විරහවේ අභියාචනා

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    විරහවේ අභියාචනා

    ස්වාමීනී මන් ඒකිට ආදරේ කරා
    නීතියේ කන්යාවියගේ
    කන්යා පටල සත්තට
    නඩු වාර ඇතත් පෙර
    සාක්ෂිකාරයෝ මෙන්න

    ඒකිව බලාගන්න
    අහම්බෙන් මෙන් හමුවන්න
    ක්ලාස් තියන හැමදාම
    උදේම බාගෙටත් නැගිටලයි
    මන් ආවෙ විද්යාලෝකෙ ලගට
    වීසිංහ සාක්ෂියි

    දවසෙ තිස්සෙ රෑ පුරා
    මගෙ හිත පෑරුව
    ඇති තරම් ඇඩුව මම
    දැන් මගෙ හිත ගල් වෙලා
    නෙට් එකේ හිටපු මදුරුව සාක්ෂියි

    නුවර ගිහින් ලොකුවෙලා
    මට ටෝක් දුන්න
    මන් හාවෙක් කියල හිතක
    ඌ එක්ක රවුම් ගැහුව
    මට ෆොටෝ පෙන්නුව
    ඒකි දන්නෙත් නැති
    ඒකිගෙ යාලුවෙක් සාක්ෂියි

    එක බත් එක පැය ගණන්
    අපි කෑව බව
    තුරුළුවෙලා නිසොල්මනේ
    හාදු දුන්න බව
    ඒකිගෙ කාමරෙ බිත්ති හතර සාක්ෂියි

    ප්‍රේමයෙන් මත් වෙලා
    මන් පිස්සු කෙලිය බව
    විරහවෙන් ආතුරව
    නන්නත්තාර වෙච්ච බව
    ඒකි හිනාවෙද්දි
    මන් ඇඩුව බව
    මගේ දෙනුවන් සාක්ෂියි

    මේ ලංකාවෙ
    ආදරේ වෙනුවෙන් පොලිසි යන
    එකම මෝඩි ඒකිද
    ඒකිගෙ තාත්ත මට ගැහුව
    තවම හිතේ මතකයි ස්වාමීනී
    නීතී විරෝධීව මගෙන් ගත්
    හැදුනුම්පතත් අද අඩනවලු
    හර්ෂ මල්ලි සාක්ෂියි

    "උඹව රැවැට්ටුව අයියෙ ඒකි"
    එකිගෙ යාලුවෙක්ගෙ ශේෂ්ඨාධිකරණයෙන්
    පණිවිඩයක් ආපු බව
    අභියාචනා අයදුම්පත්
    විභාග කර
    ඉවත දාපු බව
    මාත් එක්ක පියවියෙ බුදියල
    ඌ එක්ක හීනෙන් නිදි වදින්න
    ඒකී හීන දකින බලද්දිත්
    මන් ඒකිට බැන්න

    ඉතින් ඌ එක්ක යන්න ඇරල
    මන් බලන් හිටිය
    මන් රැවටුනා ස්වාමීනී
    "වේ@%&^ එක්ක මන් බුදියෑවෙ"
    මන් පෙම් කරපු බව
    නොදැනීම රැවටුනා නීතිපති තුමනි

    ඒකිට පෙම් කල වරදට
    ඔබ තුමා මට දෙන්නෙ
    අවුරුදු 10 ක බරපතල
    වැඩ සහිත සිර දඩුවමක්
    විතරමද.................?


    (කෝසල රාජරත්න)


    e15243d5-58a2-4215-8989-0d666bbb07d6.jpg


    බුකියේ තිබිලා ඉස්සුවේ.අමුතු කික් එකක් තිබ්බා
     
    • Like
    Reactions: ryandok