විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කාලයත් එක්ක ලොකු සටනක නිරත වෙලා ඉන්නේ, කෙසේ නමුත් පිළිතුරු ටික කියෙව්වා. බොහොම ස්තුටියි නැවතත්. හැකි ඉක්මනින් ඇවිත් සියලු කරුණු විමසුමකට බඳුන් කරන්නම් :yes:

බොහොම ස්තුතියි මල්ලියා...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
mama nan hithanne Wijeweera mahathmaya ... gedi pitin samajawadaya meheta genapu kenek kiyala ... aththatama ethumage thibba daksha kathi kathwaya ... sanweedana shakthiya oita wada hoda widiyakata pawichchi karanne thibuna ....

mokada samajawadeya edath lankawata hari giye na adath hari yanne na ... ethuma genapu den une ... sahenna denek maruna eke ... mama hithanewa ethanadi nan Wijeweera mahaththaya waradda gaththa kiyala !!!!!!!!

විජේවීර සහෝදරයට වැරදුනු තැන් ගොඩක් තියෙනවා..එහෙම වෙන්න හේතු හා පැහැදිලි කරුණුත් මං ඉහත පිටුවල ලියල ඇති....

අපි ඕකට "මැරුණා.. මැරුවා" කියන එකට වඩා නිර්ධන පංතිය වෙනුවෙන් දිවි පිදීමෙ සංස්කෘතියක් ප්‍රථම වරට ලාංකීය දේශපාලනය තුල ඔහු නිර්මානය කලා කීවොත් තමා වඩා නිවැරදී...

එහෙම වෙන්න බලපෑ කරුණු කාරණාත් සවිස්තරාත්මකව මගේ ලිපි පෙල පුරාම ලියල තියෙනවා..

මල්ලිට වෙලාවක් තිබුනොත් මුල සිට කියවලා බලන්න... මල්ලිලාගෙන් හංඟලා තියෙන ඇත්ත මං ගොඩක් දුරට මෙතන ලියන්න උත්සාහ කරලා තියෙනවා......
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
භීෂණයට මුල පිරීම:

1984 වන විට පක්ෂය තහනම් කර තිබුණත් නායකයන් අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක වැඩපිළිවෙළක් රජයට හෝ පොලීසියට තිබුණ බවක් නෙපෙනේ. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මර්දන ඒකකයේ උසස් නිලධාරීන් පවා කීවේ නායකයන් අත්අඩංගුවට ගැනීමට පෙර ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු නතර කිරීමට රජයට හෝ ඔවුනට වැඩපිළිවෙළක් නොවූ බවයි.

මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ 1984 වසරේ සිට රහසිගතව සිය කටයුතු නැවත ආරම්භ කෙරේ. එහිදී 1974 සිට ඔවුන් කතා කළ ආරක්ෂක ගම්මාන, ආරක්ෂක කලාපය ආරම්භ කිරීමේ කටයුතු පටන් ගනී. එහෙත් මේ වන විට ඈත ප‍්‍රදේශවල පාක්ෂිකයන් පදිංචි කරවීම, ආරම්භ කර තිබුණි. නායකයන්ට සැඟවී සිටීමට හා පසු බැසීමට ස්ථාන ද කිහිපයක් සකස් කර තිබුණි.

ආයුධ මුදලට ගැනීම ද ආරම්භ කෙරුණි. පක්ෂයට සම්බන්ධකම් තිබූ අය මාර්ගයෙන් නාගරික දාමරිකයන් ගෙන් මෙන්ම හමුදා නිලධාරීන්ගෙන්ද ආයුධ මිලට ගැනීම කෙරුණි.

මෙහිදී පක්ෂයට අයත්ව තිබූ වාහන අලෙවි කරන ලදී. පක්ෂය තහනම් කරන විට පක්ෂයට බස් රථ 2ක්, කාර් 3ක්, පිකප් 1ක්, යතුරු පැදි 2ක්, එල්.එෆ් වෑන් එකක්ද විය. එසේම ලක්ෂ 5ක පමණ සංගීත භාණ්ඩ හා පක්ෂය හා සම්බන්ධ පරිපාලන උපකරණද විය. ඒවාද අලෙවි කරන ලදී.

එසේම මේ වන විට විජේවීර, රණසිංහ හා දියෝනිස් සහෝදරවරුන් දැනුවත්ව තවත් ලක්ෂ 3-4 තිබුණා යැයි සිතිය හැකිය.

මේ මුදල් පාවිච්චි කර පාක්ෂිකයන් හඳුනාගත නොහැකි ලෙස ප‍්‍රදේශ මාරුකර විශාල වශයෙන් පදිංචි කරවීය. එම පදිංචි කරවීමට පහත උපක‍්‍රම යෙදවීය.

01. හේන් ගොවියන් හැටියට පදිංචිවීම.
02. මැණික් ගරන්නත් ලෙස පදිංචිවීම.
03. කැලෑ දැව කපන්නන් ලෙස පදිංචිවීම.
04. නව විවාහ සම්බන්ධතා හදාගෙන ඒ ගෙවල්වල පදිංචිවීම.
05. කුඩා සංචාරක වෙළෙඳ ව්‍යාපාර පටන් ගැනීම.
06. කුඩා පරිමාණයේ මෝටර් රථ අලූත්වැඩියා කිරීමේ හා මෝටර් බයිසිකල් අලූත්වැඩියා කිරීමේ වැඩපොළවල් පටන් ගැනීම.
07. කුඩා හෝටල් පටන් ගැනීම.
08. කම්හල් පටන් ගැනීම.
09. පිරිවෙන් අධ්‍යාපනයට ඇතුළුවීම.
10. පෞද්ගලික පාසල්වලට ඇතුළු වී නේවාසිකාගාරවල නතරවීම.
11. වෑල්ඩින් වැඩපොළවල් ආරම්භ කිරීම.
12. කම්කරුවන්, රියැදුරන්, ලිපිකරුවන් ලෙසද හෝටල් සේවකයන් ලෙස ද වෙනත් ප‍්‍රදේශවල සහ නගරවල සේවය කිරීම.
13. මාරුවීම් ලබාගෙන වෙනත් ප‍්‍රදේශවලට යාම.

ඉහත සඳහන් සෑම ක‍්‍රමයකටම ජනතා විමුක්ති පෙරමුණ 1983 අගභාගයේ සිට ක‍්‍රියාත්මක වී ඇත. එසේම පක්ෂයේ ප‍්‍රධාන නායකයන් සම්පූර්ණයෙන් වෙස් මාරු කර ගත් අතර වෙනත් නම් සඳහන් පෞද්ගලික හැඳුනුම් පත් ද සකස් කර ගන්නා ලදී.

මේ අතර මොවුහු කොළඹ නගරයෙන් ඉහළ පෙළේ නිවෙස් කිහිපයක් කුලියටත් සමහර නිවෙස් මිලටත් ගනිති. එසේම විශාල පිරිස් කොළඹ අවට නිවාස කුලියට ගෙන පදිංචි වී විවිධ ව්‍යාපාර කටයුතු ආරම්භ කරති.

මේ අතර විජේවීර ඇතුළු ප‍්‍රධානීන් සැඟවී සිටින තැන් ආරක්ෂක බිම්ගෙවල්වලින් හා වෙනත් ක‍්‍රමවලින් පැනයාමට හැකි ලෙසට සකස් කිරීමට පටන් ගැනිණි.

පක්ෂය තහනම් කළ විට මුලින්ම විජේවිර සැඟවී සිටියේ මොනරාගල වන අතර පසුව එතනින් බලංගොඩ ප‍්‍රදේශයට පැමිණි බවට තොරතුරු ඇත. මොනරාගල සිට ඔහු බලංගොඩට පැමිණ ඇත්තේ මෝටර් බයිසිකලයකිනි.

1978 ඉරාකයෙන් ලැබුණ මුදල්වලින් රත්මලානේ ගොළුමඩම ආසන්නයෙන් ලක්ෂ 5කට ඉඩමක් මිලදී ගෙන තිබුණි.

හදිසියේ තහනම් කිරීමත් සමඟ ඉතාම දුෂ්කර තත්ත්වයකට පත්වූ පක්ෂය 1985 මැද භාගය වන විට දුෂ්කරතා මධ්‍යයේ රහසිගතව වැඩකිරීමට තරම් අවශ්‍ය තත්ත්වයක් ගොඩනගා ගැනීමට ශක්තිමත් විය.

එය ජනතා විමුක්ති පෙරමුණේ දක්ෂතාව යැයි ප‍්‍රකාශ කරනවාට වඩා රජයේ ආරක්ෂක සේවාවන්ගේ තිබෙන දුර්වලතාව යැයි ප‍්‍රකාශ කිරීම වඩාත් නිවැරදිය. මෙය ඔප්පු කිරීමට හැකි උදාහරණ ගණන අති විශාලය.. එක් වැදගත් කාරණයක් පමණක් මෙසේ දක්වන්නම්..

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම්ව සිටි රණසිංහ මහතා නවාතැන් ගෙන සිටියේ මාලඹේ නිවසකයි. එම නිවස පිහිටා තිබුණේ මාලඹේ බස් නැවතුම්පොළට උඩින් පාරේ මහ පාරට තරමක් ඈතිනි. එම නිවසේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වාර්තා, තොරතුරු සාමාජික නාමලේඛන, දේශපාලන මණ්ඩල රැුස්වීම්වල වාර්තා, විනය පරීක්ෂණ වාර්තා ආදී සියල්ලම විය. ඒවා පක්ෂය තහනම් කර මාසයකට පසුවත් එම නිවසේ තිබුණ අතර පසුව ඒවා එතනින් ආරක්ෂිත ස්ථානයකට ගෙන යන ලදී.

මේ අතර වැදගත් ස්ථානවල කම්කරුවන් ලෙස, කැන්ටින් සේවකයන් ලෙස පක්ෂයේ අය යෙදවීමටත්, එවැනි තැන්වල වැඩකරන අය සමඟ සම්බන්ධතා ගොඩ නැගීමටත් පටන් ගනී.

84, 85 කාලය තුළ හමුදාවට හා පොලීසියට දහස් ගණනින් සේවකයන් බඳවා ගන්නා විට මන්ත‍්‍රීවරුන් මාර්ගයෙන් පක්ෂයේ අය ඒවාට ඇතුළත් කරගැනීමට ද කටයුතු කෙරුණි. එසේම ප‍්‍රධාන දේශපාලන පක්ෂවලට ද සිය පාක්ෂිකයන්ට ඇතුළුවීමට පක්ෂය උපදෙස් දී ඇත. හමුදාවට, පොලිසීයට යාමට සුදුසුකම් ඇති වැඩිදෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වූහ. සමහරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වූහ.

84, 85 කාලයේ පක්ෂයට ආරමුදල් සෙවීමට වෙනම කණ්ඩායමක් යෙදවීය. ඔවුන් කළේ කුඩා මංකොල්ලකෑම් හා සොරකම් කිරීමයි. ඒවා සියල්ල කළේ හසු වුණොත් සොරකම් ලෙස හෙළිදරව් වන ලෙසට දැඩි ලෙස උපදෙස් දීමෙන් පසුවයි. ඒවා පසුපස ඇති දේශපාලන සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම සැඟවීමට ප‍්‍රවේසම් විය.

1985 වන විට ජ.වි.පෙ. පෝස්ටර් ව්‍යාපාරය, පත‍්‍රිකා බෙදාහැරීම, ශිෂ්‍ය අරගල ආදිය වේගවත් විය.

මේ සමගම ”ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත කරනු” යනුවෙන් එතෙක් පැවැති සටන් පාඨය ඉවත් කරන ලදී. මෙය 1985 මැද වන විට සිදු වු බව පෙනේ. ඒ වන විට ජ.වි.පෙ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සඳහා අවශ්‍ය පසුබිම හා ශක්තිය ලබාගෙන සිටි බව පෙනේ.

මුලින්ම මොවුන් කරන්නේ මංකොල්ලකෑම් වැඩි කිරීමයි. මේ අතර වාහන මංකොල්ලකෑම, පඩි සල්ලි මංකොල්ල කෑම, සිගරට් වෑන් කොල්ලකෑම, වාහන සොරකම් කිරීම, මැණික් මුදලාලිලා වැනි ධනපතියන්ගේ ගෙවල් මංකොල්ලකෑම ආදිය වැඩි කෙරේ. පැට‍්‍රල් ෂෙඞ් මංකොල්ල කෑම ද මේ අතර වේ. සොරකම් කළ වාහන සම්පූර්ණයෙන් වෙනස් කර අඩු මුදලට විකිණීම හා වාහන කෑලිවලට කඩා විකිණීමද කෙරිණි.

1986 වන විට ආයුධ සොරකම් කිරීමටද පටන් ගනී. මේ වන විට ඔවුන් සෑහෙන ආයුධ ප‍්‍රමාණයක් මිලදී ගෙන තිබුණි. ඒවා පිස්තෝල, සාමාන්‍ය තුවක්කු හා බෝම්බ විය. උතුරේ සටන් උණුසුම්වීම හා විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා අගනුවරින් නවීන පිස්තෝල හා රිවෝල්වර් ආදිය මිලදී ගැනීම පහසු විය.

මහා ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වන්නේ ඉන්පසුවය. එය 87-89 භීෂණ සමය නමින් ඉතිහාසයේ කලූ අකුරින් ලියැවෙයි.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බොරැල්ල ආදාහනාගාරය දෙසින් ආ හඬක්:

මා මරා දැමූ අයුරු නුඹලා හරිහැටි දන්නවාදැයි මම නොදනිමි.

මට වෙඩි තබා බොරැල්ලේ කනත්තේ ආදාහනාගාරයට මා වීසි කෙළේ ඒ වන විටත් මගේ හදවත ගැහෙද්දී බව නුඹලා දන්නවාදැයි මම නොදනිමි.

ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නඟන්නට මා ගත් වෙහෙස විඳි දුක් වේදනා සහ අවසාන මොහොතේ මා විඳි වද වේදනා ගැන නුඹලා දන්නවා දැයි මම නොදනිමි.

එකල අපි පාන් කාලක් ප්ලෙන්ටි වීදුරුවක පොඟවා බඩ පුරවාගෙන තැනින් තැනට... ගමින් ගමට... සෙරෙප්පු දෙක ගෙවී කෑලි හැලෙන තුරු ඇවිද්ද හැටි නුඹලා දන්නවාදැයි නොදනිමි.

අපේ සහෝදරවරුන්ගේ කන්වලට කාබන් පෑන් රිංගවූ හැටි නුඹලා දන්නවාදැයි මම නොදනිමි. ගුද මාර්ගයෙන් කටු කම්බි යවා කරකැවූ හැටි නුඹලා දන්නවාදැයි නො දනිමි.

ඒ වද වේදනා ඉවසාගත නොහැකි ව කන් සිදුරුවලින් ලේ ගලද්දී ගුද මාර්ගයෙන් ලේ ගලද්දී ඒ සහෝදරවරුන් කෑ ගැසූ අයුරු නුඹලාට ඇසුණාදැයි මම නොදනිමි.

උපතිස්ස ගමනායක සහෝදරයාට වද දෙන මොහොතේ ඔහු නැඟූ හඬ නුඹලාට ඇසුණාදැයි මම නොදනිමි.

බටලන්ද වධකාගාරයේ බිත්ති අපේ සහෝදරවරුන්ගේ ලේ වලින් තෙත් වී රත් පාට වූ අයුරු නුඹලා දුටුවේදැයි මම නොදනිමි.

පේරාදෙණිය සරසවි බිමෙහි අපේ සහෝදරවරුන්ගේ ‘ඔළු’ පෙළට තබා තිබුණු සැටි නුඹලා දැක ඇද්දැයි මම නොදනිමි.

සහෝදරවරුනි.... දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් නුඹලා ද තල්ලු කරගෙන මේ ගමන් කරන්නේ බටලන්ද වධකාගාරය පසුබිමෙහි සිටි ඝාතකයන්ගේ ඔඩොක්කුවට නොවේදැයි සිහිපත් කරන්න.

මාත් ගමනායක සහෝදරයාත් විඳි වේදනා අමතක කරන්න. එහෙත් බටලන්ද වධකාගාරයේ බිත්ති පුරා විසිරුණු අපේ සහෝදරයින්ගේ “ලේ” ඔබලාට අමතක කළ නොහැකි ය. ඒ ගැන සිතන්න. ඔබේ වර්තමාන නායකයන් ඔබ තල්ලු කරන්නේ අපේ සහෝදරවරුන්ගේ ලේ වලින් තෙත් අත් දෙසට නොවේදැයි මොහොතක් සිතන්න.

මොහොතකට මා අමතක කරන්න, ඩයස් මුදලාලි නමින් වෙස් වලාගෙන සිටියදී කුදලාගෙන ගොස් අමු අමුවේ ගමනායක සහෝදරයා මරා දැමූ පක්ෂයක් දෙසට නුඹලා තල්ලු කර ගෙන යන බවක් නුඹලාට නොදැනෙන්නෙහි ද?

නිර්පාක්ෂික අපේක්ෂකයෙක් කියා කෙනෙක් නැත. නුඹලාට පෙන්වන නිර්පාක්ෂික අපේක්ෂකයා වට කොට සිටින පුද්ගලයන් ගැන යළිත් වරක් සිතන්න.

මම ආයුධ සන්නද්ධ අරගලය අත් හැරියෙමි. මම ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයට අවතීර්ණ වූයෙමි. එහෙත් මම මගේ පෙරමුණ අත් නොහැරියෙමි.

අපේ ව්‍යාපාරය වෙනුවෙන් ස්වාධීනව තරග කිරීමට තරම් ආත්ම ශක්තියක් මට තිබිණි. මම අපේ ව්‍යාපාරය සමග එක්වී සිටි තරුණ පරපුර අතරමං කොට දුෂ්ට කල්ලි පසුපස නොගියෙමි.

ආත්ම ගෞරවය රැක ගනිමින් මම ස්වාධීනව තරග කෙළෙමි.

අපේ සහෝදරයන් මරා දැමූ දුෂ්ට කල්ලිවල ඔඩොක්කුවට වැටෙන්නට තරම් ජනතා විමුක්ති පෙරමුණ ජරාජීර්ණ වී තිබීම ගැන කනගාටු වෙමි.

එක්සත් ජාතික පක්ෂ පාලනය විසින් මරා දැමූ හැට දහසක් පමණ තරුණ තරුණයින්ගේ ශාපය නුඹලාගේ නායකයන් වෙත එල්ල වනු නියත ය.

පාන් කාලක් ප්ලෙන්ටී වීදුරුවක පොඟවාගෙන කමින් ගොඩනංවන ලද ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයින් සුඛෝපභෝගී පැජරෝවලින්, කාර්වලින්, වෑන්වලින් බැස පය තබන්නේ සහෝදරවරුන්ගේ ලේ පැල්ලම් මත බව සිහිපත් කරන්න.

දුෂ්ඨ කල්ලියක ඔඩොක්කුවට වැටෙන්ඩ එපා සහෝදරවරුනි!


මම....

රෝහණ විජේවීර
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    බොරැල්ල ආදාහනාගාරය දෙසින් ආ හඬක්:

    මා මරා දැමූ අයුරු නුඹලා හරිහැටි දන්නවාදැයි මම නොදනිමි.

    මට වෙඩි තබා බොරැල්ලේ කනත්තේ ආදාහනාගාරයට මා වීසි කෙළේ ඒ වන විටත් මගේ හදවත ගැහෙද්දී බව නුඹලා දන්නවාදැයි මම නොදනිමි.

    ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නඟන්නට මා ගත් වෙහෙස විඳි දුක් වේදනා සහ අවසාන මොහොතේ මා විඳි වද වේදනා ගැන නුඹලා දන්නවා දැයි මම නොදනිමි.

    එකල අපි පාන් කාලක් ප්ලෙන්ටි වීදුරුවක පොඟවා බඩ පුරවාගෙන තැනින් තැනට... ගමින් ගමට... සෙරෙප්පු දෙක ගෙවී කෑලි හැලෙන තුරු ඇවිද්ද හැටි නුඹලා දන්නවාදැයි නොදනිමි.

    අපේ සහෝදරවරුන්ගේ කන්වලට කාබන් පෑන් රිංගවූ හැටි නුඹලා දන්නවාදැයි මම නොදනිමි. ගුද මාර්ගයෙන් කටු කම්බි යවා කරකැවූ හැටි නුඹලා දන්නවාදැයි නො දනිමි.

    ඒ වද වේදනා ඉවසාගත නොහැකි ව කන් සිදුරුවලින් ලේ ගලද්දී ගුද මාර්ගයෙන් ලේ ගලද්දී ඒ සහෝදරවරුන් කෑ ගැසූ අයුරු නුඹලාට ඇසුණාදැයි මම නොදනිමි.

    උපතිස්ස ගමනායක සහෝදරයාට වද දෙන මොහොතේ ඔහු නැඟූ හඬ නුඹලාට ඇසුණාදැයි මම නොදනිමි.

    බටලන්ද වධකාගාරයේ බිත්ති අපේ සහෝදරවරුන්ගේ ලේ වලින් තෙත් වී රත් පාට වූ අයුරු නුඹලා දුටුවේදැයි මම නොදනිමි.

    පේරාදෙණිය සරසවි බිමෙහි අපේ සහෝදරවරුන්ගේ ‘ඔළු’ පෙළට තබා තිබුණු සැටි නුඹලා දැක ඇද්දැයි මම නොදනිමි.

    සහෝදරවරුනි.... දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් නුඹලා ද තල්ලු කරගෙන මේ ගමන් කරන්නේ බටලන්ද වධකාගාරය පසුබිමෙහි සිටි ඝාතකයන්ගේ ඔඩොක්කුවට නොවේදැයි සිහිපත් කරන්න.

    මාත් ගමනායක සහෝදරයාත් විඳි වේදනා අමතක කරන්න. එහෙත් බටලන්ද වධකාගාරයේ බිත්ති පුරා විසිරුණු අපේ සහෝදරයින්ගේ “ලේ” ඔබලාට අමතක කළ නොහැකි ය. ඒ ගැන සිතන්න. ඔබේ වර්තමාන නායකයන් ඔබ තල්ලු කරන්නේ අපේ සහෝදරවරුන්ගේ ලේ වලින් තෙත් අත් දෙසට නොවේදැයි මොහොතක් සිතන්න.

    මොහොතකට මා අමතක කරන්න, ඩයස් මුදලාලි නමින් වෙස් වලාගෙන සිටියදී කුදලාගෙන ගොස් අමු අමුවේ ගමනායක සහෝදරයා මරා දැමූ පක්ෂයක් දෙසට නුඹලා තල්ලු කර ගෙන යන බවක් නුඹලාට නොදැනෙන්නෙහි ද?

    නිර්පාක්ෂික අපේක්ෂකයෙක් කියා කෙනෙක් නැත. නුඹලාට පෙන්වන නිර්පාක්ෂික අපේක්ෂකයා වට කොට සිටින පුද්ගලයන් ගැන යළිත් වරක් සිතන්න.

    මම ආයුධ සන්නද්ධ අරගලය අත් හැරියෙමි. මම ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයට අවතීර්ණ වූයෙමි. එහෙත් මම මගේ පෙරමුණ අත් නොහැරියෙමි.

    අපේ ව්‍යාපාරය වෙනුවෙන් ස්වාධීනව තරග කිරීමට තරම් ආත්ම ශක්තියක් මට තිබිණි. මම අපේ ව්‍යාපාරය සමග එක්වී සිටි තරුණ පරපුර අතරමං කොට දුෂ්ට කල්ලි පසුපස නොගියෙමි.

    ආත්ම ගෞරවය රැක ගනිමින් මම ස්වාධීනව තරග කෙළෙමි.

    අපේ සහෝදරයන් මරා දැමූ දුෂ්ට කල්ලිවල ඔඩොක්කුවට වැටෙන්නට තරම් ජනතා විමුක්ති පෙරමුණ ජරාජීර්ණ වී තිබීම ගැන කනගාටු වෙමි.

    එක්සත් ජාතික පක්ෂ පාලනය විසින් මරා දැමූ හැට දහසක් පමණ තරුණ තරුණයින්ගේ ශාපය නුඹලාගේ නායකයන් වෙත එල්ල වනු නියත ය.

    පාන් කාලක් ප්ලෙන්ටී වීදුරුවක පොඟවාගෙන කමින් ගොඩනංවන ලද ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයින් සුඛෝපභෝගී පැජරෝවලින්, කාර්වලින්, වෑන්වලින් බැස පය තබන්නේ සහෝදරවරුන්ගේ ලේ පැල්ලම් මත බව සිහිපත් කරන්න.

    දුෂ්ඨ කල්ලියක ඔඩොක්කුවට වැටෙන්ඩ එපා සහෝදරවරුනි!


    මම....

    රෝහණ විජේවීර

    :(:(:(:(:(
    J.V.P eke awasana laga karagannawa
     

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    මේ සියලු වැරදි හඳුනාගෙන, පීඩිත පන්තිය දැනුවත්කොට නැවතත් නැගිසිටීමට පුලුවනිනම්......
    එසේ පොළොවට මුසුවූ ලේ බිඳු වලට සාධාරණයක් ඉටු කළ හැකිනම්......
    බලාපොරොත්තු පෙරදැරිව දෑස් අයා බලා සිටිමු, එදවස නැවත එළඹෙන තුරු.......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ සියලු වැරදි හඳුනාගෙන, පීඩිත පන්තිය දැනුවත්කොට නැවතත් නැගිසිටීමට පුලුවනිනම්......
    එසේ පොළොවට මුසුවූ ලේ බිඳු වලට සාධාරණයක් ඉටු කළ හැකිනම්......
    බලාපොරොත්තු පෙරදැරිව දෑස් අයා බලා සිටිමු, එදවස නැවත එළඹෙන තුරු.......

    අද පවතින සර්ව පිත්තල අර්ධ ගෝලීය ධනවාදී සමාජ ක්‍රමය තුල එය එදාට වඩා මහත්ම අපහසු කර්තව්‍යයක් විය හැක..එදා අඩු ගනනේ පොලොවේ දෙපා තබා තම හද ගැහෙනා රාවයට අනුව ක්‍රියා කල අනුන්ගේ දුක හඳුනන තරුණ බුද්ධිමතුන් පිරිසක්වත් හිටියා..අද ඒ ටිකත් මේ නුතන ෆැන්ටසියේ වෙලිලා වල්මත්වෙලා පවතින රැල්ලට අසුවෙලා ගසා ගෙන යමින් ඉන්නා මොහොතක්...

    මෙහිදී අත් පොරවා කන්වසා සිටිනවාට වඩා අත් දිගු කර දෙසවන් හොඳින් යොමා කල හැකි හැම දේ කල හැකි හැම තැන කල හැකි උපරිමයෙන්ම කරමු....

    ජයවේවා.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අලුගෝසුවන් මවිත කල මිනිසෙක්:

    ඉතිහාසය නිර්මාණය වී තිබෙන්නේ ජීවත්ව සිටියදීම මිය යන මිනිසුන්ගෙන් නොව මිය ගියත් ජීවත් වන මිනිසුන්ගෙනි.

    මා මෙහිදී ඔබට සිහිපත් කරන්නේ මේ දෙවැනි ගනයේ මිනිසුන් පිළිබඳවය. ඔබ කිසිවකුත් නොදැන සිටි, ඔබ කිසිවකුත් ගණන් නොගන්නා ඔවුන් ඔබ වෙනුවෙන් දරන ලද අනුපමේය වෙහෙස පිළිබඳවය.

    මේ කිසිවකුත් ඒ වෙහෙස දරන ලද්දේ වරදාන වරප්‍රසාද කිසිවක්‌ සඳහා නොවේ. පෞද්ගලික අභිමතාර්ථයන් සාධනය කර ගැනීම සඳහා නොවේ. දේශපාලන බැලමෙහෙ කිරීමෙන් තමන්ට යමක්‌ උපයා ගැනීමට නොවේ.

    ඉතිහාසය පුරා රැවටීමට ද මුළාවටද පත්කරන ලද පෑගී තැලී පොඩි වී සිටි මිනිසුන්ට අභිමානයෙන් යුතුව හිස ඔසොවා සිටින්නට ඉගැන්වූ මිනිසා ඔහුය. සාම්ප්‍රදායී දේශපාලනයට අනුව නොනැවතී පහළට ගලන රොඩු බොඩු සහිත දිය පහර කපාගෙන උඩු ගං බලා පිහිනීමේ අසීරු කටයුත්ත ඉගැන්වූ මිනිසා ඔහුය. බොහෝ ආකර්ශනීය ලෙස පෙනෙන නමුදු ආධ්‍යාත්මිකව ජරාජීර්ණ වූ චින්තනයෙන් යුතු දේශපාලන චරිත අතර චාම්ව, අවංකව හා ඉහළ විශිෂ්ඨත්වයෙන් යුතුව ජීවත්වන්නට ඉගැන්වූ මිනිසා ඔහුය. ලාංකීය සමාජ ක්‍රමය හා එහි ඓතිහාසික තත්ත්වයන් ද ජනවාර්ගික ගැටලුව වැනි සුවිශේෂී සමාජ දේශපාලන අර්බුදයන් ද විද්‍යාත්මකව හැදෑරූ ප්‍රථම ශ්‍රී ලාංකීය දේශපාලන පර්යේෂකයා ඔහුය.

    ලාංකීය දේශපාලනයට පූර්ණ කාලීන කැපවීමත් අසමාන පරිත්‍යාගයත් නොබිඳෙන අනන්‍යතාවත් මුලින්ම එක්‌කළ එවන් මිනිසකුගේ සැබෑ සගයන් පිළිබඳ එකිනෙක ලියා දැක්‌වීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවන්නේය.

    මෙරට ඉතිහාසයේ විටින් විට අවස්‌ථාවල බලයට පැමිණ ඔවුන් බිලිගත් මෙරට පාලකයන් ඒ වෙනුවට අපට ලබා දී ඇත්තේ කුමක්‌ද?

    පිරිහුණු සමාජය ද ආර්ථික හා දේශපාලන අර්බුද ද ආත්මාර්ථකාමීත්වයේ අන්තයට ම ගිලී ගිය දේශපාලන ව්‍යාධිය ද ඒවා යටපත් කිරීම සඳහා කලින් කල ගෙන එන රැවටීමේ අනුරාගය හා ව්‍යාජ වාක්‍යාංශ අතර අතරමං වී සිටීමටය.

    ගමනායක, විඡේවීර හා එකල ලඟින්ම ඇසුණු තවත් නමක් විය.. "බැටී අයියා නැත්නම් බැටී මහත්තයා"...

    මේ සටහනේ ලියා තැබිය යුතු වීරෝදාර චරිතයකින් හෙබි මේ මිනිසා පිළිබඳ කතාව ඔබටත් දැනගන්නට මෙසේ ලියා තබන්න සිතුවෙමි.

    මාතර, තිහගොඩ, ගලබඩ උපන් ආරියදාස රැකියාව සඳහා කොළඹ පැමිණියේ 80 දශකයේ මුල් කාලයේදීය. ඔහු කුඩා කල ගලබොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් ද අනතුරුව තිහගොඩ මහා විද්‍යාලයට ද ඇතුළත් වී උසස්‌ පෙළ දක්‌වා ඉගෙනීම ලබා තිබුණේය. හිසටම ඇලුණු අක්‌ බඹරු කෙස්‌ රොදක්‌ සහිත නිතර ප්‍රසන්න සිනහවකින් හෙබි වටකුරු මුහුණින් යුත් ආරියදාස වඩා උස නැති එහෙත්‌ නොමිටි පැහැපත් සුන්දර තරුණයකු විය.

    දැන් නුගේගොඩ ඉදිවී ඇති නව ගුවන් පාලම ඉදිරිපිට බෝගස අසල එකල තිබුණු බාබර් සාප්පුවක සේවය කළ ඔහු ඉතා දක්‍ෂ කරණවෑමියකු විය. එහෙත් ඔහු එසේ මෙසේ කරණවෑමියකු නොවීය. හොඳ දේශපාලන දැනුමකින් ද විප්ලවවාදී පොත පත කියැවීමෙන් ලත් මනා පෞරුෂයකින් ද හෙබි හෙතෙම එකල මේ බාබර් සාප්පුවට ආ ගිය කා අතරත් හිත් දිනාගත් සුහදශීලී මිනිසකු ද වූයේය. උසස් පෙල හොඳින් සමත්වී කරණවෑමියකු වෙන්නට වීමම එදා ධනවාදී පාලක පංතිය රට පුරා ගොඩ නංවා තිබූ රැකියා අසහනයට කදිම නිදසුනකි...

    ගමේදී පදනම වැටී තිබුණු දේශපාලන අදහස්‌ මෝරා යමින් සිටි ආරියදාස ජවිපෙ පුර්ණකාලීන දේශපාලනයට අවතීර්ණ වූයේ 1984 දී පමණය.

    දෙනියාය, කතරගම, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවල පූර්ණ කාලීනයකු ලෙස වැඩ කළ ආරි 1989 වන විට ජවිපෙ කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බවට පත්විය. ගමනායකගේ ගෙදරට නිතර ආ ගිය ඔහු සමඟම ඉතා ළඟින් දේශපාලන කටයුතුවල නියෑළුණු "බැටී අයියා නොහොත් බැටී මහත්තයා" ලෙස වෙනත් නමකින් හැඳින්වුණේ මේ ආරියදාසය. ඔහු ගමනායකට බෙහෙවින් ආදරය කළ ගමනායකගේ ළෙන්ගතුම සගයකු විය.

    ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස බැටී අයියා හඳුනා ගන්නා ඔත්තු අංශ පානදුර ජනප්‍රිය මාවතේදී ඔහු අත්අඩංගුවට ගත්තේ 1989 ගමනායක අත්අඩංගුවට ගැනීමට මාසයකටත් වැඩි කාලයකට පෙරය.

    අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ බැටී කමීස අතේ දමා නවාගෙන තිබූ තොරතුරු අඩංගු කුඩා කඩදාසි කැබලි කීපය විකා ගිල දැමුවේය. ඔහු වාද්දුවේ මර්ධන බළකා කඳවුරක්‌ වෙත ගෙන ගිය මර්ධකයන්ගේ මුල්ම ප්‍රශ්නය වූයේ ඒ ගිල දැමූ කඩදාසිවල තිබුණේ මොනවාද යන්නයි.

    "උඹලට ඒව කියනව නම් මම ගිලින්නෙ නැහැ...."

    බැටී ගේ සෘජු පිළිතුර විය. මර්ධන බළකාය බැටී පිළිබඳ වික්‍ෂිප්ත වූයේ මෙතැන් සිටය. අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ පටන්ම මර්ධකයන් පිළිබඳ කිසි ගරු සරුවක්‌ බැටීට තිබුණේ නැත. බැටීව මෙල්ල කළ හැකි අයකු නොවීය. ඔහු දිගටම ඔවුන්ට කතා කළේ උඹ බං බොලං තොපි යනාදී වචනවලිනි.

    එකල අත්අඩංගුවට ගත් ජවිපෙ ක්‍රියාකාරිකයන් අතරින් වැඩිම කාලයක්‌ නොමරා තබාගෙන සිටි පුද්ගලයා වූයේ බැටී යැයි කියනු ලැබේ. එතරම් දිගු කාලයක්‌ ඔහු තබාගෙන වධ දෙමින් ප්‍රශ්න කළේය. නියපොතු සියල්ල ගලවා දැමුවේය. යටි පතුල් පිළිස්‌සුවේය. එල්ලා පහර දුන්නේය. වචනයෙන් ලිවිය නොහැකි වධ බන්ධන පැමිණ වූයේය.

    "ගමනායක - විඡේවීර ඉන්නේ කොහේද?"

    තලා පෙළා පුළුස්‌සා පණ පමණක්‌ ඉතිරි කොට මාසයකට වැඩි කාලයක්‌ දමා සිටි බැටීගෙන් මේ කිසිවකට පිළිතුරක්‌ ලබාගැනීමට වධකයන්ට හැකි වූයේ නැත. යැංකි අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කළ වියට්‌නාම් විමුක්‌ති අරගලයේ වීර චරිත සිහිගන්වන මේ නොනැමෙන හිසක්‌ ඇති නොවැහැරුණු මිනිසා පිළිබඳ පසු කාලයක ඇතැමකු කතා කළේ පුදුමයට පත්වෙමිනි.

    අසූනවයේ නොවැම්බර් මාසයේ වෙනත් ක්‍රමයකින් ගමනායක අත්අඩංගුවට පත්වූයේ බැටී මහත්තයා මේ අයුරින් ගමනායක පිළිබඳ රහස රැකගෙන මර්ධකයන්ගේ වධ බන්ධන විඳිමින් සිටි අවදියේය.

    "උඹ කිව්වේ නැති වුණාට අපි උඹේ ලොක්‌ක අල්ලගත්තා..."

    වධකාගාරයේ බිම වැතිරී සිටි බැටී වෙත පැමිණි අර මර්ධන බළකායේ නායකයා එක්‌ දිනෙක කියා සිටියේය.

    බැටී මහත්තයා එය විශ්වාස කළේ නැත.

    "නෑ වෙන්න බෑ.. උඹලට ඒක කරන්න බෑ...."

    "වරෙන් යන්න පෙන්නන්න...."

    බැටීව ජීප්රියක නංවාගත් වධකයෝ මහවිල ගමනායකගේ නිවෙස ඉදිරිපිටට බැටී රැගෙන ආවේය.

    ගමනායකගේ නිවෙස පාළුවට ගොස්‌ තිබිණ. කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. සියල්ල සිදුවී ඇති බව ඔහුට දැනිණ.

    බැටීගේ මුළු ආත්මය ම කඩාවැටුණා සේ ඔහුට හැඟී ගියේය. තමන් දිවි පරදුවට තබා රැකගත් ආදරණීය නායකයා පිළිබඳ ඔහු තුළ උපන් වේදනාව අනන්තය දක්‌වා විහිද ගියේය. ඔහු මහා හඬින් හඬා වැළපුණේය. මහවිල ගෙදර පාර ඉදිරිපිට පොළොවේ පස්‌ කෑවේය. බිම පෙරළෙමින් පොළොවේ හිස ගසා ගනිමින් වැළපුණේය. මහ හඬින් ගුගුළේය.

    "කාලකණ්‌නි බල්ලො තොපි ඒ රත්තරන් මනුස්‌සයා මරා ගත්තා...."

    මර්ධන බළකායේ වධකයන් බැටී අයියාව ජීවතුන් අතර තැබූ අවසාන දිනය එය විය.

     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    විජේවීර..... ‍ලෝකල් චේ ගුවේරා වීමේ සිහිනය උදෙසා මෝඩ ලාංකික තරුණයන් මරු කට ට යැවූ, දේපළ විනාශ කළ උන්මත්තකයෙකි.

    මේ මෝඩයින් ට නොතේරෙන්නේ, ලංකාව යනු රුසියාව වත්, කියුබාව වත් ඇමරිකාව වත් ඉන්දියා ව වත් නොවන බව යි. චේ ගුවේරා හෝ සමාජවාදී ලේබලය ගසාගෙන පොර වීම මොවුන්ගේ මෝඩ හීනය යි.

    රට ට ‍හා ජනතාව ට වැඩක් කිරීම ට උවමනා නම්, ආනයන කළ චේ චින්තන වත්, චීනයේ හෝ රුසියාවේ හෝ සමාජවාදය හෝ කොපිකළ විප්ලව වත් උවමනා නැත.

    තැන ට සුදුසු ඇණය ගැසි ය යුතු ය. චේ ගුවේරා යනු එසේ කළ ‍උත්තම පුද්ගලයෙ කි. අපි ඔහු ට ගෞරව කරන්නෙමු.
     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    විජේවීර සහෝදරයට වැරදුනු තැන් ගොඩක් තියෙනවා..එහෙම වෙන්න හේතු හා පැහැදිලි කරුණුත් මං ඉහත පිටුවල ලියල ඇති....

    අපි ඕකට "මැරුණා.. මැරුවා" කියන එකට වඩා නිර්ධන පංතිය වෙනුවෙන් දිවි පිදීමෙ සංස්කෘතියක් ප්‍රථම වරට ලාංකීය දේශපාලනය තුල ඔහු නිර්මානය කලා කීවොත් තමා වඩා නිවැරදී...

    එහෙම වෙන්න බලපෑ කරුණු කාරණාත් සවිස්තරාත්මකව මගේ ලිපි පෙල පුරාම ලියල තියෙනවා..

    මල්ලිට වෙලාවක් තිබුනොත් මුල සිට කියවලා බලන්න... මල්ලිලාගෙන් හංඟලා තියෙන ඇත්ත මං ගොඩක් දුරට මෙතන ලියන්න උත්සාහ කරලා තියෙනවා......

    නිර්ධන පංතිය??? මොන හරුපයක් ද ඒ? රුසියාවෙන් කොපි කළ එකක් ද?
    දුප්පතුන් වෙනුවෙන් කරන්න ඕන මිනීමරන එක වත්, රටේ දේපළ විනාශ කිරීම වත් නෙවෙයි.


    දුප්පතාගෙ දුප්පත්කම ට වගකියන්න ඕන වැඩිහරියක් ම දුප්පතා ම යි. කී දෙනෙක් අත ට හම්බෙන තුට්ටු දෙකෙන් කසිප්පු බීලා ගෙදර නොකා නොබී ඉන්නව ද? බූරුව ගහනව ද? රේස් දානව ද? තොපි දිවි පූජා කළා ම, දේපල ගිනි තිව්වාම, උන් ඕවා නවත්වලා දියුණු වෙයි. :rofl:

    යකෝ, දුප්පත් නම් ඒකෙන් ගොඩ එන්න තමන් දැනගන්න ඕන. ගිහින් බලන්න ඔය දුප්පත් මිනිස්සු කී දෙනක් ගෙවත්තක් හදල කන්න අලයක් හරි හිටවන ව ද කියල? වැඩි හරියක් කම්මැලි යි.
    :angry:

    ඉලව් නිර්ධන පංතිය! ඔහො ම තමා කොහෙන්හරි කොපි කරපුවා! මුං හිතන් ඉන්නේ මේක ලංකාව කියල නෙවෙයි. :no:
     
    Last edited:

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    විජේවීර කසාද ත් බැඳලා ළමයි ත් හදලා, මෝඩ කොල්ලෝ මරුකටට යවලහැංගිලා හිටියා.
    එහෙම හැංගිලා හිටපු එකා තමා ගෙනල්ලා වෙඩි තියල මරල දැ‍ම්මෙ.
    එහෙම එහකට දිවි පිදුවා කියනව ද?

    නිර්ධන පංතිය වෙනුවෙන් දිවි පිදුවා! අධෝ මුඛයෙනු ත් හිනා මේ ගොන්පාට් වල ට.


    අනේ ඉතින් කරුමෙක මහත!!! මේ වගේ අයියලා පස්සේ ගිය මල්ලි ලා 71,89 දි ත් හිටියා. රටේ දේපළ විනාශ කළා. අහිංසක මිනිස්සු මැරුවා. බැංකු මංකොල්ල කෑවා. කලාකරුවො මැරුවා. පුතා හමුදාවේ කියලා අහිංසක අම්ම ව මැරුවා. අන්තිම ට හමුදාවෙන් වෙඩි කාල ඒ මෝඩයොත් මළා.

    ඒ වගේ මල්ලි ල තාමත් ඉන්නවා වගේ... රටට ආදරේ නම් දුප්පතුන් ට වැඩ කරන්න ඕන නම් අඩුගානේ ගිහින් හේනක් කොටපල්ලා... මේ වගේ අයියල පස්සෙ ගියොත් උඹල ත් ඉවරයි, රට ට වෙන වැඩකුත් නෑ... අනික 71,89 ‍වගේ දැන් හමුදාව එක්ක සෙල්ලම් කරන්න පුලුවන් වෙයි කියල ඉතින් අමු මෝඩයෙකු ට වත් හිතෙන්නෙ නැතු ව ඇති. මේ වගේ බංකොලොත් උන්මත්තකයො පස්සෙ ගිහින් විනාස වෙන්න එපා!
     
    Last edited: