වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලගයි
හරි ලස්සණ පොඩි ගෙයක් හදලා ටිවී රේඩියෝ දලා
හම්බ කරපු සල්ලි මා ලගයි
මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියේ මං

එරන්දතී මට කැමැත්ත දු‍න් නැහැ
අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ //
දැන්නම් බලනවා දුක සැප අහනවා
මොකද්ද වෙනසක් සිදුවෙලා තියෙනවා

මම එනතුරු සිවු වසරක් හිටියලු
මට ජය ලැබෙන්නට ආසිරි පැතුවලු //
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවේ ඇයි දුක හිතෙනවාලු

මංගල යෝජනා දවසට දෙකතුන
නැන්දලා මාමලා ආවද කොපමන //
අඩම්බරකම් කුමටද පෙම්බර
එහෙනම් මගේ හිත එරන්දතී වෙත

මම එන්නේ ඩුබායි....
 
  • Like
Reactions: DangerMan119

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City

    එක අතකින් වික්ටර් රත්නායකට බැනලා වැඩකුත් නෑ. පොඩ්ඩක් ලස්සන කෙල්ලෙක් ගාවට ගියාම අපිට ඇතිවෙන හැගීම බලපන්. ලොජික් එක කැලේ පනිනවා, හාර්ට් එක ඩිග් ඩිග් ගානවා, පොඩි රාගයක් ඇතිවෙනවා, පොඩි චකිතයකුත් ඇතිවෙනවා කෙල්ලගේ ලස්සන වැඩිවෙන තරමට හැගීමේ ත්‍රිවතාව වැඩියි. ඒකත් එක්ක ගෑණි මායම් ටික දාලා සැප දුන්නොත් අනිවා ඕනම මිනිහෙක්ව නම්ව ගන්න එක අමාරු නෑ. ඉතිහාසය පුරාම බලපන් ගෑණු නිසා කොච්චර වළි ගියාද කියලා. අදටත් ඉස්කෝල වල කොල්ලෝ කොච්චර කෙල්ලෝ නිසා ගහගන්නවද. ඉතින් අපි මේකෙන් පාඩමක් ඉගෙන ගෙන, රාගය යටත් පත් කරලා හැම තිස්සේම බුද්ධියෙන් හිතන්න ඕනේ. සල්ලි නැතිතාක් කල් ප්‍රශ්නයක් නෑ, නමුත් සල්ලි ටිකක් හොයලා පෝසත් වෙලා වෙනකොට මේවා හිතන්න ඕන දේවල්.
    එක හරි බන්. ගැහැණියක් කෙරෙ පිරිමියෙක් තුල ඇතිවෙන හැඟීම් සොභාවිකයි. එත් බන් සමහරු දායක සභාවෙ ඉඳන් ටොක්ස් දීලා
    අනික් පැත්තට කොටු පනින එක තමා කරන්නෙ. අන්න එකයි අවුල.
    වික්ටර් ගැණු සීයක් තියාගත්තත් අවුලක් නම් නැහැ පොරට නඩත්තු කරන්න පුලුවන් නම් , මට ඉතිං වික්ටර් ගැන කොහෙත්ම තරහක් ආවෙ නැහැ මෙ නිව්ස් එකෙන්. මොකද ඔව්වාගෙ නිව්ස් අහලාම එව්වා ගැන විශ්ලෙෂණය කරලාම මෙව්වා සාමාන්‍ය දෙවල් වෙලා.

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එක හරි බන්. ගැහැණියක් කෙරෙ පිරිමියෙක් තුල ඇතිවෙන හැඟීම් සොභාවිකයි. එත් බන් සමහරු දායක සභාවෙ ඉඳන් ටොක්ස් දීලා
    අනික් පැත්තට කොටු පනින එක තමා කරන්නෙ. අන්න එකයි අවුල.
    වික්ටර් ගැණු සීයක් තියාගත්තත් අවුලක් නම් නැහැ පොරට නඩත්තු කරන්න පුලුවන් නම් , මට ඉතිං වික්ටර් ගැන කොහෙත්ම තරහක් ආවෙ නැහැ මෙ නිව්ස් එකෙන්. මොකද ඔව්වාගෙ නිව්ස් අහලාම එව්වා ගැන විශ්ලෙෂණය කරලාම මෙව්වා සාමාන්‍ය දෙවල් වෙලා.


    සිරා බන්, ගොඩක්ම සංස්කෘතිය ගැන කියවන උන් තමයි ඒකට විරුද්ධ දේවල් හැංගිහොරා කරන්නේ. වික්ටර් ගෑනියෙක් බැන්ද අවුලක් නෑ ඒක හරි, නමුත් මිනිහා තමන්ගේ ළමයින්ව පවුලෙන් එලවපු එකයි කැරි වැඩේ. උබ දැක්කද ලෙලුම් ගේ විඩියෝ එක?

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොලාගේ කතාවට එකගයි.
    නමුත් පුද්ගලිකව අපේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, කියන දේවල් මගේ හිතේ මුල් බැහැලා තියන නිසාදෝ මට නම් වික්ටරත්නායක කියන මනුස්සයා කෙරෙහි හිතේ තිබුන ගරුත්වය නැති උනා. මම පුද්ගලයෙක් වශයෙන් ඔය මනුස්සයට ගරු කරා. මම හිතුවේ සෑහෙන්න හික්මුන පුද්ගලයෙක් කියලා. කියන සිංදුයි, ධර්ම සාකඡ්චා වලට සහභාගී වීමයි, අදින පළදින විදිහටයි. ගැන හිතලා. මට පුද්ගලිකව දෙතුන් පාරක් කතා කරන්න ලැබිලත් තියනවා. ඒත් වයස 75 දි වත් තමන්ගේ හිත දමනය කරගන් බැරි පුද්ගලයෙක් කියල නම් කවදාවත් හිතුවෙ නෑ. :(

    අද මගේ යාලුවෙක් හම්බ උනා.. මිනිහත් කිව්වේ ඔය කතාවමයි.. "මේ යකෝ මම මාර විදිහට ගරු කරපු මනුස්සයෙක්නේහ්.. චැහ් බලපංකො ඉතින් කියල කිය උනා" මම මේ සීන් එක කිව්ව ගමන්..:confused: කොටින්ම මම කටින් කිව්ව දේ මිනිහ එකපාර විශ්වාස කළෙත් නෑ.. මිනිහම නෙට් එකෙන් බලලා ඔලුවේ අත ගහ ගත්තා මෝහෙන් මුලා වෙලාආආආආ..... කියාගෙනම..:(




     

    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    5.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපෙත් දුරින් නද වෙන මගේ තාතට මාමා වෙන කෙනෙක් මේවගේම කසාදයක් කරගත්තා
    එයට ඒ කාලේ 60 ගානයි ගැනිට 35 වගේ.
    මේවගේම ළමයිනුත් හිටිය.
    බැඳලා අපේ තතල බලන්න ඇවිත් ඒ ගනී කිව්වේ මම මෙයාව හොඳට බලගනන්ව කියල.:D:D

    කොහොම හරි වයසක උන්ද 65 වෙන්න කලින් උන්දගේ සැහෙන සල්ලියක් අරන ගැනී කොල්ලෙක් එක්ක පැනල ගිය.

    ළමයි ටික අන්තිම කාලේ පිහිටට හිටියත් මිනිහට මුහුණදෙන්න බැරි අවුලක් තිබ්බ
    උත අකාලේ මැරුණා
    ගනී හොර කැමති පත්‍රයක් හදාගෙන ළමයි එක්ක දැන් අවුරුදු ගානක් ඉඩම් නඩු කියනවා

    ඔන්න ඔහොමයි වැඩ සිද්ද වෙන්නේ

    මේ බත් කන හරක මහත්තයත් ඒ වගේ වැඩක් තමයි කාරගෙන තියෙන්නේ
    මම මේ උන්දගේ සින්දු අහන්නෙම නැති තරම්
    බඳින්නේ නැතුව සැප ගන්න ඕන තරම් විදි තියෙනවනේ
    ඔච්චර ආස නම් එහෙම කරගන්න තිබ්බනේ

    ගොඩක් අයට මේ සිද්දිය අහල මෙය ගැන කලකිරුන කියල කිවුව
    එත් මට මීට අවුරුදු 4 විතර කලින් මේ ගේ පොටෝ ටිකක් හම්බුනා හම්බුනා කිව්වේ යාලුවෙක්ගෙ නැන්ද කෙනෙක්ගේ pc එකක් තිබිල හම්බුනා උඹයි පෙන්නුවේ

    අහවල් ඒවා නෙමේ
    එත් කුණුවෙන්න ගහල වැටිලා ඉන්න ඒවා
    බුදුදහම ගැන ලොකු ටෝල්ක් දෙනගමන් තඩි මස් හට්ටියක් ඉස්සරහින් තියන් ගිලිනව

    කොහොමත් ලංකාවේ හිටපු සහ දැන් ඉන්න ප්‍රසිද්ද අප්‍රසිද්ද බොහොමයක් කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිත හරිම අපුල ඒවා
    පිටින් කොහොම වුනත්

    කවදාවත් කලාකාරයෙක් හොඳ ලස්සනට ගුනගරුකව ජීවත් වෙනවා කියල උන්ගන විශ්වාස තිය ගන්න එපා
    ඊටවද හොඳට අපිට එදිනෙද හම්බෙන සමහරක් මිනිස්සු ඉන්නවා
     
    • Like
    Reactions: sika2

    sayiman

    Member
    Mar 4, 2017
    10
    2
    0
    වික්ටර් රත්නායක අලුත් පෙම්වතිය සමග අලුත්

    වික්ටර් රත්නායක අලුත් පෙම්වතිය සමග අලුත් ගීතයක් පටිගත කල අවස්ථාව

     
    • Like
    Reactions: **cut

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලාගේ කතාවට එකගයි.
    නමුත් පුද්ගලිකව අපේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, කියන දේවල් මගේ හිතේ මුල් බැහැලා තියන නිසාදෝ මට නම් වික්ටරත්නායක කියන මනුස්සයා කෙරෙහි හිතේ තිබුන ගරුත්වය නැති උනා. මම පුද්ගලයෙක් වශයෙන් ඔය මනුස්සයට ගරු කරා. මම හිතුවේ සෑහෙන්න හික්මුන පුද්ගලයෙක් කියලා. කියන සිංදුයි, ධර්ම සාකඡ්චා වලට සහභාගී වීමයි, අදින පළදින විදිහටයි. ගැන හිතලා. මට පුද්ගලිකව දෙතුන් පාරක් කතා කරන්න ලැබිලත් තියනවා. ඒත් වයස 75 දි වත් තමන්ගේ හිත දමනය කරගන් බැරි පුද්ගලයෙක් කියල නම් කවදාවත් හිතුවෙ නෑ. :(


    උඹල නිර්මාණය සහ නිර්මාණකරු කියන දෙක පටලවාගෙන ටොමෝ..අපි ආදරේ කල යුත්තේ ඔහුගේ නිර්මාණ වලට විතරයි. අපිට ඔහුගේ පුද්ගලික ජීවිතයට බලපෑම් කරන්න අයිතියක් නැහැ.. ඒ ඔහුගේ කැමැත්ත. අපි රසිකයින් විදිහට මේ සිද්දිය උඩ වික්ටර් රත්නායකගේ පුද්ගලික ජීවිතය හෙලා දැකීම නොකළ යුතු දෙයක්.

    වික්ටර් රත්නායක කියන්නේ ලංකාවේ එල්විස් ප්‍රෙස්ලි වර්ෂන් එක.. වික්ටර් රත්නායක එකිනෙකට නෑකම් නොකියන තනු දාන්න සංගීතය යොදන්න පුදුම හිතෙන දක්ෂතාවයක් තියෙන මනුස්සයෙක්. තනුවක් නිර්මාණය කිරීමේදී ඒ තනුව ඇතුලෙන් එලියට එන්නේ ඒ මනුස්සයාගේ සංගීත හැකියාවට වඩා ඒ මනුස්සයාගේ මනසේ තිබෙන විචිත්‍ර භාවය සහ විඳීමේ පරාසය. ඒ වගේ මනුස්සයෙක් මේ වගේ තීරණයක් ගතපු එක ගැන මම නම් පුදුමයට පත්වෙන්නේ නැහැ. ඒ විචිත්‍රවත් භාවය ඇතුලේ ඒ මනුස්ස හිත තාම බොහොම තරුණයි. ඒ තාරුණ්‍ය වින්දනය ඉල්ලන එකේ අරුමයක් මම දකින්නේ නැහැ.

    හිත දමනය කිරීම තැනදී මම මෙතැනදී උඹ එක්ක එකඟයි. ඒත් හිත දමනය කිරීම අද්යාත්මික පැත්තට සිද්ද නොවෙනවානම් අපිට ඒ ගැන ඒ මනුස්සයට දොසක් නගන්න බැහැ. මේ වගේ බැරෑරුම් තීරණයක් ගැනීම ඇතුලෙම වික්ටර් රත්නායක හිත ලෝකය දිහාට හැරෙන්න දමනය කරීම මම දකින්නේ බොහොම ශක්තිසම්පන්න තීරණයක් විදිහට. මම කැමති හිත අද්යාත්මික පැත්තට දමනය කරගෙන මේ සසරින් එතෙර වෙන්න. විඅ යුත්තේ එයයි. ඒත් ලෞකික දේට ආසාකරන මිනිස්සු ඒ ආසාවන් පසුපස දිවයාම සාමාන්‍ය ගතියක්. වික්ටර් රත්නායක ලෞකික පැත්තට හිත දමනය කරන්න හිතුවොත් අපිට ආයෙත් එතුමාගේ තනු නිර්මාණ අහන්න නැති වෙන්ව. මම පුද්ගලිකව කැමති ඕනෑම මනුස්සයෙක් මේ සසරෙන් එතෙරවෙන දිහාව හැරෙනවානම්. එත් ආසාවන් තියන මනුස්සයෙකුගේ කසාද බැඳීමේ අයිතිය විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ.

    අපි රස විඳින්නේ නිර්මාණ නම් අපි ඒ මනුස්සයට ඒ මනුස්සයගේ පුද්ගලික ජීවිතය ඒ මනුස්සයට කැමති විදිහට ගතකරගන්න ඉඩ දෙන්න ඕන. අපි වපුරන දේ අපි නෙලාගන්නවා වගේම වික්ටර් රත්නායක වපුරන දේ එතුමා නෙලාගනීවී.

    (සංගීතය එක්ක සම්භන්ධ මනුස්සයෙක් විදිහට අපි රස විඳින හුඟක් නිර්මාණ කරුවන්ගේ ජීවිත වල ඇතුලාන්තය දිහා බලලා කැටගරයිස් කරලා නිර්මාණ රස විඳින්න ගියොත් අපිට රස විඳින්න නිර්මාණ ඉතුරු වෙන්නේ බොහොම කිහිපයක් වේවි.. ඒ තරමට සමහර කලාකරුවන්ගේ ඇතුලාන්තය ජුගුප්සාජනකයි. )

    මචංලා.. අපි අඹේ කාල ඇටේ වීසි කරන්නේ ඇයි කියල හිතමුද ... අඹේ හැදෙන්නේ ඇටයක් නිසා.. ඇටේට ඕන පැළවෙන්න.. ඒත් අඹ ඇටයක් නිසා හදුන අඹේ අපි කාල ඇටයට කිසිම ගරුසරුවක් නැතුව කුණු කූඩෙට විසික් කරනවා.. ඒ මොකද ???? ඇටේ අඹේ තරම් රහක් ගුණක් නැති නිසා බන්.. මෙතන තියෙන්නෙත් එහම කාරනාවක් තමා.. අඹ ඇටේ පලවෙන්න ඕන තව අඹ නිර්මාන්යා කරන්න..

    වික්ටර් රත්නායක එතුමාගේ පාළුව සාංකාව දුරු කරගෙන ජීවත් වෙන්න ඕන .. ඒ අයිතිය විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ. එහෙම වෙනකොට එතුමාගේ සංගීත මෙහෙවර තව ඉදිරියට යාවි.. එතුමා කසාද බැන්දේ හෙරක්ද, මංකොල්ල කාරියක්ද කියන එකේ වගකීම තියෙන්නේ අඑතුමාට මිසක් අපිට නෙවෙයි.
     

    Similar threads