විදුහල්පතිනිය නිදහස්‌ : ජංගම දුරකතනය ගස්&#8204

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
විදුහල්පතිනිය නිදහස්‌ : ජංගම දුරකතනය ගස්&#8204

විදුහල්පතිනිය නිදහස්‌ : ජංගම දුරකතනය ගස්‌

girl117.jpg


මිනුවන්ගොඩ පාසල් දැරියගේ ඛේදවාචකය....

සියදිවි නසා ගැනීමක්‌ යනු පෞද්ගලික දෙයකැයි කෙනෙකුට තර්ක කළ හැක. ජීවිතයට මුහුණ දෙන්නට නොහැකිකම නිසා කරගත් මෝඩකමකැයි කියාද තර්ක කළ හැක.

එහෙත් ඔහුට හෝ ඇයට දිවි නසා ගැනීමට බලකරනු ලැබූ වටපිටාවක්‌ ඇති කරවනු ලැබ, කෙනෙකු දිවි නසා ගත්තේ නම් ඒ දිවි නසා ගැනීම ගැන අප බැරෑරුම් ලෙස කතා කළ යුතුය.

මේ එවන් කතාවකි.

ඇය මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි. ජනවාරි මාසය සාමාන්‍යයෙන් පාසල්වල ක්‍රීඩා උත්සව පැවැත්වෙන කාලයයි.

අප කතා නායිකාව වන නිෂාදි මහේෂිකා ගේ ඉරණම තීන්දු කරන්නේ මේ ක්‍රීඩා උත්සවයයි. ඊට ආසන්නම සාධකය වන්නේ හෑන්ඩ් පෝනයයි.

ක්‍රීඩා උත්සවය පැවැත්වූයේ පාසල් ක්‍රීඩාංගණයේ නොව වෙනත් ක්‍රීඩාපිsටියකය. ඈ ක්‍රීඩා පිටියට ගියේ හෑන්ඩ් පෝනයත් රැගෙනය. පාසල් ගමනට හෑන්ඩ් පෝන් තහනම් නොවේ දැයි මව ඇගෙන් විමසුවාය.

එන්න රෑ වුණොත් තාත්තාට කෝල් එකක්‌ දෙනු පිණිස යෑයි ඈ ඊට පිළිතුරු ලෙස කීවාය.

එහෙත් සිදු වූයේ බලාපොරොත්තු රහිත වූ දෙයකි. ක්‍රීඩා පිටියේදී ගුරුතුමියක විසින් හෑන්ඩ්පෝනය අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුවදා ඇය පාසලට ගියේ සිය මවත් සමගය. ඒ විදුහල්පතිනියගෙන් සමාව ගනු පිණිසය. එහෙත් විදුහල්පතිනියගෙන් සමාව ලැබුණේ නැත.

"සති දෙකක්‌ පංති තහනම්, වෙන පාසලක්‌ සොයා ගන්න."

විදුහල්පතිනියගේ තර්ජනයෙන් මහේෂිකා දැඩිසේ කම්පනයට පත් වූවාය.

ක්‍රීඩා උළෙල අවසන්ව ආ යුත්තේ බසයෙනි. බසයෙන් බැස තවත් කි. මී. 1 1/2 ක පමණ දුරක්‌ ඇය පා ගමනින් යා යුතුය. යම් හෙයකින් රෑ වුවහොත් ඒ දුර තනිව යැම බිය සැක ගෙන දෙන්නකි. ඇය ටෙලිපෝනය ගෙන ගියේ යම් හෙයකින් රෑ බෝ වුවහොත් පියාට පාරට පැමිණෙන ලෙස දැන්වීමටය.

මහේෂිකා මේ පැහැදිලි කිරීම කළද විදුහල්පතිනිය පිළිගත්තේ නැත.

"සති දෙකක්‌ පංති තහනම්"

ඇගේ පිළිතුර එය විය. ඒ අතර වෙනත් පාසලක්‌ සොයා ගන්නැයි කීමෙන් ඇය පාසලෙන් ඉවත් කරනු ඇතැයි භීතියක්‌ ද ඇගේ සිතට ඇතුළු කරවනු ලැබීය.

ආපසු ගෙදර පැමිණි මහේෂිකා කල්පනාවට වැටුණාය. "ඇයි ඉස්‌කෝලෙ යන්නේ නැද්දැයි" අසල්වැසියන් අසන විට ඈ කීවේ මේ දිනවල නිවාඩු බවයි.

මේ අයුරින් ඇගේ හිසට මහා බරක්‌ පැටවිණි.

නිෂාදි මහේෂිකාගේ මව ඇඳුම් මැසීමෙන් මුදලක්‌ සොයා ගත් ගෘහනියකි. තාත්තා පෙදරේරුවෙකි. එහෙත් ඇය හොඳින් ඉගෙනුම කළ යුවතියකි.

ජීවිතයේ ආලෝකය ඉගෙනුමයි. දුගී බවේ ශාපයෙන් ගොඩ ඒමට නම් ඒකාන්ත ප්‍රාර්ථනය විය යුත්තේ ඉගෙනුමයි. එහෙත් ඒ ප්‍රාර්ථනාව හරහා අද වැටක්‌ බැඳී ඇත.

18 හැවිරිදි මේ යුවතියගේ සිත මහත් සංතාපයකින් පිරී ඉතිරී ගියේය.

පසුවදා අම්මා වැඩට යන්න සූදානම් වූ විට අම්මේ වැඩට යන්න එපා යෑයි කියා මව ගෙදර නතර කර ගත්තාය. ඒ ව්‍යාකූල සිත සනහා ගනු පිණිසය. එහෙත් අම්මාට හැමදා ගෙදර සිටිය නොහැක. දෙවැනි දින අම්මා වැඩට ගියාය.

පංති තහනම ඇගේ සිත විකල් කොට තිබිණි. ඇයට පෙම්වතෙක්‌ සිටි නමුදු ප්‍රෙAමයෙන් සිත සනහා ගන්නටවත් ඇයට නොහැකි වූවා විය හැක.

අන්තිමේදී ඇය කෘමි නාශක බීවාය. කෘමි නාශක ඇය වෙත ගෙන ආවේ ශෝචනීය වූ මරණයයි.

දිවි නසා ගැනීම් අපට අලුත් ඒවා නොවේ. විවිධ හේතූන් මත මිනිසුන් ගැහැනුන් දිවි නසා ගනිති. ඒ මරණයන් ගැන අපි ශෝක වන්නෙමු.

එහෙත් නිෂාදි මහේෂිකාගේ මරණය එසේ ශෝක වීමෙන් පමණක්‌ බැහැර කළ හැකි මරණයක්‌ නොවේ.

හෑන්aඩ්පෝනය පිළිබඳ ඇගේ මතය අහිංසක එකකි. එය ගෙන ගියේ පාසලට නොවේ. පාසලේ ක්‍රීඩාංගණයටද නොවේ. ක්‍රීඩා උත්සවය පැවැත්වුණේ වෑගොව්ව මහේන් ගුණසේකර නම් පිටස්‌තර ක්‍රීඩාංගණයකදීය. ඇය හෑන්ඩ් පෝනය ගෙන ගියේ එම ක්‍රීඩාංගණයටය. එදා රෑ බෝ වුවහොත් පියාට පාරට එන ලෙස දැනුම්දීම පිණිසය. මෙම ප්‍රයත්නය කෙතරම් අහිංසකද?

පාසල් ශිෂ්‍ය ශිෂාවන්ට හෑන්ඩ් පෝන් ගෙනයැම තහනම් වැරැද්දක්‌ ලෙස කිසිසේත් දැකිය නොහැක.

එහෙත් මිනුවන්ගොඩ නාලන්දා විදුහල්පතිනිය නිෂාදි මහේෂිකා දෙස මිනිස්‌ ඇසින් බැලුවා නම් කෙතරම් හොඳද? රෑ බෝ වුවහොත් තමා රැගෙන යනු පිණිස පාරට එන්නැයි පියාට පණිවුඩයක්‌ දීම පිණිස හෑන්ඩ් පෝනය පාසල් ක්‍රීඩාංගණයට ගෙන යැම සාපරාධී වරදක්‌ද?

මියුසියස්‌ විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ පාසලේදීම ටයි පටියෙන් එල්ලී මිය ගියේ හෑන්ඩ් පෝනයක්‌ මුල්කරගෙනය.

එහිදී මියුසියස්‌ විද්‍යාලයීය ගුරු මණ්‌ඩලය දෝෂාරෝපණයට ලක්‌වූවා මෙන්ම මහත් අපහසුතාවටද පත්විය.

මිනුවන්ගොඩ නාලන්දා විදුහල්පතිනිය තත්ත්වය මේ තරම් බරපතළ වේ යෑයි නොසිතන්නට ඇත. එහෙත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඇතැම් ගු=රුවර ගුරුවරියන් ප්‍රදර්ශනය කරන්නේ පහළ බාලාංශ ළමයකුටත් වඩා පහළ දැනුම් මට්‌ටමකි.

නිෂාදි මහේෂිකා සමාව ඉල්ලුවාය. සමාව දීම දේව ගතියකැයි යන රුවන් වැකිය අප ඉගෙන ගත්තේ කුඩා කලදීමය. නිෂාදිට සමාව දීමට තරම් දේවගතිය විදුහල්පතිනිය තුළ පහළ වී නම් නිෂාදි අද ජීවතුන් අතරය.

බොහෝ ගුරුවර ගුරුවරියෝ ජීවිත කාලය තුළම විභාග ලියති. ඩිප්ලෝමා හදාරති. අධ්‍යාපන මනෝවිද්‍යාව හැදෑරූ ගුරු භවතුන් පවා ශිෂ්‍යාවකගේ පෙම්හසුනක්‌ අසුවුවහොත් එය සලකන්නේ මිනී මැරීමට පමණක්‌ දෙවැනි වන අපරාධයක්‌ ලෙසටය. තමන්ටත් තරුණ වියක්‌, තරුණ පාසල් අවධියක්‌ තරුණ ප්‍රේමයක්‌ තිබුණු බව ගුරුවරු වූ සැණින් අමතක කරන්නේ ඇයි?

වරක්‌ එක්‌ විදුහල්පතිවරයෙක්‌ ශිෂ්‍යාවකගේ පෙම් හසුනක්‌ හසුවූ කල විදුහල්පති එම ශිෂ්‍යාව පාසලේ උදෑසන රැස්‌වීමට ගෙන්වා ප්‍රසිද්ධියේ ඒ ගැන සඳහන් කළේය. ඒ ශිෂ්‍යාව දිවි නසා ගත්තීය. අවුරුදු දහයකට පමණ උඩදී මේ සිද්ධිය වූයේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පාසලකය.

තවත් පාසලක ගැහැනු ළමයෙක්‌ හා පිරිමි ළමයෙක්‌ අතර පෙම් සබඳතාවක්‌ තිබෙන බැව් විදුහල්පතිනියට වෙනත් ගුරුවරියක්‌ සැලකළාය. විදුහල්පතිනිය ශිෂ්‍යාවගේ පියාට විදුහලට එන ලෙස ශිෂ්‍යාව අතම පණිවුඩයක්‌ යෑව්වාය. පියා පැමිණි පසු විදුහල්පතිනිය ශිෂ්‍යාව ගෙන්වා අසවල් ශිෂ්‍යයා සමග පෙම් සබඳතාවක්‌ පවත්වනවා නොවේදැයි පියා ඉදිරියේම ශිෂ්‍යාවගෙන් විචාලාය. අවංක ශිෂ්‍යාව ඔව් යෑයි පිළිගත්තාය. මෙයින් මහත් අපහසුවට පත් වූයේ පියාය. එදින ශිෂ්‍යාව ආපසු නිවසට ගියේ මර භීතියෙනි. එදින ඇය බරපතළ ලෙස පියාගෙන් පහර කෑවාය. එහෙත් ඇය දිවි නසා ගත්තේ නැත.

පසු කලෙක ඇය රජයේ ගුරුවරියක්‌ වූ අතර පාසල් පෙම්වතා රජයේ ලිපිකරුවෙක්‌ විය. අනතුරුව දෙදෙනා මවුපිය ආශිර්වාදය මැද උත්කර්ෂවත් ලෙස විවාහ වූහ. මං නම් කියා සිටියේ අර විදුහල්පතිනිය මේ මංගල්‍යයට කැඳෙව්වා නම් හොඳ බවය.

දැන් නිෂාදි මහේෂිකා ශිෂ්‍යාව මිය ගොස්‌ය. එය දිවි නසා ගැනීමකි. හදිසි මරණ පරීක්‍ෂකගේ තීන්දුවද එයයි. ප්‍රශ්නය වන්නේ එපමණකින් නාලන්දා විදුහල්පතිනියට සියල්ල අවසන් යෑයි යනුවෙන් අත පිසදා ගත හැකිද යන්නයි.

නාලන්දා විදුහල්පතිනියට කිසිදු දඬුවමක්‌ දීමට නීතියේ කිසිදු ප්‍රතිපාදනයක්‌ නැත. එහෙත් කළු පැල්ලමක්‌ ඉතිරි වී තිබේ. ඒ කළු පැල්ලම හෙවත් නිෂාදිගේ මරණය විදුහල්පතිනියගේ හෘදය සාෂිය හරහා වැටී තිබේ.

චන්ද්‍රසිරි දොඩංගොඩ
ඡායාරූප - ටෝනි කරුණානායක, ඉරිදා දිවයින​
 
  • Like
Reactions: tharo

sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
corrupted school system, if this kid's father was a DIG or Politician, even in pradeshiya sabha.. probably that Principal lady may walk her to home after the sport meet practice by herself..
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    principle ge waradda 30%i lamayage waradda 70%i..
    iskolen suspend kala kiyala ochchcara nahenna deyak naane.... mona ekakda..:oo:
    4n ekak maattu wenawa kiyanne maha loku deyak nemei ne dan kaale hatiyata..:baffled::oo:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ayyo principal kellawa maragatta

    ubala bani mata mehema kiwwama aeth mn kellage peththe math oya thathwe hitiyanam aea kiyanne sportmeet ekata wena scl ekakata yanakota re wena hindat , kellek wena hindat aniwa 4n eka aran yanna ooni. magadi anathurak wunot ehema. ae kellata manasikawa wetuna arahema kiwwama" wena scl ekak hoya ganna" . ekai mage adahasa. den hema ekama bani mata.......
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ubala bani mata mehema kiwwama aeth mn kellage peththe math oya thathwe hitiyanam aea kiyanne sportmeet ekata wena scl ekakata yanakota re wena hindat , kellek wena hindat aniwa 4n eka aran yanna ooni. magadi anathurak wunot ehema. ae kellata manasikawa wetuna arahema kiwwama" wena scl ekak hoya ganna" . ekai mage adahasa. den hema ekama bani mata.......

    :no: lokka ..ehema ne..eka ube adahasa ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Sport meet එකට ගෙනාවම ඔහොම සස්පෙන්ඩ් කරනවා නම්
    කොලබ සමහර ඉස්කෝල වල හැමදාම ෆෝන් අරගෙන එන කෙල්ලන්ට ඉස්කෝල මවන්න වෙනවා :P
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    mokatada iskoleta phone geniyanne. genna epa kiyanne eken yahapathata wada ayahapathak wena nisane. pathathara karayoth mokuth balanne netniwa katha hadanawa. mun karan weradi walata principal pali nehe.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ubala bani mata mehema kiwwama aeth mn kellage peththe math oya thathwe hitiyanam aea kiyanne sportmeet ekata wena scl ekakata yanakota re wena hindat , kellek wena hindat aniwa 4n eka aran yanna ooni. magadi anathurak wunot ehema. ae kellata manasikawa wetuna arahema kiwwama" wena scl ekak hoya ganna" . ekai mage adahasa. den hema ekama bani mata.......
    phone eka arn giyath ekai nathath ekai...:rofl:
    prashne ty 2 weeks suspend kala kiyala qwama suicide karagattu eka...
    meya waraddak kale natnam, gedarin ledakuth natnam, yaaluwongen awlakut natnam(kellek nisa) mona magulakda???:baffled:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    machan man mehema qwoth...meka phone tiana kaale...eth phone nathi kaale kello sportsmeet walata idala ra wenakal idala gewal wala awith nadda?

    Mobile ekakin Call ekak wagema tawa loku dewal wenna puluwan (kiannone nane) oka 3310k unath S3 ekak unath PINA HITHANNE PHONE ekak kiala...e gani eka wennati ara wage gon conclusion ekakata awith athe..habai machan Suspend karana eka neme othana wennone...kelinma parentslawa gennana eka...

    habai phone iskoleta one na ban..oya maruna lamaya oka awashyathawayata use karai..eth anith mool yakku oken karana apatha wada nisa Mobile kiana de iskole patha palathatawath ganne na ban...Rule ekanan Rule eka..eth ekata dena penalty eka tama hari natte...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පන්ති තහනම් කලා කියන එක වස බොන්න හේතුවක් නෙමේනේ බං.. ඒකි ඒ අතින් බැලුවම මෝඩයි.. විදුහල්පතිනියත් වැරදියි.. ළමයගෙ ෆෝන් එක අහුවුණා.. ඒත් ඒ ළමයා ෆෝන් එක ගේන්නෙ මේ නිසා කියලා පැහැදිලි කලානේ.. හැබැයි ෆෝන් එක ගේන්න කලින් විදුහල්පතිනියගෙන් අවසර ගත්තා නම් හේතුව කියලා.. සමහර විට අවසර දෙන්නත් තිබුණා..

    ඔය අතින් හැබැයි අපේ ගුරුවරු නම් හොඳයි.. ෆෝන් එක මාට්ටු වුණත් යනකොට දෙනවා..:rofl:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mokatada iskoleta phone geniyanne. genna epa kiyanne eken yahapathata wada ayahapathak wena nisane. pathathara karayoth mokuth balanne netniwa katha hadanawa. mun karan weradi walata principal pali nehe.
    ඒ කෙල්ල හේතුවක් ඇතිවනේ බං ෆෝන් එක ඉස්කෝලෙට අරගෙන යන්නෙ.. උඹ ලිපිය කියෙව්වෙ නැද්ද..? ෆෝන් එකකින් අයහපතක් වෙනව කියලා කියන්නෙ කොහොමද.. එහෙම වුණත් ඒක පාවිච්චි කරන එකාගෙ වැරැද්ද.. පිහියකින් පාන් ගෙඩියක් කපන්නත් පුළුවන්, බෙල්ලක් කපන්නත් පුළුවන්..