හිටි හැටියේම ශිෂ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග විනය බාර ආචාර්ය වරයෙකු පන්ති කාමරයට කඩාපැන්නේය.සිදුවන්නට යන්නේ කුමක්දැයි මා ඉතා ඕනෑ කමින් බලා සිටියෙ ලඟ සිටි මිතුරාද සමග එකතු වෙමිනි.ඔවුන් ගෑනු ලමුන් කිහිප දෙනෙකුගේද පිරිමි ලමුන් කිහිප දෙනෙකුගේද පොත් බෑග් පරික්ෂාවට ලක් කලේය.ඉන් යමක් සොයාගත් ඔවුන් එය පන්ති කාමරයේ ඉදිරියට රැගෙන ආවේ ත්‍රස්තවාදීයෙකු සඟවා තැබු කාල බොම්බයක් නිශ්ක්‍රීය කිරිමට සුදානම් වන භට පිරිසක් මෙනි.පසුව අදාළ පිරිමි ලමයා,ගෑනු ලමයා සහ සොයාගත් දෑ ද රැගෙන ඔවුන් විදුහල්පති තුමාගේ කාර්යාලයට යනවා පංතිය වටේ තිබු යකඩ තුලින් අප දුටිමු.
රෝස පැහැති හාෆ් ෂීට් කොලයක ඇඳි හදවතක් පසාරැ කරගෙන යන ඊතලයක් සහිත රෑපයක් සහ කැන්ඩොස් චොකලට් එකක් කොල්ලාගෙ බෑග් එකෙන්ද,"ගතින් ඉන්නට නැතත් ලංවි සිතින් යන්නට එපා වෙන්වි " යනුවෙන් ලියපු කොලයක් ගෑනු ලමයාගේ පොතක් තුලින්ද සොයා ගත් බව විවේක කාලයේදි අපට දැනගන්න ලැබුණි.
අට වසරේ ඉගෙනුම ලැබු මා ගැහැණුන් සහ පිරිමින් ආදරෙන් බැඳෙන බව දැන සිටියද පාසල පුරාම එක දවසක සිදුවු මේ මෙහෙයුම කුමක්දැයි සිතාගැනිමට තරම් අවබෝධයක් නොතිබිණි.
ඉන්පසු එකිනෙකා අතර ඇතිවු කසු කුසු වලදි "අද වැලන්ටයින් දවස" නේ දැයි කතා වෙනවා ඇසුණි.

Last edited: