උඹ ඉස්සෙල්ල ඉන්ගිරිස් ටිකක් ඉගෙන් ගනින්.
ඔය අරන් තියෙන සයිට් එකේ නම උඹට කියව ගන්න පුලුවන්ද? තේරෙනවද? ඒක පැරඩි සයිට් එකක්. ජෝක් එකට දාපු එකක්. නම කියවපන් පුලුවන් නම්.
ifunny.com
![]()



විශුද්ධි මාර්ගය ලිවුව බුද්ධඝෝෂ කරපු වැඩ දැනගන්න මේ ත්‍රෙඩ් එක බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1852199
මෝඩස්,මොන පොත හරි මුලින් කියවන්ඩ දීපන්, බයිබලේ හරි කමක් නැ ,නිකන් ගොන් කතා දාන්ඩ එපා..




පරණ අරක්කු වගේ වෙන්න ඇති.පරණකමත් එක්කම මේ පොතේ වටිනාකමත් හුගක් වැඩියි....
උජුං කායං පණිදාය කියන්නේ කය කෙලින් කර තබා ගැනීම නම් මහා සතිපට්ඨාන සූත්‍රයේ ඊළඟට දේශනා කරලා තියෙන විදිහට නිදා ගන්න කොට ඇවිදිනකොට කනකොට බොනකොට සතිපට්ඨානය වඩන්නේ කොහොමද?ඇතුල්වීම පිටවීම හුස්ම ගැන නෙවේ නන් "උඩු කායං පණිදාය " කියන්නෙ මොකද....කය කෙලින් තියාගන්න කියන්නෙ කය සම්බන්ධ භාවනාවක් හින්ද නෙමේද........අනිත් අරමුණු ඇතුල්වීමක් පිටවීමක් ගැන නන්...කය කෙලින් තියාගෙන භාවනා කරන්න ඕනද......
කායානුපස්සනා ඉරියාපථපබ්බං
“මහණෙනි, නැවතද මහණ තෙම යන්නේ හෝ ‘යන්නෙමියි’ දන්නේය. සිටියේ හෝ ‘සිටියෙමියි’ දන්නේය. හුන්නේ හෝ ‘හුන්නෙමියි’ දන්නේය. ශයනය කරන්නේ හෝ ‘සයනය කරන්නෙමියි’ දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටුවන ලදද ඒ ඒ ආකාරයෙන් දන්නේය...
කායානුපස්සනා සම්පජානපබ්බං
“මහණෙනි, නැවතද මහණ තෙමේ ඉදිරියට යාමෙහිද ආපසු ඊමෙහිද සිහියෙන් දැන කරන්නේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද සරස බැලීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේ වෙයි. අත්පා හැකිළීමෙහිද දිගු කිරීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේය. පාත්‍රා, දෙපට සිවුරු, තනිපට සිව්රු දැරීමෙහිද ප්‍රඥාවෙන් දැන දරන්නේය. අනුභව කිරීමෙහිද පානය කිරීමෙහිද, කඩා කෑමෙහිද රස බැලීමෙහිද නුවණින් දැන කරන්නේය. මලමුත්‍ර පහ කිරීමෙහිද නුවණින් දැන කරන්නේය. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරු කිරීමෙහිද, කථා කිරීමෙහිද, කථා නොකිරීමෙහිද, ප්‍රඥාවෙන් දැන ඒ ඒ කෘත්‍ය පවත්වන්නේ...
විශුද්ධි මාර්ගය කියන්නෙ මොකද්ද කියල දැනගන්න මේ ටික කියවල බලන්න.
"එදා ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මාගධී පදවැල් වලින් දේශනා කරන ලද ගම්භීර බුද්ධ ධර්මය ඒ යුගයේ ජීවත් වූ අසු මහ ශ‍්‍රාවකයින් වහන්සේලා අතරින් කිහිප නමක් විසින් හෙළ අර්ථ කථා ලෙසින් හෙළ බස් වහරින් අර්ථ ධර්ම විග‍්‍රහ කර ලේඛන ගත කරන ලදි. මෙසේ බුද්ධ භාෂිතය අර්ථ කථා යන නමින් (අටුවා) සිංහල ජනතාවට තේරුම් ගන්නට හැකි වන පරිදි ලියා තබන්නට පටන් ගත්තේ ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි ඒ අතීත යුගයේදීමය. එදා ලියූ මුල්ම හෙළ අට්ඨ කථාවන් ලෙසින්ම භාවිතයේ පැවති, රජගල දී ලියූ බුදු කැලි අටුවාව, හෙළ අට්ඨ කථා, මහා අට්ඨ කථා, අට්ඨ කථා, කුරුන්දි අට්ඨ කථා යනුවෙන්ද නම් කර අටුවා රාශියක්ම එදා භාවිතයේ පැවති බව අපේ අතීත හෙළ පොත්වල සඳහන් වී ඇත. මේ අට්ඨ කථා ලියන ලද්දේ අගසවූ සැරියුත් අරහතුන් වහන්සේ, මහා කච්චායන අරහතුන් වහන්සේ, මහා කොටඨිත අරහතුන් වහන්සේ ආදී එදා බුද්ධ කාලයට සමකාලීනවම මේ හෙළබිමේ රජගහනුවර (අම්පාරේ රජගල) වැඩසිටි මහා ප‍්‍රාඥ බුද්ධ ශ‍්‍රාවකයින් වහන්සේලා විසින්ය. මෙම හෙළ අටුවා වල නිවන් දකින්නට උපකාර වන නියම නිවැරදි බුද්ධ ධර්මය හෙළ බසින් විග‍්‍රහකර සිංහල මිනිසුන්ට නිවන් අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයටම සරල ලෙසින් ද සම්පූර්ණවද ලියා තිබිණි.
බුද්ධ පරිනිර්වාණයෙන් පසුවද රුහුණේ මෙන්ම නැගෙනහිර රජගල හා දිඝවාපියේත්, සැවැත්නුවර ජේතවනාරාමයේත් ලියා තැන්පත් කර තිබු මෙම සිංහල අර්ථ කථා පොත්, දුටු ගැමුණු රාජ්‍ය, යුගයේදී අනුරාධපුර මහා විහාරය කරා ගෙනවුත් එහි තැන්පත් කර තිබු බවද මහාවංශයේ සඳහන්ය. මිහිඳු හිමියන් අම්පාරේ රජගල (රජගහනුවර) සිට අනුරාධපුරයට බුද්ධාගම ගෙන ආ මුල්ම ගමනට පසුව අනුරාධපුරයට දෙවන ගමනේදී රජගලදී ලියා තිබු සිංහල අර්ථ කථාවක් (අටුවා) වන බුදු කැලි අටුවාවද මිහිඳු හිමියන්ම අනුරාධපුරයට ගෙනා බවත් මහාවංශයේ සඳහන් කර ඇත. රුහුණේ, නැෙඟනහිර හා රටේ වෙනත් පළාත් වල බෞද්ධ මධ්‍යස්ථාන වල පුස්තකාල වල ලියා තැන්පත් කර තිබු හෙළ අටුවා හා වෙනත් වටිනා හෙළ පොත් පත් විශාල ප‍්‍රමාණයක් මෙසේ වරින් වර අනුරාධපුරයට ගෙනවිත් අනුරාධපුර මහා විහාරයේ තැන්පත් කර තිබිණි. බු.වර්ෂ 984 ලංකාවට පැමිණි බුද්ධඝෝෂ හිමියන් පාලි භාෂාවට පරිවර්තනය කළේ ද මෙසේ අනුරාධපුර මහාවිහාරයේ තැන්පත් කර තිබු හෙළ බසින් ලියා තිබු අටුවා පොත් වලින් සමහර කොටසකි.
මෙම පාලි පරිවර්තනයේදී සිදු වුයේ මුලින්ම ආර්යයන් වහන්සේලා විසින් ලියූ සිංහල අර්ථ කථාවල ගැබ් වී තිබු නිර්මල උතුම් බුද්ධ ධර්මය ලෞකික දේව ආගම් සංකල්ප වලට හැරවීමයි. පෘථග්ජන ලෝකයාට ගැලපෙන සේ සකස් කර ලිවීමයි. මේ අනුව මෙතෙක් සිංහල උගත් අයට සිංහලයෙන් විග‍්‍රහ කර තිබු සිංහල මිනිසුන්ට තේරුම් ගත හැකිව තිබූ, හෙළ අර්ථ කථා දේව ආගම් සංකල්ප සමගින් සම්මිශ‍්‍රණය කර විශේෂයෙන්ම එවකට ඉන්දියාවේ ප‍්‍රචලිතව තිබු පතංජලී දේව ආගම් සංකල්ප වලට ගැලපෙන අයුරින් සකසා පාලි භාෂවෙන් ලියා තැබීමයි. විශුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 ක්ම ලියා තැබු බුද්ධඝෝෂ හිමියන් අවසානයේදී අනුරපුර මහා විහාර පුස්තකාලයේ තැන්පත් කර තිබු ඇතුන් හත් දෙනෙකුගේ බරට සමාන වූ සිංහල පොත් පත් සියල්ලම ගිනිබත් කරන ආකාරයට උපක‍්‍රම යොදා කටයුතු සකස් කර රටින් පිට වී ගිය බවද ඉතිහාසයේම සඳහන්ව ඇත.
නමුත් බුද්ධඝෝෂ හිමියන් විසින් පරිවර්තනය කර ලියු විශුද්ධි මාර්ගය ඇතුළු අර්ථ කථා පොත් අභයගිරියේ ආරක්ෂා සහිතව රැකී පැවතිණි. මහා විහාරයේ පුස්තකාලයේ ගබඩා කර තිබු හෙළ අටුවා පොත්පත් සියල්ල විනාශ වී ගිය පසු, මහා විහාරයද බිමට සමතලා කර උඳු වපුරන්නටත් කි‍්‍රයා කළ පසුව, බුද්ධාගම ලෙසින් මේ ලක්දිව තුල ඉතිරි වුයේ බුදු ගොස් හිමියන් විසින් ලියු පාලි අටුවා පොත් පමණි. ඉන් පසුව අනුරපුර යුගයේත් පොළොන්නරු යුගයේත් විවිධ අටුවා ලියු, හා ඒවාටම ටීකා ලියු ටිප්පණි ලියු, සම්මත ලියු පාලි හා සිංහල අර්ථ කථාකරුවන් හැම කෙනෙකුම වාගේ භාවිතා කළේ, ගුරුකොට ගත්තේ, බුද්ධඝෝෂ හිමියන් විසින් ලෞකික අර්ථ යොදා වැරදි ලෙසින් පරිවර්තනය කර ලියා ඉදිරිපත් කරන ලද පාලි විශුද්ධි මාර්ගය ඇතුළු පොත් පත් මිස නියම නිවැරදි බුද්ධ ධර්මය නම් නොවේ. මේ අනුව පොළොන්නරු යුගය වන විට සම්පූර්ණයෙන්ම පිරිසිදු බුද්ධ ධර්මය වෙනස් වී නිවන් දැකීම යනු පැතීමකට පමණක්ම සීමා වී ඉන්දියාවේ එදා පැවති ආගම් සංකල්පයන් හෙළදිව පුරාමත් තදින්ම පැතිරී යන්නට විය. නිවන් දකින්නට උපකාර වූ උතුම් බුද්ධ ධර්මය සහමුලින්ම ආගම් සංකල්ප වලින් යටපත් වී අභාවයටම ගියේය. බුද්ධාගම නමින් අදහන්නට යමක් පමණක් ඉතිරි විය. මේ අනුව ඉන්දීය ආගම් සංකල්ප වල හා දේව ආගම් වල ඇදහු ඇදහිලි පුද පූජා, ගායනා, ශාන්ති කර්ම, ආශිර්වාද පූජා ආදි විවිධ දේ පොදු ලාංකික මහජනයා අතරේද ප‍්‍රචලිත වන්නට පටන් ගත්තේ මහා විහාරයේ ගබඩා කර තිබු හෙළ පොත් පත් ගිනිබත් කර විනාශ කිරීමත් සමගමය. අභයගිරි විහාරයේ වාසය කළ මහායානිකයෝ තරගය ජය ගත්හ. මහා විහාරිකයෝ සහමුලින්ම විනාශ වී ගියහ. නිවන් දකින පිරිසිදු බුද්ධ ධර්මයත් හෙළ බසින් සරළ ලෙසින් ලියා තිබු හෙළ අටුවාත් විනාශ වී ගොස් දේව ආගම් සංකල්ප වලට බර ආමිස පූජා සහිත වූ බුද්ධාගමක් පමණක් හෙළබිම ලංකා වාසීන්ටද, ඉතිරි විය. උරුම විය. නිවන් දකින පිරිසිදු උතුම් බුද්ධ ධර්මය අනුගමනය කරන පිරිස වනගත විය. දේව ආගමික සංකල්ප ඇදහූ අභයගිරියට සම්බන්ධ මහායානික පිරිස රජමාලිගා වටා රොක් විය. රජ සැප සිටු සැප වලටත් වඩා සැප පහසු කම් ලැබූ ජීවිතයක් ගත කරන භික්ෂුන් පිරිසක් එදා අනුරපුර රාජධානියේදී ලංකාවේද බිහි විය. පොළොන්නරු යුගය වන විට මේ තත්ත්වය තව තවත් දරුණු තත්වයට පත් විය. බුද්ධාගම සහමුලින්ම ලෞකික දේව ආගම් සංකල්ප වලට යට වී උතුම් බුද්ධ ධර්මය ක‍්‍රමානුකූලව අභාවයටම ගිය බවත් ඉතාම පැහැදිලිය. පුජාවලිය, කව්සිළුමිණ, බුත්සරණ වැනි බෞද්ධ සාහිත්‍යය පොත් පත් ලියැවූණේද මේ යුගයේය. එවැනි පොත් පත් බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ නම් ස්වර්ණමය යුගයේදී ලියු පොත්පත්ය. බෞද්ධ සාහිත්‍යය, බෞද්ධ සංස්කෘතිය බෞද්ධ කාලාශිල්ප ආදිය මේ යුගයේදී ඉතාමත්ම දියුණු තත්ත්වයට පත්විය. මෙහි නියත ප‍්‍රතිඵලය වුයේ ආගම් සංකල්ප වලට මුල්තැන දී නිවන් දැකීම යන්න ප‍්‍රාර්ථනාවක් පමණක් බවට පත්විමයි. උතුම් බුද්ධ ධර්මය යටපත්වී ඇදහිලි පුදපූජා වලට මුල් තැනදීමයි. ඉන්පසුව ආ යුගයන්හි තව තවත් තත්ත්වය පිරිහී මහනුවර යුගයේදී බුද්ධ ධර්මය සම්පුර්ණයෙන්ම නැතිවී අභාවයටම ගිය බවද පෙන්වා දිය යුතුය."
පරම පවිත්‍ර සිරි සද්ධර්මය


