භීෂණයට මුල පිරීම:
1984 වන විට පක්ෂය තහනම් කර තිබුණත් නායකයන් අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක වැඩපිළිවෙළක් රජයට හෝ පොලීසියට තිබුණ බවක් නෙපෙනේ. ප්රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකයේ උසස් නිලධාරීන් පවා කීවේ නායකයන් අත්අඩංගුවට ගැනීමට පෙර ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු නතර කිරීමට රජයට හෝ ඔවුනට වැඩපිළිවෙළක් නොවූ බවයි.
මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ 1984 වසරේ සිට රහසිගතව සිය කටයුතු නැවත ආරම්භ කෙරේ. එහිදී 1974 සිට ඔවුන් කතා කළ ආරක්ෂක ගම්මාන, ආරක්ෂක කලාපය ආරම්භ කිරීමේ කටයුතු පටන් ගනී. එහෙත් මේ වන විට ඈත ප්‍රදේශවල පාක්ෂිකයන් පදිංචි කරවීම, ආරම්භ කර තිබුණි. නායකයන්ට සැඟවී සිටීමට හා පසු බැසීමට ස්ථාන ද කිහිපයක් සකස් කර තිබුණි.
ආයුධ මුදලට ගැනීම ද ආරම්භ කෙරුණි. පක්ෂයට සම්බන්ධකම් තිබූ අය මාර්ගයෙන් නාගරික දාමරිකයන් ගෙන් මෙන්ම හමුදා නිලධාරීන්ගෙන්ද ආයුධ මිලට ගැනීම කෙරුණි.
මෙහිදී පක්ෂයට අයත්ව තිබූ වාහන අලෙවි කරන ලදී. පක්ෂය තහනම් කරන විට පක්ෂයට බස් රථ 2ක්, කාර් 3ක්, පිකප් 1ක්, යතුරු පැදි 2ක්, එල්.එෆ් වෑන් එකක්ද විය. එසේම ලක්ෂ 5ක පමණ සංගීත භාණ්ඩ හා පක්ෂය හා සම්බන්ධ පරිපාලන උපකරණද විය. ඒවාද අලෙවි කරන ලදී.
එසේම මේ වන විට විජේවීර, රණසිංහ හා දියෝනිස් සහෝදරවරුන් දැනුවත්ව තවත් ලක්ෂ 3-4 තිබුණා යැයි සිතිය හැකිය.
මේ මුදල් පාවිච්චි කර පාක්ෂිකයන් හඳුනාගත නොහැකි ලෙස ප්‍රදේශ මාරුකර විශාල වශයෙන් පදිංචි කරවීය. එම පදිංචි කරවීමට පහත උපක්‍රම යෙදවීය.
01. හේන් ගොවියන් හැටියට පදිංචිවීම.
02. මැණික් ගරන්නත් ලෙස පදිංචිවීම.
03. කැලෑ දැව කපන්නන් ලෙස පදිංචිවීම.
04. නව විවාහ සම්බන්ධතා හදාගෙන ඒ ගෙවල්වල පදිංචිවීම.
05. කුඩා සංචාරක වෙළෙඳ ව්‍යාපාර පටන් ගැනීම.
06. කුඩා පරිමාණයේ මෝටර් රථ අලූත්වැඩියා කිරීමේ හා මෝටර් බයිසිකල් අලූත්වැඩියා කිරීමේ වැඩපොළවල් පටන් ගැනීම.
07. කුඩා හෝටල් පටන් ගැනීම.
08. කම්හල් පටන් ගැනීම.
09. පිරිවෙන් අධ්‍යාපනයට ඇතුළුවීම.
10. පෞද්ගලික පාසල්වලට ඇතුළු වී නේවාසිකාගාරවල නතරවීම.
11. වෑල්ඩින් වැඩපොළවල් ආරම්භ කිරීම.
12. කම්කරුවන්, රියැදුරන්, ලිපිකරුවන් ලෙසද හෝටල් සේවකයන් ලෙස ද වෙනත් ප්‍රදේශවල සහ නගරවල සේවය කිරීම.
13. මාරුවීම් ලබාගෙන වෙනත් ප්‍රදේශවලට යාම.
ඉහත සඳහන් සෑම ක්‍රමයකටම ජනතා විමුක්ති පෙරමුණ 1983 අගභාගයේ සිට ක්‍රියාත්මක වී ඇත. එසේම පක්ෂයේ ප්‍රධාන නායකයන් සම්පූර්ණයෙන් වෙස් මාරු කර ගත් අතර වෙනත් නම් සඳහන් පෞද්ගලික හැඳුනුම් පත් ද සකස් කර ගන්නා ලදී.
මේ අතර මොවුහු කොළඹ නගරයෙන් ඉහළ පෙළේ නිවෙස් කිහිපයක් කුලියටත් සමහර නිවෙස් මිලටත් ගනිති. එසේම විශාල පිරිස් කොළඹ අවට නිවාස කුලියට ගෙන පදිංචි වී විවිධ ව්‍යාපාර කටයුතු ආරම්භ කරති.
මේ අතර විජේවීර ඇතුළු ප්‍රධානීන් සැඟවී සිටින තැන් ආරක්ෂක බිම්ගෙවල්වලින් හා වෙනත් ක්‍රමවලින් පැනයාමට හැකි ලෙසට සකස් කිරීමට පටන් ගැනිණි.
පක්ෂය තහනම් කළ විට මුලින්ම විජේවිර සැඟවී සිටියේ මොනරාගල වන අතර පසුව එතනින් බලංගොඩ ප්‍රදේශයට පැමිණි බවට තොරතුරු ඇත. මොනරාගල සිට ඔහු බලංගොඩට පැමිණ ඇත්තේ මෝටර් බයිසිකලයකිනි.
1978 ඉරාකයෙන් ලැබුණ මුදල්වලින් රත්මලානේ ගොළුමඩම ආසන්නයෙන් ලක්ෂ 5කට ඉඩමක් මිලදී ගෙන තිබුණි.
හදිසියේ තහනම් කිරීමත් සමඟ ඉතාම දුෂ්කර තත්ත්වයකට පත්වූ පක්ෂය 1985 මැද භාගය වන විට දුෂ්කරතා මධ්‍යයේ රහසිගතව වැඩකිරීමට තරම් අවශ්‍ය තත්ත්වයක් ගොඩනගා ගැනීමට ශක්තිමත් විය.
එය ජනතා විමුක්ති පෙරමුණේ දක්ෂතාව යැයි ප්‍රකාශ කරනවාට වඩා රජයේ ආරක්ෂක සේවාවන්ගේ තිබෙන දුර්වලතාව යැයි ප්‍රකාශ කිරීම වඩාත් නිවැරදිය. මෙය ඔප්පු කිරීමට හැකි උදාහරණ ගණන අති විශාලය.. එක් වැදගත් කාරණයක් පමණක් මෙසේ දක්වන්නම්..
ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ව සිටි රණසිංහ මහතා නවාතැන් ගෙන සිටියේ මාලඹේ නිවසකයි. එම නිවස පිහිටා තිබුණේ මාලඹේ බස් නැවතුම්පොළට උඩින් පාරේ මහ පාරට තරමක් ඈතිනි. එම නිවසේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වාර්තා, තොරතුරු සාමාජික නාමලේඛන, දේශපාලන මණ්ඩල රැුස්වීම්වල වාර්තා, විනය පරීක්ෂණ වාර්තා ආදී සියල්ලම විය. ඒවා පක්ෂය තහනම් කර මාසයකට පසුවත් එම නිවසේ තිබුණ අතර පසුව ඒවා එතනින් ආරක්ෂිත ස්ථානයකට ගෙන යන ලදී.
මේ අතර වැදගත් ස්ථානවල කම්කරුවන් ලෙස, කැන්ටින් සේවකයන් ලෙස පක්ෂයේ අය යෙදවීමටත්, එවැනි තැන්වල වැඩකරන අය සමඟ සම්බන්ධතා ගොඩ නැගීමටත් පටන් ගනී.
84, 85 කාලය තුළ හමුදාවට හා පොලීසියට දහස් ගණනින් සේවකයන් බඳවා ගන්නා විට මන්ත්‍රීවරුන් මාර්ගයෙන් පක්ෂයේ අය ඒවාට ඇතුළත් කරගැනීමට ද කටයුතු කෙරුණි. එසේම ප්‍රධාන දේශපාලන පක්ෂවලට ද සිය පාක්ෂිකයන්ට ඇතුළුවීමට පක්ෂය උපදෙස් දී ඇත. හමුදාවට, පොලිසීයට යාමට සුදුසුකම් ඇති වැඩිදෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වූහ. සමහරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වූහ.
84, 85 කාලයේ පක්ෂයට ආරමුදල් සෙවීමට වෙනම කණ්ඩායමක් යෙදවීය. ඔවුන් කළේ කුඩා මංකොල්ලකෑම් හා සොරකම් කිරීමයි. ඒවා සියල්ල කළේ හසු වුණොත් සොරකම් ලෙස හෙළිදරව් වන ලෙසට දැඩි ලෙස උපදෙස් දීමෙන් පසුවයි. ඒවා පසුපස ඇති දේශපාලන සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම සැඟවීමට ප්‍රවේසම් විය.
1985 වන විට ජ.වි.පෙ. පෝස්ටර් ව්‍යාපාරය, පත්‍රිකා බෙදාහැරීම, ශිෂ්‍ය අරගල ආදිය වේගවත් විය.
මේ සමගම ”ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත කරනු” යනුවෙන් එතෙක් පැවැති සටන් පාඨය ඉවත් කරන ලදී. මෙය 1985 මැද වන විට සිදු වු බව පෙනේ. ඒ වන විට ජ.වි.පෙ ප්රචණ්ඩ කි‍්‍රයා සඳහා අවශ්‍ය පසුබිම හා ශක්තිය ලබාගෙන සිටි බව පෙනේ.
මුලින්ම මොවුන් කරන්නේ මංකොල්ලකෑම් වැඩි කිරීමයි. මේ අතර වාහන මංකොල්ලකෑම, පඩි සල්ලි මංකොල්ල කෑම, සිගරට් වෑන් කොල්ලකෑම, වාහන සොරකම් කිරීම, මැණික් මුදලාලිලා වැනි ධනපතියන්ගේ ගෙවල් මංකොල්ලකෑම ආදිය වැඩි කෙරේ. පැට්රල් ෂෙඞ් මංකොල්ල කෑම ද මේ අතර වේ. සොරකම් කළ වාහන සම්පූර්ණයෙන් වෙනස් කර අඩු මුදලට විකිණීම හා වාහන කෑලිවලට කඩා විකිණීමද කෙරිණි.
1986 වන විට ආයුධ සොරකම් කිරීමටද පටන් ගනී. මේ වන විට ඔවුන් සෑහෙන ආයුධ ප්‍රමාණයක් මිලදී ගෙන තිබුණි. ඒවා පිස්තෝල, සාමාන්‍ය තුවක්කු හා බෝම්බ විය. උතුරේ සටන් උණුසුම්වීම හා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා අගනුවරින් නවීන පිස්තෝල හා රිවෝල්වර් ආදිය මිලදී ගැනීම පහසු විය.
මහා ප්රචණ්ඩ ක්‍රියා ආරම්භ වන්නේ ඉන්පසුවය. එය 87-89 භීෂණ සමය නමින් ඉතිහාසයේ කලූ අකුරින් ලියැවෙයි.....