වැඩේ හරි...අපි බඳිමු !

වැඩේ හරි...අපි බඳිමු !

:Dමුදල් අග හිඟකම් නිසා කසාද බඳින්න බැරි යුවතියන්ගේ විවාහයට යන සම්පූර්ණ වියදම බාර අරන් ලස්සනට උත්සවයක් පවත්වලා කරලා දෙනවා කිව්වොත් කොහොමද වැඩේ!:love::love::love:
මේක කරන්නේ සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කාන්තා අභිවෘද්ධීය සංසදය.
 
මල් මංගල්ලෙට කඳුළු සලන්නට එපා දුවේ...

තුරුණු වියට පා තබන යුවතියන්ගේ සිත්වල සුන්දර බලාපොරොත්තුවක්‌ තිබෙනවා. ඒ අපේක්‌ෂාව කුමක්‌ද එය නම් කෙදිනක හෝ ලස්‌සන මනාලියක්‌ වීමේ අපේක්‌ෂාව යි. තමා කැමති තමාට සුදුසු ආදරවන්තයෙකු සමග දහස්‌වර සිතින් පෝරුවට නගිමින් ඒ සොඳුරුතම අවස්‌ථාව සිහිපත් කරන යුවතියන්ද මේ සමාජය තුළ සිටිය හැක. මෙයට දුප්පත් පොහොසත් භේදයක්‌ නොමැත. දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම යුවතියක්‌ ම සිහින මවන්නේ සුන්දර මනාලියක්‌ වී ප්‍රීතිමත් නව යුග දිවියකට පියවර තැබීමට යි. යුවතියන් පමණක්‌ නොව තරුණයන් ප්‍රාර්ථනා කරන්නේත් එලෙස ම නොවේ ද?

නමුත් ඇතැම් පෙම්වතුන්ට පෙම්වතියන්ට ආර්ථික දුෂ්කරතා නිසා මංගල උත්සවයක්‌ පැවැත්වීම සිහිනයක්‌ම පමණක්‌ විය හැක. එයට හේතුව මංගල උත්සවයක්‌ වෙනුවෙන් අධික වියදමක දැරීමට සිදුවීම යි.

නමුත් එම සිහිනය සැබෑ කරදීමට නොමිලේ ම මනාල යුවළගෙන් කිසිම මුදල් අය කිරීමක්‌ නොමැතිව අංග සම්පූර්ණ මංගල උත්සවයක්‌ සූදානම් කර දීමට එක්‌තරා සංවිධානයක්‌ ඉදිරිපත් වී සිටින බව ඔබ දන්නවා ද?

මෙය පාඨක ඔබට පුදුම උපදවන එසේ ම ඔබට ඉතා සතුටුදායක ආරංචියක්‌ විය හැක. මේ පිළිබඳව ඔබට වැදගත් වන තොරතුරු ඔබ හමුවේ තැබීමට නවලිය පාඨක ඔබ වෙනුවෙන් එම සංවිධානයේ ගරු ලේකම්තුමිය වන මොනිකා ලක්‌ෂ්මී ලොරෙන්සුහේවා මහත්මිය සමග මම පිළිසඳරක යෙදුනෙමි.

බෞද්ධ මහා සම්මේලනයේ කාන්තා අභිවෘද්ධිය සංසදය අසරණ අයට පිහිටවීම පිණිසම සැදී පැහැදී සිටින සංගමයක්‌ බවත් ඇය එම සංවිධානයේ ගරු ලේකම්තුමිය බවත් ලක්‌ෂ්මී ලොරෙන්සුහේවා මහත්මිය මා සමග පැවසුවා ය.

මෙය කාන්තාවන් ගේ දායකත්වයෙන් කාන්තාවන් පමණක්‌ එකතු වී පවත්වාගෙන යන ප්‍රබල සංවිධානයක්‌ බවත් වැඩි වශයෙන් කෙරන්නේ පුණ්‍යමය කටයුතු බවත් ඇය කිසා සිටියා ය.

ආර්ථික දුෂ්කරතා නිසා මංගල උත්සවයක්‌ පවත්වා කුලගෙයට පිවිසීමට අපහසු වී සිටින අයට නොමිලේ ම මංගල උත්සවයක්‌ සංවිධානය කර දෙන්නේ කෙසේද යනුවෙන් මා විසින් විමසන ලද පැනයට එතුමිය මෙසේ පිළිතුරු දුන්නා ය.

කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් ශක්‌තිමත් ලෙස ගොඩනැගුන අප සංවිධානයේ සාමාජික මහත්මියන්

රැස්‌වී සාකච්ඡා කොට ඒ සඳහා යන වියදම සොයා ගන්නා ආකාරය සැලසුම් කරනවා. එසේ විවිධ සැලසුම් මගින් මුදල් සපයාගෙන සමාජ මෙහෙවරක්‌ ලෙස මෙය සිදුකරනවා. මව්පියන් නොමැතිව හෝ වෙනත් ආර්ථික අපහසුතා නිසා හෝ මංගල උත්සවයක්‌ පවත්වා ගැනීමට නොහැකි වී සිටින අයට යි මෙම උපකාරය හිමිවන්නේ. යනුවෙන් පැවසූ ඇය එය සිදු කෙරෙන ආකාරය ද විස්‌තර කළාය.

විවාහය ලියාපදිංචි කරවීමද එම යුවතිය කැමති පරිදි උඩරට හෝ පහතරට මනාලියක ලෙස ඇයව හැඩගැන්වීමද මනාල යුවළටම අවශ්‍ය මංගල ඇඳුම්, පළඳනා, සපත්තු යනාදිය සපයා දී මනාල යුවළට මංගල රන් මුදු දෙක පවා ලබාදෙන බව එතුමිය පැවසුවා ය.

එසේ ම පෝරුවේ චාරිත්‍ර , මංගල ආකෘතිය සමග කේක්‌ ද එදින උදෑසන කිරිබත් කැවිලි සහිත හොඳ කෑම මේසයක්‌ද දහවල් භෝජනය සඳහා බුරියානි, හතුමාලුව, කජු මාලුව, අච්චාරු ඇතුළුව ප්‍රනීත නිර්මාංශ ආහාරය සමග අතුරුපසද සූදානම් කර දෙන බව ඇය ඉතා සතුටින් පැවසුවාය. මේ සඳහා මනාල යුවළගේ දෙපාර්ශවයෙන් පැමිණෙන පිරිස 30 දෙනෙකුට සීමාවිය යුතුය. පිරිසක්‌ නොමැති වුවද එම සංවිධානයේ සාමාජික මහත්මියන් ආරාධිත අමුත්තන්ද සහිතව විශාල පිරිසක්‌ උත්සවයට සහභාගිවීමද තවත් විශේෂත්වයකි.

මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණයක්‌ ඇත. එනම් අහිංසක සතුන්ගේ මස්‌ බුදිමින් මත්ද්‍රව්‍ය භාවිත කරමින් මෙම උත්සවය නොපැවැත්වීමයි. අහිංසක සතුන්ගේ මස්‌ මාංශ හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ගෞරවනීය ලෙස මංගල උත්සවය පවත්වා ගැනීමට ලැබීම නිසා එම යුවළගේ අනාගත දිවියට යහපත සෙතම සැලසෙනු ඇත. එපමණක්‌ නොව එම දෙපලගේ අනාගතය වෙනුවෙන් කිසියම් මුදල් පරිත්‍යාගයක්‌ද මෙම සංවිධානයෙන් පිරිනමන බව එතුමිය නිහතමානීව පැවසුවා ය.

එම සංවිධානය මගින් සිදුකර දෙන මෙවැනි මංගල උත්සවයක්‌ සඳහා පුවත්පත් හා රූපවාහිනී මාධ්‍ය අනුග්‍රහයද ලැබෙන බව ඇය ප්‍රකාශ කලේ ඉතාමත් ප්‍රීතියෙනි.

මෙම අනගි අවස්‌ථාව ලබාගැනීමට මනාල යුවළට තිබිය යුතු සුදුසුකම් මොනවාද යනුවෙන් මා විමසූ විට ඇය පැවසුවේ මෙම උත්සව අවස්‌ථාව ලබා ගැනීමට මනාල යුවළගේ කැමැත්ත මෙන්ම ආර්ථික දුෂ්කරතාවයක්‌ තිබෙන බව තහවුරු කර ගැනීම පිණිස ග්‍රාමසේවක සහතිකයක්‌ද අවශ්‍ය බවයි. ආගම සැලකෙන්නේ නැත. මෙම ගෞරවනීය උත්සව අවස්‌ථාව ලබා ගැනීම සඳහා කළ යුත්තේ ඉහත සඳහන් සුදුසුකම් තිබෙන බව සඳහන් කරන ලද ලිපියක්‌ ග්‍රාම සේවක සහතිකයක්‌ද සහිතව ගරු ලේකම් තුමිය, කාන්තා අභිවෘද්ධිය සංසදය, බෞද්ධ මහා සම්මේලනය බෞද්ධා ලෝක මාවත, කොළඹ යන ලිපිනයට යොමු කිරීමයි.

එවිට එම සංවිධානයේ කෙනෙකු පැමිණ සපයා ඇති තොරතුරු පිළිබඳ සත්‍යතාවය සොයා බලා මංගල උත්සව කටයුතු සිදුකර දීමට අවශ්‍ය කටයුත සූදානම් කරනු ඇත.

මෙම සංවිධානය ආරම්භ කර ඇත්තේ 1991 වසරේදී පමණය. නමුත් එවකට රටේ පැවතුන වාතාවරණය අනුව නිසිලෙස කටයුතු කර ගැනීමට අපහසු වී ඇත. 2002 වසරේ සිට නැවත මෙය අඛන්ඩව පවත්වාගෙන යන බවද ඉදිරියටත් මෙම සංවිධානය මගින් කෙරෙන පුණ්‍යමය යහපත් ක්‍රියාදාමයන් දිගටම කරගෙන යාමට අපේක්‌ෂා කරන බවද ඇය ඉතා සතුටින් කියා සිටියාය.

අන් අයගේ සෙත සුව පිණිස තම ශක්‌තිය යොදවා උතුම් සමාජ මෙහෙවරක්‌ කරන්නා වූ ලක්‌ෂ්මී ලොරෙන්සුහේවා මහත්මිය ඇතුළුව ඊට සහයෝගය දක්‌වන සියලු දෙනාටම සෙත් පතමු.
නවලිය
සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ
කාන්තා අභිවෘද්ධීය සංසදයේ ගරු ලේකම්
මොනිකා ලක්‌ෂ්මී ලොරෙන්සුහේවා
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්තටම මේක නම් ගොඩාක් හොඳ වැඩක්.... අපේ ගොඩාක් තරුණියෝ ගෙදරට නාකි වෙනවා මුදල් අඟහිඟකම් නිසා... හැබැයි ඉතින් එහෙම වෙන්නේ අපේ සමහර කාන්තාවන්ගෙම වැරැද්දෙන් තමයි....
     
    ඇත්තටම මේක නම් ගොඩාක් හොඳ වැඩක්.... අපේ ගොඩාක් තරුණියෝ ගෙදරට නාකි වෙනවා මුදල් අඟහිඟකම් නිසා... හැබැයි ඉතින් එහෙම වෙන්නේ අපේ සමහර කාන්තාවන්ගෙම වැරැද්දෙන් තමයි....
    :yes:අංගසම්පූර්ණ පිරිමි හොය හොයා ගෙදරට නාකි වෙනවා:P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කෙල්ලෙකුත් ලැබේවා!පෝස්ට් 1000 ටත් සුබ පැතුම්!:D

    මටත නැහැ බන‘:baffled:

    1000ට මගෙනුත් සුබ පැතුම්:yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    kollo 1ta kello 6k innawalu. apita kellek neththe ape nohekiyawata wenna athi

    නැහැ බන් ඒක හරියට ඒක පුද්ගල ආදායම වගේ
    තියෙන එකාට තියෙනවා
    නැති එකාට නැහැ
    සමාජය විෂමයි:baffled:
     
    • Like
    Reactions: GNS and sali07

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    නැහැ බන් ඒක හරියට ඒක පුද්ගල ආදායම වගේ
    තියෙන එකාට තියෙනවා
    නැති එකාට නැහැ
    සමාජය විෂමයි:baffled:

    නැහැ බන් ඒක හරියට ඒක පුද්ගල ආදායම වගේ
    :rofl::rofl::lol:


    තියෙන එකාට තියෙනවා
    නැති එකාට නැහැ
    :yes::yes::yes::yes::yes:

    සමාජය විෂමයි
    :(:(:(
     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    අක්ක එකෙන්ද බදින්න හිතා ගෙන ඉන්නෙ?
    මම මෙහෙම දෙයක් විස්වාස කරනව. ඇත්ත ආදර වන්තයන්ට එකතු වෙන්න party ඔන නැ.
    ලොකෙට පෙන්න party අරගෙන ටික කලෙකින් වෙන් වෙන අය ඉන්න මේ ලොකෙ ඔය වගෙ දේවල් බොරු වැඩ
    අනිත් එක සමාජවදි රටක registrar la ඉන්නවා බඩින්න ඔනමනම් එය් කෙනෙක් ගවට ගිහින් බදින්න පුලුවන් legally.


    මම කියන්නෙ මම party එකක් ගන්නෙ නැ කියන එක නෙමෙ එත් සැබැ ආදරවන්ත්යන්ට එකතු වෙන්න party ඔනම නැ
    මම අදහස් කරන එක ඔයලට තෙරෙනව
    ඇති:confused::confused::confused::confused: