මේ කතාව මං කියන්න හිටියෙ මුලින්ම මේ කතාව පෝස්ට් කරපු එකා රිප්ලයි කරනකම්. ඌ දැන්ම එන්නෙ නෑ වගේ මට බලන් ඉන්නත් බෑ වෙන වැඩ තියෙනවා.
ඔය 'විශ්වය පැතලියි' කියන සංකල්පය ගොඩක් අය වරද්දගන්න දෙයක්. මෙතන 'පැතලියි' කියලා කියන්නෙ අපි කොලයක් පැතලියි කියන අදහසෙන් නෙමෙයි. මාන දෙකක් පවතිනවා කියන අදහසෙන් නෙමෙයි.
මේ කතා කරන්නෙ අවකාශයම පැතලිද නැද්ද කියන එක. යුක්ලිඩියානු ජ්‍යාමිතියෙ පැතලි තලයක සත්‍ය වෙන සංකල්ප අවකාශයේදි සත්‍ය වෙනවාද කියන එක.
උදාහරණයක් හැටියට සමාන්තර ආලෝක කදම්බ දෙකක් අවකාශය ඔස්සේ ගමන් කරද්දි එකට හම්බවෙනවාද වගේ දෙයක්.
මෙතන පැටලෙන්නෙ මේ 'වස්තුවක' මාන ගැන නෙමෙයි කතා කරන්නෙ. 'හිස් අවකාශය' 'පැතලි' ද නැද්ද කියන එක ගැන. මේ කතා කරන්නෙ හිස් අවකාශයේ හැඩයක් ගැන.
ඕක දිහා නොදැනුවත් අය ඕක දිහා බලලා ප්‍රාථමික වැරදි නිගමන වලට එළඹෙන එක නම් අවසානාවන්තයි.
අමුඩයකින් වසාගත හැකි සරල නිරුවතක් වැසීමට රෙදි ෆැක්ට්‍රියක් භාවිතාකල අවස්තාවක්
Last edited:

