වැටහෙනවාද...

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

අපට ධර්මය නොවැටහෙන හෙයින් සංස්කාර ධර්මයන් මොනවාදැයි නොහඳුනමු. එම සංස්කාර ධර්මයන් මම, ඔබ සත්ත්වයන් පුද්ගලයන් යයිද යනාදි වශයෙන් සිතාගෙන ඉන්නේ ඒ නිසාය. මේ නොදැනීම තන්හාව ඉපදීමට හේතුව වෙයි. තන්හාව ඇති වන විට භවය ඇති වෙයි. භවය හේතුවෙන් ඉපදීමත් මහලු වීම හා ලෙඩ වීමත්, මරණයත් සිදු වෙයි. මෙසේ මහ දුක් කඳක් වැල නොකැඩී දිගටම සිදුවීගෙන යයි. පටිච්ච සමුප්පාද ධර්මය මෙයයි. බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීමක් වූ හේතු පත්ය නිසා සත්ත්වයා ඇතිවන සැටි දැක්වීම පටිච්ච සමුප්පාදයයි. අවිද්‍යාව නිසා සචේතනික කියා සිදුවන බව අපි දනිමු. ඒ නිසා විඤ්ඤාණය ඇති වෙයි. මේ ආදී වශයෙන් බුදු දහමෙහි විඤ්ඤාණය ඇති වන හැටි උගන්වා ඇත. මේවා සියල්ල සිත තුල කියාත්මක වෙයි. යම් අකැමැති දෙයක් සිදු වීම ගැන අපට දැනීමක් ඇති වූ විට අප ඒ පිළිබඳව සිහිය පිහිටුවා ගෙන නැතිනම් එතැන අවිද්‍යාව පහල වේ. මේ නිසා යටකී ලෙස ඒ හේතුවෙන් දුක ඇති වේ. අවිද්‍යාව නිසා දුක ඇති වන විට යටැකී පටිච්ච සමුප්පාදයේ කියාවලිය ඒ දක්වා සිදුවීගෙන ගොස් ඇති බව අපට තේරුම් ගත හැකිය. ඒ කියාවලිය කොතරම් වේගයෙන් සිදු වේ ගෙන යයිද කිවහොත් ඒ වේගයෙන් අනුපිලිවෙලට අපට ඒවා එකිනෙක දැක ගත නොහැකිය. එය හරියට ගහකින් වැටීමේ කියාව වැනිය. ඔබට දැනෙන්නේ දඩාස් හඬින් බිම වැටුන බවය. ඒ අතර ඔබ අතු ඉති රාශියක් පසු කරගෙන බිමට පහත් වී ඇත. ඒ පසු වූ දේ පිළිවෙලින් හඳුනා ගණන් කර බැලීමට ඔබට ඉඩක් නොලැබේ. එහෙත් ඒ සියල්ල පසුකරගෙනයි එම වැටීම සිදු වන්නේ. ඔබට වැටෙන බව දැනුණාත් සමගම දඩාස් ගා බිම වැදෙනවාද දැනේ.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
සංස්කාර කියන්නෙ හේතූන් නිසා හට ගත් දේ කියන තේරුමෙන් නේද?
වටහාගන්නවා කියනකොට සමහරුන්ට හිතෙන්න පුලුවනි මේ කියන දේ ඉතින් තේරෙනවනෙ කියල. ඒත් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ නොවෙන එක තමයි හෙණේ.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පටිච්චසමුප්පාදය බුදුදහමේ මූලික ඉගැන්වීමක්..ඒක ඉතාමත්, හිතාගන්න බැරිතරං වේගයෙන් වෙන්නේ කියලා මට අත්දැකීමෙන් තේරිලා තියෙන්නෙ..("මට" කීවට මට නෙමේ. ඒත් වෙන වචනයක් නෑ නෙ)

පටිච්චසමුප්පාදය ගැන එළකිරි එකේ ගැඹුරින් කතාවුන ත්‍රෙඩ් වගයක් තිබ්බා.