වෙරිවීම

laka007

Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    නොබලපු අයට...

    වෙරිවීම

    දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා..


    ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරට එද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර බුවාටත් බයික් එක මග දාලා යන්න ඈ.. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩ ගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලු මිනිහට දැං ඇඩ්‍රස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේට යන්න වෙන්නෙත්..


    මිනිහා කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවට අරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේ තිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයා කොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින් කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම පහුවදා නැගිටිද්දී පට්ට ඔලුවෙ කැක්කුමලු.


    බුවාත් ඉතින් පෙනඩෝල් එකක්වත් බොන්න කියලා උදේ පාංදර කුස්සියට යද්දී බුවාගේ අම්මා හො ගාලා උයනවා..


    බුවා : අම්මේ...
    අම්මා : හ්ම්ම්ම්ම්ම්ම්
    බුවා : පෙනඩෝල් නැද්ද ඉන්න බෑ ඔලුව රිදෙනවා...
    අම්මා : ඔලුව රිදෙන්නේ නැද්ද යකෝ රැයක් එලි වෙනකම් හෙල්මට් එකක් දාගන නිදාගත්තහම...



    අද මට ආපු mail එකක තිබුනේ..
    ලියපු එකේක් උස්සපු තෑනක් දන්නේ නෑත....
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    repostd.gif

    buwaa kiiwe repost buwaa nemei neda???? :p:p:p:D:D:D.