විනේ_කටින_උන්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙම ගීත අරුත් පැහැදිලි කිරීම තේජන අබේදීර මහතාගේ අදහසකි. සියලුම ගෞරවය ඒ මහතා හට හිමිවිය යුතුය. මවිසින් මෙය උපුටා ගත්තා පමණකි. සියලුම දෙනාගේ රසාස්වාදය සදහා මෙහි පලකරන ලදී.

    12141697_10153783382223619_1290286049480162925_n.jpg
    තේජන අබේධීර


    විනේ_කටින_උන්





    විනේ කටින උන් තරහක් නොකියාම
    කනේ කොහොඹ මිරිකනවා හැමදාම
    ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම
    වණේ නැතිව උන් දුක දන්නේ කෝම

    ගමේ ගැටව් කරබාගෙන උන්නාට
    විසේ නැද්ද නාකිත් පිල උඩ රෑට
    නෙලා ගනිමි යැයි කප් රුක පිදුවාට
    ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

    ලැමේ කිරට මොර ගහනා පැටියන්ට
    අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න
    ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුණුකය වලඳන්න

    ගායනය - ප්‍රදීපා ධර්මදාස
    පද රචනය - වසන්ත පුෂ්පකුමාර
    තනුව - රෝහණ වීරසිංහ


    මෙම කවි පෙල (සැබවින්ම මෙය කවි පෙලකී) වසන්ත පුෂ්පකුමාර විසින් පද්‍ය රචනා තරඟාවලියකට යොමුකර ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත් එකකි. ඔහුගේ කවි පංතියෙන් කවි තුනක් රැගෙන මෙම ගීතය නිර්මාණය කර ඇත.

    නාගරික සමාජයේ අපට තරමක් නුහුරු දෙයක් වුවත් ගැමි සමාජයේ කාන්තාවකට ලෙහෙසියෙන්ම මුහුන පෑමට සිදුවන අත්දැකීමක් ගෙනහැර පෑමට කවියා සමත්ව ඇත. නාගරික පරිසරයක් තුල එකිනෙකා බොහෝවිට ජීවත් වන්නේ තනි තනිවය. අසල්වැසියන් සමග ආශ්‍රය කිරීමට ලැබෙන්නේ එහෙමත් වෙලාවකය. නමුත් ගැමි සමාජය තුල තත්වය හාත්පසින්ම වෙනස්ය. එකිනෙකා සමග ආශ්‍රය කිරීමට ලැබෙන කාලය වැඩිය. පෞද්ගලිකත්වය සාපේක්ෂව බොහෝසේ සීමාවීමකට ලක්වේ. නාගරිකව නම් විවාහයෙන් පසු යුවල බොහෝවිට වෙනමම ජීවත්වේ. දෙමාපියන් හා නෑදෑයන් ඔවුන්ගේ ජීවිත වලට අනවශ්‍ය ලෙස සම්බන්ද වීමක් දැකීම සාපේක්ෂව අඩුය. ගැමි සමාජයේදී බොහෝ දෙනෙක් විවාපත් වුවත් ඔවුන් මවුපියන් හා ජීවත්වේ. එසේත් නොමැතිනම් මවුපිය නෑදෑ පිරිවරගේ ඇඟිලි ගැසීම් සමග ජීවිතය ගෙනයාමට සිදුවේ.

    මෙම කවියෙන් කියවෙන කාන්තාව තම ස්වාමියා විසින් කැන්දාගෙන ගොස් ඇති බවක් පෙනේ. ඇය සහ ඔහු පෙර වාසය කර ඇත්තේ ගම් දෙකකය. විවාහ දිවිය ගෙවාගෙන යන මොවුන් දරුපල ලැබීමටත් වාසනාවන්තවේ. නමුත් අවාසනාවද ඔහුන් පසුපස පැමිනෙන්නේ නොසිතූ විරූ අයුරකිනි. ඇයට ඔහුව සදහටම අහිමිවේ. දරුවන් සමග ඈ මෙලොව තනිවේ. එතැනින් කවියා තම කවිය අරඹයි.
    සැමියාගේ වියෝවෙන් පසුව නෑදෑයන් හා අසල්වැසියන් එකතුවී ඇයට අවවාද අනුශාසනා ලබාදේ. නමුත් ඔවුන් තනන්නේ ඇයගේ ජීවිතය තවත් අවුල් ජාලාවක් බවට පත්කිරීමට බැව් ඈ දනී. ඔවුන් කිසිවිටක ඇයහා තරහක් නොපෙන්වයි. ඇය මුහුනපා ඇති දුක් කරදර ගැන කතා නොකරන ඔවුන් ඇයට පවසන්නේ මියගිය සැමියාගේ ගෞරවය ආරක්ෂා කරන ලෙසටයි. ඇය මෙය හොඳහැටි අවබෝද කරගෙන සිටින වගක් පෙනීයයි. ඇය කියන ආකාරයට තුවාලයේ වේදනාව දන්නේ එය ඇති තැනැත්තා පමනි.

    මෙහි පලමු පද සතරේදී කවියා ගැමි වහර මෙන්ම ව්‍යන්ගාර්ත මැනැවින් හසුරුවා ඇත. 'විනේ කටින උන් සහ කනේ කොහොඹ මිරිකනවා' යන්න කදිම උදාහරණයකි.
    දරුවන් සමග ඇය තනිව දිවි ගෙවන්නීය. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවනබව ඈ දනී. ගමේ ඉලන්දාරින්හට ඇයගෙන් ප්‍රයෝජන ගන්නට සිත් ඇති වුවත් ඔවුන් කරබාගෙන සිටිති. මන්දයත් ඇයගේ ප්‍රතිචාරය කුමක්වේදැයි කියා තවම හරිහැටි තේරුම්ගත නොහැකි බැවිනි. නමුත් මැදිවියේ හා ඊටත් වයසින් වැඩි සලෙලුන් ඇය ග්‍රහනයට ගැනීමට මාන බලමින් සිටිති. එය මැනැවින් ඉදිරිපත් කරන කවියා 'විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට' යනුවෙන් පවසයි. මේ "විසේ නැග්ග නාකින්" ඇයට තෑගි බෝග දෙන්න සූදානම් වුවත් , ඇයට ඒවා ලබා ගැනීමට නොහැකි ගැමි කාන්තාවක සතුව පවතින ලැජ්ජා බය නිසාය.

    සැමියා නොමැතිව දරුවන් රැකබලා ගැනීමට ඔවුන්ගේ කුස ගින්දර නිවාලන්න ඇයට හැකියාවක් නැත. තනිවුනු ඇයට තිබෙන් දුක් කරදර නොපෙනුනාසේ සිටින නෑදෑ අසල්වැසියන් ඈට කිසිම උදව්වක් කරන්නේ නැත. ඈට උදව්වට පැමිනෙන්නන් නිසැකවම ඇයගෙන් යමක් බලාපොරොත්තුවේ. ඉතින් මෙසේ තත්වයක් තුල තුන් වේල සරිකර ගැනීමටනම් ඇය හට සිදුවන්නේ සලෙලුන්ගේ ඕනෑ එපාකම් ඉටුකර දීමටය. ඇය දැඩි වෛරයකින් යුතුව මේ සඳහා සලෙලුන් වෙත ආරාධනා කරයි. 'වරෙව් මහතුනේ කුණුකය වලඳන්න'

    ~~තේජන අබේදීර~~


    හැමෝටම බලන්න බම්ප් එකක් වත් දාන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.elakiri.com/forum/showpost.php?p=12271205&postcount=2051

    රෙද්ද පල්ලෙන් පෙරෙන සුචරිතයට ගැසූ අතුල් පහර..........

    විනේ කටින උන්..........

    විනේ කටින උන්
    විනේ කටින උන් තරහක් නොකියාම
    කණේ කොහොඹ මිරිකනවා හැමදාම
    ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම
    වනේ නැතුව උන්
    වනේ නැතුව උන් දුක දන්නේ කෝම.....???

    ගමේ ගැටව් කරබාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
    නෙලා ගනින් යයි කප් රුක පිදුවාට
    ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

    විනේ කටින උන්
    විනේ කටින උන් තරහක් නොකියාම
    කණේ කොහොඹ මිරිකනවා හැමදාම
    ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම
    වනේ නැතුව උන්
    වනේ නැතුව උන් දුක දන්නේ කෝම.....???

    දැලේ කිරට මුර ගහනා පැටියන්ට
    අනේ කවුද ඉන්නේ වෙලක් දෙන්ට
    ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුනු කය වළදන්ට

    විනේ කටින උන්
    විනේ කටින උන් තරහක් නොකියාම
    කණේ කොහොඹ මිරිකනවා හැමදාම
    ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම
    වනේ නැතුව උන්
    වනේ නැතුව උන් දුක දන්නේ කෝම.....???


    ප්‍රදීපා ධර්මදාස අප හදුනන්නේ ඇය හිමි ඩලස් පත්තරකාරයෙක් ව ඉන්නා සමයේ, ඔවුන් ගේ පෙම් පුරාවත පවතින කළ සිටමය. සයිවර් කඩයකට වැදී සිය පත්තර සගයන් සමග වේලක් බුදීම ආනන්දය කරගත් මුන් දෙදෙනා ගේ ප්‍රේමය එකල යෞවනයේ සිටි අපහට ගෙනාවේ මහත් වූ ආශ්වාදයකි. ප්‍රදීපා ගායනා කල ගීත වලින් කුහක සුචරිතවාදීන් ගේ කණට ගසන මේ ගීතය, මා ඉතාමත් ප්‍රිය කරන එකකි. එය ලියා ඇති දරා ගත නොහෙන මට්ටමේ සරොස රැදි ආඛ්‍යයන රීතිය එයට හේතුව යයි සිතමි.

    සැමියා මිය ගිය බිරිදක ගේ කුටුම්භ රක්ෂණය පිළිබද අර්බුදය මෙම ගීයේ තේමාවය. පතියා මිය ගිය කල්හි ඔහු ගේ සියළු ම ගුණ කද රැක ගෙන ඉන්නට අවවාද කරන සමාජය ම, ඇගේ දිළිදුකම අවිය කොට ගනිමින් ඇගේ ඇග මස වෙන්දේසි කරන හැටි මේ ගීතය අපට කියයි. මේ උවදෙස් දීම අර්බුදයේ මුව විට සිටින ඇගේ "කනේ කොහොඹ මිරිකීමකි" කොතරම් අපූරුද මේ උපමාව ම? කුටුම්භ රක්ෂණයේ අර්බුදය නොදන්නා උන් ගෙදර බත ඉදවීම සිට දරුවන් ගේ කුදු මහත් කාර්යයන් තනි ගැහැණියක ගේ කරපිට පැටවී ඇති "වණය" නොදකිති. ඉදින් -වණේ නැතුව උන්-දුක දන්නේ කොහොමද?

    ගමේ ගැටව් කරබාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
    නෙලා ගනින් යයි කප් රුක පිදුවාට
    ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

    සැමියා මිය පරලොව ගොස් තනිවන තරුණ මව්වරුන් සමග කොටු පනින්නට බලන් ඉන්නේ තරුණයන් නොවේ. "විසේ නැග්ග" නාකියන්ය. මුදලට ගත පුදනු පිණිස මේ ගැහැණිය පොළඹවන්නේ මේ ඊනියා සුචරිතය අපුල්ලන, එය ම වර්ණනා කරන වැඩිහිටි-මහළු පිරිමින්ය. අහෝ මෙහෙම ගැහිල්ලක් නම් මම අම්මා මුතුන් කාලයක ගීතයකින් අසා නැති. මේ පිරිමින් වුවද ඇගේ සිරුර මිළ දී ගන්නට අත පිරෙන්නට මුදල් දීමට සැරසුණ ද, එයද අර්බුදයක් ම වන්නේ ඊනියා සදාචාරය-සුචරිතමේනියාව නිසාය. මහල්ලන් කප් රුක පිදුවද ඇගේ "ඉනේ රෙද්ද' -" හරහට" සිටින්නේ එබැවිනි.


    දැලේ කිරට මුර ගහනා පැටියන්ට
    අනේ කවුද ඉන්නේ වෙලක් දෙන්ට
    ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුනු කය වළදන්ට

    දරුවන් සමග ආර්ථික ආගාධයේ ගිලෙන තරුණ මව ගේ පැණය මෙයයි. තම දරුවන්ට වේලක් වත් කන්නට දෙන්නේ කවුද? සැමියා ගේ ගුණ රැකගෙන ඉන්නට බල කරන සමාජය ඇගේ ඒ පැණය ගැන බලන්නේ නැත. ඇයට සරණක් නැත. තම දරුවන් ගේ උදර පොහොණිය, ඊනියා සුචරිතවාදීන් බලන්නේ නැත. එනිසා ඇයට නිවසෙහි ආර්ථික ආගාධයෙන් ගොඩ ඒමට නම්, මේ "මහතුන්" හට සිය කුණු කය වළදන්නට දීමට සිදුවේ.

    කණට ගසන තරම් දරුණු වූ උත්ප්‍රාසයක් ජනනය කරමින් මේ ගීතය ලියා ඇති ගේය පද රචකයා රත්මලේ බන්දුල ගුණවර්ධනයන්ය. අපේ ඊනියා සදාචාරය, සුචරිතය ගැන බණ දෙසාබාන කුහක සමාජය මෙතරම් ගර්හාවටත්, නිගරුවටත් පත් කළ ගී පද රචනයක් වෙනත් තැන සොයා ගැනීම උගහටය.

    යූ ටියුබ් රූපපෙළක් සොයා ගැනීමට නොහැකිවිය. අසනු කැමති සොයුරු සොයුරියන් මෙම දිගුව ඔස්සේ ගොස් බාගත කරගත මැනව.
    පිළිවන් නම් මේ ගියට රූප පෙළක් රචනා කොට ඒ යූ ටියුබය වෙත උඩු ගත කිරීම හෙල සුභාවිත ගීතයෙහි වෙර පිණිසම බව ද නොකියාම බැරිය.

    විණේ කටින උන්-ප්‍රදීපා ධර්මදාස
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩේ පට්ට බං:).... අදයි ඇහුවේ කියහංකෝ......:(

    පට්ට හින්ට් පාරක් නේ ගහන්නේ:)...+
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Me sinduwa ahala thibbata padha rachanaya kiyewwe dan..mama hithuwe "nadan punchi hiramane...awidin onna wasanthe"...wage jana geeyak kiyala mul wachana tika echchara therune nathi nisa..niyamai..:love::love::love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙවැනි තත්ත්වයකට පත් ගැහැණියකට ඇති එකම විකල්පය, ඇඟ විකිණීමම පමණක්ද ? :oo::oo:

    නැහැ නේද ? එත් මන් හිතනේ පහසුම විකල්පය එක