විමලෙ හරි දියේගෝ ගාර්සියා ඇමරිකාවට නැතිව
මම මුලින් විමලෙ කියන දේ සතපහකට විශ්වාසකලේ නෑ. මොකද මිනිහා නිතරම අහස කඩන් වැටෙනවා කියලා බෙරිහන් දෙනවනෙ. ඒත් නිකමට මේ කතාවේ මොකක් හරි ඇත්තක් තියෙනවාද කියලා හොයලා බලන්න හිතුනා...
කියවගෙන කියවගෙන යනකොට තේරුණා මේ වතාවේ නම් විමලයා හරි කියලා...
මෙන්න දියේගෝ ගාර්සියා ඇමරිකන් කඳවුර ඇමරිකාවට අහිමිවෙන්න පුලුවන් හේතු.....
දියේගෝ ගාර්සියා කියන්නේ විශාල අමෙරිකානු යුධ හා නාවික කඳවුරු තියෙන චාගෝස් ආචිපෙලාගෝ නැතිනම් චාගෝස් දූපත් සමූහයේ තියෙන කොරල් දූවක්. මේ ක කලින් ජනශූන්‍යයි. 1790ගණන්වල ප්‍රංශය අල්ලාගත්ත මේ දූපත් සමූහය ප්‍රංශයේ නැපෝලියන් බොනපාර්ට් අධිරාජ්‍යයා එන්ගලන්තෙට පැරදුනාට පස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පවරලා දුන්නා. ඒක 1965 වෙනකන් පාලනය වුනේ මුරුසිය-සී ශෙල්ස් දූපත් පාලනය කල බ්‍රිතාන්‍ය යටත් විජිතා පාලන අධිකාරියට. 1966දී බ්‍රිතාන්‍යය ගාර්සියා දූව මුරිසි-සී ශෙල්ස් අයුඉතියෙන් මුදවාගෙනයි සීශෙල්ස් හා මුරුසි දිවයිනට නිදහස දුන්නේ.
1966දී බ්‍රිතාන්‍ය රජය හා අමෙරිකාව අතර 50 අවුරුදු ගිවිසුමකින් දියේගෝ ගාර්සියා දූව අමෙරිකාවට පවරලා දුන්නා. අමෙරිකාව දැවැන්ත කඳවුරු හැදුවේ ඊට පස්සෙ. මේ ගිවිසුම 2016න් ඉවරයි. ගිවිසුමේ තියෙනවා තවත් අවුරුදු 50කට දික් කරන්න ප්‍රතිපාදන. ඒත් බ්‍රිතාන්‍යය කැමතිනම් විතරයි.
බ්‍රිතාන්‍ය ආන්ඩුව ඇමරිකාවට දෙන්න කැමතියි, ඒත් ලොකු ගැටලු දෙකක් තියෙනවා.
පලවෙනි එක, මුරුසිය දියේගෝ ගාර්සියාවට අයිතිවාසිකම් කියනවා. එයට රටවල් ගණනාවක් සහය දෙනවා. මුරුසිය කියන්නේ බ්‍රිතාන්‍යය තමන්ට නිදහස දෙනකොට රටට අයිති දූපතක් බලෙන් තියාගෙන ඇමරිකාවට දුන්නා කියන එකයි. මුරුසිය මේ ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරලා තියෙනවා.
දෙවෙනි ප්‍රස්නෙ වඩා බරපතලයි. බ්‍රිතාන්‍ය පුරවැසියන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට නඩු කිහිපයක් පවරලා තියෙනවා දියේගෝ ගාර්සියා දූව ඇමරිකාව ගිවිසුමට පටහැනිව නීති විරෝධී ආක්‍රමණ හා වෙනත් කටයුතු වලට යොදාගෙන තියෙනවා කියන එක. මින් එක් බරපතල චෝදනාවක් වෙන්නේ සී.අයි.ඒ සංවිධානය, ඇෆ්ඝනිස්තානයෙන්, ඉරාකයෙන් නීති විරෝධීව අල්ලා ගත්ත සිරකරුවන්, වදදී ප්රශ්ණකිරීම සඳහා කියුබාවේ ගුවන්තනාමෝ සිරකඳවුරට ගෙන යන ගුවන් යානාවලට දියේගෝ ගාර්සියා ගුවන් කඳවුරේ ගොඩ බස්සන්න හා තාවකාලිකව නවාතැන් ගන්න යොදාගත්තා කියන එක.
මේ අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඇමරිකාවට දියේගෝ ගාර්සියා දූව දෙනකොට ඇතිකල ගත් ගිවිසුමේ කොන්දේසි කඩවූ බවත් එම කඩවීම් පිලිබඳව බ්‍රිතාන්‍ය රජය/බුද්ධි අංශ දැනසිටි බවත්, වැලක්වීමට කිසිවක් නොකල බවත් නඩුවල චෝදනා නගා තියෙනවා.
ඒ නිසා විමල් වීරවන්ස කියනවා වගේ දියේගෝ ගාර්සියාව ඇමරිකාවට නැතිවෙන්න පුලුවන්.