තමන්ගේ නමට විදුලි ජල බිල් තියන එකේ වටිනාකම නිසා ලගදී මේ බිල් දෙකේම නම ලිපිනය වෙනස් කර ගත්තා (2022 සැප්තැම්බර්)
මේ තියෙන්නේ ඒ විස්තරේ
මුලින්ම සැලකිය යුතුයි
ඉඩමේ original ඔප්පුව අදාල කෙනාගේ නමට හදා ගන්න
අදාල අවුරුද්දේ වරිපනම් ගෙවන්න
ගෙදර හරි ලිපිනය හොයාගන්න
මේ වැඩේට මාස 2ක් වගේ කාලයක් යනවා request එක submit කරාට පස්සෙ
අවශ්‍ය ලියකියවිලි
සම්පුර්ණ කරන ලද නම සහ ලිපිනය වෙනස් කිරීමේ ඉල්ලුම් පත්
ඔප්පුවේ පිටපත් 2ක්
ජාතික හැදුනුම්පතේ පිටපත් 2ක්
පදිංචිය සහතික කරන ග්‍රාම සේවක සහතිකය සහ කොපියක්
වරිපනම් ගෙවු බව පෙන්වන බිල් කොපි
සම්පුර්ණයෙන් ගෙවූ අදාල මාසයේ විදුලි සහ ජල බිල්පත්
සැලකිය යුතුයි
දැන් කොල හිගය නිසා ග්‍රාම සේවක සහතික නිකුත් කරන්නේ එකක් විතරයි. ඒක මාස 6කට වලංගුයි.
නම සහ ලිපිනය වෙනස් කිරීමේ ඉල්ලුම් පත්‍ර අදාල කාර්යාලයෙන් ලබාගත යුතුයි
(ජල බිල්පතේ නම වෙනස්කිරීමට අදාල ඉල්ලුම් පත online ලබාගන්න පුලුවන්)
කල යුතු දේ
මුලින්ම වරිපනම් ඔබගේ නමට හරවා ගන්න. අදාල වර්ෂයේ වරිපනම් ගෙවන්න.
Original ඔප්පුව අරන් ග්‍රාමසේවක ලගට ගිහින් අදාල විස්තර ලබා දීලා ග්‍රාමසේවක සහතිකය ගන්න
ඒකෙන් කොපි 2ක් වත් ගන්න කලින් ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුසහතික කිරීමක් අවශ්‍ය වුනත් මෑතක ඉදන් ඒක කැන්සල් කරලා තියෙන්නේ
ඒ කියන්නේ ඉල්ලුම් පත්‍ර වල තියන විදියට ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහතික කිරීම අනවශ්‍යයි.
ඉහත සදහන් කරල තියන ලියකියවිලි එක්ක මුලින් ජලබිල්පත වෙනස් කර ගන්න ඔබට අදාල ජලසම්පාදන
කාර්යාලයට යන්න. (මේකට මුලින් යන්න කියන්නේ එයාලා Original ග්‍රාමසේවක සහතිකය ගන්නේ නැති නිසා)
අවශ්‍යය කරන ලිය කියවිලි ටික දුන්නම original ඔප්පුව අදාල නිලධාරියා බලලා ආපහු දෙනවා. ලියකියවිලි හරි නම් ජල බිල්පතේ
සියලු හිග මුදල් ගෙවල නම් විස්තර වෙනස් කිරීමේ ගාස්තුව විදියට රු 1575ක බිලක් දෙනවා. (හිග මුදල් මෙතනදී ගෙවන්න පුලුවන්)
ඒක ගෙවලා රිසිට් එක දුන්නම මාස දෙකක් ඇතුලත විස්තර වෙනස් කරන බව කියනවා. ඒ වැඩේ එතනින් ඉවරයි
ඊලගට විදුලි බිල් පත වෙනස් කරගන්න සම්පුර්ණ කරපු ඉල්ලුම්පත එක්ක අදාල documents ටික
දෙන්න. Original ඔප්පුව මෙතනදි බැලුවේ නෑ. හැබැයි Original ග්‍රාම සේවක සහතිකය එයාලා ගන්නවා
එයාලාගේ agreement එක කියල document එකක් දෙනවා එතන පුරවලා දෙන්න.
නම ලිපිනය දුරකථන අංකය හැදුනුම්පත් අංකය වගේ basic දේවල් එකේ තියෙන්නේ
වෙනස් කිරීම් වලට අදාල ගාස්තුව රු 650 ගෙවලා (රිසිට් 3ක්) ගෙවලා රිසිට් එක දුන්නම මාස දෙකක් ඇතුලත විස්තර වෙනස් කරන බව කියනවා. ඒ වැඩේත් එතනින් ඉවරයි
මගේ අදහස
කලින් තරම් රජයේ ආයතනයකින් වැඩක් කරගන්න අමාරු නැතත් පෝලිමේ ඉන්න
එක සහ පෝලිමේ ඉන්න එවුන්ගේ attitude එක නම් වෙනස් වෙලා නෑ
මේ තැන් දෙකේදීම card payments තිබුනු නිසා බැංකු ගානේ යන්න වුනේ නෑ
අවශ්‍ය අයට දැනගන්න මේ විස්තර publish කලා