වෛද්‍ය වෘත්තියේ බැරෑරුම් කමක් නැහැ කියල මම කියන්නේ නැහැ. ඒක නිසාම තමා වෛද්‍යවරුන්ට නිසි පුහුණුවක් දෙන්නේ. වෛද්‍ය වෘත්තියට පාසලෙන් වැඩිම ලකුණු ගන්න අය තොර ගන්නෙත් ඒ නිසයි. මේක උබල වගේ අය බුද්ධියත් එක්ක පටලවා ගන්න ඒක තමා වැරැද්ද.
ගොඩක් අය උසස් පෙළ විභාගේ කොහොම හරි ගොඩ දාගෙන වෛද්‍ය වෘත්තියට එනවා. උසස් පෙළ සුදුසුකම වර්තමානයේ කෘතීමව ගොඩ නගන දෙයක් වෙලා නිසා අපිට මේ වෘත්තියට හරි අයව තොර ගන්න බැහැ. අනික මේ වෘත්තියට කොහොත්ම සුදුසු නැති සල්ලි තියෙන පවුල් වල අය සයිටම් හරි වෙනත් පෞද්ගලික ක්‍රමයකින් හරි මේකට එනවා. එකත් අවසානයේ නිවැරදි තේරීමක් මත සිදුවන දෙයක් නොවෙයි. ගොඩක් අය තමන්ට සමාජ පන්තියෙන් ඉහලට එන්න , සල්ලි හොයන්න තමා මේ වෘත්තියට එන්නේ. නමුත් මේ වෘත්තියෙන් අපිට එහෙම අතිරික්තයක් දෙන්න බැහැ. මොන වගකීම තිබුනත් බැරෑරුම් උනත් ගල් කඩන මිනිහයි වෛද්‍ය වරයයි ඒක සමාන වෙන්න ඕනේ ලොකු වැටුප් පරතරක් තියන්නත් බැහැ.. වෘත්තියේ තියෙන බැරෑරුම් කමට කැමති අය විතරක් මේ වෘත්තීය තෝරා ගන්න ඕනේ. ඒක එයාගේ ආත්ම තෘප්තිය සදහා පමණයි. අනිත් මිනිස්සු පාගල උඩින ඉන්න වෘත්තිය තත්වයන් යොදා ගන්න සමාජය ඉඩ නොදිය යුතුයි.
මිනිස්සුන්ට ලෙඩ වුණාම ප්‍රතිකාර දෙන ඒක රජයේ වගකීමක්. ඒ නිසා මට ලෙඩ උනාම මම බෙහෙත් ගත්තේ රජයෙන්. එදා මෙදා තුර ජීවත් වුන හැම මිනිහම දායක වෙලා ගොඩනැගු වෛද්‍ය දැනුමෙන්. ඒක මෙඩිකල් කොලේජ් ඒකට ගිහින් ඒ දැනුම කොපි කරගෙන රස්සාවක් කරන වෛද්‍ය වරයා නිසා නෙමෙයි. එයාට අපි පඩි ගෙවනවා. එයා මොන ක්‍රමෙන් හරි මිනිස්සුන්ට බෙහෙත් කරන්න ඕනේ. අපි අවුරුදු 7 ක් උගන්නවා. තව ඉගෙන ගන්න වියදම් කරනවා. එත් ඇත්තටම මුන් කොච්චර තක්කඩි වෙලාද කියනවනම් අපිටම රෝහලේදී පාට් ඒක දානවා. වාහනේ හදන එකා පාට් ඒක දැම්මොත් අපි උට යටත් වෙනවද? ඇයි අපි දොස්තරට යටත් වෙන්නේ? ජීවිතේට තියෙන බයටද? අපේ ජීවිතේ ජීවී කොටසේ අවුලක් අවහම මේ තරම් දුක් විදින, බය වෙන මිනිස්සු කොටසක් ඉන්නේ ලංකාවේ විතරමද කොහෙද?







අනිවා මචන්... උඹ ලෙසටම කිව්වා...
