විශ්වාස, ආගම් සහ විද්‍යාව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    විද්‍යාවේ theory සත්‍ය යයි සලකන, අවසාන theory එක නොවන නිසා එකේ වටිනාකමක් නැහැ කියල කියන්න බැහැ. මොකද ඒවායින් අපිට පෙනෙන observation පැහැදිලි කරන නිසා. එක හුදෙක් කතන්දරයක් විතරක් නෙවි.

    අපි විද්‍යාව ගැන දිර්ගව කතා කරා general relativity වෙනකම්. විවේචනය කරා. එක හොද දෙයක්.

    ඇයි අපි ආගම් ගැනත් එහෙම දරුණු විවේචනයක් නැත්තේ? ආගම් ගැන ප්‍රශ්ණ අනන්තවත් තියෙනවා. පොඩි ප්‍රශ්න කිහිපයක්.

    (1) මාලුවෙක් ඇල්ලුවහම මනුස්සයෙකුට X ප්‍රමාණයක් පව් පිරෙනවා. මාළු 10 ඇල්ලුවොත් පිරෙන පව් ප්‍රමාණය එහෙනම් කොපමණද (10*X ?) ? එහෙම දෙයක් ආගම්වල පැහැදිලිව අර්ථ දක්වල තියෙනවද?

    (2) මදුරුවෙක් මැරුවහම X ප්‍රමාණයක් පව් පිරෙනවා. මිනිහෙක් මරුනහම පව් කොච්චර පිරෙනවද?

    (3) එක ජාතක කතාවක තියෙනවා මට මතකයි (වැරදි නම් නිවැරදි කරන්න) එළුවෙක්ගේ බෙල්ලෙක් කපල, ඒ නිසා ආත්ම පන්සියක් ඒ විදියට මැරුම් කැවලු. මේක නිවැරදිද? සාදාරන දෙයක්ද? මාළු 10 ඇල්ලුවොත්, එකේ පව් ගෙවෙන්න ආත්ම 5000 යනවද?

    අපි තේරුම් ගන්න ඕනේ කර්මය කියන දේ "නිසි ලෙස" අර්ථ දක්වල නැහැ. එක ඇතිවෙන විදිය, mechanisam එක, පලදෙන ආකාරය. අපි නොතේරෙන දෙයක් පසුපස අන්ධව යන්නේ කිසිම නිරීක්ෂණයක් නැතිව.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    917
    704
    93
    ඕක තමයි විද්‍යාවෙත් කියන්නේ cause and effect කියල

    ඔය ඔක්කොම දේවල් බුදුදහමින් analyze කරන විදිය. ආගම එක්ක තර්ක කරලා දිනන්න බැහැ. මොකද ආගම් කියන්නේ නිර්මාණයක්. ප්‍රශනයක් ඇහුවහම උත්තරයක් නිර්මාණය කරන එක සුළු දෙයක්.

    උදාහරණයක් විදියට,
    ප්‍රශ්නය :කර්මය කියන දේ තියෙනවද ?.
    උත්තරය : කර්මය කියන්න මෙහෙම කියල දීර්ග විදියට විස්තර කරනවා.

    ප්‍රශ්නය: ඊළගට අපි අහනවා අපි කොහොමද දන්නේ හරියටම කර්මය තියෙනවා කියල
    උත්තරය : එක තේරුම් ගන්න හරියට පුළුවන් නිවන් දැකපු කෙනෙක් ගෙන් විතරයි. ඒගොල්ලෝ තමයි අපිට විස්තර කරලා තියෙන්නේ.

    ප්‍රශ්නය: ඊළගට අපි අහනවා අපි කොහොමද දන්නේ හරියටම කර්මය තියෙනවා කියල
    උත්තරය : තර්ක වලින් හැමදේම අවබෝද කරන්න බැහැ

    මට මේ පිළිතුරු වලින් සෑහීමට පත් වෙන්න බැහැ
    විද්‍යාවෙ cause and effect තියෙනව තමයි නමුත් බුදු දහමේ cause and effect කතාවට ඊට වඩා ගොඩක් වෙනස්. ඇත්තටම ඔය දෙක කතා දෙකක්. විද්‍යාවෙ cause and effect වලට,හිත කියන entity එකෙ සම්බන්ධය ඉතාම සුළුයි, ඒක ඔය @nipund කිව්ව වගෙ theory ටිකකින් govern වෙනව. theory කිව්වෙ සම්මුති, ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙනව. ඒකට හේතුව තමයි ඔය theory නැත්නම් සම්මුති base වෙල තියෙන්නෙ බුදු දහමෙ කතාකරන පංචස්කන්ධයෙන් (රූප, වේදනා, සංඥා...) එක කොටසක් වෙන රූප වලත් උපාදය රූප කොටස මූලික කරගෙන. උපාදය රූපත් ඉතිං අනිච්චයි මෙන්න මෙහෙමයි කියල fix දයක් ගන්න නැහැ, ඒ ඒ අවස්ථා වල හේතු (බුදු දහමේ කතාකරන හේතු) ගැලපෙන ආකාරය අනුව වෙනස් වෙනව.

    අපි පොඩි කාලේ කිව්ව පොල්තෙල් කන්න හොඳම නැහැ කියල, දැන් කියනව පොල්තෙල් කියන්නෙ ඉතා හොඳ ආහාරයක් කියල. මම දන්නෙ නැහැ මොනවද හේතු කියල නමුත් theory අනුව දේවල් වෙනස් වෙන හැටි තමයි මේ...

    බුදු දහමේ cause and effect කතා කරන කොට මුළු පංචස්කන්ධයම ඇතුලත්, එතකොට එකෙන් theory හදන්න බැහැ මොකද රහත් නැත්නම් ඒක හිතකට unique...ඒ හින්ද සම්මුති හදාගත්තට ඔයාට තියෙන reality එක නෙමෙයි මට තියෙන්නෙ. මේ මට්ටමෙන් හිතන්න පුළුවන් නම් ඔයාට පෙනෙයි "කර්මය කියන දේ තියෙනවද ?" කියන ප්‍රශ්නය වැරදියි කියල. මොකද ඔයා ඔය කියන කර්මය ඔය @Fiona Dabare කිව්ව වගෙ විද්‍යමාන වීමක් - ඔයාට unique. මේ හේතුව නිසා කොහොමත් ඔයාට මේ ප්‍රශ්නයකට දෙන උත්තරකින් සෑහීමට පත් වෙන්න බැහැ, මොකද ඔයා අහන්නෙ එකක්, උත්තරය වෙන එකකට....

    මම දන්නේ නැහැ කියන්න ඕනි දේ හරියටම ලියවුණාද කියල ... but gave it a shot :-)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මොකද ඒවායින් අපිට පෙනෙන observation පැහැදිලි කරන නිසා. එක හුදෙක් කතන්දරයක් විතරක් නෙවි.

    අපිට පේන observation පැහැදිලි කරා/ නොකරා observation කියන සිද්ධියම observer ට සාපේක්ෂයි, කියන දේ පේන්නැද්ද?

    ඇත්තටම observer ට ස්වාධීන පැවැත්මක් හෝ යතාර්ථයක් ගැන කතා කරන්න බැහැ.

    ඇයි අපි ආගම් ගැනත් එහෙම දරුණු විවේචනයක් නැත්තේ? ආගම් ගැන ප්‍රශ්ණ අනන්තවත් තියෙනවා. පොඩි ප්‍රශ්න කිහිපයක්.

    (1) මාලුවෙක් ඇල්ලුවහම මනුස්සයෙකුට X ප්‍රමාණයක් පව් පිරෙනවා. මාළු 10 ඇල්ලුවොත් පිරෙන පව් ප්‍රමාණය එහෙනම් කොපමණද (10*X ?) ? එහෙම දෙයක් ආගම්වල පැහැදිලිව අර්ථ දක්වල තියෙනවද?

    (2) මදුරුවෙක් මැරුවහම X ප්‍රමාණයක් පව් පිරෙනවා. මිනිහෙක් මරුනහම පව් කොච්චර පිරෙනවද?

    (3) එක ජාතක කතාවක තියෙනවා මට මතකයි (වැරදි නම් නිවැරදි කරන්න) එළුවෙක්ගේ බෙල්ලෙක් කපල, ඒ නිසා ආත්ම පන්සියක් ඒ විදියට මැරුම් කැවලු. මේක නිවැරදිද? සාදාරන දෙයක්ද? මාළු 10 ඇල්ලුවොත්, එකේ පව් ගෙවෙන්න ආත්ම 5000 යනවද?

    අපි තේරුම් ගන්න ඕනේ කර්මය කියන දේ "නිසි ලෙස" අර්ථ දක්වල නැහැ. එක ඇතිවෙන විදිය, mechanisam එක, පලදෙන ආකාරය. අපි නොතේරෙන දෙයක් පසුපස අන්ධව යන්නේ කිසිම නිරීක්ෂණයක් නැතිව.

    කර්මය ගැන කලින් කිව්වා. මෙතනත් ඒකම තමයි කියන්න තියෙන්නේ. *කර්මය* කියලා දෙයක් කලින් දැනගත්ත නිසා තමයි 1, 2, 3 ප්‍රශ්න 3 ම ඇති වෙන්නේ.

    දන්නැති දෙයක් ගැන හිතන්න පුලුවන්ද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අපිට පේන observation පැහැදිලි කරා/ නොකරා observation කියන සිද්ධියම observer ට සාපේක්ෂයි, කියන දේ පේන්නැද්ද?

    ඇත්තටම observer ට ස්වාධීන පැවැත්මක් හෝ යතාර්ථයක් ගැන කතා කරන්න බැහැ.

    මේක පැහැදිලි නැහැ. උදාහරණයක් දෙනවද?

    කර්මය ගැන කලින් කිව්වා. මෙතනත් ඒකම තමයි කියන්න තියෙන්නේ. *කර්මය* කියලා දෙයක් කලින් දැනගත්ත නිසා තමයි 1, 2, 3 ප්‍රශ්න 3 ම ඇති වෙන්නේ.

    දන්නැති දෙයක් ගැන හිතන්න පුලුවන්ද?

    ඕක තමයි මමත් කියන්නේ. අපි හැමෝම පිළිගන්න ඕනේ, ආගම් වල කිසි දෙයක් පැහැදිලි නැති, observation නැති, ඔප්පු කරන්න බැරි හුදෙක් කතා විතරයි කියන දේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේක පැහැදිලි නැහැ. උදාහරණයක් දෙනවද?

    පෙනීම කියන දේ විතරක් isolate කරලා ගමු.

    ඔයාට පේනවා.
    'ඔයාට' 'පේනවා' කියලා දෙයක්වත් ඔයා ඉපදෙද්දී දන්නේ නැහැ. ඒවා පස්සේ දැකලා, අහලා, දැනිලා, දැනගෙන ඉගෙනගත්ත ඒවා.
    හැබැයි ඉපදෙද්දිම, *මොනාහරි තියෙනවා, තියෙන එක මට පේනවා* කියන සංඣාව සහ දෘස්ටිය ආයතන හරහා එන අරමුණු එක්කම ඇති වෙනවා. මේකට තමයි නිත්‍ය, ආත්ම, සුඛ සංඣා කියන්නේ. දෘස්ටියට කියන්නේ සක්කාය දිට්ටිය කියලා.

    තියෙන/ පවතින/ ඇති දෙයක් ගැන කතා කරන්න පුලුවන් වෙන්නේ, තියෙන/ පවතින/ ඇති දෙයක් පේන, ඇහෙන, දැනෙන නිසා. observation කියන්නේ ඒක. ඒ මත තමයි ඔය තියරි ඔක්කොම ගොඩනැගෙන්නේ.

    observation එකකදී, observer සහ observe කරපු දේ independent පැවැත්මක් සහිත entity දෙකක් වගේ තමයි දැනෙන්නේ.

    ඒත් ඕක හරි නුවනින් මනසිකාර කරලා බැලුවොත්,
    තියෙන දෙයක් පේනවා නෙමෙයි,
    පෙනීම සමග තමයි, **මොකක්හරි තියෙනවා, තියෙන එක මට පේනවා** කියන සංඣාව ඇති වෙන්නේ. ඒක සාමාන්‍යකරණය වෙලා දෘස්ටියක් බවටම පත් වෙලා තියෙන නිසා තමයි. ගෙදර තියෙන අඹ ගහ පේද්දි, ඒක ප්‍රශ්නයක් නොවෙන්නෙ සහ බලලෙක් පියාඹනවා දැක්කොත් ඒක ප්‍රශ්නයක් වෙන්නෙයි. ඇත්තටම මෙතන තියෙන්නේ දැනුම, විශ්වාස (දෘස්ටි) අතර වෙන සන්සන්දනයක්. සත්කාය දිට්ටිය නිසා විචිකිච්චාව (සැකය) සහ සීලාබ්බත පරාමාස (වත් පිලිවෙත්, ඇදහිලි..) ඇති වෙන්නේ ඒ නිසා.

    සිද්ධිය => අඹ ගහ මට පේනවා.
    observer මම. අඹගහ observe කරපු දේ. (කියලා තමයි හිතෙන්නේ)
    ඒත් පේනවා.. කියන වචනෙත් අමතක කරොත්,
    අඹ ගහ, ගහ... හැම දැනුමක්ම/ වචනයක්ම මතකයෙන් අයින් කරොත්,
    දැන් සිද්ධිය => 🌴
    සිද්ධිය ඇතුලේ තමයි, 🌴 යි, මමයි, දේකම පවතිනවා ලෙස පැවැත්මක් *විද්‍යාමාන* වෙන්නේ. පැවැත්මක් විද්‍යාමාන වෙනවා කියන්නේ පවතින හෝ නොපවතින බව නෙමෙයි, පේනීම එක්කම ඇති වෙන නිච්ච, ආත්ම, සුඛ සංඣාව.
    මේ සිද්ධියෙම තියෙනවා දුක, දුකට හේතුව.
    දුකට හේතුව දැකීම, නැත්තම් සිද්ධියට එලැඹීමම ප්‍රමාණවත් දුක්ක නිරෝධයට, නැත්තම් නිවන ට පත් වෙන්න. මෙතනම නිවන් දකින්න පුලුවන් හරියට විමසලා බැලුවොත්.

    ඕක තමයි මමත් කියන්නේ. අපි හැමෝම පිළිගන්න ඕනේ, ආගම් වල කිසි දෙයක් පැහැදිලි නැති, observation නැති, ඔප්පු කරන්න බැරි හුදෙක් කතා විතරයි කියන දේ.

    සතර සතිපට්ඨානය වඩලා දවස් 7 - අවුරුදු 7 ඇතුලත රහත් වෙන්න පුලුවන් කියලා, බුදු කෙනෙක් දේශනා කරලා තියෙන්නේ. නිකන් පගර නැට්ටෝ වගේ නෙමෙයි, බුදු කෙනෙක් හිස් වචන දේශනා කරන්නැහැ. එදා දේශනා කරපු එක ශාසනය පවතින තුන් කාලයටම වලංගුයි.

    conclusion එකකට එන්න කලින් අඩුම දවස් 7 වත් සතර සතිපට්ඨානේ වඩන්න තියා, හිතලවත් තියෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576

    danata winadi 2i puluwan.ita passe amataka wenawa
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    danata winadi 2i puluwan.ita passe amataka wenawa

    බන අහපන් හොදට අර චැනල් එකේ, නිතරම, සතිය පුහුණු කරන ගමන්. සම්මා දිට්ටිය තියෙන ආර්යගේ ජීවිතයම සතර සතිපට්ඨානය තමයි. වැඩෙන දෙයක්. සම්මා දිට්ටිය තමයි වැදගත්ම දේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    බන අහපන් හොදට අර චැනල් එකේ. සම්මා දිට්ටිය තියෙන කෙනාගේ ජීවිතයම සතර සතිපට්ඨානය තමයි. සම්මා දිට්ටිය තමයි වැදගත්ම දේ.
    Anithya kiyana eka wadana eke amaruwa dan tamai terenne samma diitya terunata.winadi dekai ita passe aye amataka wenawa.dawas 7 wadana eka patta gemak
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Anithya kiyana eka wadana eke amaruwa dan tamai terenne samma diitya terunata.winadi dekai ita passe aye amataka wenawa.dawas 7 wadana eka patta gemak

    අනිත්‍ය වඩන්න බැ. වඩන්න දෙයක් හම්බෙන තැනම, නැත්තම් වැඩීමක් වෙන තැනම නිත්‍ය.

    අනිත්‍ය වැඩෙනවා.
     
    • Haha
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    අනිත්‍ය වඩන්න බැ. වඩන්න දෙයක් හම්බෙන තැනම, නැත්තම් වැඩීමක් වෙන තැනම නිත්‍ය.

    අනිත්‍ය වැඩෙනවා.
    Ow eth eka digata wenne ne.windadi dekak wage tama wenne
     
    • Like
    Reactions: Fiona Dabare

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    පෙනීම කියන දේ විතරක් isolate කරලා ගමු.

    ඔයාට පේනවා.
    'ඔයාට' 'පේනවා' කියලා දෙයක්වත් ඔයා ඉපදෙද්දී දන්නේ නැහැ. ඒවා පස්සේ දැකලා, අහලා, දැනිලා, දැනගෙන ඉගෙනගත්ත ඒවා.
    හැබැයි ඉපදෙද්දිම, *මොනාහරි තියෙනවා, තියෙන එක මට පේනවා* කියන සංඣාව සහ දෘස්ටිය ආයතන හරහා එන අරමුණු එක්කම ඇති වෙනවා. මේකට තමයි නිත්‍ය, ආත්ම, සුඛ සංඣා කියන්නේ. දෘස්ටියට කියන්නේ සක්කාය දිට්ටිය කියලා.

    තියෙන/ පවතින/ ඇති දෙයක් ගැන කතා කරන්න පුලුවන් වෙන්නේ, තියෙන/ පවතින/ ඇති දෙයක් පේන, ඇහෙන, දැනෙන නිසා. observation කියන්නේ ඒක. ඒ මත තමයි ඔය තියරි ඔක්කොම ගොඩනැගෙන්නේ.

    observation එකකදී, observer සහ observe කරපු දේ independent පැවැත්මක් සහිත entity දෙකක් වගේ තමයි දැනෙන්නේ.

    ඒත් ඕක හරි නුවනින් මනසිකාර කරලා බැලුවොත්,
    තියෙන දෙයක් පේනවා නෙමෙයි,
    පෙනීම සමග තමයි, **මොකක්හරි තියෙනවා, තියෙන එක මට පේනවා** කියන සංඣාව ඇති වෙන්නේ. ඒක සාමාන්‍යකරණය වෙලා දෘස්ටියක් බවටම පත් වෙලා තියෙන නිසා තමයි. ගෙදර තියෙන අඹ ගහ පේද්දි, ඒක ප්‍රශ්නයක් නොවෙන්නෙ සහ බලලෙක් පියාඹනවා දැක්කොත් ඒක ප්‍රශ්නයක් වෙන්නෙයි. ඇත්තටම මෙතන තියෙන්නේ දැනුම, විශ්වාස (දෘස්ටි) අතර වෙන සන්සන්දනයක්. සත්කාය දිට්ටිය නිසා විචිකිච්චාව (සැකය) සහ සීලාබ්බත පරාමාස (වත් පිලිවෙත්, ඇදහිලි..) ඇති වෙන්නේ ඒ නිසා.

    සිද්ධිය => අඹ ගහ මට පේනවා.
    observer මම. අඹගහ observe කරපු දේ. (කියලා තමයි හිතෙන්නේ)
    ඒත් පේනවා.. කියන වචනෙත් අමතක කරොත්,
    අඹ ගහ, ගහ... හැම දැනුමක්ම/ වචනයක්ම මතකයෙන් අයින් කරොත්,
    දැන් සිද්ධිය => 🌴
    සිද්ධිය ඇතුලේ තමයි, 🌴 යි, මමයි, දේකම පවතිනවා ලෙස පැවැත්මක් *විද්‍යාමාන* වෙන්නේ. පැවැත්මක් විද්‍යාමාන වෙනවා කියන්නේ පවතින හෝ නොපවතින බව නෙමෙයි, පේනීම එක්කම ඇති වෙන නිච්ච, ආත්ම, සුඛ සංඣාව.
    මේ සිද්ධියෙම තියෙනවා දුක, දුකට හේතුව.
    දුකට හේතුව දැකීම, නැත්තම් සිද්ධියට එලැඹීමම ප්‍රමාණවත් දුක්ක නිරෝධයට, නැත්තම් නිවන ට පත් වෙන්න. මෙතනම නිවන් දකින්න පුලුවන් හරියට විමසලා බැලුවොත්.

    සතර සතිපට්ඨානය වඩලා දවස් 7 - අවුරුදු 7 ඇතුලත රහත් වෙන්න පුලුවන් කියලා, බුදු කෙනෙක් දේශනා කරලා තියෙන්නේ. නිකන් පගර නැට්ටෝ වගේ නෙමෙයි, බුදු කෙනෙක් හිස් වචන දේශනා කරන්නැහැ. එදා දේශනා කරපු එක ශාසනය පවතින තුන් කාලයටම වලංගුයි.

    conclusion එකකට එන්න කලින් අඩුම දවස් 7 වත් සතර සතිපට්ඨානේ වඩන්න තියා, හිතලවත් තියෙනවද?
    ඔය බුද්දාගමේ අර්ථ දැක්වෙන විදියට විස්තර කරපු දෙයක්.

    විද්‍යාවෙත් කියනවා අපි දෙයක් observe කරනවා. එකෙන් අපේ මොලයට සිග්නල් එකක් යනවා කියල. එකෙන් අපි consciousness වලට අර්ථ දැක්වීමක් වෙනවා කියල. මනසේ ක්‍රියා කාරිත්වය විශ්ලේෂණය කරන්න විද්‍යාව තවම දියුණු මදි. මේකේ හරියටම වෙන දේ ඉදිරියේදී සොයගනිවී. එත් මනස කියන්නේ හුදෙක් මොලයේ ඍජු ක්‍රියාකාරිත්වය තුලින් ඇතිවෙන දෙයක් විතරයි කියන දෙයට සාක්ෂි තියෙනවා.

    විද්‍යාවෙත් කියනවා අපි ජීවත්වන්නේ simulation එකක වෙන්න පුළුවන් කියල. නැතිනම් අපි black hole එකක් ඇතුලේ ජීවත්වන්නේ කියල. ඒ කියන්නේ ඔබ කියන ගහ මායාවක් වෙන්න පුළුවන්. විද්‍යාව හැම දෙයකටම විවුර්තයි. නමුත් ඔය
    කතන්දර ඒත්තු ගන්නන්න ප්‍රමාණවත් observation, සාක්ෂි ඕනේ.

    observation, සාක්ෂි නැතිනම් අපි ඉස්සර වගේ ඉර දෙවියෝ, හද දෙවියන් කියල විස්වාස කරගෙන වැදගෙන ඉන්නවා. observation, සාක්ෂි අපි ප්‍රශ්න කරන්නේ, ඒ ඒ මතවාද සහ සුරංගනා කතා අතර වෙනසක් නැහැ.

    ඔබට බුදුදහම ඇත්තක් වගේ පෙනුන වගේම, අනිත් ආගම් අදහන කට්ටියට ඒ ඒ ආගම් සත්‍ය කියල පෙන්න එක වරදක් නෙවි. බුදුදහම ඇත්තක් කියන පෙන්නන ප්‍රරමාණවත් observation, සාක්ෂි ඕනේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔබට බුදුදහම ඇත්තක් වගේ පෙනුන වගේම, අනිත් ආගම් අදහන කට්ටියට ඒ ඒ ආගම් සත්‍ය කියල පෙන්න එක වරදක් නෙවි. බුදුදහම ඇත්තක් කියන පෙන්නන ප්‍රරමාණවත් observation, සාක්ෂි ඕනේ.

    ඇත්තක් හො බොරුවක් වෙන්න ධර්මය *ඇති හෝ නැති/ පවතින හෝ නොපවතින දෙයක්* නෙමෙයි. සම්මුතිය ඇතුලේ සන්නිවේදන අවශ්‍යතා සදහා තමයි ඔය වචන ඔක්කොම හදලා තියෙන්නේ, සම්මුතියෙන් එහා තියෙන ශූන්යතාවය පෙන්නන්න.

    විද්‍යාවෙත් කියනවා අපි ජීවත්වන්නේ simulation එකක වෙන්න පුළුවන් කියල. නැතිනම් අපි black hole එකක් ඇතුලේ ජීවත්වන්නේ කියල. ඒ කියන්නේ ඔබ කියන ගහ මායාවක් වෙන්න පුළුවන්. විද්‍යාව හැම දෙයකටම විවුර්තයි. නමුත් ඔය
    කතන්දර ඒත්තු ගන්නන්න ප්‍රමාණවත් observation, සාක්ෂි ඕනේ.

    මායාවක ජීවත් වෙනවා කියලා මන් කිව්වේ නැහැ. ජීවත් වෙන බවම, නැත්තම් මම සහ ලෝකය ඇති බව හැගීමම නැත්තම් පන්චඋපාදානස්කන්ධයම තමයි මායාව.

    මාර්ගය වඩන අයට ඵල ලැබෙනවා, මැරෙන්න කලින්.

    observation, සාක්ෂි නැතිනම් අපි ඉස්සර වගේ ඉර දෙවියෝ, හද දෙවියන් කියල විස්වාස කරගෙන වැදගෙන ඉන්නවා. observation, සාක්ෂි අපි ප්‍රශ්න කරන්නේ, ඒ ඒ මතවාද සහ සුරංගනා කතා අතර වෙනසක් නැහැ.

    වෙනස් තියෙනවා කියලා හැගෙන බව ම තමයි අවුල. ධර්මය සහ විද්‍යාව අතර වෙනසක් හම්බුනේ නැත්තම්, අඩුම තරමේ මේ thread එක දාන්න අවශ්‍යතාවයක් වත් ගොඩනැගෙයිද?

    ඉස්සර ඉර දෙවියෝ, දැන් nuclear fusion එකක්. දෙකම observation මත ගොඩනගමු තියරි. සුරංගනා කතාවක් වුන ඉර දෙවියොගේ කතාව අප්ඩේට් වෙලා විතරයි. කතා හදන පාදම තාම fundamentally ම බොල්/ හිස්.

    ඔබට බුදුදහම ඇත්තක් වගේ පෙනුන වගේම, අනිත් ආගම් අදහන කට්ටියට ඒ ඒ ආගම් සත්‍ය කියල පෙන්න එක වරදක් නෙවි. බුදුදහම ඇත්තක් කියන පෙන්නන ප්‍රරමාණවත් observation, සාක්ෂි ඕනේ.

    ධර්මය දෙයක් වෙන තැන නැත්තම් නිච්ච/ ආත්ම/ සුඛ වෙන තමයි, ඇත්තක් හරි බොරුවක් හරි විදිහට පේන්න හෝ සන්සන්දනය කරන්න පුලුවන් වෙන්නේ.

    අනිච්ච, අනාත්ම, දුක්ඛ බව ම තමයි ධර්මය. ඉතින් ඇත්ත/ බොරු තියා කිසිම කතන්දරයක් මෙතන හදන්න බැහැ.

    සත්‍ය හෝ අසත්‍ය දෙයක් හම්බෙන එක ලොකු වැරැද්දක් තමයි. කෙනෙක්ට ධහම ඇත්ත, science බොරු කියලා හිතෙන්නෙත්/ science ඇත්ත, ධහම බොරු කියලා හිතෙන්නෙත් සක්කාය දිට්ටිය උඩ දුවන මිත්‍යා දෘස්ටි (විශ්වාස) නිසා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔන්න් ඕක තමයි හේතු සහ ඵල වශයෙන් බුදු හාමුදුරුවො අපිට කියල දුන්නෙ.
    හේතු පවතින තාක් කල් ඵල විද්‍යමාන වෙන එක නවත්වන්න බැහැ. නිල් සහ කහ light දෙකක් එකම තැනට point කලහම එතන නිලුත් නොවන, කහත් නොවන කොළපාට පේනවා... Sodium සහ Chlorine mix කලහම ඒ දෙකට හාත්පසින් වෙනස් NaCl හටගන්නව... මේ වගෙ තමයි අනික් දේවලුත්, දෙවියෙක්, වෙනයම් සතෙක්, බුතයෙක්, පිටසක්වල ජීවියෙක් උනත් මේ ක්‍රමයට ඇතිවෙන්න පුළුවන්... අවශ්‍ය වෙන්නෙ හේතු විතරයි...
    අනේ ඉතිම් පිං කොරන්ඩ ඕනේ මේ වගෙ උපමා අහගන්ඩත්.. ඒ කියන්නේ සෑර් ඵල ඇතුලෙ හේතුත් තියෙනව .. කොල එලිය ඇතුලේ නිල්, කොල එලි ත් තියෙනව, සෝඩියං කොලෝරයිඩ් ඇතුලෙ සෝඩියං සහ කොලෝරීන් (හරි ඉතිම් අයන කියලත් කිවෑකි) තියෙනවා නෙහ්? සාදු කියහල්ල ඉතිම් මග ඵල ලැබු උත්තමයෙක් නොවැ කියන්නේ. 🙏 🙏

    මේක පැහැදිලි නැහැ. උදාහරණයක් දෙනවද?
    පියෝනා කියන දේ උඹට පහසුවෙන් තේරුම් ගන්න මම උඹේ බාසාවෙන් දාන්නම්

    ශ්රූඩිංගර් තෝට් එක්ස්පෙරිමන්ට් එක උදාහරනෙට ගනිං මහත්තයෝ..
    Until an observation is made - The cat is both alive and dead. 😁
    When an observation is made the wave function collapses in to a definite state (according to Copenhagen interpretation).
    (There is no observer independent reality)
    yep.. U R welcome.
    ------ Post added on Nov 5, 2025 at 4:05 AM
     
    Last edited:
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    917
    704
    93
    අනේ ඉතිම් පිං කොරන්ඩ ඕනේ මේ වගෙ උපමා අහගන්ඩත්.. ඒ කියන්නේ සෑර් ඵල ඇතුලෙ හේතුත් තියෙනව .. කොල එලිය ඇතුලේ නිල්, කොල එලි ත් තියෙනව, සෝඩියං කොලෝරයිඩ් ඇතුලෙ සෝඩියං සහ කොලෝරීන් (හරි ඉතිම් අයන කියලත් කිවෑකි) තියෙනවා නෙහ්? සාදු කියහල්ල ඉතිම් මග ඵල ලැබු උත්තමයෙක් නොවැ කියන්නේ. 🙏 🙏

    පෙන්නුවෙ හඳ, බලන්නෙ ඇඟිල්ල දිහා... දන්නෙ නැති මගුල් analyze කරන්නෙ නැතුව හිටු..🤣. ඵල ඇතුලෙ හේතු තියෙනව කියල කොහෙද කියල තියෙන්නෙ? 🤷‍♂️
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඇත්තක් හො බොරුවක් වෙන්න ධර්මය *ඇති හෝ නැති/ පවතින හෝ නොපවතින දෙයක්* නෙමෙයි. සම්මුතිය ඇතුලේ සන්නිවේදන අවශ්‍යතා සදහා තමයි ඔය වචන ඔක්කොම හදලා තියෙන්නේ, සම්මුතියෙන් එහා තියෙන ශූන්යතාවය පෙන්නන්න.

    මායාවක ජීවත් වෙනවා කියලා මන් කිව්වේ නැහැ. ජීවත් වෙන බවම, නැත්තම් මම සහ ලෝකය ඇති බව හැගීමම නැත්තම් පන්චඋපාදානස්කන්ධයම තමයි මායාව.

    මාර්ගය වඩන අයට ඵල ලැබෙනවා, මැරෙන්න කලින්.

    වෙනස් තියෙනවා කියලා හැගෙන බව ම තමයි අවුල. ධර්මය සහ විද්‍යාව අතර වෙනසක් හම්බුනේ නැත්තම්, අඩුම තරමේ මේ thread එක දාන්න අවශ්‍යතාවයක් වත් ගොඩනැගෙයිද?

    ඉස්සර ඉර දෙවියෝ, දැන් nuclear fusion එකක්. දෙකම observation මත ගොඩනගමු තියරි. සුරංගනා කතාවක් වුන ඉර දෙවියොගේ කතාව අප්ඩේට් වෙලා විතරයි. කතා හදන පාදම තාම fundamentally ම බොල්/ හිස්.

    ධර්මය දෙයක් වෙන තැන නැත්තම් නිච්ච/ ආත්ම/ සුඛ වෙන තමයි, ඇත්තක් හරි බොරුවක් හරි විදිහට පේන්න හෝ සන්සන්දනය කරන්න පුලුවන් වෙන්නේ.

    අනිච්ච, අනාත්ම, දුක්ඛ බව ම තමයි ධර්මය. ඉතින් ඇත්ත/ බොරු තියා කිසිම කතන්දරයක් මෙතන හදන්න බැහැ.

    සත්‍ය හෝ අසත්‍ය දෙයක් හම්බෙන එක ලොකු වැරැද්දක් තමයි. කෙනෙක්ට ධහම ඇත්ත, science බොරු කියලා හිතෙන්නෙත්/ science ඇත්ත, ධහම බොරු කියලා හිතෙන්නෙත් සක්කාය දිට්ටිය උඩ දුවන මිත්‍යා දෘස්ටි (විශ්වාස) නිසා.

    ඔබ කියන හැමදෙයක්ම, බුදු දහමේ කරුණු කරනා සහ අර්ථ දැක්වීම්. එම කරනා තමයි සත්‍ය කියන උපකල්පනයේ ඔබ ඉන්නේ. මමත් ඔහොම තමයි කලින් හිටියේ. අපි පොඩ්ඩක් ඔය හිරවෙලා ඉන්න පෙට්ටියෙන් එලියට ඇවිල්ල, ලෝකය දෙස විවුර්තව බැලුවොත් අපේ අදහස් වෙනස් වෙනවා.

    ඔය විදියටම තමයි GOD ගැන ක්‍රිස්තියානි බක්තිකයන් විශ්වාස කරන්නේ. මම කියන්නේ දෙවියන් වහන්සේ මේ සියල්ලටම මුල කියන විශ්වස්යෙත් යම් පදනමක් තියෙනවා. හැබැයි ඔය දෙකේම theory ගත්තොත් ඒවායේ ගොඩක් හිල් තැන් පේනවා.

    ඇත්තටම බුදු දහම සත්‍ය වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ආගම් හෝ වෙනත් ආගම් සත්‍ය වෙන්නත් පුළුවන්. මොකද අපි අවසාන සත්‍ය (ultimate truth /ultimate reality) සොයාගෙන නැති නිසා. නමුත් අපේ මානව ඉතිහාසය දිහා බලන කොට විද්‍යාව මගින් කාලයත් එක්ක ටික ටික දේවල් පැහැදිලි කරන කොට, මිනිස්සු හදාගත්ත ආගම් වල පදනම් ටික ටික බිද වැටෙනවා. ඒ නිසා ආගම් අවසාන සත්‍ය නොවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අනන්ත උපකල්පන තියෙන්න පුලුවන්/ බැහැ.
    logic වලින් සනාථ වෙන දේවල් වලට අදාල භෞතික යතාර්ථයක් ස්වාධීනව තියෙනවා/ නැහැ.

    මේ ඔක්කොම ද්විකෝටික/ චතුස්කෝටික කතන්දර.

    ඔය ඔකිකොගෙම මුල, පැවැත්ම (existence) ඇත්ත කියන conclusion එක. ඒ පදනම උඩ ඉදලා තමයි, observation වලින් මිනිස්සු දැක්ක රටා හදුනාගෙන, ඒවා මත පදනම් වෙලා විද්‍යාව කියලා විෂයක් බිහි වෙන්නේ.

    S = ut + 1/2 at^2

    S = විස්‍්ථාපනය
    u = ආරම්භක ප්‍රවේගය
    a = ත්වරනය
    t = කාලය

    මේ මිනුම් ඔක්කොම ගොඩනැගෙන්නේ මූලික මාන 3 න්. කාලය, දිග, ස්කන්ධය.

    කාලය කියන්නේ, ඇහෙන, පෙනෙන, දැනෙන අවස්ථා දෙකක් අතර වෙනස.
    දිග කියන්නේ අවකාශය ලෙස පෙනෙන ස්ථාන දෙකක් අතර වෙනස.
    ස්කන්ධය කියන්නේ වස්තු දෙකකට, එකිනෙකට එකකට සාපේක්ෂව එසවීමේද් අතට දැනෙන වෙනස.

    වෙනස තමයි පැවැත්ම. අත්දැකීම. පන්චස්කන්ධය.

    වෙනස් වීම තුල අත්දකින රටා මත පදනම් වෙලා තමයි විද්‍යාව ගොඩනගන්නේ. ඉතින් වෙනස් වෙන ස්වභාවය, නැත්තම් පෙනීම, ඇසීම, දැනීම පරම සත්‍යක් කියන කිසිම පදනමක් නැති විශ්වාසයක් මත ගොඩනැගුනු විද්‍යාව කියන විෂයක් එක්ක, විශ්වාස මතම පදනම් වෙලා ගොඩනැගුන දැනුමට සාපේක්ෂව වෙන සන්සන්ධනයකින් ධර්මය කතා කරන්න බැහැ.

    අඩුම තරමේ ඔයාට පුලුවන්ද විද්‍යාත්මක ඔප්පු කරන්න, ඔයාට පේන මිනිස්සු ඇත්තටම ඉන්න අයද/ නැද්ද කියලා?

    ලොජික් කියන්නේ පදනම බොල් විශ්වාස ටිකක්ම තමයි. පදනම බොල් වෙන්නේ කොහොමද කියලා තමයි, සත්ධර්මය ඇසුරෙන් පෙන්නන්න උත්සහ කරන්නේ කල්‍යාණ මිත්‍රයෝ.

    අසෘතවක් පෘථග්ජනයා පදනමේ බොල්බව දැක්ක මොහෛතේ තමයි, ධර්ම ඇස (සම්මා දිට්ටිය) පහල වෙන්නේ. සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. ඉතින් අප්‍රමාද වෙන්න කියලා තමයි උබට කියන්න තියෙන්නේ.

    බුද්ධාගම කියන්නේ, මෙන්න මේකයි, මේක කරනහම නිවන් දකිනවා..
    කියලා හරි definition ටිකක් දීපන් පුලුවන්නම් මුලින්.

    උබට මනින්න පුලුවන් උබ දන්න දේවල් වලට සාපේක්ෂව තමයි. ඒ වගේ තමයි බුද්ධාගමත්. බුද්ධ ශාසනය කියලා එකක් තියෙන්නේ. ශාසනය රදාපවතින්නේ මාර්ගඵල ලාබී කල්‍යාන මිත්‍රයෝ නිසා. තව කෙනෙක්ට මාර්ගඵල ලබන්න උපනිශය වෙන්නෙත් කල්‍යාණ මිත්‍රයොම තමයි.
    ------ Post added on Oct 29, 2025 at 9:18 PM
    උබ මොකෙක්ද හුත්තෝ?
    කොහෙන්ද ඔච්චර දැනුමක්?

    පොඩි කාලෙ ඉදන් බණ අහනවද,පොත් කියවනවද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    පියෝනා කියන දේ උඹට පහසුවෙන් තේරුම් ගන්න මම උඹේ බාසාවෙන් දාන්නම්

    ශ්රූඩිංගර් තෝට් එක්ස්පෙරිමන්ට් එක උදාහරනෙට ගනිං මහත්තයෝ..
    Until an observation is made - The cat is both alive and dead. 😁
    When an observation is made the wave function collapses in to a definite state (according to Copenhagen interpretation).
    (There is no observer independent reality)
    yep.. U R welcome.
    ------ Post added on Nov 5, 2025 at 4:05 AM

    හොද තැනකට අපි අවා. quantum physics කියන්නේ ගොඩක් දෙනෙක් මතුපිටින් බලල වැරදියට තේරුම් ගන්න දෙයක්. විද්‍යාවෙන් Schrödinger's cat, double-slit experiment ගැන අර්ථ දැක්වීම් කිහිපයක් තියෙනවා.

    (1) Copenhagen Interpretation
    (2) Many-Worlds Interpretation
    (3) Quantum Decoherence (The interference pattern disappears when the system becomes entangled with the environment (e.g., when a detector is placed at the slits), effectively "measuring" the particle and collapsing the wavefunction.)
    ................
    මේකෙන් ගොඩක් අය විස්වාශ කරන්නේ (3). නමුත් හරියටම දන්නේ නැහැ.

    විද්‍යාවෙන් දන්නැති දේ දන්නෙන් නැහැ කියනවා
    නොතේරෙන දේ නොතේරෙනවා කියනවා
    හැම theory එකක්ම ප්‍රශ්න කරනවා අබියෝග කරනවා.

    අපි ආගම් මතවාද පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත්

    පොලවේ ජීවය අවුරුදු මිලියන 4000 විතර
    මිනිස්සු ඇතිවෙලා ප්‍රදාන ආගම් නිර්මාණය වුනේ පහුගිය අවුරුදු 2500 ඇතුලත.
    ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙච්ච පහුගිය අවුරුදු මිලියන 4000 ම ජීවීන්ට නිවන් දකින්න හම්බවෙලා නැහැ.

    ලෝකයේ ජීවිත් 10^19 වගේ ඇති විශාල සංක්‍යාවක් ඉන්නවා. බුදුහමුදුරුවෝ වගේ කට්ටිය කී දෙනෙක් පහල වෙන්න ඕනෙද මේගොල්ලෝ ඔක්කොම නිවන් දකින්න ?

    මේ සරල කරනාවෙන්ම ආගම් කියන එක හිතලුවක් වෙන්න ඕනේ
    ------ Post added on Nov 5, 2025 at 9:09 PM