මේ ටිකේ ලග ලගම සෑහෙන වෙඩින් සෙට් එකක් සෙට් උනා. ලග ලගම සෙට් උන නිසා අපි වෙඩින් වලට ගිහිං අපිට පුරුදු අනාත සිංහලු සිස්ටම් එකට වෙඩිමෙන් කන එක පට්ට පාඩු වැඩක් කියලා තේරුනා. අන්තිම වෙඩින් එක වෙද්දි කන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කරා.
නැත්තං හැම එකේම කන්න ගියාම ෆ්‍රයිඩ් රයිස් නාසි වගේ ඒවගෙන් කොත ගහලා ප්ලේට් එකට බෙදාගෙන හම්බෙන හම්බෙන හැම එකෙන්ම ප්ලේට් එක වැහෙන්න බෙදාගෙන රුවන්වැලි සෑය වගේ ප්ලේට් එකක් උස්සන් ටේබල් එකට ගිහිල්ලා කන්න ගන්නවා. එහෙම අපි බෙදාගත්තට ගෙදර වගේ ආතල් එකේ ඒවා එන්ජෝයි කර කර ඔය පත ප්ලේට් එක වෙඩින් එකේ කන්න ලොවෙත් බෑ. ඇදුම් හිර කරගෙන ඉන්න හින්දද, ප්ලේස් එක හින්දද, කට්ටිය ඉන්න හින්දද, හොටෙල් වල උන් කෑමට දාන මොකක් හරි හින්දද කියලා කියන්න හේතුවක් හරියට දන්නෑ. හැබැයි ඒක එහෙම තමා. ගෙදර හරි restaurant එකකට ගිහිං කනවා වගේ ආතල් එකේ එන්ජෝයි කර කර පත කෑම එකක් වෙඩින් එකක ලොවෙත් කන්න බෑ. අන්තිමට වෙන්නෙ අර රුවන්වැලි සෑය වගේ ප්ලේට් එකේ කොනක ඉදන් අපි කන්න අරං ඒකෙ භාගයක් වත් කාගන්න බැරුව අන අන, අතගගා, AC එකෙත් දාඩිය දාගෙන වාත වෙන්න. ඒත් එච්චර බෙදාගෙනත් භාගයක්වත් කෑවෙ නැත්තං නෝන්ඩි හින්දා හෙන ගේමක් ගහලා බාගයක් අමාරුවෙන් කාගන්නවා. ඊටපස්සෙ ආතල් එකේ ඩෙසර්ට් කන්නවත් බඩේ ඉඩක් නෑ. ඩාන්ස් කරගන්නවත් බෑ දැගලුවොත් කාපුවා උගුරට එනවා
සල්ලිත් දීලා කෑම එකත් එන්ජෝයි කරගන්න බැරුව, ඩෙසට් එකත් සැපේ කන්න නැතුව, අඩුම ඩාන්ස් එකක් දාලා ආතල් ගන්නත් බැරුව දහ දුකක් විදලා කලු කැත අනාත සිංහලයෝ වගේ ඉදලා එන්න වෙන්නෙ එහෙම උනාම.
මම ඒ අනාත සිංහල වෙඩින් ප්ලේට් ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරගත්තා ඒ හින්දා. මුලින්ම වෙඩින් එකට ගිහිං වෙල්කම් ඩ්‍රින්ක් එක ගහලා කයියක් දාගෙන ඇපල් කෑල්ලක්, බයිට්( මුරුක්කු) ටිකක් කාගෙන ඉන්නවා. ඊටපස්සෙ ඩ්‍රින්ක්ස් සර්ව් කරන්න ගත්තම දෙන බ්‍රෑන්ඩ් එක සහ අවස්ථාව අනුව ලාවට වදින නොවදින ගානට (ඩාන්ස් කරන්න එහෙම පොඩි කික් එකක් එන ගානට) සෙට් වෙන්න ශොට් දෙකක් හෝ තුනක් දාගන්නවා. බයිට් (චිකන් ඩෙවල් & etc) ලාවට ගන්නෙ. ඒවා කාලා බඩ පුරවගන්න සෙට් වෙන්නෙ නැති විදිහට. ඊටපස්සෙ කන්න ගියාම රයිස් ප්ලේට් කොත ගහගන්නෙ නැතුව මුලින්ම චිකන් ක්‍රීම් සුප් එකක් දාගන්නවා. ( දැන් ගොඩක් හොටෙල් වල බුෆේ එකේ සුප් තියනවා) ඒකත් එක්ක බටර් එක්ක පොඩි බන් 3,4ක් දාගෙන ඇවිල්ලා සුප් එක බොන ගමන් ඒවා කනවා. ඒක ඒ වෙලාවට මාරෙට සෙට් වෙනවා & බඩගිනිත් වැඩිවෙනවා. ඊටපස්සෙ ප්ලේට් එක අරන් ෆ්‍රයිඩ් රයිස් හරි නාසි හරි හැදි බාගයක් වගේ පොඩ්ඩක් දාගෙන ඉස්සො, දැල්ලො, කජු, අර මාලු මිරිස් පුරවලා හදපු කරි එක වගේ වෙනදා ගෙදර, restaurant වල නෝමල් lunch එක්ක කන්න සෙට් වෙන්නෙ නැති ඒවා හොදට බෙදාගන්නවා( හැමදාම කන්න සෙට් වෙන චිකන් අල පරිප්පු නං බෙදාගෙන තේරුමක් නෑනෙහ්) ඒ ටික හොදට එන්ජෝයි කර කර කන්න පුලුවන් එතකොට පාඩුවෙ. ඊටපස්සෙ හොදට ඩෙසට් එක ෆ්‍රෙශ් ෆෘට්, පුඩිං, කේක්..etc දාගෙන කනවා ආතල් එකේ. හැමදාම කන අයිස් ක්‍රීමුයි වටලප්පනුයි වෙඩිමකත් ගිලින එක පාඩුයි.ඊටපස්සෙ බඩ උස්සගෙන දගලන්න ඕනෙ නෑ උගුරට එයි කියලා බය වෙන්න ඕනෙ නෑ. පාඩුවෙ ඩාන්ස් කරලා ආතල් අරං සැපේ ගෙදර යන්න තියෙන්නෙ.
මීට අමතරව උබලා වෙඩින් එක්ක ගිහිං පාඩු නොවෙන්න කන සිස්ටම් මොනවද? මගෙ සිස්ටම් එකේ තව අප්ඩේට් වෙන්න ඕන තැන් මොනවද
කියහල්ලා බලන්න.
ප.ලි:- මෙම කරුණු ගාල්ලෙ වෙඩින් වලට යන උන්ට අදාල නැති බව කරුණාවෙන් සලකන්න
. කරුමෙට හරි ගාල්ලෙ වෙඩිමක් සෙට් උනොත් යන්න කලින් ගාල්ලෙ වෙඩිමක කන්න ඕන සිස්ටම් එක මූට @dilann PM එකක් දාලා අහගනිල්ලා
ප.ලි 2 :- මේකෙ කියලා තියන සිංහල තේරෙන්නෙ නැති අනාත බේසිකයන්ගෙ හිත සුව පිණිස.
වෙඩිම තියන එකාට කොහොමත් දෙන ගාන දෙන්නෙ ගිෆ්ට් එකක් හැටියට තමා. ඒක වෙඩිමට ගියත් නැතත් දෙන්න ඕන. මෙතන කියලා තියෙන්නෙ උට දෙන ගානට පාඩුවක් නැතුව කන එකක් ගැන නෙවෙයි බේසිකයිනෙ. ඌ හොටෙල් එකට ගෙවන්නෙ ප්ලේට් ගානට. අපි ප්ලේට් එකක් අරගෙන බතුයි පරිප්පුයි කෑවත්, කොත ගහලා ඔක්කොම බෙදාගෙන විසි කරත්, ඔය මම කියලා තියන විදිහට කෑවත් ඌ හොටෙල් එකට ගෙවන ගානෙ වෙනසක් වෙන්නෙ නෑ. මම කියලා තියෙන්නෙ උට අපි දෙන ගානට පාඩු නැතුව කන උට්ටක් ගැන නෙවෙයි. ඌ හොටෙල් එකට අපි වෙනුවෙන් ප්ලේට් එකට දෙන ගානට පාඩුවක් නොවෙන්න + අපිටත් කෑම එක එන්ජෝයි කරලා ආතල් එකත් ගන්න පුලුවන් වෙන විදිහට කන එක ගැන.

Last edited: