විදුලි මෝටර් රථ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    විදුලි මෝටර් රථ

    ඉන්ධන මඟින් ධාවනය වන මෝටර් රථයක් විදුලි බලයෙන් ධාවනය වන පරිදි පරිවර්ථනය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් සමත්වී සිටිති. රථයේ එන්ජිම වෙනුවට ඊට විදුලි මෝටරයක් ආදේශ කිරීමෙන් මෙසේ පරිවර්තනය කර තිබේ.
    යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිරෝෂ් ජයවීර සහ කථිකාචාර්ය සසිරංග ද සිල්වා යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ අවසන් වසරේ ඉගෙනුම ලබන විමුක්ති රන්දෙණි , අනුරාධ හේරත් සහ චතුර ගනීමුල්ල යන සිසුහු මෙම රථය නිර්මාණය කළහ.
    ‘‘සාමාන්‍ය මෝටර් රථයක ක‍්‍රියාකාරීත්වයට සමාන ක‍්‍රියාකාරීත්වයක් ලබාදෙන මෙම රථය සාමාන්‍ය පරිදි ගියර් මාරු කිරීමට හැකියි. මේ ආකාරයට ඕනෑම මෝටර් රථයක් බැටරි බලයෙන් ධාවනය වන පරිදි සකසන්න පුළුවන්. දියුණුවෙමින් පවතින රටවල වායු දූෂණය මහත් ගැටළුවක්. පැරැණි මෝටර් රථ ධාවනයවීම පරිසර දූෂණය කෙරෙහි දැඩිව බලපානවා. විදුලි මෝටර් රථ පරිසර හිතකාමීයි. නව මෝටර් රථ ආනයනය කිරීමට වඩා දැනට පවතින පැරැණි මෝටර් රථ විදුලි බලයෙන් ධාවනය වන පරිදි සැකසීම වඩා ලාභදායකයි.‘‘
    විදුලි මෝටර් රථවල දැනට පවතින දුර්වලතාවක් වන ලෙස වරක් බැටරි ආරෝපණය කළ පසු ධාවනය කළ හැකි දුරෙහි සීමා සහිත බව නැති කරලීම කෙරෙහිද මෙම පර්යේෂණය මගින් සලකා බලා තිබෙනවා. මේ සඳහා බැටරි බලයට අමතරව ධාරිත්‍රක භාවිත කරමින් වඩා කාර්යක්‍ෂම ලෙස බැටරි බලය මෝටරය වෙත ලබාදීමට උත්සාහ කරනවා.
    ‘‘තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන මෙම රථයේ වේගය පැයට කිලෝමීටර 80 ක් වන අතර වරක් ආරෝපණය කළ පසුව බැටරි බලයෙන් කිලෝමීටර 40 ක් ධාවනය කළ හැකි වෙනවා. මෙම දුර වැඩි කර ගැනීමට අපි තවමත් පරීක්‍ෂණ පවත්වනවා. ඒ වගේම වඩා බලවත් මෝටරයක් භාවිත කිරීම මගින් කිලෝමීටර 120 ක උපරිම වේගයෙන් ධාවනය කිරීමට හැකිවන බව විශ්වාසයි.’’



     
    • Like
    Reactions: Hasistranger

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    අඵත් නිර්මාන බිහිවෙනවා, සමිිමාන ගන්නවා, ඒ වුනාට වෙළද පොලට එන්නෙ නැැ,
     

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    11129288_827659487325518_8742502116207647338_n.png

    දැනට 100% ක් ඉන්ධන වලින් ක්‍රියාත්මකවන ප්‍රවාහන ක්ෂේත්‍රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය, කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී විවෘත විය.