විස්මිත සොයා ගැනීම්
මේ අපේ ආදීම නෑයෙක් ද? : විස්මිත සොයා ගැනීම්
එයාගේ මුහුණේ තියෙනවා කුතුහලයෙන් පිරුණු ලස්සන හිනාවක්. නිසැකවම එයාගේ ඇස් සහ කට මනුෂ්‍යයකුගේ වගේමයි. ඒත් එයාගේ හකු අස්ථි එහෙම නැහැ. ඒ වගේමයි ඉදිරියට නෙරා ඇවිත් තිබෙන ඇහිබැමවලින් ද පැහැදිලිව පේනවා එයා සමාන වන්නේ සාමාන්‍ය මනුෂ්‍යයකුට නොවෙයි වානරයකුට කියලා. හඳුනා ගන්න එයාගේ නම කරාබෝ Karabo. එයා අපේ ආදීම මානවයෙක්. පරිණාම ජීව විද්‍යාඥයන්ගේ අලූත් ම මතය මිනිසා සහ වානරයන් අතර අහිමි පුරක කරාබෝ කියලයි.
මිනිසා වානරයන්ගෙන් පරිණාමය වූ බව විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබුණා. ඒත් මිනිසා සහ වානරයන් අතර එක් පුරුකක් ඒ කියන්නේ ඒ දෙගොල්ලන්ගේ අතරමැදියා වුණේ කුමන ආකාරයේ ජීවියකු දැයි විද්‍යාඥයන් මෙතෙක් දැන සිටියේ නැහැ. ඒත් ඒ ‘අහිමි පුරුක’ කරාබෝ යැයි දකුණු අපි‍්‍රකාවේ ජොහැන්ස්බර්ග් නුවර විට්වෝටර්ස්?න්ඞ් විශ්ව විද්‍යාලයේ පරිණාම ජීවවිද්‍යා මහාචාර්ය ලී බර්ගර් හෙළිකර ලෙන තියෙනවා. හමුවූ පොසිල සාක්ෂි ඇසුරු කොට ගෙන පරිගණකය ඇසුරින් කරාබෝ මුහුණ නිර්මාණය කළේ පොසිල සිත්තරකු වන ජෝන් ගර්චේ. ඒ අනුව කරාබෝ කොහොම කෙනෙකු වෙන්නට ඇතැයි ද යන්න දැන් අපට පැහැදිලියි.
කරාබෝගේ සිරුරේ අස්ථි හමුවුණේ දකුණු අපි‍්‍රකාවේ ගල්ලෙනකින්. ඒ 2008 වසරේදීයි. මහාචාර්ය ලී බර්ගර් එහි කැනීම් කරමින් සිටි භූමියේ පසෙක තිබී කරාබෝගේ මුල්ම අස්ථි කැබැල්ල හමුවුණේ ඔහුගේ නව හැවිරිදි පුංචි පුතාටයි. කරාබෝගේ අතේ අස්ථි දුටු බර්ගර් ඇතුළු විද්‍යාඥයන් පුදුම වුණා. හේතුව ඒක මනුෂ්‍යයකුගේ අතකට සමාන වීමයි. ඒ අතින් ආයුධ තනා ගැනීමේ හැකියාව පෙන්නුම් කරනවා. මීට පෙර පරිණාම විද්‍යාඥයන්ට මෙවැනි මානවයකුගේ අස්ථි හමුවෙලා නැහැ. ඒ නිසයි කරාබෝ අපේ පරිණාමයේ ‘අහිමි පුරුක’ කියලා කියන්න පුළුවන්කම ලැබෙන්නේ.
කරාබෝගේ අස්ථි හමුවුණේ තවත් කාන්තාවකගේ අස්ථි අසලින්. විද්‍යාඥයන් අනුමාන කරන්නේ මේ කාන්තාව කරාබෝගේ මව විය හැකියි කියලයි. මිය යද්දී ඇගේ වයස අවුරුදු 30 ක් පමණ වන්නට ඇතැයි අස්ථි පරීක්ෂා කර බැලීමෙන් පසු විද්‍යාඥයන් පෙන්වා දෙනවා. මොවුන් දෙදෙනාගේම අස්ථි මේ වන විට එංගලන්තයේ ලන්ඩන් නුවර ස්වභාව ඉතිහාස විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තියෙනවා.
කරාබෝගේ වයස අවුරුදු 13 පමණ වන්නට ඇතැයි අස්ථි පරීක්ෂා කිරීමෙන් පසු අනාවරණය වී තිබෙනවා. ‘කරාබෝ’ යන වදනෙහි අර්ථය ‘පිළිතුර’ යන්නයි. ඒත් මෙයාගේ සත්ව විද්‍යාත්මක නාමය ‘ඔස්ටේ්රලෝපිතිකස් සෙඞීබා’ කියලා විද්‍යාඥයන් කියනවා. මීට අවුරුදු මිලියන දෙකකට එපිට ජීවත් වූ කරාබෝ, දෙපයින් සිටගත්තාම උස අඩි 4 ක් බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. 2008 වසරේදී සොයා ගත්තත් පොසිල අස්ථි පරීක්ෂා කර බලා ඒවා ඇසුරින් කරාබෝගේ පරිගණක සිතුවම් නිර්මාණය කෙරුණේ පසුගිය දිනකයි.
ජෝන් ගර්චේගේ පරිගණක සිතුවම පෙන්වමින් මහාචාර්ය ලී බර්ගර් මෙන්න මෙහෙම කියනවා. ‘බලන්න ඔහුගේ නාසය. මනුෂ්‍යයකුගේ වගේමයි. ඒ වගේමයි ඔහුගේ කට, තොල් පෙති. බලන්න ඔහු අපූරුවට සිනාවෙනවා. ඔහු චිම්පන්සියෙකු හෝ වානරයකු හෝ නොවේ. හේතුව චිම්පන්සින්ට බැහැ හිනා වෙන්න.’
ජෝන් ගර්චේගේ පරිගණක සිතුවම සියයට 99.9 ක්ම නිවැරදියි. අතීතයේ ජීවත් වූ කරාබෝ වගේමයි. හැබැයි සිරුරේ පැහැය සහ ලොම්වල පැහැය අස්ථිවලින් තහවුරු කරන්න බැරි නිසා ජෝන් ගර්චේගේ සහ පරිණාම විද්‍යාඥයන් එම සිතුවම සකස් කළේ අනුමානයක් කරමිනුයි. කොහොම නමුත් කරාබෝ, නූතන මිනිසාගේ සෘජු මතුන්මිත්තා වන හෝමෝ ඉරෙක්ටස් නැතිනම් කොන්ද කෙළින් තබාගෙන දෙපයින් ඇවිද ගිය මිනිසාට සමානයි කියලා පරිණාම ජීව විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තියෙනවා.
(නැෂනල් ජියෝග්රැෆික් ඇසුරිනි)
ඊට කලින් කියන්න ඕන මම දාපු thread වලට හොද ප්‍රතිචාර ලැබුනා. ගොඩක් ස්තූති 1 නිසා අද මට කොටු 7 ලැබුනා. අදත් මම හොද thread 1 ගේනවා බලලා කියන්න
හොද නම් ඉතින් ++++
මගේ කලින් thread (හොඳ ප්‍රතිචාර ලැබුනු)
පාතාලය
http://www.elakiri.com/forum/showthread.php?t=1053422
කඩෝල් ඇතා
http://www.elakiri.com/forum/showthread.php?t=1053384
කතරතම ඉතිහාසය
http://www.elakiri.com/forum/showthread.php?t=1053512
බුෂ්මන්වරු (අප්‍රිකාවේ කලහාරි කාන්තාරයේ
http://www.elakiri.com/forum/showthread.php?t=1260982
අත්භූත ස්ථාන
http://www.elakiri.com/forum/showthread.php?t=1272011
ගාලූ කොටුවේ අබිරහස්
http://www.elakiri.com/forum/showthread.php?t=1287746
සිනහ වී මරු වැලඳ ගන්නා ෆෝරි ගෝත්‍රිකයෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1260979
විලේ අද්භූත සත්වයා The Loch Ness Monster
http://www.elakiri.com/forum/showthread.php?t=1284256
හිමාලයේ නොවිසඳුණු අබිරහස්
http://www.elakiri.com/forum/showthread.php?t=1289197