වැඩියෙන්ම බය වෙච්ච දවස! -(MEGA THREAD)

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
වැඩියෙන්ම බය වෙච්ච දවස! -(MEGA THREAD)

ඇතුලට වරෙන්! මේක මෙගා වැඩක්!!!!:yes:


.
.
.
.
.
.
.
.
.


1173954-shocked.jpg

මචන්ස්ලා, පෘථග්ජනයෝ වසයෙන් බොලා අපි හැමෝම මර වෙච්ච වෙලාවල් අම්බානක ඇති! බය උපරිමේට වැඩි වුණ වෙලාවට සුළුදිය පහවීම්, %$#&%@$ පහවීම්, කැ#@ පහව්.......:baffled: නෑ නෑ එක්කෝ ඒවා ඕන්නෑ.....!! :no:

බොලා අපි අම්බානක බය වෙච්චි වෙලාවල් ඇති නේ. ඒ අතරිනුත් වැඩියෙන්ම බය වෙච්ච වෙලාවකුත් ඇති නේ.....? ආ...න්න ඒ සීන් එක මොකක්ද කියලා මෙතන දාපල්ලා!!!!!!!:D

වැඩේට හොඳවැයින් ආරම්භයක් දෙන්නත් එක්කලා මම්ම පටා..න් ගන්නංකෝ එහෙනම්!!!!!!:yes:


මචන්ස්ලා, මේ සීන් එක වෙනකොට බීන් කොලුවා හිටියේ හය වසරේ.......! උප්පත්තියෙන්ම මංතුමා චුට්ටක් විතර නසරාණියෙක්. කොටින්ම කිව්වොත් ගමේ ලොකු මනුස්සයෙක්වත් රිංගන්නේ නැති තැන්වල පවා අපි රිංගනවා. (...පිස්සුද යකෝ! අරෙහෙම තැන්වල නෙමෙයි!!:frown:) ඔය ද්ය ඇලි, ගල් ගුහා, කැලැවල් වගේ තැන්වල එහෙම!

ඔය අතරේ එක දවසක් මමයි මගේ යාලු අයියලා 2කුයි ප්ලෑනක් ගැහුවා අපේ ගෙවල් කිට්ටුව තිබුණ රක්ෂිතයක් ඇතුලටේ රවුමක් ගහන්න! ඉතින් ඉස්කෝලේ නිවාඩු දිනයක් වෙන් කරගෙන එහෙම අපි 3දෙනා යන්න සෙට් වුණා. අපේ කරුමෙටම වගේ අපේ අයියලා දෙන්නගෙන් එක්කෙනෙක්ට එදා වෙන ගමනක් යන්න සෙට් වුණා!!

මොනා කරන්නද, අරුයි මායි විතරක් තනියෙන්ම කැලේ යන්න පිටත් වුණා....!!!

(ගමනෙදි ලබපු අත්දැකීම් නම් වෙනම ත්‍රෙඩ් එකකින් කියන්න තරම් වටිනවා! ඒවා මන් අලුත් ත්‍රෙඩ් එකකින් දාන්නම්!!) කොහොමින් කොහොම හරි වරුවක්ම ගෙවිලා ගියා! අරුයි මමයි ජලාශෙටත් කිට්ටු කලා! (ජලාශ්යේ නම කිව්වොත් ඒරියා එක හෙලි වෙනව!) ඔය කිට්ටුව තිබුණා ලස්සන ග්‍රවුන්ඩ් එකක්. (ජලාශයට යටවෙච්ච ඉස්කෝලෙක වෙන්න ඇති.) ග්‍රවුන් එක පුරාම පිඩැලි ඇල්ලුවා වගේ තණකොල. ගමන් මහන්සියටත් එක්ක අරුයි මමයි එතනම වාඩිවෙලා කයියක් ගහගෙන හිටියා ටික වෙලාවකින් ඇහෙනවා නිකන් කවුරුහරි දර කඩනවා වගේ සද්දයක්!!
අපි දෙන්නා ක්ෂණිකව නැගිටලා බැලුවා මොකෙක්වත් පේන්න නෑ! ආයෙමත් අර සද්දෙම ඇහුණා!! ඈතින් තියෙන් වේලිච්ච ගහක් හෙල්ලෙනවා! මන් හිතුවා මොකෙක් හරි දර කඩනවා ඇති කියලා. (මට අරූ තරම් එක්ස්පීරියන්ස් නෑ.)

"කවුද දන්නෑ මේ අස්සේ දර කඩන්න එන්නේ!"

"ෂ්... කෑ ගහන්නැතුව හිටපිය මන් බලලා එනකල්" පොර ටිකක් විතරා බිරාන්ත වෙලා හිටියේ. අනතුර ඉව වැටෙන්න ඇති.

ඒත්, මට මොන ඉවද බන්? මන් ඔන්න ඔහේ බලාගෙන හිටියා. මූ අඩි සද්දේ වත් ඇහෙන්නේ නැතිවෙන්න සෙරෙප්පු එහෙමත් ගලවලා අර හරියට ගියා. ගිහින් එබිලා බැලුවා විතරයි මූ නිකන් "සොනික්" වගේ කෙලගෙන ආවා!!!

"ඇයි බන්! අඳුරන එකෙක් වත් ද??"

"හු&@%%ක් කතා කරනවා කුළු හරකෙක් යකෝ කුළු හරකෙක්!!!" පොර සුදුමැලි වෙලා!

කුළු හරකෙක් ට මනුස්ස ඉව දැනුනොත් තත්ත්වේ භයානක බව දැනන් හිටියා!

"අයියේ උඹ ඔතනම හිටපන්! මම ගිහින් කුලු හරකාව බලලා එන්නම්"බීන් පුතාගේ ඇතුලේ හිටිය සතා ඊට එක පාරටම එලියට පැන්නා!

"යකෝ තොගෙ ආච්@$##%^@&&@ @%#%% නැතුව වර ඉල්ලන් කන්නැතුව. ඕකා කුලප්පු වුණොත් එහෙම උඹේ ඩ්‍රම්ස්ටික් ටික තමයි මට උඹේ ගෙදරට පෙන්නන්න වෙන්නේ!!!"

"මම නෝන්ඩි නොවී බලලා එන්නම්!"

"යකෝ තෝ හිතුවද ඕකා උඹලගේ පිනා කියලා, බොට ඕන විදිහට උගේ කනින් රිංගලා එන්න! වහගෙන වර යන්න!"

"අනේ! අනේ..."

ඔහොම විනාඩි ගානක් වාද කර කර ඉඳලා අන්තිමට මමත් පසුබැස්ස! මොකද, උගේ භයානකකම අරූ මට සුද්ද සිංහලෙන්ම පැහැදිලි කරලා දුන්නා!!

ඉතින්, හොර පාරෙම ජලාෂය ලඟට යන්න හැදුවා විතරයි.............. මේකා අපේ ඉස්සරහ!!!
Wild+Bufallo.jpg

ඔව් යකෝ! අපිට මීටර් 20ක් විතර ඈතින් කුලු හරකා ඉන්නවා අපි දෙන්නව ෆෝකස් කරගෙන!!! සාමාන්‍ය මී හරකෙක්ට වඩා සෑහෙන උසයි! මස් කන්දක් වගේ! ෆට්ට බොඩි එකක්! ඇඟ පුරාම මඩ එකයි! අර ඩිස්කවරි එකේ පෙන්නන "බයිසන්" හ්ගවයෝ වගේ! එහෙම්ම පිටින්ම යකඩ කඳක්!!!!!

මූ ඇටෑක් කලා කියන්නේ අපේ බෝන්මැරෝ වත් ඉතුරු වෙන්නෑ බුදු ෂුවර්!!! බීන් පුතාගේ මුලු ඇඟම සීතල වෙලා. තොලකට වේලිලා ගිහින්! කලිසම තෙමෙන්න ඔන්න මෙන්න! දුවන්න ස්ටෑන්ඩ් බයි වෙනකොටම අරූ මගේ අත තදින් අල්ලගත්තා. එක පාරටම අඩිය පොලොවේ හප්පලා කෑ ගැහුවා විතරයි අරූ කැලේ කඩාගෙන දිවුවා!!!!!!

ඔන්න ඕක තමයි මගේ ජීවිතේ මරණ බය දැණුන එකම මොහොත!!!:P

මෙතන වීරයෝ වගේ තවුසන් ටෝක්ස් දුන්නට බොලාත් කවදා හරි රුවිතෙටම මර වෙලා ඇතිනේ....... :rofl: අන්න ඒ මොහොත මොකක්ද කියලා අපිලටත් දැනගන්නත් එක්කලා මෙතන දාලා ගියොත් බොලාට හෙන ගහනව ද???:frown::D

ප:ලි:- රෙප් දෙන එවුන් නම දාලම දීපල්ලා! එතකොට අපිටත් සලකන්න ලේසියි!!!:yes:


කැලෑ දෙයියන්ගෙම පිහිටයි!;)


මම උබලගේ ආදරනීය
බීන්!:D





 
Last edited:

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
එළකිරියේ එවුන් වලතරයගේ ගෙදර යනවා කියපු දවස .... බය උනේ මොකුත් නිසා නෙමේ ... එච්චර මල ගෙවල් සෙට් එකකට සීනි බිස්කට් ගෙනියන්න අතේ සතේ නැති නිසා :no::no:
 
  • Like
Reactions: been10

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ගෙවල් කිට්ටුව පොරකගේ අවුරුදු දෙකක පොඩි එකා විනාඩි 15කට බලාගන්න කියල මට දීල ගියා :yes: මන් බලන් ඉද්දීම පොඩිඑකා බංකුවෙන් වැටුන උඩුපේලියන් අතට කෙලින්ම හිස්මුදුන බිම අනුනෙ :sorry:
     
    Last edited:
    • Like
    Reactions: been10

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එළකිරියේ එවුන් වලතරයගේ ගෙදර යනවා කියපු දවස .... බය උනේ මොකුත් නිසා නෙමේ ... එච්චර මල ගෙවල් සෙට් එකකට සීනි බිස්කට් ගෙනියන්න අතේ සතේ නැති නිසා :no::no:
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: been10

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    ගෙවල් කිට්ටුව පොරකගේ අවුරුදු දෙකක පොඩි එකා විනාඩි 15කට බලාගන්න කියල මට දීල ගියා :yes: මන් බලන් ඉද්දීම පොඩිඑකා බංකුවෙන් වැටුන උඩුපේලියන් අතට කෙලින්ම හිස්මුදුන බිම අනුනෙ :sorry:
    :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩියෙන් ම බය වෙච්ච දවසක් නම් ඇත...එකක් නෙවෙයි 3-4ක් ඇත.
    නමුත් දැමිය මෙතන නොහැක.
    වෙන කිසිවක් නිසා නොව ඒවා මේ රට සම්බන්ධ කාරණා නිසාය..........
     
    • Like
    Reactions: been10

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ ගෙවල් පැත්තේ පන්සලක ලොකු පින් කමක් තිබුණා. මට මතක විදියට මම ඒ වෙද්දී 11 හිටියේ. මමයි මල්ලියි අපේ යාළුවොයි පන්සලේ තමයි ඒ දවස් ටිකේම හිටියේ. අන්තිම දවසට කලින් දවසේ දෙවෙනි හාමුදුරුවෝ ඇවිල්ල කිවුව අපි අද ලයිට් වැලක් අදිමු කියල.

    ඉතින් පන්සලේ උඩ කෑල්ලේ අපි ලොකුවට ලයිට් වැලක් හැදුවා. සේරම ඉවර වෙලා හාමුදුරුවෝ කිවුවා දැන් වැඩ ඉවරයි ලයිට් ටික ගහල චෙක් කරමුද කියල. මට දුන්න කොන් දෙක වයර් එකේ. මම ඒක අරන් ගිහින් ප්ලග් එකට ගහන්න හැදුවත් ඒක කොනක වයර් ඒක කොටයි. ඉතින් අර හොඳ පැත්ත මල්ලිට දීල මම අඩුවක් හෙවුවා.

    එත හම්බ උනේ නැති නිසා මම මගේ අතේ තිබුණා වයර් එකේ කොන කටින් ඇල්ලුවා. එක පාරටම මට යටිගිරියෙන් කෑ ගැහිලා මම වෙවුලන්න උනා. එත එක්කම මට අම්ම තාත්ත මතක උනා. සේරම සුදු වෙලා යද්දී මම අහසින් ගිහින් වැටෙනවා වගේ දැනුන. ටිකකින් බලද්දී සේරම කට්ටිය මගේ වටේ. බල්බ් වැල කුඩු වෙලා ගිහින්. ලොකු හාමුදුරුවොත් ඇවිත්.

    මට හිතා ගන්න බැරි උනා මොකද උනේ කියල. ඒ වෙද්දීත් මම ගැහෙනවා. මල්ලිට අල්ල ගන්න දීපු වයර් එක මල්ලි යාලුවෙක්ට දීලා. ඒ යාළුවා තව එකෙක්ට දීලා. මල්ලිලා ගිහින් පහලට කෙල්ලෙක් ඇවිත් කියල ඒකිට සෙම හලන්න. ඒ අතරේ අර අනිත් යාළුවා දන්නේ නැතිව වයර් එක ප්ලග් එකට ගහලා. සෙරෙප්පුත් නැතිව හිටපු නිසා විදුලිය මගේ ඇඟ හරහා ගිහින්. මම කෑ ගහ ගහ ගැහෙද්දි හමුදුරුවෝ තමයි කොස්සෙන් ගහලා තියෙන්නේ.

    ඒ සිද්දිය නිසා අදටත් මම හෝල්ඩර් එකකට බල්බ් එකක් උනත් දාන්නේ මේන් සුවිච් එකත් ඕෆ් කරලා. කොම්පියුටර් එක දාන වෙලාවට උනත් මට බයයි කරන්ට් වදීවී කියල. ඒ වෙච්ච දේ නම් අමතක වෙන්නේ නැහැ.

    තව ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඒවා අනිත් කට්ටියගේ ඒවත් බලන ගමන් හෙමින් දාන්නම්.

    ගොඩක් ස්තුතියි යාළුවා මෙහෙම දේවල් දාන්න අවස්ථාවක් ලබල දුන්නට.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එක පාරටම මට යටිගිරියෙන් කෑ ගැහිලා මම වෙවුලන්න උනා. එත එක්කම මට අම්ම තාත්ත මතක උනා. සේරම සුදු වෙලා යද්දී මම අහසින් ගිහින් වැටෙනවා වගේ දැනුන.
    අඩෝ ඒ උඹද...?
    8.gif
     
    • Like
    Reactions: been10

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ගෙවල් කිට්ටුව පොරකගේ අවුරුදු දෙකක පොඩි එකා විනාඩි 15කට බලාගන්න කියල මට දීල ගියා :yes: මන් බලන් ඉද්දීම පොඩිඑකා බංකුවෙන් වැටුන උඩුපේලියන් අතට කෙලින්ම හිස්මුදුන බිම අනුනෙ :sorry:

    බුදු අම්මෝ! පොඩි එකා තාම පණපිටින් ද බන්.....???:no:
     
    • Like
    Reactions: thaweesha

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    එළකිරියේ එවුන් වලතරයගේ ගෙදර යනවා කියපු දවස .... බය උනේ මොකුත් නිසා නෙමේ ... එච්චර මල ගෙවල් සෙට් එකකට සීනි බිස්කට් ගෙනියන්න අතේ සතේ නැති නිසා :no::no:

    :rofl::rofl: