වෙඩිමකට ගිහිං පාඩු නොවෙන්න කන්නෙ කොහොමද 😎

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    මේ ටිකේ ලග ලගම සෑහෙන වෙඩින් සෙට් එකක් සෙට් උනා. ලග ලගම සෙට් උන නිසා අපි වෙඩින් වලට ගිහිං අපිට පුරුදු අනාත සිංහලු සිස්ටම් එකට වෙඩිමෙන් කන එක පට්ට පාඩු වැඩක් කියලා තේරුනා. අන්තිම වෙඩින් එක වෙද්දි කන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කරා. 😁 නැත්තං හැම එකේම කන්න ගියාම ෆ්‍රයිඩ් රයිස් නාසි වගේ ඒවගෙන් කොත ගහලා ප්ලේට් එකට බෙදාගෙන හම්බෙන හම්බෙන හැම එකෙන්ම ප්ලේට් එක වැහෙන්න බෙදාගෙන රුවන්වැලි සෑය වගේ ප්ලේට් එකක් උස්සන් ටේබල් එකට ගිහිල්ලා කන්න ගන්නවා. එහෙම අපි බෙදාගත්තට ගෙදර වගේ ආතල් එකේ ඒවා එන්ජෝයි කර කර ඔය පත ප්ලේට් එක වෙඩින් එකේ කන්න ලොවෙත් බෑ. ඇදුම් හිර කරගෙන ඉන්න හින්දද, ප්ලේස් එක හින්දද, කට්ටිය ඉන්න හින්දද, හොටෙල් වල උන් කෑමට දාන මොකක් හරි හින්දද කියලා කියන්න හේතුවක් හරියට දන්නෑ. හැබැයි ඒක එහෙම තමා. ගෙදර හරි restaurant එකකට ගිහිං කනවා වගේ ආතල් එකේ එන්ජෝයි කර කර පත කෑම එකක් වෙඩින් එකක ලොවෙත් කන්න බෑ. අන්තිමට වෙන්නෙ අර රුවන්වැලි සෑය වගේ ප්ලේට් එකේ කොනක ඉදන් අපි කන්න අරං ඒකෙ භාගයක් වත් කාගන්න බැරුව අන අන, අතගගා, AC එකෙත් දාඩිය දාගෙන වාත වෙන්න. ඒත් එච්චර බෙදාගෙනත් භාගයක්වත් කෑවෙ නැත්තං නෝන්ඩි හින්දා හෙන ගේමක් ගහලා බාගයක් අමාරුවෙන් කාගන්නවා. ඊටපස්සෙ ආතල් එකේ ඩෙසර්ට් කන්නවත් බඩේ ඉඩක් නෑ. ඩාන්ස් කරගන්නවත් බෑ දැගලුවොත් කාපුවා උගුරට එනවා 🤣 සල්ලිත් දීලා කෑම එකත් එන්ජෝයි කරගන්න බැරුව, ඩෙසට් එකත් සැපේ කන්න නැතුව, අඩුම ඩාන්ස් එකක් දාලා ආතල් ගන්නත් බැරුව දහ දුකක් විදලා කලු කැත අනාත සිංහලයෝ වගේ ඉදලා එන්න වෙන්නෙ එහෙම උනාම.

    මම ඒ අනාත සිංහල වෙඩින් ප්ලේට් ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරගත්තා ඒ හින්දා. මුලින්ම වෙඩින් එකට ගිහිං වෙල්කම් ඩ්‍රින්ක් එක ගහලා කයියක් දාගෙන ඇපල් කෑල්ලක්, බයිට්( මුරුක්කු) ටිකක් කාගෙන ඉන්නවා. ඊටපස්සෙ ඩ්‍රින්ක්ස් සර්ව් කරන්න ගත්තම දෙන බ්‍රෑන්ඩ් එක සහ අවස්ථාව අනුව ලාවට වදින නොවදින ගානට (ඩාන්ස් කරන්න එහෙම පොඩි කික් එකක් එන ගානට) සෙට් වෙන්න ශොට් දෙකක් හෝ තුනක් දාගන්නවා. බයිට් (චිකන් ඩෙවල් & etc) ලාවට ගන්නෙ. ඒවා කාලා බඩ පුරවගන්න සෙට් වෙන්නෙ නැති විදිහට. ඊටපස්සෙ කන්න ගියාම රයිස් ප්ලේට් කොත ගහගන්නෙ නැතුව මුලින්ම චිකන් ක්‍රීම් සුප් එකක් දාගන්නවා. ( දැන් ගොඩක් හොටෙල් වල බුෆේ එකේ සුප් තියනවා) ඒකත් එක්ක බටර් එක්ක පොඩි බන් 3,4ක් දාගෙන ඇවිල්ලා සුප් එක බොන ගමන් ඒවා කනවා. ඒක ඒ වෙලාවට මාරෙට සෙට් වෙනවා & බඩගිනිත් වැඩිවෙනවා. ඊටපස්සෙ ප්ලේට් එක අරන් ෆ්‍රයිඩ් රයිස් හරි නාසි හරි හැදි බාගයක් වගේ පොඩ්ඩක් දාගෙන ඉස්සො, දැල්ලො, කජු, අර මාලු මිරිස් පුරවලා හදපු කරි එක වගේ වෙනදා ගෙදර, restaurant වල නෝමල් lunch එක්ක කන්න සෙට් වෙන්නෙ නැති ඒවා හොදට බෙදාගන්නවා( හැමදාම කන්න සෙට් වෙන චිකන් අල පරිප්පු නං බෙදාගෙන තේරුමක් නෑනෙහ්) ඒ ටික හොදට එන්ජෝයි කර කර කන්න පුලුවන් එතකොට පාඩුවෙ. ඊටපස්සෙ හොදට ඩෙසට් එක ෆ්‍රෙශ් ෆෘට්, පුඩිං, කේක්..etc දාගෙන කනවා ආතල් එකේ. හැමදාම කන අයිස් ක්‍රීමුයි වටලප්පනුයි වෙඩිමකත් ගිලින එක පාඩුයි.ඊටපස්සෙ බඩ උස්සගෙන දගලන්න ඕනෙ නෑ උගුරට එයි කියලා බය වෙන්න ඕනෙ නෑ. පාඩුවෙ ඩාන්ස් කරලා ආතල් අරං සැපේ ගෙදර යන්න තියෙන්නෙ.

    මීට අමතරව උබලා වෙඩින් එක්ක ගිහිං පාඩු නොවෙන්න කන සිස්ටම් මොනවද? මගෙ සිස්ටම් එකේ තව අප්ඩේට් වෙන්න ඕන තැන් මොනවද 😁කියහල්ලා බලන්න.

    ප.ලි:- මෙම කරුණු ගාල්ලෙ වෙඩින් වලට යන උන්ට අදාල නැති බව කරුණාවෙන් සලකන්න 🤣. කරුමෙට හරි ගාල්ලෙ වෙඩිමක් සෙට් උනොත් යන්න කලින් ගාල්ලෙ වෙඩිමක කන්න ඕන සිස්ටම් එක මූට @dilann PM එකක් දාලා අහගනිල්ලා

    ප.ලි 2 :- මේකෙ කියලා තියන සිංහල තේරෙන්නෙ නැති අනාත බේසිකයන්ගෙ හිත සුව පිණිස.

    වෙඩිම තියන එකාට කොහොමත් දෙන ගාන දෙන්නෙ ගිෆ්ට් එකක් හැටියට තමා. ඒක වෙඩිමට ගියත් නැතත් දෙන්න ඕන. මෙතන කියලා තියෙන්නෙ උට දෙන ගානට පාඩුවක් නැතුව කන එකක් ගැන නෙවෙයි බේසිකයිනෙ. ඌ හොටෙල් එකට ගෙවන්නෙ ප්ලේට් ගානට. අපි ප්ලේට් එකක් අරගෙන බතුයි පරිප්පුයි කෑවත්, කොත ගහලා ඔක්කොම බෙදාගෙන විසි කරත්, ඔය මම කියලා තියන විදිහට කෑවත් ඌ හොටෙල් එකට ගෙවන ගානෙ වෙනසක් වෙන්නෙ නෑ. මම කියලා තියෙන්නෙ උට අපි දෙන ගානට පාඩු නැතුව කන උට්ටක් ගැන නෙවෙයි. ඌ හොටෙල් එකට අපි වෙනුවෙන් ප්ලේට් එකට දෙන ගානට පාඩුවක් නොවෙන්න + අපිටත් කෑම එක එන්ජෝයි කරලා ආතල් එකත් ගන්න පුලුවන් වෙන විදිහට කන එක ගැන. 🤣
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    salli save karanna ona nam loku value ekak pena art work ekak aduwata aran gihin deepan..

    kana eken cost cover karanna kohomath baha.. wedding wala expensive kaama naha..
    bona eken cover karanna nam un adu gane gold label wath serve karnna ona..
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    anthimata giya wedding eke man kawe na
    whiskey biwwa chicken & pork ekka, passe loku cashew nuts plate ekak kawa
    ita passe soup ekak ekka bread rolls 2k butter ekka kawa eggs & tuna ekka
    anthimata nithara kanna set wenne nathi desserts tikak kawa
    dan issara wage kamata loku peretha kamak danenne na ban
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    මම නම් කරන්නෙ බෙදාගන්න කලින් බුෆේ එකේ අන්තිම ඉදන් මුලට බලාගෙන එනගමන් තීරනේ කරනවා කන්නෙ මොනාද කියලා. ගානට බෙදාගන්නවා ආතල් එකේ කනවා. ඉතුරු කරන්නෙත් නෑ කොහොමත් මන් කොහේ කෑවත් ඉතුරු කරන්නෙ නෑ ගානට බෙදාගත්තා කෑවා. :yes: :yes: :yes:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    මම නම් කරන්නෙ බෙදාගන්න කලින් බුෆේ එකේ අන්තිම ඉදන් මුලට බලාගෙන එනගමන් තීරනේ කරනවා කන්නෙ මොනාද කියලා. ගානට බෙදාගන්නවා ආතල් එකේ කනවා. ඉතුරු කරන්නෙත් නෑ කොහොමත් මන් කොහේ කෑවත් ඉතුරු කරන්නෙ නෑ ගානට බෙදාගත්තා කෑවා. :yes: :yes: :yes:
    good lads
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    එහෙම යක්කු වගේ කන්න බෑ බං. අඩුම ගානේ ගෙදර හදන chicken එක තරම් වත් hotel එකකින් කන්න බෑ මට නම්. ඒක උන් උයන strategy එකක්.

    තොපි වගේ උන්ට wedding කියන්න හොඳ නෑ. 😒
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ප.ලි:- මෙම කරුණු ගාල්ලෙ වෙඩින් වලට යන උන්ට අදාල නැති බව කරුණාවෙන් සලකන්න 🤣. කරුමෙට හරි ගාල්ලෙ වෙඩිමක් සෙට් උනොත් යන්න කලින් ගාල්ලෙ වෙඩිමක කන්න ඕන සිස්ටම් එක මූට @dilann PM එකක් දාලා අහගනිල්ලා
    ඒවල කෑම නම් එහෙම අවුලක් නෑ..
    දවල් කෑම ලං කරල වෙඩිමට ගියා නම් හරි.. නැත්නම් උදේ ගිහින් පැය 4ක් විතර ගේම් එකක් ගහපන් , එලකිරි වරෙන්..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Wennappuwa paththey wedding wala nam palenna bite thiyanawa.. colombo paththey godak un bite walata ekko muruku hari melo rahak nathi podi deyak denawa.. eeta passe buffet eka denawa..

    Honda hotels wala nam wenama plates thiyanawa ne soup and apatizer walata .. cold meat , salad wage..

    Eeta passe main course ekata bahinna thiyenne..

    Man karanne bite kala ganata bonawa.. ey karana gaman natanawa.... Passe ganata anek ewalata piliwalata bahinawa...

    Habai mata wedding walata yanna asama nah.. ganunwath anndho gena yanawa kiyanne mala wathayak..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    salli save karanna ona nam loku value ekak pena art work ekak aduwata aran gihin deepan..

    kana eken cost cover karanna kohomath baha.. wedding wala expensive kaama naha..
    bona eken cover karanna nam un adu gane gold label wath serve karnna ona..
    නෑ නෑ මම කිව්වෙ වෙඩිමෙ කොස්ට් එක අඩු කරන සීන් එකක් නෙවෙයි. කොහොමත් කන එක වැඩියෙන් වාසි විදිහට කන එක ගැන 😁

    අඩු කුලේ අනාත කුකුලෙක් ඩිටෙක්ටඩ්

    වෙඩිං වල කව්ද බං කන්න යන්නේ, අපි ගිහින් බොනවා
    බුෆේ එකෙන් කාපු කාලයක් මතක නෑ
    හම්මෝ වෙඩින් වල නං හාන ගානට බොන්නෙ නෑ රෙදි ලෙප්ට්නෙහ් නෝන්ඩි උනොත්. එහෙම නිල් වෙන්න ගහනවා යාලුවො එක්ක බොන්නම සෙට් උන වෙලාවටනං 😁
    ------ Post added on Jun 25, 2023 at 1:50 AM

    ගංජා පොඩ්ඩක් අරන් යනවා එක ගහලා ඔක්කම කනවා හොදට කාල ඩෙසට් එක බුරිය උල් වෙන්නම කනවා .
    ටිකකින් බලද්දි ජොයින්ට් පාරට වැදිලා වෙඩිමෙ පිස්සු කෙලලා හාලා තිබ්බම 🥲👍
    ------ Post added on Jun 25, 2023 at 1:51 AM

    anthimata giya wedding eke man kawe na
    whiskey biwwa chicken & pork ekka, passe loku cashew nuts plate ekak kawa
    ita passe soup ekak ekka bread rolls 2k butter ekka kawa eggs & tuna ekka
    anthimata nithara kanna set wenne nathi desserts tikak kawa
    dan issara wage kamata loku peretha kamak danenne na ban
    මේ තියෙන්නෙ ටිප්ස් 😍
    ------ Post added on Jun 25, 2023 at 1:53 AM

    එහෙම යක්කු වගේ කන්න බෑ බං. අඩුම ගානේ ගෙදර හදන chicken එක තරම් වත් hotel එකකින් කන්න බෑ මට නම්. ඒක උන් උයන strategy එකක්.

    තොපි වගේ උන්ට wedding කියන්න හොඳ නෑ. 😒
    අඩෝ why bn 🥲💔
    ------ Post added on Jun 25, 2023 at 1:53 AM
     
    • Like
    Reactions: nooby

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    බොන උන්ට කන්න බැහැ මම දැකලා තියෙනවා කොත ගහලා බෙදාගෙන පිගාන මේසේ උඩ ඌ මේසේ ඔලුව ගහන් බුදි.අනිත් උන් කන්න කිව්වහම..හරි හරි හුත්@ ගගා බුදියගෙනම ඉන්නවා.. :D
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර
    මේ ටිකේ ලග ලගම සෑහෙන වෙඩින් සෙට් එකක් සෙට් උනා. ලග ලගම සෙට් උන නිසා අපි වෙඩින් වලට ගිහිං අපිට පුරුදු අනාත සිංහලු සිස්ටම් එකට වෙඩිමෙන් කන එක පට්ට පාඩු වැඩක් කියලා තේරුනා. අන්තිම වෙඩින් එක වෙද්දි කන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කරා. 😁 නැත්තං හැම එකේම කන්න ගියාම ෆ්‍රයිඩ් රයිස් නාසි වගේ ඒවගෙන් කොත ගහලා ප්ලේට් එකට බෙදාගෙන හම්බෙන හම්බෙන හැම එකෙන්ම ප්ලේට් එක වැහෙන්න බෙදාගෙන රුවන්වැලි සෑය වගේ ප්ලේට් එකක් උස්සන් ටේබල් එකට ගිහිල්ලා කන්න ගන්නවා. එහෙම අපි බෙදාගත්තට ගෙදර වගේ ආතල් එකේ ඒවා එන්ජෝයි කර කර ඔය පත ප්ලේට් එක වෙඩින් එකේ කන්න ලොවෙත් බෑ. ඇදුම් හිර කරගෙන ඉන්න හින්දද, ප්ලේස් එක හින්දද, කට්ටිය ඉන්න හින්දද, හොටෙල් වල උන් කෑමට දාන මොකක් හරි හින්දද කියලා කියන්න හේතුවක් හරියට දන්නෑ. හැබැයි ඒක එහෙම තමා. ගෙදර හරි restaurant එකකට ගිහිං කනවා වගේ ආතල් එකේ එන්ජෝයි කර කර පත කෑම එකක් වෙඩින් එකක ලොවෙත් කන්න බෑ. අන්තිමට වෙන්නෙ අර රුවන්වැලි සෑය වගේ ප්ලේට් එකේ කොනක ඉදන් අපි කන්න අරං ඒකෙ භාගයක් වත් කාගන්න බැරුව අන අන, අතගගා, AC එකෙත් දාඩිය දාගෙන වාත වෙන්න. ඒත් එච්චර බෙදාගෙනත් භාගයක්වත් කෑවෙ නැත්තං නෝන්ඩි හින්දා හෙන ගේමක් ගහලා බාගයක් අමාරුවෙන් කාගන්නවා. ඊටපස්සෙ ආතල් එකේ ඩෙසර්ට් කන්නවත් බඩේ ඉඩක් නෑ. ඩාන්ස් කරගන්නවත් බෑ දැගලුවොත් කාපුවා උගුරට එනවා 🤣 සල්ලිත් දීලා කෑම එකත් එන්ජෝයි කරගන්න බැරුව, ඩෙසට් එකත් සැපේ කන්න නැතුව, අඩුම ඩාන්ස් එකක් දාලා ආතල් ගන්නත් බැරුව දහ දුකක් විදලා කලු කැත අනාත සිංහලයෝ වගේ ඉදලා එන්න වෙන්නෙ එහෙම උනාම.

    මම ඒ අනාත සිංහල වෙඩින් ප්ලේට් ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරගත්තා ඒ හින්දා. මුලින්ම වෙඩින් එකට ගිහිං වෙල්කම් ඩ්‍රින්ක් එක ගහලා කයියක් දාගෙන ඇපල් කෑල්ලක්, බයිට්( මුරුක්කු) ටිකක් කාගෙන ඉන්නවා. ඊටපස්සෙ ඩ්‍රින්ක්ස් සර්ව් කරන්න ගත්තම දෙන බ්‍රෑන්ඩ් එක සහ අවස්ථාව අනුව ලාවට වදින නොවදින ගානට (ඩාන්ස් කරන්න එහෙම පොඩි කික් එකක් එන ගානට) සෙට් වෙන්න ශොට් දෙකක් හෝ තුනක් දාගන්නවා. බයිට් (චිකන් ඩෙවල් & etc) ලාවට ගන්නෙ. ඒවා කාලා බඩ පුරවගන්න සෙට් වෙන්නෙ නැති විදිහට. ඊටපස්සෙ කන්න ගියාම රයිස් ප්ලේට් කොත ගහගන්නෙ නැතුව මුලින්ම චිකන් ක්‍රීම් සුප් එකක් දාගන්නවා. ( දැන් ගොඩක් හොටෙල් වල බුෆේ එකේ සුප් තියනවා) ඒකත් එක්ක බටර් එක්ක පොඩි බන් 3,4ක් දාගෙන ඇවිල්ලා සුප් එක බොන ගමන් ඒවා කනවා. ඒක ඒ වෙලාවට මාරෙට සෙට් වෙනවා & බඩගිනිත් වැඩිවෙනවා. ඊටපස්සෙ ප්ලේට් එක අරන් ෆ්‍රයිඩ් රයිස් හරි නාසි හරි හැදි බාගයක් වගේ පොඩ්ඩක් දාගෙන ඉස්සො, දැල්ලො, කජු, අර මාලු මිරිස් පුරවලා හදපු කරි එක වගේ වෙනදා ගෙදර, restaurant වල නෝමල් lunch එක්ක කන්න සෙට් වෙන්නෙ නැති ඒවා හොදට බෙදාගන්නවා( හැමදාම කන්න සෙට් වෙන චිකන් අල පරිප්පු නං බෙදාගෙන තේරුමක් නෑනෙහ්) ඒ ටික හොදට එන්ජෝයි කර කර කන්න පුලුවන් එතකොට පාඩුවෙ. ඊටපස්සෙ හොදට ඩෙසට් එක ෆ්‍රෙශ් ෆෘට්, පුඩිං, කේක්..etc දාගෙන කනවා ආතල් එකේ. හැමදාම කන අයිස් ක්‍රීමුයි වටලප්පනුයි වෙඩිමකත් ගිලින එක පාඩුයි.ඊටපස්සෙ බඩ උස්සගෙන දගලන්න ඕනෙ නෑ උගුරට එයි කියලා බය වෙන්න ඕනෙ නෑ. පාඩුවෙ ඩාන්ස් කරලා ආතල් අරං සැපේ ගෙදර යන්න තියෙන්නෙ.

    මීට අමතරව උබලා වෙඩින් එක්ක ගිහිං පාඩු නොවෙන්න කන සිස්ටම් මොනවද? මගෙ සිස්ටම් එකේ තව අප්ඩේට් වෙන්න ඕන තැන් මොනවද 😁කියහල්ලා බලන්න.

    ප.ලි:- මෙම කරුණු ගාල්ලෙ වෙඩින් වලට යන උන්ට අදාල නැති බව කරුණාවෙන් සලකන්න 🤣. කරුමෙට හරි ගාල්ලෙ වෙඩිමක් සෙට් උනොත් යන්න කලින් ගාල්ලෙ වෙඩිමක කන්න ඕන සිස්ටම් එක මූට @dilann PM එකක් දාලා අහගනිල්ලා
    ප්ලේන් රතු බත්/සුදු බත් තියෙනවා නම් පොඩ්ඩ්ක් ගන්න බත් කන්න ඕනෙම නම්.

    සමහර හොටෙල් වල හොදම ඒවා අන්තිම කොනේ. ඒ ගැනත් අවධානය දෙන්න.

    හැදි ගෑරිප්පු වලින් කනවා නම් මස් වල ලොකු කෑලි දාගන්න එපා.උබලට බාගෙට කාලා මස් කෑල්ල දිහා බල බල හූල්ල හූල්ල ඉන්න වෙන්නේ. :lol:
    කටු අඩු ලොකු කෑලී දා ගනින්.එතකොට වැඩිය දගලන්නේ නැතුව ශේප් එකේ කාගන්න පුලුවන්. :cool: