වැදගත් නව නිපැයුමක්...
රුධිරය ලබා ගැනීමකින් තොරව රුධිරයේ ඇති සීනි මට්ටම පරීක්ෂා කළ හැකි උපකරණයක් නිපදවූ සිසුවිය
වවුනියාව සෛවප්‍රකාශ විද්‍යාලයේ 12 වෙනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් විසින් නිර්මාණය කළ ස්වයංක්‍රීයව රුධිරයේ සීනි තත්වය පරීක්ෂ කළ හැකි උපකරණයක් සම්මානයට පාත්‍රවී තිබෙනවා.
රෝහිතා පුෂ්පදේවන් නැමති 17 හැවිරිදි ශිෂ්‍යාව විසින් නිපදවා ඇති මේ උපකරණය මඟින් සිරුරේ කිසිදු ස්ථානයක් සිදුරු කොට රුධිරය ලබා ගැනීමකින් තොරව පුද්ගලයෙකුගේ රුධිරයේ ඇති සීනි මට්ටම පරීක්ෂා කිරීමට හැකි වීම විශේෂත්වයක්.
එසේම නව විද්‍යාත්මක උපකරණ නිපදවීම සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන බල ප්‍රදේශය තුළ වූ තරගාවලියට මේ උපකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව එයට ප්‍රථම ස්ථානය හිමිවී ඇති අතර ඉදිරියේදී එම උපකරණය ජාතික මට්ටමේ තරගාවලියකට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි එම විද්‍යාලයේ විදුහල්පතිනිය වන පී.කමලේශ්වරී ප්‍රකාශ කළේ.