වෙසක් දන්සල් අත්දැකීම්
වෙසක් එකත් ඉවරයි ගොඩක් අය වන්දනාවේ යනවා , ඒ වගේම ඒ ගමන්ම දන්සල් වලට ගොඩවෙන්න අමතක කරන්නේ නැ .
හැමෝටම අත්දැකීම් ලැබෙන්න ඇති දන්සල් වලට ගියපු ඒවා එහෙම . මමත් පෝය දවසේ කිහිප දෙනෙක් එක්ක වන්දනාවේ ගියා . ගමනාන්තය උනේ පොල්ගහවෙල මහමෙව්නාව .ෆොටෝ නම් නැ . ෆොටෝ ගහන්න දෙන්නෙත් නැ . මගේ ලග ෆොටෝ ගහන්න හොද phone එකකුත් නැ
ඒ යනගමන් ගොඩවුන දන්සල් පිළිබද විස්තර දාන්නම්
1.ඉස්සෙල්ලම කුරුණෑගල බෑන්ක් එකකින් දුන්නා බෑන්ක් එකේ නම මතක නැ . ice cream දන්සලක් දුන්නේ
කප් ඇති වෙනකම් දුන්නා ගියපු හැමෝම 2 ගානේ කෑවා.
2. ice cream දන්සල පහු කරලා ඉදිරියට යනකොට පාන් සමග සිනිසම්බෝල දන්සලක් තිබුනා . එතනත් අවශ්‍ය තරමක් ගන්න තිබුනා . ඒක private හොස්පිටල් එකකින් කරේ
3. මහමෙව්නාවට ගිහින් එනකොට ඒ කිට්ටුවම බත් දන්සලක් තිබුනා . පෝලිමේ පැයක් විතර හිටියා . හම්බුනේ බත් හැන්ද යි . නමට වගේ දන්සල දුන්නේ . ගොඩක් අය බැන බැන ගියා . දන්සලක් දෙනවනම් ඒ විදිද්හට දෙන්න ඕනේ බැරිනම් නිකම් ඉන්න ඕනේ .
4. පොල්ගහවෙලෙන් ප්‍රධාන පාරට දාලා ටික දුරක් එනකොට රයිස් දන්සලක් තිබුනා ෂෙඩ් එකක . ලොකු පෝලිමක් තිබුනා . පැයක් විතර පෝලිමේ ඉන්නකොට බත් ඉවර උනා . අයෙ බත් එන්න තව පැයක් විතර ගියා . මේකට කියන්න තියෙන්නෙත් කලින් කතාව . හරියට වැඩක් කරන්න බැරිනම් නිකම් ඉන්න ඕනේ .
දන්සලක ගිහින් බත් කන්න පැයක් පෝලිමේ ඉන්න උනාට අව්ලක් නැ . ඒක පයකට වඩා යනවනම් ඒක එච්චර හරි නැ . එතකොට මිනිස්සුගෙන් පින් ලැබෙන්නේ නැ දෝෂාරෝපණ තමයි ලැබෙන්නේ

පන්සීයක්වත් දුන්නේ නැත්නම් බැනලා යනවා ලෝබයා කියලා