වෛද්‍ය වෘත්තීය - මෝඩයන්ට ඉනිමගක්

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    වෛද්‍ය වෘත්තීය - මෝඩයන්ට ඉනිමගක්(Daily Updating)

    1. රටකට අවශ්‍ය වෛද්‍ය වරුන් බිහි කර ගැනීම යනු එකී රටේ ජනතාවට එනයින් සමාජයට සහ දේශපාලකයන්ට අයිති කාර්‍යයකි. එය වෛද්‍යවරුන්ටම අයත් කාර්යයක් නොවේ. වෛද්‍ය වරුන් කල යුත්තේ ජනතාවට අවශ්‍ය ආකාරයට සේවය කිරීම පමණි.
    සමාජය සහ දේශපාලකයා අසාර්ථක වන අපේ රට වැනි කාලකන්නි ගුබ්බෙයමක වෛද්‍යවරු පොරවල් වීම සාමන්‍ය දෙයකි. එය සමාජයේ පරිහානිය විදහාපාන අතර තව තවත් පරිහානියටම රැගෙන යයි.

    2. වෛද්‍යවරු යනු බුද්ධිමතුන් නොවේ. ඔවුන් මානසික ශ්‍රමය ලබා දීම සදහා පුහුණු කරන ලද පිරිසක් වේ. රටකට අවශ්‍ය ශ්‍රමය මානසික සහ කායික ලෙස කොටස් දෙකකට බෙදේ. ලංකාව වැනි නොදියුණු සමාජයක කායික ශ්‍රමයට වඩා මානසික ශ්‍රමය උසස් කර සැලකුවද ලෝකයේ දියුණු රටවල මේ දෙක අතර වෙනසක් නොපවතී.
    වෛද්‍යවරුන් පුහුණු කර ඇත්තේ වෛද්‍ය විද්‍යාව පිලිබදව මානසික ශ්‍රම බලකායක් ලෙසය. මෙය වාහන දෝෂ ඇති වූ විට කාර්මිකයා වෙත යාමත් සහ ශරීරයේ දෝෂ ඇති වූ විට වෛද්‍යවරයා වෙත යාමත් යනු පන්තියෙන් එක සමාන කායික සහ මානසික ශ්‍රම කාණ්ඩ වලට වර්ග කරන ලද පුද්ගලයන් දෙදෙනෙකු වෙත යාමට සමාන වේ.
    බුද්ධිමතු වන්නේ දාර්ශනිකයන්, නව න්‍යායන් සොයා ගන්න විද්යන්ගයින් ආදියයි. පවතින දැනුමක්ම උගන්වා ශ්‍රමිකයෙක් බිහි කරන ආයතනයකින් පැමිණෙන අයෙකු බුද්ධිමතෙකු නොවේ.

    3.
    4.
    ඉතිරි කොටස පසුවට.
    ඔබේ අදහස් දක්වන්න.....
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපේ රනිල් සහෝදරයට කෙලවන්න ආවොත් අපි GMOA එකට හතරට නමලා අරින්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වචනයක් වචනයක් පාසා තියෙන කුහක කම නම අඩුවක් නැතුව ප්‍රදර්ශනය කරල තියෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ රනිල් සහෝදරයට කෙලවන්න ආවොත් අපි GMOA එකට හතරට නමලා අරින්නේ
    ලොල් එට්කා අපුදෙන්කො, කාටද හතරට නමල අරින්නෙ කියල බලාගන්ඩ පුලුවන් වෙයි.:lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලොල් එට්කා අපුදෙන්කො, කාටද හතරට නමල අරින්නෙ කියල බලාගන්ඩ පුලුවන් වෙයි.:lol::lol::lol:

    පිස්සුද බන්.ඉන්දියාවේ ඩොකාලා මෙහෙට එන්නේ නෑ.උන්ව ගෙනාවොත් ආන්ඩුවට පැවත්මක් නෑ.නිකන් වර්ගවාදි සටනක් යනවා.මුන්ගේ බොරු.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    දේශපලනකට කඩේ යාමට නොවේ. ඇත්තටම කුහකයන් වන්නේ වෛද්‍යවරුන්ය. . මේ අදහස් සියලු මිනිසුන්ගේ යහපත සදහා පමණි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය දාල තියෙන තනිකරම ආර්ථික විද්‍යාත්මක අදහස් වලට එකඟ වෙන්න බෑ. මේ පෝස්ට් එක දාපු උඹ ප්පොඩි කාලෙ හැදිච්ච හෙම්බිරිසාවක් නිව්මෝනියාවක් වෙලා මියයන්නෙ නැතුව පණ ඇතුව ජීවත් වෙන්නෙ වෛද්‍යවරයෙක් නිසා වීමට ඇති සම්භාවීතාව ඉතා ඉහළයි.

    කැඩිච්ච කාර් එකක් හදන එකයි, මැරෙන්න යන මිනිහෙක් සනීප කරන එකයි සමාන කරනවනම් මිනිහෙක් කාර් එකකට සමානකරන්නත් පුළුවන් වෙයි. ඒත් සියල්ල ආර්ථිකයට ඌණනය කරන්න බෑ මිත්‍රයා.
    වෘත්තීන් අතර බෙදීමක් තියෙනව. එසේ වෙන්නෙ වෘත්තිය කොච්චර අමාරුද කියන පදනමින් නෙමෙයි. වෘත්තියේ ඇති බැරෑරුම්කම / වගකීම්සහගතබව ආදිය අනුවයි.

    වෛද්‍යවෘත්තියට සාපේක්ශව ගල් කැඩීම අමාරුයි.

    ඒත් ගල් කැඩීමේදී සිදුවන වරදකින්/ අතපසුවීමකින් සිදුවන ප්‍රථිඵලය, වෛද්‍ය වෘත්තියේ සිදුවන අතපසු වීමකින් සිදුවන ප්‍රථිඵලයට වඩා වෙනස්, සහ අතපසුවීමකින් තොරව වෙදකම කිරීමට ලැබියයුතු මූලික පුහුණුව හා සැපිරිය යුතු මූලික පුද්ගල සුදුසුකම්, අතපසුවීමකින් තොරව ගල් කැඩීමේ වෘත්තිය ලැබියයුතු මූලික පුහුණුව හා සැපිරිය යුතු මූලික පුද්ගල සුදුසුකම් අතරත් ඇති සාපේක්ශ වෙනස විශාලයි.

    මම උඩ ලියල තියෙන අර්ථයෙන් තමයි එක් එක් වෘත්තීන් සමාන කරන්න බෑ කිව්වෙ.

    අද දොස්තරලගෙ ළමයි ගැන ඇතිවෙලා තියෙන තත්වය ගැන වෙනම කතා කරමු
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    වෛද්‍යවරු යනු බුද්ධිමතුන් නොවේ.

    Moda kathawak ne :D

    A/L science karala A3 ganna puluwanda molakarayek newei nan?

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වෛද්‍යවරු යනු බුද්ධිමතුන් නොවේ.

    Moda kathawak ne :D

    A/L science karala A3 ganna puluwanda molakarayek newei nan?

    ඌ ඔය කතා කරන්නෙ සයිටම් එකෙන් එන්න ඉන්න දොස්තරල ගැන බන්:rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් වෙලා තියෙන ප්‍රශ්ණය ගැන කල්පනා කරල බලමු.

    1. ලංකාවෙ ඇති හැම පාසලක්ම 100% එක හා සමාන, සම පහසුකම් වලින් යුක්ත විය යුතුයි.
    2. ලංකාවේ හැම ළමයටම සමාන අද්‍යාපන අයිතිවාසිකමක් (සම පහසුකම් etc.) ලැබියයුතුයි.
    3. හැම දෙමාපියන්ම කැමතියි තමන්ගෙ ළමය රටේ තියෙන හොඳම පාසලට ඇතුලත් කිරීමට.
      ඒ උනාට රටේ හැම ඉස්කෝලෙම එක වගේ නෙමෙයි. සමහර ඒව හොඳයි. සමහර ඒව චොරයි.
    ඔන්න ඕකයි ප්‍රශ්ණෙ.

    රජයේ සෙවකයො, රජයේ (ජනතාවගේ) අවශ්‍යතාවයට රට වටේම transfer වෙනව. රජය එහෙම කරන්නෙ රට පුරාම රාජ්‍ය සේවය බෙදාහරින්න ඕනි නිසා.
    රජයේ සේවකයො, රජයේ නීති රීති නිසා එහෙම රට වටේ මාරු වෙවී යනකොට, ඒගොල්ලන්ගෙ ළමයින්ගෙ අධ්‍යාපනය, හොඳ තත්වයෙන් පවත්වාගෙන යන්න රජයට වගකීමක් තියෙනව.

    ඒක එහෙම උනාර රජය එහෙම කරන්නෙ නෑ.

    වෛද්‍යවරුන්ගෙ වෘත්තීය සමිතිය ප්‍රභලයි. කේවල් කිරීමේ හැකියාව සාපේක්ශව වැඩියි.
    ඒක නිසා ඒ වෘත්තීය සමතිය, තම වෘත්තිකයන්ගේ ඉල්ලීම දිනාගන්න සටන් කරනව.
    උන් එහෙම කරද්දි රජය ඉල්ලීම දුන්නොත්, හෙට ඉඳල, රට වටේ මාරු වන, කේවල් කිරීමේ හැකියාව ඇති තව වෘත්තීය සමිති 2 3ක් ඔය වැඩේම කරනව. එහෙම උනොත් වැඩේ ටිකක් අමාරුයි.

    ideally, රජය සියළුම මාරුවෙන රජයේ සේවකයන්ට හොඳ පාසල් දිය යුතුයි.
    මේ ප්‍රශ්ණෙදි ප්‍රායෝගිකව මොකක් කරන්න ඕනිද කියල මට තේරෙන්නෙ නෑ.

    හැබැයි මේකෙ ඉන්න එකාල දොස්තරලට පලු යන්න බනින එක වැරදියි. උන්ගෙ ඉල්ලීම සාදාරණයි. හැබැයි දෙන එක රජයට ප්‍රායෝගිකව අපහසුයි
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ඔය දාල තියෙන තනිකරම ආර්ථික විද්‍යාත්මක අදහස් වලට එකඟ වෙන්න බෑ. මේ පෝස්ට් එක දාපු උඹ ප්පොඩි කාලෙ හැදිච්ච හෙම්බිරිසාවක් නිව්මෝනියාවක් වෙලා මියයන්නෙ නැතුව පණ ඇතුව ජීවත් වෙන්නෙ වෛද්‍යවරයෙක් නිසා වීමට ඇති සම්භාවීතාව ඉතා ඉහළයි.

    කැඩිච්ච කාර් එකක් හදන එකයි, මැරෙන්න යන මිනිහෙක් සනීප කරන එකයි සමාන කරනවනම් මිනිහෙක් කාර් එකකට සමානකරන්නත් පුළුවන් වෙයි. ඒත් සියල්ල ආර්ථිකයට ඌණනය කරන්න බෑ මිත්‍රයා.
    වෘත්තීන් අතර බෙදීමක් තියෙනව. එසේ වෙන්නෙ වෘත්තිය කොච්චර අමාරුද කියන පදනමින් නෙමෙයි. වෘත්තියේ ඇති බැරෑරුම්කම / වගකීම්සහගතබව ආදිය අනුවයි.

    වෛද්‍යවෘත්තියට සාපේක්ශව ගල් කැඩීම අමාරුයි.

    ඒත් ගල් කැඩීමේදී සිදුවන වරදකින්/ අතපසුවීමකින් සිදුවන ප්‍රථිඵලය, වෛද්‍ය වෘත්තියේ සිදුවන අතපසු වීමකින් සිදුවන ප්‍රථිඵලයට වඩා වෙනස්, සහ අතපසුවීමකින් තොරව වෙදකම කිරීමට ලැබියයුතු මූලික පුහුණුව හා සැපිරිය යුතු මූලික පුද්ගල සුදුසුකම්, අතපසුවීමකින් තොරව ගල් කැඩීමේ වෘත්තිය ලැබියයුතු මූලික පුහුණුව හා සැපිරිය යුතු මූලික පුද්ගල සුදුසුකම් අතරත් ඇති සාපේක්ශ වෙනස විශාලයි.

    මම උඩ ලියල තියෙන අර්ථයෙන් තමයි එක් එක් වෘත්තීන් සමාන කරන්න බෑ කිව්වෙ.

    අද දොස්තරලගෙ ළමයි ගැන ඇතිවෙලා තියෙන තත්වය ගැන වෙනම කතා කරමු

    වෛද්‍ය වෘත්තියේ බැරෑරුම් කමක් නැහැ කියල මම කියන්නේ නැහැ. ඒක නිසාම තමා වෛද්‍යවරුන්ට නිසි පුහුණුවක් දෙන්නේ. වෛද්‍ය වෘත්තියට පාසලෙන් වැඩිම ලකුණු ගන්න අය තොර ගන්නෙත් ඒ නිසයි. මේක උබල වගේ අය බුද්ධියත් එක්ක පටලවා ගන්න ඒක තමා වැරැද්ද.
    ගොඩක් අය උසස් පෙළ විභාගේ කොහොම හරි ගොඩ දාගෙන වෛද්‍ය වෘත්තියට එනවා. උසස් පෙළ සුදුසුකම වර්තමානයේ කෘතීමව ගොඩ නගන දෙයක් වෙලා නිසා අපිට මේ වෘත්තියට හරි අයව තොර ගන්න බැහැ. අනික මේ වෘත්තියට කොහොත්ම සුදුසු නැති සල්ලි තියෙන පවුල් වල අය සයිටම් හරි වෙනත් පෞද්ගලික ක්‍රමයකින් හරි මේකට එනවා. එකත් අවසානයේ නිවැරදි තේරීමක් මත සිදුවන දෙයක් නොවෙයි. ගොඩක් අය තමන්ට සමාජ පන්තියෙන් ඉහලට එන්න , සල්ලි හොයන්න තමා මේ වෘත්තියට එන්නේ. නමුත් මේ වෘත්තියෙන් අපිට එහෙම අතිරික්තයක් දෙන්න බැහැ. මොන වගකීම තිබුනත් බැරෑරුම් උනත් ගල් කඩන මිනිහයි වෛද්‍ය වරයයි ඒක සමාන වෙන්න ඕනේ ලොකු වැටුප් පරතරක් තියන්නත් බැහැ.. වෘත්තියේ තියෙන බැරෑරුම් කමට කැමති අය විතරක් මේ වෘත්තීය තෝරා ගන්න ඕනේ. ඒක එයාගේ ආත්ම තෘප්තිය සදහා පමණයි. අනිත් මිනිස්සු පාගල උඩින ඉන්න වෘත්තිය තත්වයන් යොදා ගන්න සමාජය ඉඩ නොදිය යුතුයි.
    මිනිස්සුන්ට ලෙඩ වුණාම ප්‍රතිකාර දෙන ඒක රජයේ වගකීමක්. ඒ නිසා මට ලෙඩ උනාම මම බෙහෙත් ගත්තේ රජයෙන්. එදා මෙදා තුර ජීවත් වුන හැම මිනිහම දායක වෙලා ගොඩනැගු වෛද්‍ය දැනුමෙන්. ඒක මෙඩිකල් කොලේජ් ඒකට ගිහින් ඒ දැනුම කොපි කරගෙන රස්සාවක් කරන වෛද්‍ය වරයා නිසා නෙමෙයි. එයාට අපි පඩි ගෙවනවා. එයා මොන ක්‍රමෙන් හරි මිනිස්සුන්ට බෙහෙත් කරන්න ඕනේ. අපි අවුරුදු 7 ක් උගන්නවා. තව ඉගෙන ගන්න වියදම් කරනවා. එත් ඇත්තටම මුන් කොච්චර තක්කඩි වෙලාද කියනවනම් අපිටම රෝහලේදී පාට් ඒක දානවා. වාහනේ හදන එකා පාට් ඒක දැම්මොත් අපි උට යටත් වෙනවද? ඇයි අපි දොස්තරට යටත් වෙන්නේ? ජීවිතේට තියෙන බයටද? අපේ ජීවිතේ ජීවී කොටසේ අවුලක් අවහම මේ තරම් දුක් විදින, බය වෙන මිනිස්සු කොටසක් ඉන්නේ ලංකාවේ විතරමද කොහෙද?
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    දැන් වෙලා තියෙන ප්‍රශ්ණය ගැන කල්පනා කරල බලමු.

    1. ලංකාවෙ ඇති හැම පාසලක්ම 100% එක හා සමාන, සම පහසුකම් වලින් යුක්ත විය යුතුයි.
    2. ලංකාවේ හැම ළමයටම සමාන අද්‍යාපන අයිතිවාසිකමක් (සම පහසුකම් etc.) ලැබියයුතුයි.
    3. හැම දෙමාපියන්ම කැමතියි තමන්ගෙ ළමය රටේ තියෙන හොඳම පාසලට ඇතුලත් කිරීමට.
      ඒ උනාට රටේ හැම ඉස්කෝලෙම එක වගේ නෙමෙයි. සමහර ඒව හොඳයි. සමහර ඒව චොරයි.
    ඔන්න ඕකයි ප්‍රශ්ණෙ.

    රජයේ සෙවකයො, රජයේ (ජනතාවගේ) අවශ්‍යතාවයට රට වටේම transfer වෙනව. රජය එහෙම කරන්නෙ රට පුරාම රාජ්‍ය සේවය බෙදාහරින්න ඕනි නිසා.
    රජයේ සේවකයො, රජයේ නීති රීති නිසා එහෙම රට වටේ මාරු වෙවී යනකොට, ඒගොල්ලන්ගෙ ළමයින්ගෙ අධ්‍යාපනය, හොඳ තත්වයෙන් පවත්වාගෙන යන්න රජයට වගකීමක් තියෙනව.

    ඒක එහෙම උනාර රජය එහෙම කරන්නෙ නෑ.

    වෛද්‍යවරුන්ගෙ වෘත්තීය සමිතිය ප්‍රභලයි. කේවල් කිරීමේ හැකියාව සාපේක්ශව වැඩියි.
    ඒක නිසා ඒ වෘත්තීය සමතිය, තම වෘත්තිකයන්ගේ ඉල්ලීම දිනාගන්න සටන් කරනව.
    උන් එහෙම කරද්දි රජය ඉල්ලීම දුන්නොත්, හෙට ඉඳල, රට වටේ මාරු වන, කේවල් කිරීමේ හැකියාව ඇති තව වෘත්තීය සමිති 2 3ක් ඔය වැඩේම කරනව. එහෙම උනොත් වැඩේ ටිකක් අමාරුයි.

    ideally, රජය සියළුම මාරුවෙන රජයේ සේවකයන්ට හොඳ පාසල් දිය යුතුයි.
    මේ ප්‍රශ්ණෙදි ප්‍රායෝගිකව මොකක් කරන්න ඕනිද කියල මට තේරෙන්නෙ නෑ.

    හැබැයි මේකෙ ඉන්න එකාල දොස්තරලට පලු යන්න බනින එක වැරදියි. උන්ගෙ ඉල්ලීම සාදාරණයි. හැබැයි දෙන එක රජයට ප්‍රායෝගිකව අපහසුයි

    වෛද්‍ය වරු දන්නවා ළමයි හොද පාසලකට ගියොත් විතරයි තමාගේ පන්තිය රැක ගන්න පුළුවන් කියලා . මොකද රෝහලක් තියෙන තැනක පාසලක්‌ නැති වෙන්නේ නැහැනේ. වෛද්‍ය වරු ඇත්තටම සමාජ හිටවදීන් නම කුහකයෝ නොවී හැම ලමයටම සමාන අධ්ධ්‍යපනයක් ලබා දෙන්න ඉල්ලන ඕනේ. එහෙම නැත්තනම් තියෙන පාසලකට දාලා තමන් වැජබෙන මේ සමාජයේ ඇත්ත තත්වය බලා ගන්න ඕනේ.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    වෛද්‍යවරු යනු බුද්ධිමතුන් නොවේ.

    Moda kathawak ne :D

    A/L science karala A3 ganna puluwanda molakarayek newei nan?

    උසස් පෙළ හොදින් පාස් වෙන්න මොලයක් ඕනේ. එකයි එහෙම පාස් වෙන අය මානසික ශ්‍රමයට ගන්නේ. නමුත් බුද්ධිමත් කියන්නේ වෙන දෙයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සස් පෙළ හොදින් පාස් වෙන්න මොලයක් ඕනේ. එකයි එහෙම පාස් වෙන අය මානසික ශ්‍රමයට ගන්නේ. නමුත් බුද්ධිමත් කියන්නේ වෙන දෙයක්.
    ඇත්ත ඇත්ත උබල දොස්තරලටත් වඩා බුද්ධිමත් ඒක පේනව හොදට,:yes::yes:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මේක හරියටම හරි , මොකද අපේ රටේ ආර්ට් සබ්ජෙක්ට් A/L වලට කරපු කෙනෙක්ට උනත් වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන් සල්ලි වල පිහිටෙන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උසස් පෙළ හොදින් පාස් වෙන්න මොලයක් ඕනේ. එකයි එහෙම පාස් වෙන අය මානසික ශ්‍රමයට ගන්නේ. නමුත් බුද්ධිමත් කියන්නේ වෙන දෙයක්.

    උසස් පෙළ නෙමේ මොන දේ කරන්නත් මොළයක් ඕනි. මොළයෙ එක පැත්තකින් කරපු වැඩක් නිසා මුලු මොළයම ඒ ගොඩට දාන එක වැරදි....