මචන් මම Windows, Android and iOS තුනම පාවිච්චි කරනවා මේ තියෙන්නේ ඒවා තමයි...
Sony Xperia P , Lumia 525 , Iphone 4s
Android වල Apps ඕන තරම් තියෙනවා එක හරි..

ඕන Apps ද එපා Apps ද ඕන මගුලක් තියෙනවා ඒ වගේම Apps හොදට Develop කරලත් තියෙනවා එත් මචන් ඔය තියෙන හොද Apps මොනවා දාගත්තත් අපේ මුලික දේ ෆෝන් එකෙන් කෝල් ගන්න එක,
ඉතින් කෝල් එකක් ගන්න contacts වලට යන්න ගියාම තප්පර 5ක් 6ක් යනවා

contacts search කරන්න or ඩයල් කරන්න තව තප්පර 3ක් 4ක් යනවා

ඊට පස්සේ ඩයල් දුනට පස්සේ ඩයල් වෙන්න තව තප්පර 6ක් 8ක් යනවා..

ඔන්න ඕක Android වල තියෙන ප්රශ්නයක්
ඒ කියන්නේ ස්ලෝව් වෙන හා ස්ටක් වෙන එක නිරන්තරයෙන් සිදුවීම..

ඉතින් හදිසියට කෝල් එකක් ගන්න ගියාම ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා...


හැබැයි හැම Android mobile එකකටම මේක අදාළ නෑ..
මේක අදාළ රුපියල් 40000 හා ඊට වඩා අඩු Price range එකේ තියෙන ෆෝන් වලට

( ඒ කියන්නේ දුප්පත් අපේ Price range එක ) තමන්ට ලොකු ගානක් වියදම් කරලා 2GB or 3gb ram, හොද ප්රෝසෙක් හොද චිප් සෙට් එකක් තියෙන Xperia Z1, Galaxy S5 වගේ High end ඒවලට යන්න පුලුවන්නම් මේ ගැටලුව අදාල වෙන්නේ නෑ....


Kandahar කිව්වා වගේ වින්ඩෝස් ෆෝන් Apps වල ප්රශ්නයක් තියෙනවා..
fb app එකේ location update කලින් තිබ්බේ නෑ එත් දැන් තියෙනවා..
picture comments. Stickers message අවුල්


හැබැයි සිංහල හොදට පේනවා..

viber, twitter and Instagram Apps වලත් මේ වගේ අවුල් තියෙනවා හැබැයි හිතෙනවා මේවා ඉස්සරහට develop වෙයි කියලා මොකද මේවා හැදුවේ නැත්නම් මාර්කට් එක වැටෙනවා කොහොමත්....

හැබැයි වින්ඩෝස් රපියල් 10000ක් දීලා ගත්තා එකක් උනත් 50000ක් දීලා ගත්ත එකක් උනත් 50+ Apps දැම්මත් ස්ලෝව් වෙන්නේ ස්ටක් වෙන්නේ නෑ...

අත්දැකීමෙන් කියන්නේ පට්ට Smooth බබා වගේ වැඩ මගේ වින්ඩෝස් ෆෝන් එක අරගෙන අවුරුද්දකට වඩා වැඩි තවම ස්ලෝව් වෙන හරි ස්ටක් වෙන හරි කිසිම කේස් එකක් ආවේ නෑ...

අසාවෙන් පාවිච්චි කරන්න පුළුවන්...

ඇපල් එක ගැන කියනවා නම් කෙටියෙන්ම කියන්නම්
android n windows වල තියෙන ගොඩක්ම අඩුයි iOS වල හැබැයි ගාන නම් ඉතින් සැරයි...


එක තමයි ඇපල් වල ප්රශ්නේ කන ඇපල් වගේ නෙමෙයි...


තව එකක් තියෙනවා මේක මගේ පෞද්ගලික අදහසක් හරිද වැරදිද මන්දා ඇපල් ෆෝන් වල බැටරි capacity එක මදි වගේ කියල හිතෙනවා...


හබැයි 5S , 6 වල නම් ඒ ගැටලුවත් නෑ...