විමලෙ හරි දියේගෝ ගාර්සියා ඇමරිකාවට නැතිව

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විමලෙ හරි දියේගෝ ගාර්සියා ඇමරිකාවට නැතිව

    diego-garcia-space.png

    මම මුලින් විමලෙ කියන දේ සතපහකට විශ්වාසකලේ නෑ. මොකද මිනිහා නිතරම අහස කඩන් වැටෙනවා කියලා බෙරිහන් දෙනවනෙ. ඒත් නිකමට මේ කතාවේ මොකක් හරි ඇත්තක් තියෙනවාද කියලා හොයලා බලන්න හිතුනා...

    කියවගෙන කියවගෙන යනකොට තේරුණා මේ වතාවේ නම් විමලයා හරි කියලා...

    මෙන්න දියේගෝ ගාර්සියා ඇමරිකන් කඳවුර ඇමරිකාවට අහිමිවෙන්න පුලුවන් හේතු.....

    දියේගෝ ගාර්සියා කියන්නේ විශාල අමෙරිකානු යුධ හා නාවික කඳවුරු තියෙන චාගෝස් ආචිපෙලාගෝ නැතිනම් චාගෝස් දූපත් සමූහයේ තියෙන කොරල් දූවක්. මේ ක කලින් ජනශූන්‍යයි. 1790ගණන්වල ප්‍රංශය අල්ලාගත්ත මේ දූපත් සමූහය ප්‍රංශයේ නැපෝලියන් බොනපාර්ට් අධිරාජ්‍යයා එන්ගලන්තෙට පැරදුනාට පස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්යයට පවරලා දුන්නා. ඒක 1965 වෙනකන් පාලනය වුනේ මුරුසිය-සී ශෙල්ස් දූපත් පාලනය කල බ්‍රිතාන්‍ය යටත් විජිතා පාලන අධිකාරියට. 1966දී බ්‍රිතාන්‍යය ගාර්සියා දූව මුරිසි-සී ශෙල්ස් අයුඉතියෙන් මුදවාගෙනයි සීශෙල්ස් හා මුරුසි දිවයිනට නිදහස දුන්නේ.

    1966දී බ්‍රිතාන්ය රජය හා අමෙරිකාව අතර 50 අවුරුදු ගිවිසුමකින් දියේගෝ ගාර්සියා දූව අමෙරිකාවට පවරලා දුන්නා. අමෙරිකාව දැවැන්ත කඳවුරු හැදුවේ ඊට පස්සෙ. මේ ගිවිසුම 2016න් ඉවරයි. ගිවිසුමේ තියෙනවා තවත් අවුරුදු 50කට දික් කරන්න ප්‍රතිපාදන. ඒත් බ්‍රිතාන්‍යය කැමතිනම් විතරයි.

    බ්‍රිතාන්‍ය ආන්ඩුව ඇමරිකාවට දෙන්න කැමතියි, ඒත් ලොකු ගැටලු දෙකක් තියෙනවා.

    පලවෙනි එක, මුරුසිය දියේගෝ ගාර්සියාවට අයිතිවාසිකම් කියනවා. එයට රටවල් ගණනාවක් සහය දෙනවා. මුරුසිය කියන්නේ බ්‍රිතාන්‍යය තමන්ට නිදහස දෙනකොට රටට අයිති දූපතක් බලෙන් තියාගෙන ඇමරිකාවට දුන්නා කියන එකයි. මුරුසිය මේ ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරලා තියෙනවා.

    දෙවෙනි ප්‍රස්නෙ වඩා බරපතලයි. බ්‍රිතාන්‍ය පුරවැසියන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට නඩු කිහිපයක් පවරලා තියෙනවා දියේගෝ ගාර්සියා දූව ඇමරිකාව ගිවිසුමට පටහැනිව නීති විරෝධී ආක්‍රමණ හා වෙනත් කටයුතු වලට යොදාගෙන තියෙනවා කියන එක. මින් එක් බරපතල චෝදනාවක් වෙන්නේ සී.අයි.ඒ සංවිධානය, ඇෆ්ඝනිස්තානයෙන්, ඉරාකයෙන් නීති විරෝධීව අල්ලා ගත්ත සිරකරුවන්, වදදී ප්‍රශ්ණකිරීම සඳහා කියුබාවේ ගුවන්තනාමෝ සිරකඳවුරට ගෙන යන ගුවන් යානාවලට දියේගෝ ගාර්සියා ගුවන් කඳවුරේ ගොඩ බස්සන්න හා තාවකාලිකව නවාතැන් ගන්න යොදාගත්තා කියන එක.

    මේ අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඇමරිකාවට දියේගෝ ගාර්සියා දූව දෙනකොට ඇතිකල ගත් ගිවිසුමේ කොන්දේසි කඩවූ බවත් එම කඩවීම් පිලිබඳව බ්‍රිතාන්‍ය රජය/බුද්ධි අංශ දැනසිටි බවත්, වැලක්වීමට කිසිවක් නොකල බවත් නඩුවල චෝදනා නගා තියෙනවා.

    ඒ නිසා විමල් වීරවන්ස කියනවා වගේ දියේගෝ ගාර්සියාව ඇමරිකාවට නැතිවෙන්න පුලුවන්.:yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් 2/2 = 0යි කියල පිළිගන්නෙ නෑ ඒත් මේ කාරණේදි විමල් වීරවංශ හරි බව මටත් හිතෙනව :yes: :yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    විමලයා අධිරාජ්‍ය කුමන්ත්රණ කියලා ක ගහනකොට ජෝක් එක වගේ පෙනුනට,
    අපේ රරට උනත් එහෙම නැත්තේම නැහැ. උනේ එක වැඩිපුර market කරපු එක. එකෙන් උනේ මිනිස්සුන්ට පොරව එක්කම එකත් ජෝක් වෙන එක. :D
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මාත් 2/2 = 0යි කියල පිළිගන්නෙ නෑ ඒත් මේ කාරණේදි විමල් වීරවංශ හරි බව මටත් හිතෙනව :yes: :yes:

    miniht ÷mai -mai petalun bn
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බණ්ඩාර නිළමෙ;19724314 said:
    ඉන්දියානු RAW ඔත්තු සේවයේ කුමණ්ත්‍රණ කතාවත් ඇත්ත කියල මටත් ලගදි හිතුනා.

    :yes::yes:
    සිරිසේන මහත්තයා මෝදි ට අන්දගෙන එහෙම.
    ඕක ඇත්තක් නම් හැබැයි හෙන අපරාධයක්.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :yes::yes:
    සිරිසේන මහත්තයා මෝදි ට අන්දගෙන එහෙම.
    ඕක ඇත්තක් නම් හැබැයි හෙන අපරාධයක්.

    ඕවා වෙනවා මචන්.....මහින්ද චීනෙට ලංවීම, චීනේ නැතුව බැරිවීම ඇමරිකාවට, ඉන්දියාවට ලොකු ප්‍රශ්ණයක් වුනා.

    කෙලින්ම අතදාන්න අමාරුයිනෙ, යන යන තැන කෙලවෙලා.. ඇෆ්ඝනිස්තානෙ අවුදු 13ක් (2001-2014) යුද්ධ කරලා, ඇමරිකන් සෙබලු 2300ක් මැරිලා 19,000ක් බරපතල තුවාල වෙලා, සාමාන්‍ය මිනිස්සු 100,000කට වඩා මැරිලා මොකක්ද ලබා ගත්ත දේ? දැන් ආයෙත් තලේබාන් ඇෆ්ඝනිස්තානේ ටිකෙන් ටික යට කරගෙන යනවා.

    ඒ නිසා හොඳම ස්ට්‍රැටෙජිය තමයි මහින්දගේ දේශීය සතුරන් ශක්තිමත් කරලා, සල්ලි එවලා, ජනමතය හදන්න සෙට් කරලා, මහින්දව ජාත්‍යන්තරයේ පුලුවන් තරම් කොටු කරලා, ලෙඩ දාලා හෙම්බත් කරවලා, චන්දයකදී පරදින්න සෙට් කරන එක. හැබැයි මහින්ද පැරදුනේ තනිකර ඇමරිකන්, ඉන්දියන් කුමන්ත්‍රණ වලින්ම නෙමෙයි. එහෙම පුලුවන් නම් ෆිදෙල් කැස්ත්‍රෝලා නැතිවෙන්නේ 1960 ගණන්වල.

    මහින්දව නැතිකරන්න බොදුබලේ, මැරවින්, කුඩු දුමින්ද, සජින් වාස්, ගුවන් විදුලියේ වල් හඩ්ඩා, සාස්තර සුමනදාස ලොකු මෙහෙයක් කලා. උන් සාමාන්‍ය මිනිස්සුන්ට මහින්දව එපා කෙරෙව්වා. තම්බි, දෙමලු පැත්තක තිබ්බත් සිංහල කතෝලික, ක්‍රිස්තියානි මිනිස්සුන්ව මහින්ද එක්ක තරහා කරවන්න බොදුබලේ පිස්සු සාදුලා කොච්චර වැඩකලාද? සජින් වාස්ගේ, කුඩු දුමින්දගේ, මැරවින්ගේ පාතාල සෙල්ලන්, නීතිය බල්ලට දැමීම් නිසා සාමාන්ය නීතිගරුක මිනිස්සුන්ට මහින්දව තිත්ත කෙරෙව්වා.

    නැතිනම් මහින්ද පරදින්නේ නෑ.... මේක මගේ පෞද්ගලික මතය.
     
    සහතික ඇත්ත.

    දනටත් ඔය කඩේ යන සෙට් එක හලලා හොඳ මිනිස්සු ටිකක් ලං කරගෙන හිටිය නම් මනුස්සය ඔච්ච්චර දුර්වල වෙන්නේ නැහැ. එත් ඉතින් බහුතරයක් වල බුරුවො ඉන්න පාර්ලිමේන්තුවක වෙන කරන්න දේකුත් ඇත්තේ නැහැනේ. මිනිහට වටින්නේ පාර්ලිමේන්තුවේ තිබ්බ 2/3 බලෙනේ. අනික මිනිහට වැරදුනේ රටේ බහුතරයක් ඉන්නේ වල බූරු හැත්තක් කියල හිතපු එක. (ITN එහෙම පාවිච්චි කරපු හැටි, පඹ සිරිසේන,). එකත් එක්ක එලියට ආව අර තිස්ස උස්සගෙන අපු ගිවිසුම එහෙම joke එකක් උනා. හැබැයි එකේ තිබ්බ දේවල් ඇත්ත කියල හිතෙනවා දැන්. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ.

    සෝවියට් ඇමරිකන් වගේ දැන් තියන සිතල යුද්දේ ඕක තමා. බලය වැඩි පැත්තට හේත්තු වෙන ඒකාට වාසියි. මොනවා උනත් නායකයෙක් හැටියට වැරදි ටික හැලුවා නම් මහින්ද කියන්නේ නායකත්වයට සුදුසු හොද නායකයෙක්.

    ඉතිහාසේ ගත්තහම කොයි තරම් ලොකු නායකයෙක් උනත්
    සුද්ධවන්තයෝ නෙමෙයි. එහෙම එවුන් කොහොමත් පහල වෙන්නෙත් නැහැ. මිනි දහස් ගණන් මරල ඇති ඔය තැන වලට එද්දී. එත් රටේ තියන තත්වේ අනුව ඌ ගැන ලෝකෙට යන විදිහ වෙනස් වෙනවා.
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඉතින් දැන් මොකෝ කරන්නෙ
    විමල් කියන දේ අහලා මහින්ද අගමැති කරමුද ? :D:D
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    විමල් තමයි මහින්දට පළමු ප්‍රහාරය ගැහුවෙ ආර්ථික ඝාතක කතාවක් කියලා 2014 අගොස්තු වල

    රටේ මිනිස්සු බැලුව යකෝ මූ මේ මොකෝ කියන්නෙ කියලා....

    එහෙව් විමල් ලගට කරගෙන තාමත් කනවා.... අප්පච්චී...