෙන තැනට එළියෙන් නොපෙනෙන්න.. ගම් එක හයිවෙන්න නොදී විගහින් තිබ්බ බැටරිය තිබ්බ තැනින්ම.. කාටවත්ම පෙන්නේ නැහැ බැටරිය අලවල කියල.. ඊළඟට හයි කරා බැටරි බ්‍රකට් එක.. විනාඩි දහයකින් හොලවල බැලුව.. බැටරිය නො හෙල්ලුම්... පිටිපස්සේ ලයිට් දෙකත් හයිකරගත්ත.. වැඩිපුර ගත්තු අනික් බ්‍රකට් 3 රිටර්න් කරා...ගිහින් පෙන්නුවා ගරාජ් එකට.. උන්නැහේ inspection එක දුන්න සියල්ල හරි කියල..හැබැයි පොලා මෙතැනදී කාටවත් වංචාවක් කරේ නැහැ.. වැඩි ආරක්ෂාවට තමයි ඇපොක්සි දැම්මේ..inspection දෙන කෙනා check engine ගැන බලන්නේ නැහැ.. එයා බලන්නේ වාහනේ පාරේ දුවන්න ආරක්ෂාකාරීද කියන එක විතරයි..

    ඔන්න පොලා ගිහින් inspection report එක MVA එකට දුන්නාම ඉතුරු මාස 23 වෙනුවෙන් පොලාට ලියාපදිංචි ස්ටිකර් එක ලැබුන අලවගන්න.. අනේ ඉවරයි කියාලා හිතුවට ඉවර නැහැ.. තව තියනව... ඒ මොකක්ද දන්නවද.. emission test එක මග එන හින්ද.. වාහනයක් ගනිද්දී brand new නෙවෙයිනම් emission එකත් මාස දෙකක් ඇතුලත කරන්න ඕන. ඔන්න පොලා දැන් හොයනවා චෙක් එන්ජින් ලයිට් එක එන්න හේතුව.. ස්කෑන් කරලා එන කෝඩ් එකෙන් පෙන්නන්නේ එන්ජිමට තෙල් එනවා මදියි කියන එක.. එත් අනෙකුත් දත්ත සහ fuel pump එක පරීක්ෂා කරාම සියල්ල නිවැරදියි.. MAF එක හොඳයි.. ත්‍රොටල් බොඩිය හොඳයි.. ඉන්ජෙක්ටර් හොඳයි.. O 2 සෙන්සර් හොඳයි..කොටින්ම කියනවනම් වැරදි දත්ත සහිත කිසිම සෙන්සරයක් නැහැ.. ඔක්කොම අකුරට වැඩ.. එත් චෙක් එංජිම එසේම එකලෙසම දලවෙමින් පවතියි.. දන්නා කියන ගරාජ් උදවිය උත්සහ කරන්නෙම සෙන්සර් අලුතෙන් දාන්න.. එත් වෙනම ගලවල සෙන්සර් පරික්ෂා කරාම මුකුත් ප්‍රශ්නයක් නැහැ.. O 2 සෙන්සර් එකෙන් ලැබෙන නියම අනුපාතයට අනුකුල නොවෙන දත්ත නිසා තමයි check engine light එක පත්තු වෙන්නේ.. එත් O 2 සෙන්සර් එක වෙනම පරික්ෂා කරාම සෙන්සර් එකේ සෞක්‍ය තත්වය ඉතාම යහපත්.. සියලුම සෙන්සර් සෞක්‍ය අතින් යහපත් කියල ස්කෑනර් එකෙන් වෙනම කියද්දී ගරාජ් බාස්ල කියන්නෙම අහවල් සෙන්සර් එක දාන්න කියලයි.. පොලා නොදන්නා ආකාරයෙන් ඇහුවාම " දැන් මාමේ මේක අලුතෙන් දමාම මේ ලෙඩේ සුවර් එකටම සුව වෙනවද ?" කියල.. ඔන්න ගරාජ් උන්නැහේල වටේ යන්න, ගොත ගහන්න ගන්නවා.. ඒ කියන්නේ උන් හදන්නේ පොලාගේ සල්ලි වලින් රිසර්ච් කරන්නයි.. අපි අහුවෙයි ඔව්වට..

    පොලා ඔර්ඩර් කරා ebay එකෙන් කොම්ප්‍රේෂන් ටෙස්ටර් එකක්..

    CT166AK.jpg


    (දැන් මේක දැකල අපේ මාමි කෙනක් හෙටම මේකක් ඔර්ඩර් කරාවිද දන්නේ නැහැ FB 15 එකක compression චෙක් කරන්න කියල :lol::lol:)

    භාන්ඩෙ ආව දවස් හතරෙන් ගෙදරටම.. ඔන්න ගහල බැලුව සිලින්ඩර් හතරට.. සිලින්ඩර් දෙකක් ඔරිජිනල් තත්වේ..එකක් භාගෙට.. අනික කොම්ප්‍රේෂන් නැතිම තරම්.. ඔන්න ඔය හේතුව නිසා තමයි අර්ධව දහනය වෙන ඉන්දන හොරු වගේ සද්ද නොකර සයිලන්සරෙන් මාරුවෙන්න යද්දී සෙන්සර් එකෙන් අල්ලගන්නේ පොලිසියෙන් අල්ලනවා වගේ.. එත් ස්කෑන් කරාම කියන්නේ වෙනත් කතාවක්.. හදන්න සල්ලි වියදම් කරානම් පොලා හිඟන්න වෙනවා කෑලි දාලම..

    ඊට පස්සේ පොලා විසින්ම ක්‍රමයක් හොයාගත්ත එමිෂන් එක පාස් වෙන විදිහ.. ඕනෑම කොම්ප්‍රේෂන් නැති එන්ජිමක් වැඩි RPM වලදී කොම්ප්‍රේෂන් වෙන නිසා ඒ තිය්රියෙන් ප්‍රයෝජන අරගෙන වාහෙනේ මෙමරි එක රීසෙට් කරලා slow running දුවන්න නොදී එමිෂන් එකට අරන් ගියා නිකමට වගේ.. මෙන්න බොලේ භාන්ඩෙ එමිෂන් පාස්.. හැබැයි out of range values තිබ්බනම් එකෙන්ම fail . මෙහෙ ලංකාවේ වගේ වාහනේ ස්ටාර්ට් කරලා නෙවෙයි එමිෂන් බලන්නේ.. OBD II ටෙස්ට් කරන්නෙ . OBD නැති වාහන තමයි tale සෙන්සර් එක දාල චෙක් කරන්නේ..

    ඔන්න ඔහොමයි අසන්ට් එකේ කතාව .. දැන් පොලා බ්‍රෑන්ඩ් නිව් පැද්දට ඇසන්ට් එක තමයි අව්වෙන් වැස්සෙන් හිමෙන් සීතලෙන් බේරාගෙන පොළාව රස්සාවට අරන් ගියේ.. දෙපාරක් එමිෂන් පෙර පරිදිම පාස් උනා.. දැන් නම් ගෑස්කට් එකත් ගිහින් .. ඔයිල් මූඩිය ඇරියාම කිරි මුට්ටිය ඇරිය වගේ ඔයිල් කිරීම කිරි පාටයි.. තාමත් දුවල තියෙන්නේ 65000 යි.. ෆෙන්ඩර් දෙකම අලුතෙන් අරන් දැම්ම.. එන්ජිමේ ඇරෙන්න කියන්න වරදක් නැහැ.. තාමත් උදේ හවස හිතවතෙක් රස්සාවට යනවා එනවා.. ඒත් උගේ වාහනේ නෙවෙයි නිසා හෝදන්නේ , ඇතුල අස්කරන්නේ එහෙම නැහැ..ඒ කියන්නේ මෙලෝ සාත්තුවක් නැහැ වාහනේට.. කිව්වට කරන්නෙත් නැහැ.. තව ටික කාලයක් ඔහොම දුවල දුවන්නම බැරි උන දවසට ජන්ක් යාර්ඩ් එකකට දීල දානව.. හැබැයි ඒ වෙද්දී පොලාට මෙහෙ පොලාගේම කියල ගෙයක් තිබ්බොත් ලයිසන් ප්ලේට් එක MVA එකට භාරදීලා පොලා මැරෙනකම්ම අසන්ට් එක කවරෙකින් වහල තියාගන්නවා කෘතගුණ සැලකීමක් වශයෙන්..පොලාට වාහනයක් නැති කාලේ වාහන තියන එවුන් හැතක්මක් දෙකක් පොළාව ගිහින් දාන එකත් මහා ලොකු වැඩක් කියල අඟවන වචන කියාගෙන ඉන්න කාලෙක ඇසන්ට් එක නිසා වින්ද පහසුව මෙතෙකැයි කියන්න බැරි තරම්.. ඇසන්ට් එකේ වහල උඩ තියාගෙන ඇදපු ඇඳන් පුටු මේස මතක් වෙද්දී .. වාහනයක් නැතුව යන්න බැරි ගමන් ගිහිපුව මතක් වෙද්දී ඇසන්ට් එකට කෘතගුණ සලකනවා මදියි.. පිහිටවෙච්චි යකඩ ගොඩට උනත් කෘතගුණ සලකන එක උතුම් මනුස්ස ස්භාවයක් කියල පොලා විශ්වාස කරන නිසා.. උපරිම කාලයක් ඇසන්ට් එක මගේ වෙලා තියේවි..

    මේකෙන් ඉගෙනගනිල්ල මිතුරු වෙසින් ඉන්න වංචනිකයින් ගැන.. සල්ලි ඉස්සරහ බහුතරයක් මිනිස්සුන්ගේ මනුස්සකම් දියවෙලා ගිහින්.. පොලාටත් පුළුවනි මොකක් හරි මගඩියක් කරලා අසන්ට් එක විකුනන්න 1500 ක් වගේ ගානකට.. එත් එහෙම කරලා මනුස්සයෙක් අමාරුවෙන් හම්බුකරපු සල්ලියක් අරන් අපිට හරියාවිද කොල්ලනේ... ඇසන්ට් එකේ නියම වටිනාකම අද තියන තත්වේ අනුව ඩොලර් 300 යි.. ඒ එන්ජිම අවුල් නිසා.. ඇසන්ට් එක ගෙදර ගේනකම් පොලාගේ ඇමෙරිකාවේ ඉන්න සිංහල හිතවත්තු බලන් හිටිය රියදුරු බලපත්‍රයක් නැතුව කාර් එකක් ගන්න එක හීනයක් කියල.. පොලා ඒ අභියෝගය ජයගත්තා.. ඊට පස්සේ ඇමෙරිකන් සිංහල හිතවත්තු බලන් හිටිය අන්තර්ජාතික රියදුරු බලපත්‍රයෙන් වාහන එලවල පොලිසියට අහුවෙලා හිරේ තපියි කියල.. ඒ අභියෝගයත් පොලා ජයගත්තා.. ඊ ලඟට පොලාගේ ඇමෙරිකන් සිංහල හිතවත්තු බලන් හිටිය පොලා ඇමෙරිකාවේ රියදුරු බලපත්‍රය ගන්න ගිහින් fail වෙනකම්.. ඒකත් පොලා one shot ගැහුවා.. දැන් පොලා බ්‍රෑන්ඩ් නිව් වාහන දෙකක් පැදපු එකෙක් මේකේ.. එත් අපේ බහුතරයක් සිංහල එවුන්ගේ කැසිල්ල ඉවරක් නැහැ.. උඩින් පෙන්නන්න සින්දර මුණු හදවතේ නැහැ..

    උඹල කවදාක හරි පිටරටක ගියොත් අපේ එවුන්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්න එපා. විශේෂයෙන් දියුණු රටවල.. එත් උදව්වක් ඕන වෙලාවක ඕනෑම කෙනෙකුට කරන්න දෙපාරක් හිතන්න එපා.. කරන හොඳක් මේ සංසාරේ කවද හරි අපිට පිහිට වේවි...

    පොලාගේ අතින් තෙල් ගහල නිවාඩු දාගෙන ඇසන්ට් එකෙන්ම ඩ්‍රයිවින් පුරුදු කරලා ලයිසන් ගත්තු යාලුවෙක් දැන් මාසෙකට වතාවක් වත් පොලාට කෝල් එකක්වත් නැහැ...මිනිස්සුන්ගේ මිනිසත්කම පිරිහිලා.. තමුන්ගේ වැඩේ කරගන්නකම් බොක්ක උනත් දෙන්න තරම් එඩිතරයි.. වැඩේ කෙරුනාම පැදුරටත් නොකිය මාරු..:lol::lol::lol:

    පොලා ඇසන්ට් එක ගත්තු ඇසන්ට් එක වික්ක මිත්‍රය එක්ක අදත් පමණ දැනගෙන කතා බහ කරනවා.. ඌ මේ වෙනකම් කවදාවත් අහල නැහැ කාර් එක තාම තියෙනවද කියල... ඌ කරපු වංචාවට ඌ හැමදාම හිතින් පසුතැවෙනවා ඇති...

    සෙන්සර් අලුතෙන් දාන්න කියන බාස්ලගෙන් අහපල්ලා නොදන්නා විදිහට මාමේ මේක දැම්මාම ලෙඩේ හරියන එක ටක්කෙටම සුවර්ද කියල.. ඔය තැඹිලි පාට සාක්කුවේ දාගෙන යන්න පුළුවන් ස්කෑනර් වලින් ස්කෑන් කරන්න පුළුවන් ලබ්බක් නැහැ.. එව්වයින් කදිලයි කියන කෑල්ල නෙවෙයි වාහනේ ඇත්තටම කැඩිලා තියෙන්නේ බොහෝදුරට.. බාස් කෙනෙක් ගාව ලක්ස පනහක් වටිනා ස්කෑනර් එකක් තිබ්බත් වැඩක් නැහැ ඌ ගාව තර්කානුකුල මොලයක් නැත්තම්...මොළෙත් එක්ක තර්ක කරලා ස්කෑනර් එකෙන් ගැඹුරට යන්න දන්නේ නැති බාස්ල එක්ක වාහන හැදිල්ල සල්ලි කෑමක් විතරයි කියල හොඳින් මතක තියාගෙන වාහන පදින්න කට්ටියම..

    පොස්ට් එක හුඟක් දිග වැඩිද මන්ද.. Hyundai බ්‍රෑන්ඩ් එකක් විදිහට ඇසන්ට් වගේ වාහනයක් දුවන්න පුළුවන් උපරිම ලක්ෂයක් තමයි.. ඒ වෙද්දී වාහනේ ලෙඩ දෙන්න ගන්නව..ඇසන්ට් එක පොලාගේ මගේම වෙච්චි 8 වෙනි කාර් එක උනත් ඇසන්ට් එකට හුදෙක් වාහනයකට වඩා පපුව ඇතුලේ තියන වටිනාකම වැඩියි,, ඒ හින්ද මේ පොස්ට් එක මගේ ඇසන්ට් එකට උපහාරයක් වේවා....

    333.jpg

     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔන්න එහෙනම් කතාව පටන් ගත්තා ඉස්සර වගේ නෙමෙයි දැන් වැලිකඩ ඉන්නේ 1 නිසා නිතරම එළකිරිය පැත්තට එන්න වෙන්නේ නැ. වැලිකඩ කිව්වේ මොකද්ද කියලා බලනවා ඇති .යකෝ අන්තිමට මමත් කසාද බැන්දා.

    ඔන්න එහෙනම් පටන් ගත්තා . උබලට මතක ඇතිනේ මගේ කලින් කට්ට . මේකත් ඒ වාහනයටම වෙච්ච රජ සැපක්.


    ඔන්න ඉතින් ගිය පාර case 1 න් පස්සේ පරණ රියදුරා වාහනේට ආයුබෝවන් කියපු නිසා . අංකල් කෙනෙක් තමා අපේ මාතලී

    මු අංකල් උනාට කුකුළා

    hone 1ක උඩ නැගලා යන්නේ . කන්දොස් කිරියාවේ බැ

    1 වැඩක් නැ කතාවට යමු

    අර case 1න් පස්සේ ලොකු case නැතුව අපි අවුරුද්දක් විතර පාඩුවේ උදේ හවා දකුණු වෙරල දිගේ 150 KM ගමන් කරනවා.

    ඔන්න ඔහොම යන කොට ඉතින් දන්නේ නැදද .. office 1 කෙල්ලෙක්ගේ party 1 ක් සෙට් උනා .

    office දවසකම රැ තිබුණ නිසාත් වාහනයේ සියලුම දෙනාට ඇරයුම් කරලා තිබුන නිසාත් . office 1 සිට තවත් 30km පමණ වන්නියට යා යුතු නිසාත් office vehicle 1න්ම ගමනට සෙට් උනා.


    හවස off වෙලා කට්ට්ටිය ඔන්න හා හා පුරා කියලා party 1 ට යනවා . ටික දුරක් යන කොට කොල්ලා ඉතින් ඉස්සරහ ඉන්න නිසා පොඩි කර ගදක් එහෙම දැනෙන්න ගත්තා .

    අංකල් අංකල් කර ගදක් එහෙම එනවා නේද ?


    නැ මහත්තයෝ ඔය ඉස්සරහ bus 1කෙ ටයර් ගද .


    වෙන්න ඇති .මම ඉතින් කට පියාගත්තා .

    ඔන්න ඉතින් හා හා පුරා කියලා කට්ටිය party 1 ටත් අවා කියමුකෝ .



    මතු සම්බන්ධයි
     
    • Like
    Reactions: polwattacom

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පොල්වට්ටේ කාර් කතාව------

    අඩේ බලං ගියාම ඔහේ ඉන්නෙත් ලංකාවේ වගේම බාස් ල නේ. මෙහෙ උනුත් හුලං බැස්සත් සෙන්සර් දාමු කියන උන් නේ.

    සිංහ යාලුවෝ - මට යාලුවෙක් දවසක් කිව්ව දෙයක් තමයි මොන රටේ ගියත් ඒ රටේ ඉන්න සිංහලු නං විස්වාස කරන්න එපා කියල. මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනකන් අපට.

    0.001% k බොක්කෙන් උදව් කරන උන් ඉන්නව. එ 0.001 ට පොල්වට්ටේත් අයිතියි.

    රටට එන්න කලින් - එන්න එපා කෙලවෙනවා
    ආවට පස්සේ - ඔහොම බෑ මෙහෙම බෑ මේ ලංකාව නෙවි

    හැබැයි රියල් සිංහලු ගොඩ යනව.

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..

    ඔන්න පොලා ඇමෙරිකාවට සැපත් උනේ නියෝර්ක් වල මැන්හැටන් වලට නිසා පොලාගේ රථ ගාය අවුරුද්දකට විතර සනීප උනා කිව්වොත් නිවැරදියි..

    ලංකාවෙන් පිටටදි ලන්කාවේ එකෙක් හම්බ උනාම අපි ආසාවට කතාකරනවා. ඒත් 90%ක් බලන්නේ අපිට කෙලින්නේ කොහොමද කියලා. ඒ කතාවනම් සම්පූර්න ඇත්ත පොලයියේ

    පොලයියේ එතකොට වාහනේ අදටත් දුවන්නේ එක සිලින්ඩරයක් වැඩ නැතුවද?:baffled::baffled::baffled:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :lol::lol: සිරි සීන් එක යකෝ ඒක.. ඒ උනාට ඩිපරන්සල් එකට අබ සරනයි ගොඩක් දුර ආවා නං..
    මාර ගැස්සිල්ලක් ඒක :rofl:

    අස්සයා ගෝන් ටික් ටික් ටික්. :D:D:D
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..

    acent%201_zpsudaxunqt.jpg



    acent_zpseiigz2vh.jpg

    මේ පොස්ට් එක මගේ ඇසන්ට් එකට උපහාරයක් වේවා....

    333.jpg


    නියමයි පොල් අයියේ. වාහනේකට උනත් කල ගුණ සලකනව නම් ඒක කොයිම වෙලාවක වත් යන මනුස්සය මග තියන්නේ නෑ. කොහොම හරි යන්න ඕන තැනට ගෙනියන්න උපරිම ට්‍රයි එක දෙනවා. දැන් කවුරු හරි කියයි වාහන කොහෙද බන් හිතන්නේ අරකද මේකද කියල. මන් නම් මේක කියන්නේ අත්දැකීමෙන්. කලින් ගෙදර තිබ්බ Y10 එක කොච්චර කොහේ දේවාලෙක ගියත් තියෙන අව්ල් ඔක්කොම පිට දාන්නේ වාහනේ ගෙදර ආවට පස්සේ. එපා කියද්දී වික්ක ඒක. මල ගෙයක් වෙලා wikzලගේ පැත්තේ ඉදන් අව පොඩි බටු කොල්ලෝ, ලොකු උන් ඔක්කොම 10ක් විතර ගෙන. ගෙදර පාවිච්චි කරපු සුපිරිම වාහනයක්. :(:(
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    හොඳටෝම අසාමාන්‍යයි.. එන්ජිමේ ඔයිල් පිච්චෙනව ,, එක්කෝ ඔයිල් රිංග්ස් ගෙවිල.. නැත්තම් වෑල් රබර් ගල් වෙලා.. සල්ලි ටිකක් සෙට් කරලා තියාගනින් වාහනේ දිගටම තියාගන්නවනම්.. නැත්තම් ඕක විකුණලා දාපන්.. එන්ජිම හොඳ තත්වේ තියෙනවනම් ඔයිල් කඳුලක්වත් අඩුවෙන්න විදිහක් නැහැ..

    Aiyoo salli
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඉවරෙටම ඉවර නැහැ බන්..එත් ඉවරවෙමින් පවතින්නෙ .. ඔය තත්වෙන් විකුනගත්තනම් එන්ජිම හදන්න හෝ තියන්න වෙන එකක් නැහැ.. තවත් ඔයිල් පිච්චෙන්න ගත්තොත් ඕක හදන්න වෙනවා විකුනන්නත්.. මම කියන්නේ දැම්මම ඕක විකුනපන් කියලයි.. එන්ජිමේ තත්වේ නැති නිසා රෙපෙයාර් එකට කීයක් යාවිද කියල කියන්න බැහැ කාටවත්..

    Thanks for your advice
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මේක දකිද්දි ලියන්න හිතුනේ ඹක්කොම කලින් බලන්න air cleaner ලයින් එක හිල්ද කියලා අපි ගෙනාපු වැන් එකක එක තැනකින් දුවිල්ල ඇදලා ඇන්ජිමට ඹය සෙතම වෙලා තිබුනා පිස්ටන් රිං සෙට් එක දාලා ගොඩ ගත්තා :)

    Thanks machan. I will see
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..
    මේක බඩි වෑන් එකක්....
    මේකේ අයිතිකාරයා දැං මේක හොරෙං කියවනවත් ඇති :rofl:
    එක්තරා හවසක මට එනවා කෝල් එකක්..
    පුතේ.. මේ වෑන් එකේ කොළඹ ආවා. එක පාරට මිස් එකක් ආවා.
    දැං නතර උනා... ඉස්ටාට් වෙන්නෑ කියලා.....
    කෙලාහුටා... මට එදා අවුරුදු උත්සවේක ඉන්නෙ..හවසත් ලොකු වැඩක්



    එළ එළ..කට්ටට තැන්කූ..

    මං කලින් වැඩ කරපු ඔෆිසියේ වාහනේ ඕල්ටර්නේටරේ කේස් එකක් වෙලා මහ රෑ කිලෝමීටර් 60ක් විතර ඩ්‍රයිවරය ටෝච් එකේ එළියෙන් වාහනේ අර ඇවිත් තිබ්බ..... ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් වත් වැඩ නැතුව
    :yes:
     
    Status
    Not open for further replies.