Questions විනෝදාංශයක් විදියට පොඩි කාලේ මුද්දර එකතු කරපු අය ඉන්නවද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,000
    11,741
    113
    මගේ ගාවත් සුපිරිම ලංකාවේ සහ රට මුද්දර එකතුවක් තිබ්බා. 90 ගණන් වල ඉඳලා එකතු කරපු ඔක්කොම ටික ලස්සනට පොතක අලවලා තිබ්බා. ඒ පොත 2006 දී A/L ඉවර වෙලා මං මල්ලිට දුන්නා උඹ කරගෙන පලයන් කියල. කිසිම දේක වටිනාකමක් නැති ඌ ඒක පොඩි ගානකට විකුණලා දැම්මනේ. අද තිබ්බනං සැහෙන්න වටිනවා වෙන්නත් පුළුවන්.

    ඕගොල්ලන්ගෙත් පුංචි කාලේ ඉඳන් මොකක් හරි ආසාවෙන් එකතු කරපු දෙයක් තියෙනවනන් ඒක පවුලේ එකෙක් වෙච්ච පලියට දෙන්න යන්න එපා. ඒක ඇත්තටම අගයන, වටිනාකමක් තියෙන කෙනෙක්ට දෙන්න.

    මට මේ pdf එක දැකලා මතක් වෙලා මේක ලිව්වේ.

    මුද්දර ලෝකයට පිවිසෙමු










    ඕගොල්ලෝන්ගෙත් පුංචිකාලේ මුද්දර එකතු කරපු මතකයන් තියෙනවන් & වටිනා විස්තර තියෙනවනන් මෙතන බෙදාගමු.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මුද්දර,කුරුළු පිහාටු එකතු කරපු එවුන් හිටියා.අපිට නම් ඒ පිස්සුව තිබ්බේ නෑ.
    කුරුළු පිහාටු දෙන්නම් කියලා පොඩි කොල්ලෙක් අරන් ගිහින් මරපු සීන් එකකුත් මතකයි ඒ කාලේ.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    අනික් උන් එකතු කරපු හින්ද , කොන් වෙන්න බැරි හින්දා එකතු කරා.... පස්සේ මගේ මුද්දර පොත එකෙක් ඉස්සුවා ..
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • අනික් උන් එකතු කරපු හින්ද , කොන් වෙන්න බැරි හින්දා එකතු කරා.... පස්සේ මගේ මුද්දර පොත එකෙක් උස්සලා ..
    මමත් එහෙම තමා රැල්ලට මුද්දර එකතුකරේ. අපේ ලොකුතාත්ත පොර එකතුකරපු මුද්දර සේරම මට දුන්න හෙන කලෙක්ෂන් එකක්. දැන් නම් එකතුකරපු මුද්දර කොහෙද කියලවත් දන්නෙ නෑ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    hobby එක ඇහුවවම කියන්නත් එකක් තියෙන්නෙ එපැයි. ඒ දවස් වල ගැම්මෙන් කියන්නෙ collecting stamps කියල.
    පොඩියට පොතකුත් තිබ්බ බොරු කියන්න බැරි නිසා. දැන් පොත කොහෙද දන්නෙ නෑ. නැට්ටුක්කාරයො සෙට් එක හිටිය. වටිනම එක බ්ලැක් පෙනි තිබ්බ.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මුද්දර,කුරුළු පිහාටු එකතු කරපු එවුන් හිටියා.අපිට නම් ඒ පිස්සුව තිබ්බේ නෑ.
    කුරුළු පිහාටු දෙන්නම් කියලා පොඩි කොල්ලෙක් අරන් ගිහින් මරපු සීන් එකකුත් මතකයි ඒ කාලේ.
    මචං මේ සීන් එක උනේ අල්ලපු ඉස්කෝලෙ ළමයෙක්ට. මට වඩා අවුරුද්දක් හෝ දෙකක් වැඩිමල් ඇති. ඒ වයසත් එක්ක සෑහෙන බය උනා මම නම්.