වෙසක් දන්සල් අත්දැකීම්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වෙසක් දන්සල් අත්දැකීම්

    වෙසක් එකත් ඉවරයි ගොඩක් අය වන්දනාවේ යනවා , ඒ වගේම ඒ ගමන්ම දන්සල් වලට ගොඩවෙන්න අමතක කරන්නේ නැ .

    හැමෝටම අත්දැකීම් ලැබෙන්න ඇති දන්සල් වලට ගියපු ඒවා එහෙම . මමත් පෝය දවසේ කිහිප දෙනෙක් එක්ක වන්දනාවේ ගියා . ගමනාන්තය උනේ පොල්ගහවෙල මහමෙව්නාව .ෆොටෝ නම් නැ . ෆොටෝ ගහන්න දෙන්නෙත් නැ . මගේ ලග ෆොටෝ ගහන්න හොද phone එකකුත් නැ

    ඒ යනගමන් ගොඩවුන දන්සල් පිළිබද විස්තර දාන්නම්

    1.ඉස්සෙල්ලම කුරුණෑගල බෑන්ක් එකකින් දුන්නා බෑන්ක් එකේ නම මතක නැ . ice cream දන්සලක් දුන්නේ
    කප් ඇති වෙනකම් දුන්නා ගියපු හැමෝම 2 ගානේ කෑවා.

    2. ice cream දන්සල පහු කරලා ඉදිරියට යනකොට පාන් සමග සිනිසම්බෝල දන්සලක් තිබුනා . එතනත් අවශ්‍ය තරමක් ගන්න තිබුනා . ඒක private හොස්පිටල් එකකින් කරේ

    3. මහමෙව්නාවට ගිහින් එනකොට ඒ කිට්ටුවම බත් දන්සලක් තිබුනා . පෝලිමේ පැයක් විතර හිටියා . හම්බුනේ බත් හැන්ද යි . නමට වගේ දන්සල දුන්නේ . ගොඩක් අය බැන බැන ගියා . දන්සලක් දෙනවනම් ඒ විදිද්හට දෙන්න ඕනේ බැරිනම් නිකම් ඉන්න ඕනේ .

    4. පොල්ගහවෙලෙන් ප්‍රධාන පාරට දාලා ටික දුරක් එනකොට රයිස් දන්සලක් තිබුනා ෂෙඩ් එකක . ලොකු පෝලිමක් තිබුනා . පැයක් විතර පෝලිමේ ඉන්නකොට බත් ඉවර උනා . අයෙ බත් එන්න තව පැයක් විතර ගියා . මේකට කියන්න තියෙන්නෙත් කලින් කතාව . හරියට වැඩක් කරන්න බැරිනම් නිකම් ඉන්න ඕනේ .

    දන්සලක ගිහින් බත් කන්න පැයක් පෝලිමේ ඉන්න උනාට අව්ලක් නැ . ඒක පයකට වඩා යනවනම් ඒක එච්චර හරි නැ . එතකොට මිනිස්සුගෙන් පින් ලැබෙන්නේ නැ දෝෂාරෝපණ තමයි ලැබෙන්නේ
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    අවුරුද්ද ඉවර උන ගමන් වෙසක් දන්සැල් වලට සල්ලි ඉල්ලගෙන කට්ටිය එනවා.වෙසක් ඉවර උන දවසෙම පොසොන් දන්සැලකට සල්ලි ඉල්ලගෙන අන්කල්ලා ටිකක් ආවා.:Pපන්සීයක්වත් දුන්නේ නැත්නම් බැනලා යනවා ලෝබයා කියලා:(
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එක පාරක් කොල්ලො සෙට් එක දන්සැලකින් කාලා සෙට් එකටම බඩ ගියා
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo

    උඹ දන්සල් වන්දනාවේ ගියාද බං.... :lol:

    දැන් එන පොසෙන් එක එනකම් බඩ යනවා ඇති.පිරිසිදුව උයන්න දන්නේ නැත්නම් මොකට දෙනවද?
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    එක පාරක් කොල්ලො සෙට් එක දන්සැලකින් කාලා සෙට් එකටම බඩ ගියා

    මට පාරේ බලෙන් නවත්තලා සව් කැඳ දුන්නා. විනාඩි දහයකින් මම යන ගමන නවත්තලා කාර් එක හරවගෙන ආවා ටොයිලට් එකට දුවන්න:dull:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    උඹ දන්සල් වන්දනාවේ ගියාද බං.... :lol:

    වෙසක් එකට බට්ටාගේ කොල්ලෝ කොහේ හරි යන් කිවුවා උන්ගේ අරමුණ දන්සල් වන්දනාමාන කිරීම .
    මම ඊට පස්සේ කිවුවා ඔය මහමෙවුනාව කියන එක බලන්න යමු කියලා . ඕකට අපේ ගමේ කට්ටියක් ගිහින් ඇවිත් විස්තර කිවුවා හොදයි කියලා . හැබැයි එතන ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා . ඒවා කියලා වැඩක් නැ .අවබෝධයෙන් ගියපු කෙනෙක්ට තේරෙනවා .
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කුරුණෑගල නම් අපේ දන්සලත් වඳින්න ඇති උබලා.. :):)

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    අපේ සල්ලි වලින් අපි කොච්චර මිනිසුන්ට කන්න බොන්න දීලා තියෙනවද? ආය දන්සැලුත් දෙන්න ඕනිද?
     
    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    දවස් දෙකට.. ice cream දන්සැල් 11, සුප් දන්සැල් 4, බීම, කොපි, බෙලිමල් වගේ ඒවා 25 වැඩි. බත් දන්සැල් 9, නුදලස් දන්සැල් 3, මයියොක්ක 2, ice පාලම් දන්සැල් 1, කඩල 2, තේ එකයි එක පොලිසියෙන් දුන්නේ,
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් එන පොසෙන් එක එනකම් බඩ යනවා ඇති.පිරිසිදුව උයන්න දන්නේ නැත්නම් මොකට දෙනවද?

    මම නම් අහල තියෙන්නේ දන්සැල් තියෙන්නේ නැති බැරි එවුන්ට කන්න තියෙන තැනක් කියලා... හැබැයි හැම දන්සලකම වාහන පෝලිම දැක්කම පුදුම හිතෙනවා...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දවස් දෙකට.. ice cream දන්සැල් 11, සුප් දන්සැල් 4, බීම, කොපි, බෙලිමල් වගේ ඒවා 25 වැඩි. බත් දන්සැල් 9, නුදලස් දන්සැල් 3, මයියොක්ක 2, ice පාලම් දන්සැල් 1, කඩල 2, තේ එකයි එක පොලිසියෙන් දුන්නේ,

    :sorry:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මම නම් අහල තියෙන්නේ දන්සැල් තියෙන්නේ නැති බැරි එවුන්ට කන්න තියෙන තැනක් කියලා... හැබැයි හැම දන්සලකම වාහන පෝලිම දැක්කම පුදුම හිතෙනවා...

    :lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම නම් අහල තියෙන්නේ දන්සැල් තියෙන්නේ නැති බැරි එවුන්ට කන්න තියෙන තැනක් කියලා... හැබැයි හැම දන්සලකම වාහන පෝලිම දැක්කම පුදුම හිතෙනවා...
    දැන් දන්සල් වලට යන එක අමුතු රැල්ලක් වෙලා තියෙන්නේ
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    දැන් දන්සල් වලට යන එක අමුතු රැල්ලක් වෙලා තියෙන්නේ

    ඔච්චර දන් බත් කන්න ඕන නම් මහන වෙයල්ලා. ඒ උනාට හමුදුරුවොත් දානේ කුනු කූඩෙට ඔබලා කඩෙන් රයිස් කොත්තු කන්නේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔච්චර දන් බත් කන්න ඕන නම් මහන වෙයල්ලා. ඒ උනාට හමුදුරුවොත් දානේ කුනු කූඩෙට ඔබලා කඩෙන් රයිස් කොත්තු කන්නේ.

    හා
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මට පාරේ බලෙන් නවත්තලා සව් කැඳ දුන්නා. විනාඩි දහයකින් මම යන ගමන නවත්තලා කාර් එක හරවගෙන ආවා ටොයිලට් එකට දුවන්න:dull:

    අඩේ! ...උඹේ බඩවැල් සෙට් එක චෙක් කොරගනින්....ව්නාඩි 10 කින් වැඩේ පත්තු වුනා කියන්නේ ඉතින් බඩවැල අඩි 4කට 5කට වඩා නෑ....
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    දවස් දෙකට.. ice cream දන්සැල් 11, සුප් දන්සැල් 4, බීම, කොපි, බෙලිමල් වගේ ඒවා 25 වැඩි. බත් දන්සැල් 9, නුදලස් දන්සැල් 3, මයියොක්ක 2, ice පාලම් දන්සැල් 1, කඩල 2, තේ එකයි එක පොලිසියෙන් දුන්නේ,

    බඩක්ද ලීටර් 500 ටැන්කියක්ද
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම නම් අහල තියෙන්නේ දන්සැල් තියෙන්නේ නැති බැරි එවුන්ට කන්න තියෙන තැනක් කියලා... හැබැයි හැම දන්සලකම වාහන පෝලිම දැක්කම පුදුම හිතෙනවා...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: