මචං අපේ අලුත් ගෙදර පදිංචි උනේ 2020 මුල, ඒ දවස් වල මුල කාලෙ කරන්ට් බිල ආවෙ 3000-4000 ක් වගේ.. ඊට පස්සෙ කොරෝනා ඇවිල්ලා මාස දෙකක් විතර එස්ටිමේටඩ් බිල් ආවෙ,ඊ ලගට මීටර් රීඩර් ආවම අර මාස දෙකටත් එක්ක බිල ආවා 13000ක්.. ඊට පස්සේ ආපහු නෝමල් උනා, 2020 ඔක්තෝබර් වල ඉදලා හැම මාසෙම 10000+ එනවා, අපි කිසිම අලුත් ඉලෙක්ට්‍රික් බඩුවක් පාවිච්චි කරන්නෙත් නැහැ, ඒසී, ගීසර්, හීටර්, වොෂින් මැෂින් පාවිච්චි කරන්නේ නැහැ, ඒත් යුනිට් 320-360 වගේ එනවා, ගෙදර මුකුත් පාවිච්චි නොකර මීටර් එක කැරකෙනවද බැලුවා, ඒත් නැහැ, දැන් මාස් 3කට කලින් ඊබිල් වලට රෙජිස්ටර් වෙද්දි අලුත් මීටර් එකක් මාරු කරා, ඒත් බිලේ වෙනසක් නැහැ අරගානම එනවා, දවසට යුනිට් 10කට වඩා අනිවාර්යෙන් යනවා,
මේකට මොකද්ද කරන්න පුළුවන්? මේක ප්‍රොෆෙෂනලි චෙක් කරගන්න පුළුවන් කොහොමද? එහෙම කරන අයගේ කන්ටෑන්ක්ට් තියෙනවද?
මේක දැන් පාඩුවක් විතරක් නෙමෙයි, පට්ට හිසරදයක්, මේ වැඩි යුනිට් කොහෙන්ද ලීක් වෙන්නේ අපි පාවිච්චි නොකර?
පුළුවන් කෙනෙක් දන්න කෙනෙක් උදව් කරන්න..
ස්තුතියි..