වියපත් රතු ඉන්දියානුවා
වියපත් රතු ඉන්දියානුවෙක් ඩොලර් 500ක ණයක් ඉල්ලා සිටියා. බැංකු නිලධාරයා ණය අයදුම් පත ඔහුට දුන්නා.
”මේ මුදල් යොදවන්නේ මොනවට ද?”
”රිදී මිලට ගෙන ආභරණ හදලා විකුණනවා.”
”ඇප වශයෙන් මොනවද තියෙන්නේ?”
”ඇප කියන්නේ මොනවද? මං දන්නෙ නෑ.”
”ඔබට දෙන ණය මුදලට සමාන වටිනාකමක් ඇති දෙයක් ගැන. ඔබට වාහන තිබෙනවාද?”
”ඔව්. චෙවි පිකප් එකක්. 1949 අවුරුද්දේ.”
”ඔයාට පශු සම්පත් තියෙනවද? එ් කියන්නේ සතුන් ඉන්නවද?”
”ඔව්. අශ්වයෙක් ඉන්නවා.”
”අශ්වයාගේ වයස කීයද?”
”දන්නෙ නෑ. එයාට දත් නෑ.”
කෙසේ නමුත් බැංකුකරුවා ඔහුට ණය ලබා දෙන්නට තීරණය කළා. සති කිහිපයකට පසු රතු ඉන්දියානුවා නැවතත් බැංකුවට පැමිණියා. නෝට්ටු මිටියක් ඇද මේසය මත තැබුවා.
”මං ගත්ත ණය ගෙවන්න යි ආවේ.”
”ඉතිරිවන මුදල්වලට මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?”
”මං ළඟ තියාගන්නවා.”
”ඇයි අපේ බැංකුවේ තැන්පත් කරන්නේ නැත්තේ?”
”තැන්පත් කරනවා. මට තේරෙන්නෙ නෑ.”
”ඔයා මුදල් අපේ බැංකුවේ දානවා. අපි එ්වා රැක ගන්නවා. ඔබට ඕනෑ වෙලාවට ගන්න පුළුවන්.”
වැඩිහිටියා බැංකු නිලධාරියා දෙසට නැමුණා. ”මගේ තැන්පතුවලට ඔයාලා මොනවද ඇප තියන්නේ?”
මහින්ද ගුණවර්ධන.
http://forum.lankaninvestor.com/t10851-topic#90850