ශ්‍රී දළදා මාලිගාව

amalrukmal

Member
Sep 24, 2010
190
48
0
ශ්‍රී දළදා මාලිගාව

ශ්‍රී දළදා මාලිගාව



දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. වත්මන් ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.

Click on Image to Enlarge




දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දලදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.


දළදා පෙරහැර මංගල්‍යය

ශ්‍රී ලංකාවෙහි පවත්වන්නාවූ උදාර සම්ප්‍රදායික මහෝත්සවයකි, දළදා පෙරහැර මංගල්‍යයය. මෙම මංගල්‍ය්‍ය දළදා මාලිගාව සහ අස්ගිරි / මල්වතු මහා විහාරය මගින් සංවිධානය කෙරේ.
ඇසළ පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන ඇසල මංල්‍යයේ වඩාත්ම ජනප්‍රිය අංගය නිකිණි මස පවත්වන්නාවූ රන්දෝලි පෙරහැරයි. මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංඛේතයක් බවට පත් වී ඇත. මෙය නර්තනයන්ගෙන් සහ අගනා ලෙස සරහූ හස්තීන්ගෙන් සමන්විත වූ බෞද්ධ උළෙලකි.මෙහි ගිනි බෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුලත් වේ.පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්‍රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ නිකිණි පසළොස්වක දිනයේ පවත්වන සම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයයෙනි.
මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාලත් දළදා මාළිඟාවත් එක්ව පවත්වන මහා පෙරහැර දළදා පෙරහැර නමින් හඳුන්වයි.
දෙවියන් උදෙසා පැවැත්වු දේව පෙරහැරක් ලෙස පැවති මහනුවර ඇසළ පෙරහැර 18 වැනි සියවසේ මහනුවර රජ කල කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා පෙරහැරත් එක් කරන ලදී.


Full Article : http://hvn4u.wordpress.com/