වේලිලානම්_පොගවගන්න

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    t3g.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේක මේ සිරා සීන් එකක්..කොළඹ හොස්පිටල් එකේදී වුනේ..දැන් දවස් 2 ක්,3 ක්,වගේ ඇති....:):)

    මෙන්න මේකයි සිද්දිය..මමත් ඔන්න ඉතින් බෙහෙත් ගන්න හොස්පිටල් එකට ගියා..ක්ලිනික් එකට උදේ පාන්දරම..(දැන් ඉතින් අහන්න එපා මොකක්ද ලෙඩේ කියල) ඒක ඉතින් යද්දී ටිකක් විතර පෝලිමක් තිබ්බා.මමත් ඔන්න ගිහින් පෝලිමේ අගට එකතු වුනා.මට ඉස්සරහින් හිටියේ ඇන්ටි කෙනෙක්..මම ගියා විතරයි ඇන්ටි කිව්වා...
    "පුතා මෙතන එක්කෙනක් ඉන්නවා..එය පොඩ්ඩක් එලියට ගිහින් එන්න කියල ගියා..ආවාම මම එයාව මෙතනට ගන්නවා" කියල කිව්වා..
    මමත් ඉතින් හා කියල ඔන්න හිටිය..:dull::dull:
    දැන් ඉතින් විනාඩි 20 ක් වගේ ගියා..ඇන්ටි කිව්වා කෙනා තාම නෑ..ඔය අස්සේ පිටිපස්සෙන් තව කට්ටිය 15 ක් විතර එකතු වුනා..මෙන්න බොලේ ටික වෙලාවකින් අර ඇන්ටි කිව්ව කෙනා ඇවිත් පෝලිමට මැද්දෙන් එකතු වුනා..:nerd::nerd:
    මේක දැකපු පිටිපස්සේ හිටපු ඇන්ටි කෙනෙක් ඔන්න කේස් ඒක ඇද්ද..:shocked::shocked:
    "එයා කොහොමද එක පාරටම එහෙම මැද්දෙන් පනින්නේ..අපිත් මේ පෝලිමේ නේ ඉන්නේ දැන් වේලි වේලි..එහෙම හරියනවද මැද්දෙන් පැනල" කියල කෑ ගැහුවා..:baffled::baffled:
    මට දැන් තේරුනා මෙතන නම් මොකක් හරි සීන් එකක් යයි කියලා..:eek::eek:
    ඒ ගමන එලියට ගියා එක්කෙනා කියනවා..
    "මම මෙයාට කියලා පොඩ්ඩක් එලියට ගියේ..මම කලින් ඇවිල්ල හිටියේ..:sorry::sorry:"
    ඔන්න ඉතින් ආයේ පස්සෙන් බර බරේ....:frown::frown:
    "ඔයාකොහොමද එහෙම යන්නේ..තව 10 ක් ආවත් අපි ඉඩ දෙන්න ඕනෙද..අපි දැන් කොයි වෙලේ ඉඳලද පෝලිමේ ඉන්නේ වේලි වේලි.."කියලා ගේමටම ටෝල්ක් එක...:oo::oo:
    මෙන්න බොලේ ඒ ගමන අර ඉඩ අල්ලපු ඇන්ටි ඉස්සරහට ඇවිල්ල මෙන්න මෙහෙම කියාපි..:rofl::rofl:
    "මේ..මම මෙතන ඉඩ ඇල්ලුවේ එක්කෙනාටයි..එයා මට කියලා ගියේ..මෙතනට මම 10 දෙනෙක් ගත්තේ නෑ නේ..ඔයා කෑ ගැහුවට..ඔයාගේ වේලෙනවා නම් අයිනකට ගිහින් කාට හරි කියලා පොගවගන්න..මෙතන බොරුවට කෑ ගහන්නේ නැතුව.."
    කියලා මහා හයියෙන් කිව්වේ නැද්ද..:shocked::shocked:

    මටත් ටික වෙලාවක් ගියා මොකක්ද මේ කිව්වේ කියලා මීටර් වෙන්න...:lol::lol:

    එතනින් පස්සේ පිටිපස්සෙන් නම් කිසිම සද්දයක් ඇහුනේ නෑ ඔන්න..:rofl::rofl:
    ටික වෙලාවකින් ඒ ඇන්ටි මගේ එක්කත් පොඩ්ඩක් කතා කලා..මමත් ශේප් එකේ ඇහුව ඇන්ටි කොහෙද කියලා..මම පුතා මට්ටක්කුලියෙනේ කිව්වා..හික් හික්..එහෙනම් ඉතින් මොන කතාද..:P:P

    -----------------------------------------------------------------------------------

    _____________________



    _____________________

    © 2011 Sun_Boy@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post in Another Sites


    අම්මප කියහන් අලියෝ:oo: