වැදගත් නව නිපැයුමක්...

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    වැදගත් නව නිපැයුමක්...

    රුධිරය ලබා ගැනීමකින් තොරව රුධිරයේ ඇති සීනි මට්ටම පරීක්ෂා කළ හැකි උපකරණයක් නිපදවූ සිසුවිය

    Capture.PNG


    වවුනියාව සෛවප්‍රකාශ විද්‍යාලයේ 12 වෙනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් විසින් නිර්මාණය කළ ස්වයංක්‍රීයව රුධිරයේ සීනි තත්වය පරීක්ෂ කළ හැකි උපකරණයක් සම්මානයට පාත්‍රවී තිබෙනවා.

    රෝහිතා පුෂ්පදේවන් නැමති 17 හැවිරිදි ශිෂ්‍යාව විසින් නිපදවා ඇති මේ උපකරණය මඟින් සිරුරේ කිසිදු ස්ථානයක් සිදුරු කොට රුධිරය ලබා ගැනීමකින් තොරව පුද්ගලයෙකුගේ රුධිරයේ ඇති සීනි මට්ටම පරීක්ෂා කිරීමට හැකි වීම විශේෂත්වයක්.

    එසේම නව විද්‍යාත්මක උපකරණ නිපදවීම සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන බල ප්‍රදේශය තුළ වූ තරගාවලියට මේ උපකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව එයට ප්‍රථම ස්ථානය හිමිවී ඇති අතර ඉදිරියේදී එම උපකරණය ජාතික මට්ටමේ තරගාවලියකට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි එම විද්‍යාලයේ විදුහල්පතිනිය වන පී.කමලේශ්වරී ප්‍රකාශ කළේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොනවද අප්පා මේ වාර්තාකාරයො නිව්ස් එකක් වාර්තා කරන විදිහ!! කිසිම බැක්ග්‍රවුන්ඩ් ඉන්ෆොමේෂන් එකක් නෑ කොහොමද වැඩේ කරන්නෙ කියල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,865
    113
    Mother Earth
    ශරීරයේ කිසිඳු ස්ථානයක් සිදුරු නොකර ? එහෙනම් කෙල්ලොන්ට විතරක් බලන්න පුළුවන් එකක් වෙන්න ඇති.:(