විශ්වාස භංගයෙන් ස්ථිරවම පරාදයි. ඉල්ලා අස්
මහ බැංකු බැඳුම්කර ජනපති කොමිසමේදී නම කියවුණ හිටපු මුදල් ඇමැති හා වර්තමාන විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකට විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර ඇත.
ජනපති කොමිසමේදී ගිය සතියේ හෙළි වූයේ රවි කරුණානායක ඇමැතිවරයා කුලියට ගත් සුපිරි නිවාස සඳහා කුලී මුදල ගෙවා ඇත්තේ බැඳුම්කර චෝදනා ලැබ ඇති අර්ජුන් ඇලෝෂියස් බවය.
කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන ලෙස එජාප මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
රවි කරුණානායක මහතා මහබැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා වන ජනාධිපති කොමිසම ඉදිරියේ ලබන 02 දා සාක්ෂි දීමෙන් පසු තමා හමුවීමට අවස්ථාවක් දෙන බව අගමැතිවරයා මෙම මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත.
ඒකාබද්ධ විපක්ෂය විසින් රවි කරුණානායකට එරෙහිව ගෙන ඒමට නියමිත මෙම විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු පිරිසක් ද සහයෝගය පළ කිරීමට මේ වන විට ද තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්වාස භංග යෝජනාව අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කරන බැවින් ඊට පෙර ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්ෂයේ අභිමානයට ද ගෞරවයක් බව එම කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය.
කමණී හෙට්ටිආරච්චි
මුලාශ්‍රය – ලක්බිම