ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ක‍තෝලික ආගමේ අයගේ චාරිත්‍රයක් තියෙනවනෙ පාපොච්චාරණය කරල පව් සමාකරගන්න. පව් සමාකරගන්න එන අය පාපෝච්චාරණය කරන්නෙ පල්ලියෙ ඉන්න පූජකතුමාට කියලනෙ.


    එක්තරා නගරෙක තිබ්බලු පල්ලියක්. මේකෙ ඉන්න පූජකතුමාට වැඩිම හම්බ වෙන්නෙ අනියම් ලිංගික ආශ්‍රය පවත්වලා ඒ ගැන පාපොච්චාරණය කරන්න එන අයම තමයිලු.


    කලක් ගියාම පූජකතුමාට මේ ගැන හොඳටම කලකිරිල. ඒත් අවවාද කරාට මුන්ව හදන්නත් බැරි නිසා පූජකතුමා ඒ නගරෙ ඉන්න හැමෝටම කිවුවලු "අනියම් ලිංගික ඇසුරු" පවත්වලා පව් සමාකර ගන්න එන එවුන් එහෙම නොකිය "වැ‍ටුන" කියල කියන්න කියල.


    දැන් ඉතිං මේ සිස්ටම් එක හොඳට යනවලු. පූජකතුමාටත් වැඩි කරදරයක් නෑ. මිනිස්සුන්ටත් වැඩේ ලේසියි. මෙහෙම කාලයක් ගෙවිල පූජකතුමා වයසට ගිහින් ස්වර්ගස්ථ වෙලා.


    ඒ වෙනුවට අලුත් පූජකතුමෙක් ආවලු. මෙයා ඇවිල්ල සතියක් යන්නත් කලින් මෙයා දවසක් ඒ නගරයෙ නගරාධිපති හම්බ වෙන්න ගිහින්.


    පූජකයා : මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා
    නගරාධිපති : කියන්න, මට පුලුවන් උපරිම උදවු කරන්නම්
    පූජකයා : නගරයේ තියෙන පේමන්ට් හදන්න වෙයි, පාපෝච්චාරණය කරන්න එන ගොඩක් අය වැ‍ටුන කියල කියනවා


    දැන් සීන් එක තේරිලා නගරාධිපතිට හිනාව නවත්තගන්න බෑලු. මොකද මේ අලුත් පූජකය සිස්ටම් එක දන්නෙ නැහැනෙ.


    පූජකයා : මේක හිනාවෙන්න දෙයක් නෙමෙයි. සීරියස් ප්‍රශ්නයක්. ඔබතුමාගෙ බිරිඳත් ගිය සතියෙ තුන් පාරක් වැටිලා
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    8036.png