වැඩිම පින වෙන්නෙ කාටද?

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
වැඩිම පින වෙන්නෙ කාටද?

වැඩිම පින වෙන්නෙ කාටද?

මේක ටිකක් Mind Blowing ප්‍රශ්නයක්. ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේකට උත්තරේ දෙන්නනම් ඔක්කෝටම කලින ඔයා කර්මය ගැන, කර්මඵට ගැන විශ්වාසයක් තියෙන්න ඕනෙ.. හොඳයි මේකයි ප්‍රශ්නෙ..
මෙක උපකල්පනය කරන ප්‍රශ්නයක්. මේ දේවල් සිදුවිය හැකි දේවල් ලෙස උපකල්පනය කරන්න.

1. ඔයා පාරෙ යද්දි බඩගිනි විච්ච බොරු කරන හිඟන්නෙකුයි බඩගිනි විච්ච ගුණවත් සිල්වත් හාමුදුරු කෙනෙකුයි හම්බු වෙනව. ඔයා පිටි පස්සෙන් තව මිනිස්සුත් එනව. ඔයා ගාව කෑම පාර්සලයක් තියනව. අර පිටිපස්සෙන් එන මිනිස්සු ගාවත් කෑම පාර්සල් තියනවා. ඒ මිනිස්සුත් එන්නෙ මේ හාමුදුරුවන්ට කෑම දෙන්න.

ඔයාටත් දැන් පිනක් කරගන්න හිතෙන්ව. ඔයා ඔයාගෙ කෑම පාර්සලය දන් දෙනවා.

ප්‍රශ්නෙ මේකයි. ඔයාට වැඩිම පිනක් වෙන්නෙ කාට කෑම පාර්සලය දුන්නොත්ද?

:cool:hint :ඔයා වෙනුවට රහතන් වහන්සේ කෙනෙක් ගියොත් තමන්ගෙ කෑම පාත්තරේ කාට දෙයිද?

2. අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් රහත් විච්ච බ්‍රහ්මයෙක් හිඟන්නෙක්ගෙ වෙසක් මවාගෙන එනව සල්ලි ඉල්ලගන.
එතනම ඇත්ත හිඟන්නෙකුත් ඉන්නව. ඔයා දන්නෙ නෑ මේ බ්‍රහ්මය කියල. ඔයා වෙනසක් නැතුව දන්නටම රුපියල ගානෙ දෙනව.

කාට දුන්න රුපියලෙන්ද වැඩිම පින වෙන්නෙ?:)

උත්තට දාමුකො බලන්න එහෙනම්.. මමට් උත්තරේ දෙන්නම්..

answer

1. අර හිඟන්නට දෙන දානය උතුම්
2. දෙන්නටම දෙන දානය සමාන ඵල විපාක එනව..

මේකට හේතුව පහදන්න පුලුවන්නම් ගොඩාක් හොඳයි..
හේතුව...

ඉහත ක්‍රියා දෙකෙන් වඩාත්ම "උතුම් ක්‍රියාව" කෝකද කියල හිතල බලන්න....

පිනට තියන ආසාව අකුසලයක්.. පිං ගැනීම පිනිස පොරකාල දානෙ දෙන එක උතුම් ක්‍රියාවක් නෙමේ..

ඒකයි බුදුහාමුදුරුවොත් කිව්වෙ,
''යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිනම් හේ මට උපස්ථාන කර වන්නේ වේ"
කියල.

p.s
කට්ටිය confuse වෙන නිසා මේකත් දාන්නම්,

කෙනෙක් රුපියල් සීය ගානෙ දුර්ජනයෙකුටයි, හාමුදුරු කෙනෙක්ටයි පින් බලාගෙන දුන්නොත්, අනිවාර්යයෙන්ම වැඩි පින වෙන්නෙ වැඩි ගුණවතාට දෙන දානය..

මෙහෙමත් ගම්මුකො, ඔතන ඔය පුද්ගලය හිඟන්නට දානය දෙන්නෙ ඇත්තටම හිඟන්න ගැන උපන් කරුණාවෙන්... දැන් ලේසි වෙයි..

Last edited:

-333-

Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    වැඩිම පින වෙන්නෙ කාටද?

    මේක ටිකක් Mind Blowing ප්‍රශ්නයක්. ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේකට උත්තරේ දෙන්නනම් ඔක්කෝටම කලින ඔයා කර්මය ගැන, කර්මඵට ගැන විශ්වාසයක් තියෙන්න ඕනෙ.. හොඳයි මේකයි ප්‍රශ්නෙ..
    මෙක උපකල්පනය කරන ප්‍රශ්නයක්. මේ දේවල් සිදුවිය හැකි දේවල් ලෙස උපකල්පනය කරන්න.

    1. ඔයා පාරෙ යද්දි බඩගිනි විච්ච බොරු කරන හිඟන්නෙකුයි බඩගිනි විච්ච ගුණවත් සිල්වත් හාමුදුරු කෙනෙකුයි හම්බු වෙනව. ඔයා පිටි පස්සෙන් තව මිනිස්සුත් එනව. ඔයා ගාව කෑම පාර්සලයක් තියනව. අර පිටිපස්සෙන් එන මිනිස්සු ගාවත් කෑම පාර්සල් තියනවා. ඒ මිනිස්සුත් එන්නෙ මේ හාමුදුරුවන්ට කෑම දෙන්න.

    ඔයාටත් දැන් පිනක් කරගන්න හිතෙන්ව. ඔයා ඔයාගෙ කෑම පාර්සලය දන් දෙනවා.

    ප්‍රශ්නෙ මේකයි. ඔයාට වැඩිම පිනක් වෙන්නෙ කාට කෑම පාර්සලය දුන්නොත්ද?

    ගුණවත් සිල්වත් හාමුදුරු
    :cool:hint :ඔයා වෙනුවට රහතන් වහන්සේ කෙනෙක් ගියොත් තමන්ගෙ කෑම පාත්තරේ කාට දෙයිද?

    රහතන් වහන්සේ
    2. අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් රහත් විච්ච බ්‍රහ්මයෙක් හිඟන්නෙක්ගෙ වෙසක් මවාගෙන එනව සල්ලි ඉල්ලගන.
    එතනම ඇත්ත හිඟන්නෙකුත් ඉන්නව. ඔයා දන්නෙ නෑ මේ බ්‍රහ්මය කියල. ඔයා වෙනසක් නැතුව දන්නටම රුපියල ගානෙ දෙනව.

    කාට දුන්න රුපියලෙන්ද වැඩිම පින වෙන්නෙ?:)

    උත්තට දාමුකො බලන්න එහෙනම්.. මමට් උත්තරේ දෙන්නම්..

    අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් රහත් විච්ච බ්‍රහ්මයෙක් හිඟන්නෙක්ගෙ වෙසක් මවාගෙන එනව සල්ලි ඉල්ලගන.

    Aehema aenne nehe bun. Moda katha kiyanna epa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මුල් පිටුවේ දැන්වීම් සදහා වහාම විමසන්න​
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් රහත් විච්ච බ්‍රහ්මයෙක් හිඟන්නෙක්ගෙ වෙසක් මවාගෙන එනව සල්ලි ඉල්ලගන.

    Aehema aenne nehe bun. Moda katha kiyanna epa.

    එහෙම එන්නත් පුලුවන්.. ආව කියල ආයෙ අපිට කියල යන්නෙ නෑනෙ.. අනික මේක උපකල්පනයක් විතරයි.

    බ්‍රහ්මයෙක් බැරිනම රහතන් වහන්සේ කෙනෙක් හිඟන්නෙක්ගෙ වෙසක් මවාගන ආව කියල හිතපන්කො..
    එහෙමත් බැරිනම ධ්‍යාන ලබපු අන්‍ය ආගමික තාපසයෙක් වෙස් වලගෙන ආව කියල හිතපන්කො..
    එහෙමත් බැරිනම් මම වෙස් වලාගෙන හිඟන්නෙක් වගේ ආව කියල හිතපන්කො.. එහෙම හිතුවොත් මම පන්සිල් රකිනව කියල ගනින්.. අර අනිත් හිඟන්නට ශීලයක් නෑ කියල ගනින්..:)
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    1.එක එකා උන්ට හිතෙන විදියට හදාගත්ත දහමට අනුව නම එක එක උත්තර තියෙයි.. ඒත් බුදු දහමට අනුව ගුණවත් සිලවත් හාමුදුරුවන්ට දෙන දානයේ පින වැඩියි.. :cool:

    2.දෙවනය ප්‍රශ්නය කිසිම දිනක මුන නොගැසෙන බැවින් උබට කැමති ඕනෙම දෙයක් හිතාගනින්.. :) ඕකට බොරුවට උත්තර හෙව්වට වැඩක් නෑ. ඒ නිසා මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ. :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වාස්තවික යථාර්තයෙන් තොර බුදු දහමට අනුව නං (නලීන්ද සිල්වා ඉදිරිපත් කරන) කුසලය තීරණය වෙන්නෙ තමන්ගෙ දැනීම මත. හිඟන්න බොරු කරනවද ඇත්ත කරනවද අදාල නෑ. ඇත්ත බොරුව වාස්තවිකව ගන්න බෑ. තමා හිඟන්නව දකින විදිහ අනුවයි තීරණය වෙන්නෙ. :oo:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    දෙන්නේ කාටද අදාල නෑ දානය දානයමයි, හැබැයි සෝවාන් හෝ ඊට එහා මාර්ග ඵලයක් ලැබූ කෙනෙකුට දන් දීම කුසලයෙන් වැඩී , දන් දෙනවා කියන්නේ අත් ඇරීම , දානය ලබා ගන්න කෙනාට ඒක වැඩක් නැති වුණත් කුසලය කුසලයමයි
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    වාස්තවික යථාර්තයෙන් තොර බුදු දහමට අනුව නං (නලීන්ද සිල්වා ඉදිරිපත් කරන) කුසලය තීරණය වෙන්නෙ තමන්ගෙ දැනීම මත. හිඟන්න බොරු කරනවද ඇත්ත කරනවද අදාල නෑ. ඇත්ත බොරුව වාස්තවිකව ගන්න බෑ. තමා හිඟන්නව දකින විදිහ අනුවයි තීරණය වෙන්නෙ. :oo:

    'වාස්තවික' කියන වචනයේ තේරුමනම් දන්නෙ නෑ මචන්.. ඒත් උබ කිව්ව දේ හරි. හැබැයි ඒක පැහැදිලි කරන්න ඔච්චර ගැඹුරු වචන ඕනෙ නෑ..:cool:

    'පින' කියන වචනය අයින් කරල වඩාත්ම 'උතුම් ක්‍රියාව' කෝකද කියල හිතල බැලුවනම් ඇති.
    රහතන් වහන්සේ කෙනෙක් කරන්නෙ වඩාත්ම උතුම් ක්‍රියාවනෙ..
    ඒකයි මම hint ඒක විදිහට ඒක දුන්නෙ..
    ඔතනදි හාමුදුරුවන්ට දානය කොහොමත් හම්බෙන බව දන්න නිසා හා අර හිඟන්නට දානයක් හම්බෙන තියන සම්භාවිතවය 'පිනට පෙරේත' මිනිස්සු නිසා අඩු බව දන්න නිසා රහතන් වහන්සේ දෙන්නෙ හිඟන්නට.. ඒකයි උතුම් ක්‍රියාව..

    1.එක එකා උන්ට හිතෙන විදියට හදාගත්ත දහමට අනුව නම එක එක උත්තර තියෙයි.. ඒත් බුදු දහමට අනුව ගුණවත් සිලවත් හාමුදුරුවන්ට දෙන දානයේ පින වැඩියි.. :cool:

    2.දෙවනය ප්‍රශ්නය කිසිම දිනක මුන නොගැසෙන බැවින් උබට කැමති ඕනෙම දෙයක් හිතාගනින්.. :) ඕකට බොරුවට උත්තර හෙව්වට වැඩක් නෑ. ඒ නිසා මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ. :lol:

    :):)
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    1.එක එකා උන්ට හිතෙන විදියට හදාගත්ත දහමට අනුව නම එක එක උත්තර තියෙයි.. ඒත් බුදු දහමට අනුව ගුණවත් සිලවත් හාමුදුරුවන්ට දෙන දානයේ පින වැඩියි.. :cool:

    2.දෙවනය ප්‍රශ්නය කිසිම දිනක මුන නොගැසෙන බැවින් උබට කැමති ඕනෙම දෙයක් හිතාගනින්.. :) ඕකට බොරුවට උත්තර හෙව්වට වැඩක් නෑ. ඒ නිසා මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ. :lol:

    හේතුව...

    ඉහත ක්‍රියා දෙකෙන් වඩාත්ම "උතුම් ක්‍රියාව" කෝකද කියල හිතල බලන්න....

    පිනට තියන ආසාව අකුසලයක්.. පිං ගැනීම පිනිස පොරකාල දානෙ දෙන එක උතුම් ක්‍රියාවක් නෙමේ..
    උතුම් ක්‍රියාවෙ තමා වැඩිම පින තියෙන්නෙ..

    ඒකයි බුදුහාමුදුරුවොත් කිව්වෙ,
    ''යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිනම් හේ මට උපස්ථාන කරා වන්නේ වේ"
    කියල.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    දෙන්නේ කාටද අදාල නෑ දානය දානයමයි, හැබැයි සෝවාන් හෝ ඊට එහා මාර්ග ඵලයක් ලැබූ කෙනෙකුට දන් දීම කුසලයෙන් වැඩී , දන් දෙනවා කියන්නේ අත් ඇරීම , දානය ලබා ගන්න කෙනාට ඒක වැඩක් නැති වුණත් කුසලය කුසලයමයි

    හේතුව...

    ඉහත ක්‍රියා දෙකෙන් වඩාත්ම "උතුම් ක්‍රියාව" කෝකද කියල හිතල බලන්න....

    පිනට තියන ආසාව අකුසලයක්.. පිං ගැනීම පිනිස පොරකාල දානෙ දෙන එක උතුම් ක්‍රියාවක් නෙමේ..
    උතුම් ක්‍රියාවෙ තමා වැඩිම පින තියෙන්නෙ..

    ඒකයි බුදුහාමුදුරුවොත් කිව්වෙ,
    ''යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිනම් හේ මට උපස්ථාන කරා වන්නේ වේ"
    කියල. ;)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ලව්කික සැප සම්පත් අතඇරලා නිවන් මාර්ගය හොයන අල්පේච්ච ජීවිතයක් ගත කරන මහනෙක්ට දෙන ධානයට තමයි කුසල් වැඩි...මෙතන මහනෙක් කියලා කිව්වාට අපි ධානය පූජා කරන්නේ ආනන්ද, සාරිපුත්ත, මොග්ගල්ලාන, නන්ද, රාහුල...යන රහතුන්ගෙන පැවත එන ආර්‍ය මහා සංඝරත්නයට ධානය පූජා කරන හිතෙන්... ඔය මොනවා උනත් ප්‍රතිපත්ති පූජාවට තමයි කුසල් වැඩිපුර රැස් වෙන්නේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    'වාස්තවික' කියන වචනයේ තේරුමනම් දන්නෙ නෑ මචන්.. ඒත් උබ කිව්ව දේ හරි. හැබැයි ඒක පැහැදිලි කරන්න ඔච්චර ගැඹුරු වචන ඕනෙ නෑ..:cool:

    'පින' කියන වචනය අයින් කරල වඩාත්ම 'උතුම් ක්‍රියාව' කෝකද කියල හිතල බැලුවනම් ඇති.
    රහතන් වහන්සේ කෙනෙක් කරන්නෙ වඩාත්ම උතුම් ක්‍රියාවනෙ..
    ඒකයි මම hint ඒක විදිහට ඒක දුන්නෙ..
    ඔතනදි හාමුදුරුවන්ට දානය කොහොමත් හම්බෙන බව දන්න නිසා හා අර හිඟන්නට දානයක් හම්බෙන තියන සම්භාවිතවය 'පිනට පෙරේත' මිනිස්සු නිසා අඩු බව දන්න නිසා රහතන් වහන්සේ දෙන්නෙ හිඟන්නට.. ඒකයි උතුම් ක්‍රියාව..

    වාස්තවික යථාර්තය ගැන මේකෙ පැහැදිලි කරල තියෙනව
    http://www.elakiri.com/forum/showthread.php?t=1824726

    අපි ගොඩක් වෙලාවට කුසල් අකුසල් හොයන්න විශ්ලේෂණය කරන්නෙ ක්‍රියාව. ඒත් බුදු හාමුදුරුවො පැහැදිලිව කියල තියෙනව චේතනාව කර්මය වේ කියල. ජෛන වගේ ආගම් වල පවා ක්‍රියාව කර්මය විදිහට ගනිද්දි බුදු හාමුදුරුවො චේතනාවට කර්මය බාර දුන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ විදිහට තමා බුදු දහම වාස්තවික යථාර්තයෙන් තොර පද්ධතියක් කියන්නෙ. වාස්තවික යථාර්තවාදී පදනම ප්‍රතික්ශේප කලාට පස්සෙ රහත් බව ගුණවත් බව සිල්වත් බව වගේ දේවල් වාස්තවිකව අරං දෙන කෙනාගේ දැනුමෙන් තොරවත් ඒ ගුණ එසේම පවතිනව කියල කුසලයෙ අකුසලයෙ ප්‍රබලත්වය තේරුම් ගන්න බෑ. සියල්ල මගේ මනස විසින් නිර්මාණය කර ඇති විටෙක රහතන් වහන්සේ නමකට වේවා බොරු කරන හිඟන්නෙක්ට වේවා කාට දුන්නත් බලපාන්නෙ තමා දානය ලබාගන්න කෙනාව දකින්නෙ කොහොමද කියන එක මතයි කර්මය මොන වගේද කියල තීරණය වෙන්නෙ.

    අටුවා වල මීට වඩා වෙනස් අර්ථකතන තියෙනව. ඒ බව නලීන් ද සිල්වා කියනව. නමුත් අටුවා වල දැක්වෙන විදිහට වාස්තවික යථාර්තවාදී පදනමකිං බුදු දහම දකිනව නං ඇයි ලෝකයේ ඇතිවීම සලායතන වල ඇතිවීමට බාර කලේ, ඇයි ක්‍රියාව නැතුව චේතනාව කර්මය වෙන්නෙ වගේ ප්‍රශ්න වලදි හිර වෙනව
     
    :yes::yes:

    හරියටම හරි මචං.. මමත් ඉස්සර විදුසර පත්තරේ ලිපි කියෙව්වා..

    කර්මය කියන වචනයේ තේරුම ''ක්‍රියාව''. just action, nothing else.

    ඕක තේරුන් කරන්න ටිකක් අමාරුයි...
    අපි මේ පින, පව කුසලය, අකුසලය වගේ වචන දාල වැඩේ අනාගන තියෙන්නෙ..

    :yes::yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පලවෙනි එකේදි හිඟන්නට දෙන දානයට වඩා හාමුදුරුවන්ට දෙන දානය ගොඩක්ම උතුම්.හිඟන්න ඒ තත්වයට පත්වෙලා ඉන්නෙ ඔහු විසින්ම කරගත් පාප කර්මයක් නිසා.ඔහු එය ගෙවිය යුතුමයි."බොරු කරන" ගතිය නිසා ඔහු තවදුරටත් අකුසල කර්මම සකස් කරගන්න කෙනෙක්.කුසලයක් කරගන්න අවශ්‍ය කෙනෙක් කෑම පාර්සලය දිය යුත්තේ හාමුදුරුවන්ට.ඒකෙන් ඔහුට විශාල පිනක් වෙනව.( ඒ ලැබෙන පින ඔහු විසින් සියලු සත්වයින්ට අනුමෝදන් කරන්න ඕනෙ.එහෙම නොකළොත් ඔහුට ඒ පින කුසලයක් බවට හරවගන්න බෑ.පින උපාදානය කරගත්තත් ඒකත් අකුසලයක් වෙනව.)

    අරහතුන් වහන්සේ සමහරවිට හිඟන්නට කෑම එක දෙයි.සමහරවිට දෙන්නගෙන් එක්කෙනෙකුටවත් දෙන්නෙ නැතිවෙයි.උන්වහන්සේ කරගත යුතු දේ කරගෙන තියන කෙනෙක් නිසා කාට කෑම එක දුන්නත් නැතත් ඒකෙන් උන්වහන්සේට ලැබෙන දේකුත් නෑ.නැතිවෙන්න දේකුත් නෑ.

    දෙවෙනි එකේදි ඇත්ත හිඟන්නට දෙන එක පින වැඩි වෙයි,මොකද මහා බ්‍රහ්මයාට සල්ලි වලින් වැඩක් නැති නිසා.
     
    උබ හිතන විදිහට තමා හුඟක් එවුන් හිතන්නෙ මචං.. ඒත් උත්තරේ හරියි කියල හිතන්න අමාරුයි මචං.
    ඕක තෙරුන් ගන්න ඕනෙනම් සිද්දවෙන පින හෝ කුසලය ගැන හිතන්න එපා...

    නිකම්ම ගුනවතුන්ගේ පැසසුමට භාජනය වන ක්‍රියාව මොකද්ද කියල හිතල බලන්න..
    බුදු හාමුදුරුවො ඇත්තටම හිටියනම් පැසසුමට ලක් කරන ක්‍රියාව මොකද්ද කියල හිතල බලන්න..:D
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මෙයාට දුන්නොත් පින වැඩියි.... මෙයාට දුන්නොත් පිං අඩුයි... කියලා වර්ගීකරණය කරලා දන් දෙන්න පුලුවන්ද..දානය කාට දුන්නත් දානයමයි නේද..?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උබ හිතන විදිහට තමා හුඟක් එවුන් හිතන්නෙ මචං.. ඒත් උත්තරේ හරියි කියල හිතන්න අමාරුයි මචං.
    ඕක තෙරුන් ගන්න ඕනෙනම් සිද්දවෙන පින හෝ කුසලය ගැන හිතන්න එපා...

    නිකම්ම ගුනවතුන්ගේ පැසසුමට භාජනය වන ක්‍රියාව මොකද්ද කියල හිතල බලන්න..
    බුදු හාමුදුරුවො ඇත්තටම හිටියනම් පැසසුමට ලක් කරන ක්‍රියාව මොකද්ද කියල හිතල බලන්න..:D

    බුදුහාමුදුරුවො අහක යන මිනිස්සුන්ගෙ කරුම වලට කරගහන්න ගියෙ නෑ.උන්වහන්සෙ එහෙම උදව්වක් කළානම් මගඵල ලබන්න පිනක් තියෙන කෙනෙකුට විතරයි එහෙම කළේ.උන්වහන්සෙ ජේතවනාරාමෙ වටේම ඉන්න හිඟන්නො ගෙන්නල කන්න බොන්න දුන්නෙ නෑනෙ.